IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


බුදු පුතකු තැනූ මව්පියෝ අසරණයි

උතුම් බුදු පුත් කෙනකු සසුනට දායාද කළ මවක් හා පියෙක් මිනුවන්ගොඩ, ආරංගාව, හොරම්පැල්ල ප්‍රදේශයේ අසරණව ජීවත්වන බව වාර්තාවේ.

දැනට කුලී කඩ කාමරයක වෙසෙන ඔවුන්ට ජීවත්වීමට නිවසක් ඉදිකරගැනීම පිණිස පරිත්‍යාගශීලීන්ගේ ආධාර පතයි.

නමින් යු.එල්.එස්.බී. පී. ජයසිංහ නමැති එම පියා සහ ලක්ෂ්මි ප්‍රනාන්දු මව තම එකම දරුවා බුදු සසුනට පූජා කර ඇති අතර උන්වහන්සේ දැනට ආරණ්‍යවාසීව භාවනානුයෝගීව වැඩ වාසය කරති. එම දෙමාපියන්ට නිවසක් තනා ගැනීම සඳහා උපකාර කිරීමට කැමති අයට මහජන බැංකුවේ මිනුවන්ගොඩ ශාඛාවේ යූ.එල්.එස්.බී.පී. ජයසිංහ නමින් ඇති 021-2-001-1 0018274 ගිණුමට මුදල් බැර කළ හැක.

වැඩි විස්තර 071 4797564 දුරකථන අංකයෙන් ලබාගත හැකිය. ඔවුන්ගේ ලිපිනය නො. 551/7/බී, ආරංගාව, හොරම්පැල්ල.



අදහස් (0)

බුදු පුතකු තැනූ මව්පියෝ අසරණයි

චන්දවිමල හිමි Thursday, 29 October 2015 01:53 PM

මහන දම් පිරීම හොදයි, නමුත් මහන දම් පුරන්නේ තරුණ වයසේ කෙනෙක් නම් දෙමාපියන් අසරණ වී ඇත්නම් ඒ ගැන සොයා බැලීම යුතුකමකි. නිවනට යාමට පෙර දෙමාපියන්ට සැලකීම උතුම් මංගල කාරණයකි. භාවනා යෝගීකම පසෙකලා ගෙදර ගොස් දෙමාපියන්ට හොදින් සලකා නිවන් මග ගිහි ගේ සිට පිරීම වඩා හොද යයි සිතෙයි. දෙමාපිය නැති කලෙක අවශ්‍ය නම් පැවිදි වී භාවනා යෝගී වීම වටී. (අ)

:       0       0

විද්‍යා Thursday, 29 October 2015 02:18 PM

චන්දවිමල හිමියනි ඔබවහසේට මගේ ප්‍රණාමය . වටිනා වදනක් (අ)

:       0       0

ඉන්දික ක්‍රිෂාන්ත Thursday, 29 October 2015 02:48 PM

චන්දවිමල හාමුදුරුවන්ගේ යෝජනාව හරියට හරි. වැදූ දෙමාපියන් අසරණ වෙලානම් නිවන් යන්නේ කෙසේද? (බ)

:       0       0

ආනන්ද දොඩන්ගොඩ Thursday, 29 October 2015 02:52 PM

මේ මවට තියෙන්නේ පැවිදි බව ලබා පුතුන් සිටිනා පන්සලේම ජිවිතයේ අන්තිම කාලය භාවනා කරමින් නිවන් පල ලබන්න (බ)

:       0       0

අනුර Saturday, 31 October 2015 07:13 PM

මේ ගැටළුවේ දෙපැත්තක් ඇති බව අපි අවබෝධ කරගත යුතුයි (නි)

:       0       0

අසෝකා Saturday, 31 October 2015 07:13 PM

සිවුරට ඇතුළත්වීමට පෙර සියල්ල අත්හරින්නට පෙළඹුන මෙම හිමියන් සියල්ල අත්හරින්නේ නැතුව කෙලෙස අන් අයට බුදුන් වහන්සේගේ සත්‍ය ධර්මය දෙසන්නද? අරණ්‍යවාසී හිමිනමක් නම් දෙමව්පියන් ගැන කෙසේ දැනගන්නද? සත්‍ය අවබෝධ කරගැනීමට සියල්ල මගේ නොවන බව වටහාගෙන නිවන් අවබෝධ කරගැනීමට එම යුවළට මෙයම හේතු වාසනාවේවා! (නි)

:       0       0

අමල් Friday, 30 October 2015 06:14 AM

දෙමාපියන්ට උවැටන් කිරීම මහා පිං ලැබෙන වැඩක්. එත්... (ර)

:       0       0

ෂෙල්ටන් Friday, 30 October 2015 06:17 AM

පුතා මහණදම් පුරන්න හේතුවක් ඇති. එත් දෙමාපියන්ට උවැටන් නොකර නිවන් යන්නේ කොහොමද හාමුදුරුවනේ. කොහොමද ලොවට දහම් දෙසන්නේ. (ර)

:       0       0

අකිල Friday, 30 October 2015 06:39 AM

අපි මේ මව්පියන්ට උදව් කරමු. (ර)

:       0       0

සුලෝචන Friday, 30 October 2015 07:01 AM

ආනන්ද-දොඩන්ගොඩ කියන්නෙත් මගේ අදහස වගේම එකක්. (නි)

:       0       0

සනත් ගුණවර්ධන - ස්විස් Friday, 30 October 2015 07:43 AM

ගෙදර බුදුන් අම්මා කියා බුදු දහමේත් කියනවා , මේ අම්මගේ බුද්ධ පුත්‍රයාට තියෙන්නේ අම්මා ගැන සොයා බලන එක පළමුව , එ්කම ඇති නිවන් පල ලබනට (බ)

:       0       0

ප්‍රදීප් Friday, 30 October 2015 07:47 AM

ඔබ හරි චන්දවිමල හාමුදුරුවනේ, නිවන් දකින්න බැහැ ඔය භාවනා කිරීමෙන්,අපි දන්නවා අද දරුවෝ දෙමව්පියන්ට සලකන්නේ නැහැ එක හරිම නරක දෙයක්. ඔබ වහන්සේ ගෙදර යන්න, දෙමව්පියන් සලකන්න, නිවන් යන්න එකම ඇති...(රේ)

:       0       0

දිස්නා Thursday, 29 October 2015 09:34 PM

එම හාමුදුරුවන්ගේ සිල්වත් බව හා අරමුණ නොදැන යමක් ප්‍රකාශ කළ නොහැක. දෙමාපියට සැළකීම යහපත් දෙයකි. නමුත් සියළු දෙනාගේම දුක් නිවාරණය කර නිවන් යාමට සිටියා නම් බුදු පියාණනුත් අද අපි සමඟයි (නි)

:       0       0

දේදුනුපිටියේ උපනන්ද හිමි Thursday, 29 October 2015 10:51 PM

පුතා තමන් හැදු වැඩු මව්පියන්ට සළකන්න හිතට ගතයුතුයි නේද? ළඟදී ලංකාවට ආ විට ඒ අසරණ මව්පියන් බලන්න යන්නම්. (නි)

:       0       0

තිස්ස Friday, 30 October 2015 01:10 AM

පවු අහිංසක මිනිස්සු! (නි)

:       0       0

දීපාල් Friday, 30 October 2015 08:45 AM

දිස්නා හැර බොහෝ  දෙනා කී දේ අනුමත කළ නොහැක. දෙමව්පියන්ට සැළකීම උතුම්ය නමුත් අරණ්‍යගතව භාවනානුයෝගීව මහණ දම් පිරීම (සසරින් මිදීම අරමුණු කරගෙනම) ඊට වඩා බෙහෙවින්ම උතුම්ය .අනන්ත සසරේ අප කෙතරම් දෙමාපියන් ලබා ඇතිද? කෙනෙකුට මවක හෝ පියකු නොවූවකු සොයාගත නොහැකි බව බුද්ධ දේශනාවේ සඳහන්ය. මේ බියකරු සසරින් මිදීම සඳහා අප්‍රමාදීව කටයුතු කීරීම අගය කරන්න. (බ)

:       0       0

අභය බණ්ඩාරනායක Friday, 30 October 2015 09:04 AM

සියල්ල අත් නොහැර කවදා සසරින් එතෙර වන්නද ? මම දුටුවා නිවැරදි අදහස දිපාල්ගේ පමණි .අප කර්මය දායාද කොට ඉපදී තිබේ . කරන්නට දෙයක් නැත .ප්‍රමාද නොවී සසරින් එතෙර වන්න ලෙස අවසන් බුදු වදනෙහිද සදහන්ව තිබේ (බ)

:       0       0

දිපා Friday, 30 October 2015 09:42 AM

දෙමාපියන් හා අඹුදරුවන් රක්ෂාකිරිම මහත්පල මහානිසංස දෙන උතුම් පින්කමක් බව බුදුන්වහන්සේ දෙසනාකර තිබේ.(ම)

:       0       0

කපිල Thursday, 29 October 2015 11:06 AM

මෙ වගේ අසරණයො පේන්නෙ නෑ කාටත්. (ර)

:       0       0

දීපාල් Friday, 30 October 2015 10:14 AM

අඹුදරුවන් රක්ෂාකිරිම මහත්ළුල මහානිසංස දෙන උතුම් පින්කමක් යයි බුදු දහමේ සඳහන්දැයි නොදනිමි.දරුවෙකුට තම දෙමාපියන්ට ණය නොවිය හැක්කේ ඔවුන්ව ධර්ම  මාර්ගයේ පිහිටු විමෙන් පමණි.(ම)

:       0       0

චන්දවිමල හිමි Friday, 30 October 2015 10:18 AM

නිවන් මාර්ගය මට අද ලැබුණත් මගේ දෙමාපියන්ට හව් හරණක් නැත්නම් වහා සිවුරු හැරගොස් ඔවුන්ව සෙනෙහසින් හැකි පමණින් රැක ගනිමි. නිවන් දැකීමට වඩා මට මගේ මව් පියන්ගේ සතුට වටී. අප වෙනුවෙන් අනන්ත දුක් විද සිටින දෙමාපියන් දුකේ හෙලා තනිව නිවනට යාම උතුම් නොවේ. (ම)

:       0       0

රොෂාන් Thursday, 29 October 2015 12:16 PM

පුලුවන්නම් හෑමෝම උදවු කරන්න (අ)

:       0       0

ධර්ම ජයවික්‍රම Friday, 30 October 2015 04:32 AM

ස්වභාව ධර්මය හැම ගෙදරකටම අම්මාවරු එවල තියෙන්නේ දරුවන්ට ආදරය ලබල දෙන්න. සියල්ල අතහැර භාවානුයෝගීව සිටින ඔබ වහන්සේ ගෙදර එන්න .ඔබේ රැකවරණය දෙමාපියන්ට අවශ්‍යම මොහොත මෙයයි (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 3950 1

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


වලපනේ සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 2 0


කුරුණෑගල අනුරට
2024 සැප්තැම්බර් මස 22 151 0


මැද කොළඹ සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 231 0


ඇල්ලේ රක්ෂිතයක ගින්නක්
2024 සැප්තැම්බර් මස 22 19 0

ඇල්ල දුම්රිය ස්ථානය අසල වන රක්ෂිතයේ අද (22) දහවල් ඇති වූ හදිසි ගින්නකින් අක්කර 10 ක පමණ කොටසක් විනාශ වී ගිය බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ බදුල්ල දිස්ත්‍රි


පොතුවිල් සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 124 0


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14679 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 67 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 237 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 124 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site