(අංජුල මහික වීරරත්න)
බදු අභියාචනා ක්‍රියාවලිය කඩිනම් කිරීම සඳහා 2017 අංක 24 දරන දේශීය ආදායම් පනත සංශෝධන කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
දේශීය ආදායම් පනතේ විධිවිධාන පරිදි දේශීය දෙපාර්‌තමේන්තුවේ ආදායම් තීරණයක් පිළිබඳ අතෘප්තියට පත් වන යම් බදු ගෙවන්නෙකුට එම තීරණය පිළිබඳ දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් වෙත අභියාචනයක් ඉදිරිපත් කළ හැකි වේ.
ඒ සම්බන්ධයෙන් වන සිය තීරණය වසර 2ක් නොඉක්මවීමට පෙර දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් විසින් ලබා දිය යුතු වේ. එකී තීරණය පිළිබඳව ද අතෘප්තියට පත් වන යම් බදු ගෙවන්නකුට එම තීරණය සමාලෝචනය කිරීම සඳහා බදු අභියාචනා කොමිෂන් සභාවට අභියාචනයක් ඉදිරිපත් කිරීමට හැකියාව පවතින අතර, එවැනි සමාලෝචන ඉල්ලීමක් ලැබුණු දිනයේ බදු අභියාචනා කොමිෂන් සභාවේ තීරණය දින 270ක් තුළ ලබා දිය යුතු වේ.
ඒ අනුව, එකී අභියාචන ක්‍රියාවලිය සඳහා වසර තුනකට ආසන්න කාලයක් ගත විය හැකි අතර, ඒ හේතුවෙන් පසුගිය කාලයේ රුපියල් බිලියන 73ක පමණ බදු මුදලක් රාජ්‍ය ආදායමට අය කර ගැනීමට නොහැකිව පවතින බව රජය පවසයි.
එම කරුණු සැලකිල්ලට ගෙන, බදු අභියාචනා ක්‍රියාවලිය කඩිනම් කිරීම සහ විධිමත් කිරීම සඳහා 2017 අංක 24 දරන දේශීය ආදායම් පනතට යෝග්‍ය සංශෝධන හඳුන්වා දීම සඳහා පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම පිණිස මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
ප්රධාන පොලිස් පරීක්ෂකවරුන් සහ පොලිස් පරීක්ෂකවරුන් 27 දෙනකුගේ උසස් වීම් 2003 ජනවාරි මස පළමුවැනිදා සිට ක්‍රියාත්මක කළ යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළ
රට තුළ පවතින ආපදා තත්වය හේතුවෙන් පුද්ගළයින් 14 දෙනෙකු මියගොස් 19 දෙනෙකු තුවාල ලබා තවත් එක් අයෙකු අතුරුදන් වී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
ගල්කිරියාගම ඉඟුරුවැව ප්‍රදේශයේදි විදුලි සැර වද්දවා දීග දන්තු ඇත් රජු මරා දැමි යැයි කියන රක්ෂණ සමාගමක ප්‍රධාන කළමනාකාරවරයකු ලබන 12 වැනි දා තෙක් රිමාන්ඩ
නැගෙනහිර ජල ගැලීම් හේතුවෙන් මඩකලපු ප්‍රාදේශීය රෝහලක් හා ප්‍රාථමික වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථාන දෙකක් ජලයෙන් යටවී ඇතැයි නැගෙනහිර පළාත් සෞඛ්‍ය දෙපාර
තඳ සුළං තත්ත්වය හේතුවෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ වතු ආශ්‍රිතව ඇති නිවාසවලට ඇති වි තිබෙන හානි සහ ආපදාවට ලක්ව ඇති ජනතාව පිළිබඳව සොයා බැලිම සදහා වැවිලි ස
නාරාහේන්පිට ප්‍රදේශයේ අවමංගල්‍ය නිවසකදී ඇතිවූ ආරවුලකදී පොලු වලින් හා සවලකින් පහරදී පුද්ගලයකු මරා දමා තවත් හත්දෙනෙකුට බරපතල තුවාල කිරීමේ චෝදනාවට වර
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
බදු කඩිනම් කරන්න පනත සංශෝධනය කරයි