IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


බදු ගැන තීන්දුව කතානායකට

(රන්ජන් කටුගම්පොළ සහ විමුක්ති එස් රුද්‍රිගු)

එකතු කළ අගය මත බදු (සංශෝධිත) පනත් කෙටුම්පතෙහි ඇතැම් වගන්තීන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව සඳහන් කරමින් එම පනත් කෙටුම්පත විශේෂ බහුතර මන්ත්‍රී සංඛ්‍යාවකින් සහ ජනමත විචාරණයකින් අනුමත කිරීමට නියෝග කරන ලෙස ඉල්ලා පුරවැසියන් පස් දෙනකු ගොනුකර ඇති පෙත්සම් 2 ක් විභාගයට ගැනීමෙන් පසු අදාළ පෙත්සම් පිළිබඳ තීන්දුව ඉදිරි කාලයේදී කථානායකවරයාට යොමු කරන බව ශ්‍රේෂ්ඨාධිකරණය  දැනුම් දුන්නේය.

මෙම පෙත්සම අගවිනිසුරු ජයන්ත ජයසුරිය, එස් තුරේරාජා සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලින.

හෙයියන්තුඩුව පදිංචි ඉන්දික අජිත් විජේසිංහ මහතා ඇතුළු සිව් දෙනෙකු විසින් එක් පෙත්සමක්ද දිවුලපිටිය ග්‍රේස් ලෑන්ඩ් වතුයායේ පදිංචි වික්ටර් මහතා විසින් තවත් පෙත්සමක්ද ගොනු කරනු ලැබ ඇත.

පසුගිය ඔක්තෝම්බර් 18 වැනිදා එකතු කළ අගය මත බදු (සංශෝධිත) පනත් කෙටුම්පත නමින් පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට ඇතුලත් කර ඇති බවත් මෙම පනත් කෙටුම්පතෙහි 4 වැනි ඡේදයෙන් නීතියේ ආධිපත්‍ය උල්ලංඝනය වන බවත් මෙම පනත් කෙටුම්පතෙහි විධි විධාන අනුව සාමාන්‍ය ජනතාවට සහන මිලට නිවාස මිලදී ගැනීමේ අවස්ථාව ගිලිහී යන බවත් පෙත්සමේ සඳහන් වේ.

තවද මෙම පනත් කෙටුම්පතෙහි අඩංගු විධි විධානයන් බදු ක්‍රමයේ මූලික විධි විධානයන්ට පටහැනි වේ.එබැවින් මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ විශේෂ බහුතර ඡන්දයෙන් සහ ජනමත විචාරණයකින් අනුමත කරන ලෙස පෙත්සම්කරුවන් සිය පෙත්සමෙන් ඉල්ලා ඇත.

 



අදහස් (0)

බදු ගැන තීන්දුව කතානායකට

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දියතලාවේදී දුම්රියක් පනියි
2024 නොවැම්බර් මස 19 153 0

මහනුවර සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ මිශ්‍ර දුම්රිය දියතලව දුම්රිය ස්ථානයේදී අද (19) පස්වරුවේ පිලී පැනීමකට ලක්ව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස්


අමාත්‍ය මණ්ඩල ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
2024 නොවැම්බර් මස 19 436 0

නව රජයේ පළමු අමාත්‍ය මණ්ඩල රැස්වීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (19) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණ.


අමෙරිකානු ගිනිඅවියක් සමඟ අලවතුගොඩ අයෙක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 19 406 0

අලවතුගොඩ පොලිස් වසමේ දුනුවිල අකුරණ ප්‍රදේශයේ නිවසක තිබී ඇමෙරිකාවේ නිෂ්පාදිත බෝර 12 ගිනි අවියක් සහ බෝර 12 තුවක්කු සඳහා භාවිතා කරන පතුරම් 06 ක් සමඟ 70 හැවිරිද


රුහුණු සරසවි අනධ්‍යන කාර්ය මණ්ඩලය වර්ජනයක
2024 නොවැම්බර් මස 19 651 0

රුහුණ විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයා ඉවත් කරන ලෙස බල කරමින් එහි අධ්‍යන හා අනධ්‍යන කාර්ය මණ්ඩලය අද(19) උදෑසන අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කලේය.


සිලින්ඩරේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයට කාංචනගේ නමත්?
2024 නොවැම්බර් මස 19 1664 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ අනෙක් ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරයට හිටපු විදුලි බල අමාත්‍ය කංචන විජේසේකර මහතා පත්කිරීමට යෝජනාවක් ඉදිරිපත් වී ඇත.


දුම්රියක ගැටී සිසුවෙකු මරුට
2024 නොවැම්බර් මස 19 950 0

ගම්පහ දුම්රිය ස්ථානයට නුදුරු ස්ථානයකදී 16 හැවිරිදි පාසල් සිසුවෙකු ඊයේ (18) රාත්‍රියේ ගම්පහ දුම්රිය ස්ථානයට නුදුරින් කොළඹ දෙසට ධාවනය වෙමින් තිබූ දුම්රි


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 27031 38


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18881 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 387 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 650 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1871 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site