(අංජුල මහික වීරරත්න)
ඇමරිකාව පැන වූ තීරු බදු පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා අද (7)ඇමරිකා එක්සත් ජනපද තානාපති ජුලී චන්ග් මහත්මිය හමු විය.
විදේශ අමාත්‍යාංශ පරිශ්‍රයේදී මෙම සාකච්ඡාව පැවැත්විණි.
මෙම සාකච්ඡාවේ දී ශ්‍රී ලංකාව සහ ඇමරිකා එක්සත් ජනපදය අතර පවත්නා වෙළෙඳ සබඳතා සහ ඇමරිකානු නව බදු ප්‍රතිපත්තිය හේතුවෙන් ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්‍රයට බලපෑ හැකි අන්දම අවධානයට යොමු විය.
2022 වර්ෂයේ ශ්‍රී ලංකාව මුහුණ පෑ දරුණු ආර්ථික අර්බුදයෙන් මිදීමේ ක්‍රියාවලිය මෙන්ම දැනට ක්‍රියාවට නංවා ඇති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන් ගැටලුවකින් තොරව ක්‍රියාත්මක කිරීමට ඇමරිකාව පනවා ඇති තීරු බදු ප්‍රතිපත්තිය නැවත සමාලෝචනය කරගැනීමේ අවශ්‍යතාව මෙහි දී අවධාරණය කෙරිණි
මෙම සාකච්ඡාවට විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යංශයේ ලේකම් අරුණි රණරාජා,ආර්ථික කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල් දර්ශන එම්. පෙරේරා සහ යුරෝපා හා උතුරු ඇමරිකා අංශයේ අධ්‍යක්ෂ ජනරාල් සුගීෂ්වර ගුණරත්න මහත්ම මහත්මීහු සහභාගී වූහ.
ඊශ්‍රායල් රැකියා වැඩසටහන යටතේ ප්‍රථම වරට හෝටල් ක්ෂේත්‍රය ආශ්‍රිත රැකියා සඳහා ශ්‍රී ලාංකික තරුණ තරුණියන් පිරිසක් තෝරාගෙන තිබෙන බව ශ්‍රී ලංකා විදේශ ස
කටුනායක ප්‍රදේශයේ හෝටලයක් ආසන්නයේ වෙඩි තැබීමක් සිදුව ඇති බව වාර්තා වේ.
ශ්‍රී ලංකාවේ සියලු කාන්තාවන්ට ආර්ථික වශයෙන් ශක්තිමත් වීමටත් කාන්තාවන් සතු කුසලතා ඉදිරිපත් කිරීමටත් හැකි පරිසරයක් නිර්මාණය කිරීමට රජය කැපවී කටයුතු
ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ඉවත දමන ‘ප්ලාස්ටික්’ ගැටලුවට පිළියමක් ලෙස ප්ලාස්ටික් බෝතල් ඇතුළු ඉවත දමන බෝතල් වර්ග දමා මුදල් ඉපයියහැකි ඩිජිටල් යන්ත්‍රය
අඹුසැමි යුවළක් ගමන් ගත් ස්කූටරයක් මතට කැස්බෑව බටුවන්දර පාසල් මාවත අසලදී විශාල කොට්ටන් ගසක් කඩා වැටීමෙන් ඔවුන් දෙදෙනා බරපතල තුවාල ලබා රෝහල් ගත කළ බව කැ
ඌව පළාත් සභාව නමින් ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ පවත්වාගෙන ගිය ස්ථාවර බැංකු ගිණුම් හයක් ඉවත් කර ගනිමින් රජයට රුපියල් ලක්ෂ 173 ක අලාභයක් සිදු කළේ යැයි රක්ෂ
නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
බද්ද ගැන කතා කරන්න විජිත - ජුලී හමුවෙයි
Rifkhan Thoufeeq Monday, 07 April 2025 08:44 PM
July 7
de silva Monday, 07 April 2025 08:48 PM
ජුලිට කරන්න දෙයක් ඉතුරුවෙලා නැහැ , ජුලි චන්ග් යනු මේ ප්‍රශ්නෙදි පණිවිඩ කරුවකු පමණි ,ට්‍රම්ප් පරිපාලනය කෙලින්ම අහවි ඔබලාගේ වෙළඳ පලට එන අපේ නිෂ්පාදන ඔබල බදු අඩුකරන්න සුදානම්ද ? ඒ කුමන ප්‍රතිශතයෙන්ද කියල ?
chandima Monday, 07 April 2025 08:54 PM
වැඩක් නැහැ මල්ලි. ජුලි චන් තියා සක්කරයා කිව්වත්, ට්‍රම්ප් කරන්නේ එයාට ඕන කියලා හිතෙන දේ . ජුලි චන්ලා සේරම අසරණයි. ඇමරිකානු කොංග්‍රස් එකත් හෝල්මන් වෙලා බලාගෙන ඉන්නේ මේ වෙලාවේ. රනිල් අඹරපු ගැටේ නිසා අපට ආනයන බදු ඩු අඩු කරන්නත් බැහැ. වෙනදා නම් මේ වගේ උනාම සියල්ල දත් වගේ රනිල් දන්න අඳුනන මාධ්‍ය කාරයෝ අල්ලගෙන ප්‍රකාශයක් දායි. මෙදා පාර නැත්ට අකුලගෙන හැංගිලා
Nandalal de Silva - France Monday, 07 April 2025 08:55 PM
මාර speed එකකින් තමා මාළිමාව ක්‍රියාත්මක වෙන්නේ !!!
ගුණරත්න Tuesday, 08 April 2025 08:02 AM
තානාපතිතුමිය ඉතින් ඔවුන්ගේ රජයේ නියෝජිත පමණයි, තීන්දු ගැනීමේ බලයක් නැහැ. ඇඟලුම් කර්මාන්තයේ පතාක යෝධයෙක් වන කර්මාන්තකරුවෙක් කිව්වා මේ බද්දෙන් පෙන්වන්නේ ආර්ථිකය කළමනාකරණය සම්බන්ධයෙන් අපේ රජයේ නොහැකියාව කියල. මොකද මේ ප්‍රවෘත්තිය අලුත් එකක් නෙවෙයි. ට්‍රම්ප් අවුරුදු ගානක ඉඳන් කිව්වා, ඔහුගේ ඡන්ද ප්‍රචාරක වැඩ පිලිවෙලේදීත් කිව්වා. එත් අපේ ආණ්ඩුව ගණන් ගත්තේ නැහැ, අපේ ආණ්ඩුවට රිලවු ගණන් කරන්න පොලිස්පති අල්ලන්න වගේ ජෝක් වලට නම් කාලය තිබ්බා. මාස 6ක් නිකරුනේ නාස්ති කළා.
Jamal Tuesday, 08 April 2025 09:37 AM
යටත් විජිත බය වෙලා
අරවින්ද මොණරවිල Tuesday, 08 April 2025 09:54 AM
ලෝකයේ බොහො රටවල් වලට එරෙහිව පනවා ඇති මේ තීරු බදු ප්‍රතිපත්ති පිලිබදව ලංකා රජයට ඇමරිකානු රජය සමග සාකච්ජා කරලා විසදුමකට එන්නත් එසේ නොවුවහොත් විකල්ප ක්‍රියාමාර්ගයට යාමට සූදානම් බවට ජනාධිපතිවරයා ඊයේ ගාල්ලේ පැවති රැස්වීමකදී පැවසුවා. ඇත්තටම රටට බුද්ධිමත් නායකත්වයක් ලැබිලා තියෙන නිසා රටට සහ ජනතාවට පීඩාවක් නොවන ආකාරයට මේ ප්‍රශ්නයට විසදුමක් ලැබෙනු ඇති බවට බහුතරය විශ්වාස කරනවා.
Anil Wijesekara Tuesday, 08 April 2025 10:19 AM
බුකින් ඩොට් කොම් අයින් කරනවාද