(නිමල කොඩිතුවක්කු)
මැතිවරණ වේදිකාවේ කයිවාරු ගැසූ ජනාධිපතිවරයාට අද දුන් පොරොන්දු ඉටු කිරීමට නොහැකි වී ඇති බවත් අද ඔහු ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉදිරියේ දණ ගසා ඇති බවත් සමගි ජන සන්ධානයේ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී පැවසීය.
මේ වන විට රට අමාරුවෙන් ක්‍රියාත්මක වන බවත් අනුර කුමාර දිසානායක ජනාධිපතිවරණ වේදිකාවල රටේ ජනතාවට දුන් පොරොන්දු අනුව බදු බර අඩු කරන තෙක් රටම බලා සිටි බවත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.
අයි එම් එෆ් සමග සිදු කළ සාකච්ඡා වලින් පසු බදු අඩු වෙයි කියා අපේක්ෂා කළත් එවැනි දෙයක් නොවු බවත් වැට් බදු සෘජු හා වක්‍ර බදු අඩු කරන්න නොහැකි වු බවත් දෙමටගොඩ දී අද (30) පැවති ජන හමුවකදී ඔහු පැවසීය.
අයි එම් එෆ් ඊලග සලකා බැලීම කල් දා ඇති බවත් බදු බර අඩුකර රට ඉදිරියට යාමටත්, හිටපු ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම වෙනස් කිරීමටත් අයි එම් එෆ් සමග සාකච්ඡා කළ යුතු බවත් ප්‍රේමදාස මහතා පැවසීය .
සමගි ජන බලවේගය විපක්ෂයේ සිට අයි එම් එෆ් සමග අවස්ථාව රැසකදී සාකච්ඡා පවත්වා ජනතා වරමින් මේ ගිවිසුම සංශෝධනය කරන බවට පැවසු බවත් ඔවුන් එයට එකග වී ජනතාව පීඩනයට පත් කරන වැඩපිළිවෙළ ඉවත් කරන්න පොරොන්දු වු බවත් ඔහු සඳහන් කළේය.
ඒ සඳහා මහමැතිවරණයේදී සමගි ජන බලවේගයට බලය ලබා දෙන ලෙස ඉල්ලා සිටින බවත් ඒ තුළින් නව අයි එම් එෆ් ගිවිසුමකට යා හැකි බවත් ප්‍රේමදාස මහතා පැවසීය.
හිටපු ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව අයිඑම්එෆ් ණය ගෙවීම 2028 දක්වා අඩු කර ගිවිසුම් ගතව ඇති බවත් තවත් වසර 4කින් එම ණය ගෙවීම මේ ආකාරයෙන් නොහැකි බවත් ඔහු සඳහන් කළේය.
හිටපු ජනාධිපතිවරයා ගෙදර ගියේ රටේ ජනතාව අනාථ කර බවත් මේ තත්ත්වයෙන් රට ගොඩ ගන්න නම් ඉදිිරි වසර හතර තුළ දැවැන්ත සංවර්ධනයක් සිදු කල යුතු බවත් සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
නව ගිවිසුම හරහා 2033 සිට ණය ගෙවන්න හැකි බවත් ඒ කාලය වන විට සෘජු විදේශ සංචිත වැඩි කර ගත හැකි බවත් ඔහු සඳහන් කළේය.
මේ වන විට මතුව ඇති ජාතික ආරක්ෂාව ගැන ප්‍රශ්නය නිසා සංචාරක කර්මාන්තය අඩපණ වුවහොත් ණය ගෙවීමට නොහැකි වනු ඇති බවත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.
පාර්ලිමේන්තුවේ බහුතර ආණඩුවට මේ ගිවිසුම සංශෝධනය කරමින් ජනතාවගේ හිසමත පීඩනය පටවන යෝජනා ඉවත් කළ හැකි විය යුතු බවත් සජිත් ප්‍රේමදාස මහතා තවදුරටත් පැවසීය
නීති විරෝධී ලෙස මැතිවරණ ප්‍රචාරක පෝස්ටර් අලවමින් සිටි පුද්ගලයකු මැතිවරණ ප්‍රචාරක පෝස්ටර් 74 ක් සමග පසු අද මතුගම ප්‍රදේශයේ දි අත් අඩංගුවට ගත් බව මතුගම ප
යාපනය පේදුරුතුඩුව කර්කෝවලම් ප්‍රදේශයේ පිහිටි නිවසක තිබී අඹුසැමි යුවලක් ඝාතනය කොට තිබියදී මළසිරුරු අද (30) දින සොයාගත් බවට පේදුරුතුඩුව පොලීසිය පැවසීය.
මිරිහාන ඇඹුල්දෙණිය සාලාව පාරේ හිටපු රාජ්‍ය අමාතය ලොහාන් රත්වත්තේ මහතාගේ නිවසේ ගරාජයක තිබී රුපියල් කෝටි ගණනාවක් වටිනා අති සුඛෝභෝගී මෝටර් රථයක් පොලිස
පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරින් විසින් බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ පැරණි අංශයේ ශාලාවන් සහ පිටත භුමිය පරික්ෂා කිරිමේදි ජංගම දුරකතන ඇතුලු තහනම් ද්
ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක සහ මාලදිවයින මහ කොමසාරිස් මසූඩ් ඉමාඩ් (Masood Imad) යන මහත්වරුන් අතර සුහද හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (30) ප
පානදුර ජනප්‍රිය මාවතේ එක පෙළට පිහිටි පැරණි දෙමහල් ගොඩනැගිලි කඩ කාමර පහක් එකවර කඩා වැටීමෙන් දන්ත වෛද්‍ය වරියක ඇතුළු තිදෙනෙකු දිවි බේරාගෙන ඇතැයි පානදු
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
බදු බර අඩු කරන තෙක් රටම බලා සිටිනවා
Lakmal - Katunaya Wednesday, 30 October 2024 02:36 PM
පොඩ්ඩක් ඉන්න. තාත්තලා, පුතාලා අවුරුදු 76ක් උලාකාපු රට එක මාසෙන් හදන්න බෑ. මෝඩකම ප්‍රදර්ශනය නොකර මොනවාහරි දෙයක් හරියට ඉගෙන ගන්න.
Jayasekara Wednesday, 30 October 2024 02:36 PM
ඔබතුමාගේ අම්මගේ ඇතුළු පෙන්ෂන් ගිය අය වියදම් අඩුකළාම නිකන්ම රටේ බර අඩුවෙනවා තමයි හලෝ... ආයේ අමුතුවෙන් අඩුකරන්න දෙයක් නෑ.
janahitha Wednesday, 30 October 2024 02:37 PM
හත්වලාමේ උල්කාපාතේ... ඔහෙත් මිද්දෙණියේද? ඔහේ ළඟදි ගමේ ගියැයි...!
Pankumburage Wednesday, 30 October 2024 03:37 PM
පොඩ්ඩක් ඉවසන්න හලෝ ඇයි කලබලේ? අනුරට අවුරුදු 5 ක් තියෙනවා. කරලා පෙන්නයි. කසාද බැඳලා ළමයෙක් හම්බවෙන්නත් මාස දහයක් යනවානේ. මෝඩයා කියලා දන්නවා ප්‍රදර්ශනය කරන්න එපා...!
RS Wednesday, 30 October 2024 03:43 PM
මොකද හදිස්සි? ඉවසන්නේ ඔයගොල්ලෝ නිසා තමයි, මෙහෙම වෙලා තියෙන්නේ..!
Batagoda don simanWednesday, 30 October 2024 06:44 PM
ඒක හරි. මෙයා කියන්නේ එයාගේ පියාණෝ ඇතුළු නඩේ අවුරුදු ගාණක් කාපු රට අනුරට මාසෙන් ගොඩ දාන්න කියලා. පොඩ්ඩක් ඉවසලා ඉඳින් පුතේ...!
වික්‍රම විදුර Wednesday, 30 October 2024 07:05 PM
පුතාණෝ හරියටම උස නම් සිකුරිටි, මිටිනම් කම්කරු ඡන්ද අල්ලස් දෙනවා වගේමයි.. මේ රැස්වීමත්.. හැබැයි ඒ කරලා රටට කරපු බිලියන 100 විතර අලාභයට නඩු දාන්න කවුරුත් නැද්ද?
වික්‍රම විදුර Wednesday, 30 October 2024 07:08 PM
පුතාණෝ එන නිසා අලුත් චිප්ස් ගල් ගෙනත් දාලා කොහොමත් ආපු මිනිස්සුන්ගේ කුණු දාඩිය ගඳ යන්න සෙන්ට් ගහලා ගන්න ඇත්තේ.. පුතාණෝට ඒවා අරහංනේ.. මාස්ක් දාගෙන යන්න වහල්ලුන්ගේ කුණු ගඳ ඉවසන්න බැරුව...
උසනම් සිකුයුරිටි, මිටිනම් කම්කරු Wednesday, 30 October 2024 07:38 PM
පුතාණෝගේ මෑණියොත් නඩත්තු වෙන්නේ ඔය කියන බදුවලින් තමයි. මතකද මදුරු දඟර හිටන් ඉල්ලලා තිබුණා. ඒවා නවත්වනකල් බදු අඩුකරනවා බොරු... හිතුවද දන්නෑ, වැසිකිළියට ගිහිං බර අඩුකර ගන්නව වගේ..., ගහලා තියෙන බදුත්, සුටුස් ගාලා අඩුකරන්න පුළුවන් කියලා...