IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


බදුල්ල-කොළඹ පාර දියතලාවෙන් වහයි

(ප්‍රසාද් රුක්මල් සහ සමන් පාලිත නානායක්කාර) 

කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයේ දියතලාව හපුතලේ අතර ප්‍රදේශයට නැවතත් අද (24) පස්වරු  6.45 ට පමණ  දැවැන්ත කරපන්ටයින් ගසක් කඩා වැටී එම මාර්ගය සම්පූර්ණයෙන්ම අවහිර වී ඇතැයි ද රාත්‍රි 8 සිට හෙට උදෑසන වනතෙක් එම මාර්ගය වසා දමන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ බදුල්ල දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ ඊ.එම්.එල් උදයකුමාර මහතා පවසයි .

මෙයට විකල්ප මාර්ගය ලෙස  බණ්ඩාරවෙල උඩපාර  කහගොල්ල මාර්ගය භාවිතා කරන ලෙසට රථ වාහන රියදුරන් ට දැනුම් දෙයි .

පවතින වර්ෂාවත් සමඟ හමායන අධික සුලං හේතුවෙන් දියතලාව හපුතලේ මාර්ගය දෙපස පිහිටි විශාල ටර්පන්ටයින් ගස් කඩා වැටීමට පටන් ගෙන තිබිම නිසාවෙන් මෙසේ ජනතාවගේ ආරක්ශාව පතා මෙම තීරණය ගත් බව උදයකුමාර මහතා පැවසීය .

කෙසේ වෙතත් දියතලාව  හපුතලේ අතර මාර්ගයට අද (24) උදෑසන ද විශාල ටර්පන්ටයින් ගස් කීපයක් කඩා වැටීමෙන් හපුතලේ දියතලාව මාර්ගයේ රථ වාහන ධාවනය ඇණ හිට තිබූ අතර ,එම මාර්ගය ට කඩා වැටී තිබූ ගස්කපා ඉවත් කර මාර්ගය අද පස්වරුවේ යථා තත්වයට පත් කර තිබියදී රාත්‍රියේ මාර්ගයට යලි ගස් කඩා වැටීමෙන් රථ වාහන ධාවනය ට බාධා සිදුව ඇත.

එම කඩා වැටි ඇති විශාල ගස් හෙට උදෑසන  කපා ඉවත් කිරිමට කටයුතු සිදු කරන බවද හෙතෙම සදහන් කළේය . 



අදහස් (0)

බදුල්ල-කොළඹ පාර දියතලාවෙන් වහයි

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති මාවෙයි හමුවෙයි
2024 සැප්තැම්බර් මස 07 618 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා අතර හමුවක් යාපනය තෙලිප්පලෙයි හි සේනාධිරාජා මහතාගේ නි


‘‘රටේ සංස්කෘතිය අප ආරක්ෂාකරනවා‘‘
2024 සැප්තැම්බර් මස 07 172 0

රටේ සංස්කෘතියට හානියක් වන කිසිඳු දේශපාලනික හෝ සමාජීය තීන්දුවක් ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලි


විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය අනුරට
2024 සැප්තැම්බර් මස 07 504 0

මෙවර ජනාධිපතිවරණයේදී ,විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට ලබාදීමට තීරණය කර ඇතැයි එ


කදුරුවෙල නගරයේ කඩයක ගින්නක්
2024 සැප්තැම්බර් මස 07 122 0

පොලොන්නරුව කදුරුවෙල නගරයේ වෙලද සංකීර්ණය වෙළෙඳහලක ගින්නක් හට ගෙන ඇති බව කදුරුවෙල පොලිසිය කියයි.


නාමල්ගේ රැස්වීමට සෙල්ලම් පිස්තෝලයක් ගෙනා සිසුන් දෙදෙනා මාට්ටු
2024 සැප්තැම්බර් මස 07 1738 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වැලිමඩ නගරයේ ඉන්ද්‍රානී සිනමා ශලාවේ පැවති ජනහමුවට සෙල්ලම් පිස්තෝලයක


සියලු ආගමික අයිතීන් සුරකින්න කැපවී ඉන්නවා
2024 සැප්තැම්බර් මස 07 183 0

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලවම මෙරට සියලු ආගම්වල අයිතීන් සුරක්ෂිත කිරීම සඳහා රජය කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site