IMG-LOGO

2024 දෙසැම්බර් මස 27 වන සිකුරාදා


බදුල්ලේ ප්‍රදේශ කීපයක ගංවතුර සහ නායයෑම්

(ප්‍රසාද් රුක්මල් සහ සමන් පාලිත නානායක්කාර)

බදුල්ල නගරය අවට ප්‍රදේශයට අද (8) පස්වරුවේ පතිත වූ  ධාරානිපාත වර්ෂාවත් සමඟ ප්‍රදේශ පස්කදු ගල්පර්වත ගස්කොළන් කඩා වැටී මාර්ග රැසක්  අවහිර වී බදුලු ඔයේ ජල මට්ටමද ඉතා සීග්‍රයෙන් ඉහළ ගොස් සුමනතිස්සගම කයිලගොඩ ,බදුලුපිටිය හංවැල්ල දෙයියන්නේවෙල ප්‍රදේශවල  නිවාස රැසක්  ජලයෙන් යටවූ බව ආපදා  කළමනාකරණ මධ්‍යස්ථානයේ බදුල්ල දිස්ත්‍රික් කාර්යාලය පවසයි.

එක්වරම අද (8) පස්වරු 3.00 ට පමණ පතිත වූ මෙම ධාරානිපාත වර්ෂාවත් සමඟ හාලිඇල කැටවල මාර්ගය විශාල ගසක් කඩා වැටී අවහිර වී ඇති අතර, බදුල්ල ස්ප්‍රීංවැලි මාර්ගයේ කෝට්ටගොඩ ප්‍රදේශයේ නාය යාමක් නිසාවෙන් එම මාර්ගයේ රථ වාහන ධාවනයට බාධා සිදුව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ බදුල්ල දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ ඊ.එම්.එල් උදයකුමාර මහතා පවසයි.

බදුල්ල වැලිමඩ ප්‍රධාන මාර්ගයේ ඇටම්පිටිය 100 කිලෝමීටර් කනුව අසල නාය යාම සක්‍රීය වෙමින් මාර්ගය ට පස්කදු ගල්පර්වත කඩා වැටීම නිසාවෙන් වැලිමඩ  බදුල්ල මාර්ගයේ එම ස්ථානයේ රථ වාහන ධාවනය එක් මංතීරුවකට සීමා කළ බවද හෙතෙම කීය.

වැලිමඩ උඩුපුස්සැල්ලාව මාර්ගයේ කෝට්ටගොඩ පාලම අසල නාය යාම නිසාවෙන් එම මාර්ගයේ රථ වාහන ධාවනය ඇන හිට ඇති බවත්, බදුලු ඔයේ ජල මට්ටම ඉතා සීග්‍රයෙන් ඉහළ යාම නිසාවෙන් උඩුවර 5 කණුව පාලම ජලයෙන් යට වී ගමනා ගමනයට බාධා සිදුව ඇතැයි උදයකුමාර මහතා පැවසීය .

මේ අතර බදුලු ඔයේ ජල මට්ටම ඉහළ යාම නිසාවෙන් බදුල්ල සුමනතිස්සගම, හංවැල්ල කයිලගොඩ බදුලුපිටිය දෙයියන්නේවෙල ප්‍රදේශවල නිවාස අඩි 3ක් පමණ  ජලයෙන් යටවී ඇති හෙයින් එම බදුලු ඔය ආසන්නයේ නිවාස හිමියන් කල්වේලා ඇතිව නිවාස වල බඩුබාහිරාදිය ආරක්ෂිත ස්ථාන කරා රැගෙන ගියහ.

වර්ෂාව තව දුරටත් පවතින හෙයින්  බදුලු ඔය දෙපස  පදිංචිව සිටින   ජනතාවට දැඩි විමසිල්ලෙන් අවධානයෙන් කල්පනාකාරීව ආරක්ෂිතව සිටින ලෙසට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ බදුල්ල දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ ඊ.එම්.එල් උදයකුමාර මහතා දැනුම් දී සිටී.

පස්සර ලුණුගල මාර්ගයේ අමුනුවත්ත සිට පීස්සගම හංදිය දක්වා මාර්ගයේ ස්ථාන විස්සක පමණ සුලු නාය යාම් සිදු වී ඇතැයි මාර්ග සංවර්ධන අධ්කාරියේ බදුල්ල විධායක ඉංජිනේරු කාර්යාලය පවසයි. එම මාර්ගයේ රථ වාහන ධාවනය ඉතා පරිස්සමෙන් ආරක්ෂිත ව පදවන ලෙසට රියදුරන් ට උපදෙස් දෙයි .

වර්ෂාවත් සමඟ හාලිඇල නගරයේ තැපැල් හල පාර සම්පූර්ණයෙන්ම ජලයෙන් යටවී ගමනා ගමනය ට බාධා සිදුව තිබූ අතර , නගරයේ වෙළෙඳ සැල් රැසක් ජලයෙන් යටවී දේපළ රැසකට අලාභහානි විය.

මේ වනවිටත් වර්ෂාව බදුල්ල ප්‍රදේශ යට පතිත වෙමින් පවතින අතර මිලිමීටර් 100 ඉක්මවූ වර්ෂාපතනයක් පතිත වී ඇතැයි කාලගුන විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.



අදහස් (0)

බදුල්ලේ ප්‍රදේශ කීපයක ගංවතුර සහ නායයෑම්

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පුද්ගලික බසයට යටවී යතුරුපැදිකරු මරුට
2024 දෙසැම්බර් මස 26 26 0

කොල්ලූපිටිය ගාලු මෝදර හෝටලය ඉදිරිපිටදී අද (26) දහවල් පුද්ගලික බස් රථයකට යටවීමෙන් යතුරු පැදිකරුවෙකු එම ස්ථානයේදීම මියගිය බව කොල්ලූපිටිය පොලිසිය කියයි.


පියුමාලීගේ පෙර ඇප ඉල්ලුමට පොලිස් ලොක්කා උසාවි කැඳවයි
2024 දෙසැම්බර් මස 26 49 0

ඩොලර් ලබාදෙන බවට පවසා රුපියල් ලක්ෂ පනහක මුදලක් ව්‍යාපාරිකයකුගෙන් ලබාගෙන වංචා කළේ යැයි කියන තිකෝ සමූහ ව්‍යාපාරයේ හිමිකාරිනි තිළිණි පියුමාලී නැමැත්ත


ලොව වයස් ගතම සංගීත කණ්ඩය
2024 දෙසැම්බර් මස 26 15 0

ලොව වයස්ගතම ගී ගායන කණ්ඩායමට හිමි ලෝක වාර්තාව ’’ප්‍රයිම් ටයිමර්ස්’’ නම් ගායන කණ්ඩායම පසුගියදා හිමිකර ගත්තේය. ’’ප්‍රයිම් ටයිමර්ස්’’ ගායන කණ්ඩායමේ සා


ප්‍රේමණීය ප්‍රියා අවසන් වරට ගුවන් විදුලියට එයි
2024 දෙසැම්බර් මස 26 19 0

අභාවප්‍රාප්ත ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියා සූරියසේන මහතාගේ දේහය මහජන ගෞරවය සඳහා ජාතික ගුවන් විදුලි සංස්ථා පරිශ්‍රයට රැගෙන ආවේය.


ලංවිම වෘත්තීය සමිති නායකයන් 62 කට සියලු දීමනා ලැබෙයි
2024 දෙසැම්බර් මස 26 41 0

ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණයට එරෙහිව පසුගිය වසරේ අඛණ්ඩ විරෝධතාවයක් පැවැත්වීම හේතුවෙන් වැඩතහනම් කර දිමනා සහ වරප්‍රසාද අහිමි කළ එම මණ්ඩල


ලක් ක්‍රීඩාවට සහය දෙන්න කියුබාව පොරොන්දු වෙයි
2024 දෙසැම්බර් මස 26 24 0

කියුබානු මහකොමසාරිස් ඇන්ඩ්‍රෙස් මාර්සෙලෝ ගොන්සාලේස් ගැරිඩෝ මහතා සහ තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා අතර හමුවක් අද (26) දින තරුණ කට


මේවාටත් කැමතිවනු ඇති

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 130 0
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 113 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” 2024 දෙසැම්බර් මස 20 83 0
2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න”

මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ

Our Group Site