(රෝෂන් තුෂාර)
රුපියල් ලක්ෂ 619ක(61961961.00) වැට් බදු නොගෙවා පැහැරහරින ලදැයි කියන දොඩංගොඩ ඉදිකිරීම් සමාගමක අධ්‍යක්ෂකවරයෙකුට එරෙහිව දේශීය ආදායම් කොමසාරිස් විසින් පැවරූ නඩුව නිෂ්ප්‍රභා කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉළංඟසිංහ මහතා අද (18) නියෝග කළේය.
නඩු පැවරීමේදී සමාගම විත්තිකරුවකු ලෙස නම්කර නොමැති වීම සහ වරද සිදුකර වසර පහකට පසුව නඩු පැවරීම යන කරුණු මත පැමිණිල්ලපවරා පවත්වාගෙන යෑමට නොහැකි බවට විත්තියේ නීතිඥ ඒ. ඒ. තිලකරත්න මහතා ගොනු කළ විරෝධතාවයක් සලකා බැලීමෙන් පසුව නඩුව නිශ්ප්‍රභා කෙරිණි.
දොඩංගොඩ, රේන්ද පොළ ජෙනුයින් පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂ නිරෝෂන් නීශාන්ත නැමැති අය විත්තිකරු කරමින් මෙම නඩුව පවරා තිබිණි .
2016,2017වසර වල කාර්තු තුනක මාස තිහක් සඳහා නොගෙවා පැහැර හැරී රුපියල් 61961961.00 වැට් බදු අය කර ගැනීම සඳහා 2023 මාර්තු 02 දින මෙම නඩුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනුකර ඇති බව විත්තිය මගින් අධිකරණයට කරුණු ඉදිරිපත් කර ඇත.
විරෝධතා සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා අදාළ පැමිණිල්ල යළි පැවරීමේ අයිතිය රඳවා තබමින් නිෂ්ප්‍රභ කළේය.
තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි
හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ
දූෂණය සහ අනාරක්ෂිත බව විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීම සඳහා බලපානු ලබන ප්‍රධාන බාධාවන් බව ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් එරික් වොල්ෂ් (Eric Walsh) මහතා ජනාධිපති
සිය දරුවන් දෙදෙනා පෙර පාසලට සහ උපකාරක පන්තියට තම ත්‍රී රෝද රථයෙන් රැගෙන යමින් සිටි පියෙකු දෙනියාය කිරිවැල් දොළ මාර්ගයේ බෑවුම් සහිත වංගුවකදී ත්‍රීරෝ
අගුණකොලපැලැස්ස බන්ධනාගාරයෙන් පලාගිය රැදවියන් හතර දෙනාගෙන් දෙදෙනෙකු අද (2) සවස 5.30 ට පමණ මාවැල්ල ධීවර තොටුපලේ රැදී සිටියදී තංගල්ල මූලස්ථාන පොලිසියේ නිළධ
රුපියල් එක්කෝටි විසිලක්‍ෂයකට වඩා වටිනා අයිස් මත්ද්‍රව්‍ය සමඟ විදේශගත මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු වන අහුන්ගල්ලේ සංජීවගේ ගෝලයෙක් බවට සැකකරන පුද්ගලය
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
බදු පැහැරහැරියැයි ඉදිකිරීම් අධ්‍යක්ෂට එරෙහි පෙත්සම විසිවෙයි