IMG-LOGO

2024 නොවැම්බර් මස 06 වන බදාදා


බුද දා කාලගුණය

දිවයිනේ බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත් වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් තැනින් තැන වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී ඌව සහ නැගෙනහිර පළාත් වල තැනින් තැන ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ.  

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                   දිනය : 05/11/2014   

නගරය

උෂ්ණත්වය

 (සෙ. අංශක)

සාපේක්ෂ ආර්ද්‍රතාවය (%)

 

කාලගුණය

උපරිම

අවම

උපරිම

අවම

අනුරාධපුරය

30

23

95

70

වැසි ස්වල්පයක් ඇතිවිය හැක.

මඩකලපුව

30

25

90

70

අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී ගිගුරුම් සහිත වැසි ඇති වේ.

කොළඹ

29

23

95

75

වැසි වාර කිහිපයක් ඇති වේ.

ගාල්ල

29

23

95

75

වැසි වාර කිහිපයක් ඇති වේ.

යාපනය

29

24

95

75

වැසි ස්වල්පයක් ඇතිවිය හැක.

මහනුවර

28

21

95

75

වැසි වාර කිහිපයක් ඇති වේ.

නුවරඑළිය

19

12

95

80

වැසි වාර කිහිපයක් ඇති වේ.

රත්නපුරය

30

23

95

75

වැසි වාර කිහිපයක් ඇති වේ.

ත්‍රීකුණාමළය

30

24

95

70

අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී ගිගුරුම් සහිත වැසි ඇති වේ.

මන්නාරම

29

25

90

65

වැසි ස්වල්පයක් ඇතිවිය හැක.

 
ඉදිරි 24 පැයේ කාල ගුණය

දිවයින ආසන්නයේ ඊසාන දෙසින් වායුගෝලයේ පවතින කැළබිලි තත්වය දිවයිනෙන් ඉවතට ගමන් කිරීම හේතුවෙන් ගිගුරුම් සහිත වැසි තත්ත්වය අඩු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. කෙසේ වෙතත්, අපරභාගයේදී දිවයිනේ තැනින් තැන වැසි  හෝ ගිගුරුම් සහිත වැසි වර්ධනය විය හැක.

කන්කසන්තුරේ සිට මන්නාරම සහ කොළඹ හරහා ගාල්ල  දක්වා වන වෙරළබඩ ප්‍රදේශ වල තැනින් තැන උදය කාලයේදී ද වැසි ඇති විය හැක.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

  (2014 නොවැම්බර්  මස 04 වන දින උදෑසන 05.30 ට නිකුත් කරන ලදි)

නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු සහ නොගැබුරු මුහුදු ප්‍රදේශ වල නිරන්තර වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. දිවයින වටා  වන සෙසු මුහුදු ප්‍රදේශ වල ද තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

සුළං වයඹ දෙසින් හෝ බටහිර දෙසින් හමන අතර සුළං වේගය පැ.කි.මී. 20-40 ක් පමණ වේ.

දිවයිනට නැගෙනහිර දෙසින් බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින ක්‍රියාකාරී වලාකුළු පද්ධතිය හේතුවෙන් යාපනයේ සිට ත්‍රීකුණාමළය සහ මඩකළපුව හරහා ගාල්ල දක්වා වන  මුහුදු ප්‍රදේශ වල ක්ෂණිකව සුළං වේගය ඉහළ යාමට ඉඩ  ඇති  අතර එවිට එම මුහුදු ප්‍රදේශ ක්ෂණිකව රළු වීමට වැඩි හැකියාවක් පවතී. 

ගාල්ල සිට හම්බන්තොට සහ පොතුවිල්  හරහා ත්‍රීකුණාමළය දක්වා වන  මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු වේ. ගිගුරුම් සහිත වැසි ඇති වන විට  සෙසු මුහුදු ප්‍රදේශ ද තාවකාලිකව රළු විය හැක.  

කාලගුණ විද්‍යාඥ (Duty Meteorologist),

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තූව (Department of Meteorology).



අදහස් (0)

බුද දා කාලගුණය

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හිටපු මහ ඇමැති මහිපාලගේ බිරිය වැවකින් කොටසක් අල්ලලා?
2024 නොවැම්බර් මස 05 527 0

උතුරු මැද පළාතේ හිටපු ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා ඔහුගේ ධුරකාලයේ සිය බලතල අවභාවිතා කරමින් සිය බිරිදගේ නමට අනුරාධපුර වැව් රක්ෂිතයක පර්චස් 40 ක වටිනා ඉඩම


මැගසින් බන්ධනාගාරයේ දුරකථන බෙදූ ලොකු ජේලර්- නියාමක ගෙදර
2024 නොවැම්බර් මස 05 664 0

කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් වෙත ජංගම දුරකථන සැපයීමේ චෝදනාව මත එහි ප්‍රධාන ජේ‍රල්වරයාගේ සහ ගබඩා භාරකරු ලෙස කටයුතු කළ නියාමකවරයාගේ වැඩ තහනම්


රැඳවියා තවත් රැදවියෙක්ට පිහියෙන් ගහලා
2024 නොවැම්බර් මස 05 269 0

අඟුණකොලපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියෙකු අද (5) තවත් රැඳවියෙකුට පිහියකින් පහරදි තුවාල සිදුකර ඇතැයි දකුණු පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාරයාලය ප


හාලිඇල වැලිමඩ පාරේ නාය යාමක්
2024 නොවැම්බර් මස 05 406 0

හාලිඇල වැලිමඩ මාර්ගයේ 100 වන කිලෝමීටර් කණුව ආසන්නයේ අද (05 ) පස්වරුවේ සිට නාය යෑමක් සක්‍රීය වෙමින් පවතින බව මාර්ග සංවර්ධන අධිකාරියට අයත් බදුල්ල විධායක ඉංජ


ඉදිරි වසර පහේ ඉලක්කය ජනපති කියයි
2024 නොවැම්බර් මස 05 1462 0

ඉදිරි වසර පහ තුළ ග්‍රාමීය ජනතාවගේ දුගීභාවය තුරන් කිරීම, ග්‍රාමීය ජනතාවගේ ආර්ථිකය සහ සමාජයීය තත්ත්වය ඉහල නැංවීම රජයේ ප්‍රධාන අරමුණක් වන බව ජනාධිපති අන


’’මහ ඡන්දයේ ප්‍රචාරයත් සාමකාමී’’
2024 නොවැම්බර් මස 05 438 0

මහ මැතිවරණයේ පූර්ව ප්‍රචාරක කටයුතු සමස්තයක් ලෙස ඉතාම සාමකාමී බව මැතිවරණ නිරීක්ෂකයෝ පෙන්වා දෙති


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 419 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1331 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 702 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site