IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


‘බුදු පිළිමයකින් යහපාලනය නැති වෙනවානම් ඇමැතිකම දාලා ගෙදර යනවා‘

බුදු පිළිම වහන්සේ නමක් තැන්පත් කිරීමට උපකාර කිරීම හේතුවෙන් යහපාලනය හෝ සංහිඳියාව බිඳ වැටෙන්නේ යැයි යමෙක් පවසන්නේ නම්, එවැනි පසුබිමක් තුළ තම අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වීමට වුව ද පසුබට නොවන බව දයා ගමගේ මහතා කියා සිටියේය.

ඓතිහාසික දීඝවාපී පුදබිමේ එක් පරිවාර චෛත්‍ය විහාරයක බුදු පිළිම වහන්සේ නමක් තැන්පත් කිරීම මුල් කර ගනිමින් අම්පාර දිස්ත්‍රික් සංවර්ධන සම්බන්ධීකරණ කමිටුව උණුසුම් වු අවස්ථාවක ඇමැතිවරයා මේ බව කීවේය.

මෙහිදී නියෝජ්‍ය අමාත්‍ය මොහොමඩ් මන්සූර් ගේ ප්‍රකාශකයකට විරෝධය පළ කරමින්  අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ , බුද්ධාගමට ප්‍රමුඛතාව දීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව දිවුරා ඇති සියලු දෙනා එය ක්‍රියාවෙන් ආරක්ෂා කිරීමට බැඳී සිටින බවයි.

‘මුස්ලිම් නායකයෝ, ද්‍රවිඩ පක්ෂවල නායකයෝ, එතකොට ක්‍රිස්තියානි පල්ලිවල ඉන්න ආගමික නායකයෝ හැම කෙනෙක්ම බුදුදහමට මුල් තැන දෙන්න පොරොන්දු වෙලා තියෙනවා . එතකොට අද මේ රටේ බුදුපිළිමයක් තියන එක තහනම් කරන්න කියලා කතා කරනවා නම්, ඒක වැරදී. අපි හැම ආගමකටම ගරු කරනවා. හැම ජාතියකටම ගරු කරනවා. බුදුපිළිම තියන්න එපා කියලා කවුරුහරි කියනවා නම් ඒකට මට එකග වෙන්න බෑ. යහපාලනය නැති වෙන්නේ නෑ බුදුපිළිම තිබුණා කියලා. එහෙම කියනවා නම් මම මේ ඇමතිකම දාලා ගෙදර යනවා. මේ ඇමතිකම ලොකු නෑ මට. හැබැයි කවුරුහරි බුදුපිළිමයක් හදනවා කිව්වොත් මම ඒකට සාධු සාධු කියලා අතගහලා සල්ලි දෙනවා‘ යැයි ද ඇමැතිවරයා කීය.



අදහස් (0)

‘බුදු පිළිමයකින් යහපාලනය නැති වෙනවානම් ඇමැතිකම දාලා ගෙදර යනවා‘

මිස්සක Tuesday, 08 November 2016 02:49 PM

ඉතාම කාලෝචිත කතාවක් මැති තුමා. අඩුම ගන්නේ එජාපේ මේ වගේ කොන්දක් තියෙන ඇමති කෙනෙක් ඉන්නවා කියන එකත් පුදුමයක්. ඔබට අපේ ආචාරය මැතිතුමනි. (බ)

:       0       0

රංජන් Tuesday, 08 November 2016 02:54 PM

නියමයි ඇමතිතුමා. ඇමැතිකමට ලොබ කමට දෙකට නැමෙන්න එපා මේ අයට. ජාති වාදියන් කව්ද කියල මේ රටේ ගොඩක් අයට තේරෙන් නැහැ. ඔබගේ නිර්බීත කමට මාගේ ප්‍රණාමය. (අ)

:       0       0

ඇසළ Tuesday, 08 November 2016 02:58 PM

කතාව ගැන ස්තුතියි. නමුත් ඉන්න අනිත් උන් නිසා ඊළග පාර ඡන්දෙ නම් ඔය පක්ෂයට දෙන්නේ නැහැ. (බ)

:       0       0

මංගල Tuesday, 08 November 2016 02:58 PM

ඇති යන්තම් කට වැහෙන්න දුන්නා. මේ වගේ කෙලින් කථාකරනවනම් එකෙක් වත් අපේ කරේ නගින්න එන්නෙ නැහැ.(බ)

:       0       0

දහම් Tuesday, 08 November 2016 03:21 PM

කෙලින් කතා කරපු එක හරිම වටිනවා. ඔය ස්ථාවරේම හිටීද කියන එකයි සැකය. (බ)

:       0       0

තුසිත Wednesday, 09 November 2016 05:17 AM

ඔබතුමාට ජයවේවා. ඔබ තුමාට බුදුසරණයි .සිංහලයෝ සියල්ලම වගේ ඔබතුමාගේ පැත්තේ. මේ තැන දාන අදහස් ඒතුමට පෙන්වන්න ක්‍රමයක් තියේනම් .ඒතුමට සිංහලයෝ කොච්චර ආදරේද කියලා දැන ගනීවි . (ම)

:       0       0

නන්ද Tuesday, 08 November 2016 03:31 PM

ඇමතිතුමාගේ කතාව ඉතාම නිවැරදියි. නොබියව, සිතට එකඟව අදහස් පළකිරීම ප්‍රශංසනීයයි. එහෙත් ඇමතිතුමනි, බුදුපිළිම සැදූ පමණින් බුදුදහමට ගරුකළා වන්නේ නැහැ. මිනිසුනට උපකාර කිරීමයි නියම බුද්ධපුජාව. මෙය බොහෝ ගිහි පැවිදි බොදු නායකයන් අමතක කරලා වගෙයි අපට පෙනෙන්නේ. (නි)

:       0       0

අයන්ත Tuesday, 08 November 2016 03:56 PM

මම කිතුණුවෙක්. නමුත් බෞද්ධාගමට බොහොම ගරු කරනවා. යහපාලනය පිටින් සමහරු එයාලට උවමනා දේවල් කරගන්න ගන්නවා. මේ ඇමතිතුමා මොන පක්ෂයේ වුණත් කතාවට ගරු කරනවා. (නි)

:       0       0

ගුණසිරි Tuesday, 08 November 2016 03:58 PM

ඔබතුමා වැනි දහදෙනෙක් හිටියා නම් ශ්‍රී ලංකාදීපය බැබළෙනවා (නි)

:       0       0

අමිත් Wednesday, 09 November 2016 05:31 AM

මෙන්න කොන්ද තිබෙන මිනිස්සු (නි)

:       0       0

ටිකිරි Wednesday, 09 November 2016 05:35 AM

ද සිල්වා ජර්මනිය, හිතා ඉන්නේ මේ රටේ දකුණේ මිනිස්සු විතරද වැඩකාරයෝ කියලා? එතකොට ජපානේ වගේ රටවල් වලත් දකුණේ ජපන්නු විතරද ඔය වාහන එහෙම හදන්නේ? සිල්වා, මුළු රටේම කොහෙත් දක්ෂයෝ ඉන්නවා. කොහොම වුණත් මෙහෙම සිංහලයෝ බෙදෙන එකෙන් තමය් අන්‍ය ආගමිකයෝ බලවත් වෙලා තියෙන්නේ. ඔබතුමාට ජය ඇමතිතුමනි! (නි)

:       0       0

නිමල් ලලිත Tuesday, 08 November 2016 04:21 PM

ඔබට ස්තුතියි. අනිත් දේශපාලකයනුත් මෙසේ සිතනවා නම්, කියනවා නම්... (නි)

:       0       0

සත්‍යයා Tuesday, 08 November 2016 04:21 PM

අපේ දේශපාලකයින් බහුතරයක් කොඳු නාරටි ඌණතාවයෙන් පෙළෙනවා. පක්ෂය ආරක්ෂා කරගන්න දඟලනවා මිස රට ජාතිය ආගම බේරගන්න කියලා දේශපාලනයට එන්නේ නැහැ. පක්ෂය බේරාගත්තොත් ඊළඟ මැතිවරණයට නාම යෝජනා ලැබෙනවා. රට බේරුවාට එවැනි වාසි ලැබෙන්නේ නැහැ. කොහොම වෙතත් දයා ගමගේ මෙවැනි එඩිතර ප්‍රකාශයක් කර ගෙදර යෑම නොවෙයි කළයුත්තේ. මෙවැනි ද්‍රෝහීන්ගෙන් බුදු දහම බේරාගැනීමට ඉදිරියටත් කටයුතු කිරීමයි. (නි)

:       0       0

කුමාර Tuesday, 08 November 2016 04:24 PM

ඒ කතාවට හිස නමා ආචාර කළයුුතුයි. මේ වගේ මනුස්සයෙක් එහෙ ඉන්න එක ලොකු හයියක් (නි)

:       0       0

ශ්‍රද්ධා Wednesday, 09 November 2016 05:59 AM

නියමයි ඔබතුමා. ඔබට ජය ශ්‍රී! (නි)

:       0       0

සමර Wednesday, 09 November 2016 06:08 AM

ඉතාම ආඩම්බර කමක් හිතට දැනුණා. මේ ආණ්ඩුවේත් දේශප්‍රේමීන් ඉන්නවා (ම)

:       0       0

උදය Tuesday, 08 November 2016 05:03 PM

දයා ගමගේ ඇමතිතුමාගේ ප්‍රකාශයට හිස නමා ආචාර කරමි. ඔබට යහපතක්ම වේවා ඇමතිතුමනි! (නි)

:       0       0

සරත් Tuesday, 08 November 2016 05:23 PM

මුස්ලිම් පල්ලියක් හදන්න, නැතිනම් කොටි ටිකක් නිදහස් කරන්න. එතකොට ඔය භූත දෝෂ මැකිලා යයි (නි)

:       0       0

කුමාර Tuesday, 08 November 2016 05:51 PM

මගේ උපහාරය! (නි)

:       0       0

අචලා Tuesday, 08 November 2016 05:52 PM

ඔබට අපේ සහය! (නි)

:       0       0

ඉන්ද්‍රා Tuesday, 08 November 2016 06:07 PM

බුදුන් වැඩිය දේශයක උන් වහන්සේගේ පිළිමයක් ස්ථාපිත කිරීම වරදක්ද? කොතනද වෙනස (නි)

:       0       0

රංජන් Wednesday, 09 November 2016 03:04 PM

චතුරිගේ හිතට අමාරු ඇති මේ කතාවට. (සඳු)

:       0       0

රංග Wednesday, 09 November 2016 06:50 AM

මේ පුරාණ දිගාමඩුල්ල ගැන සියලු දෙනා දැනගත යුතුය. ලක්බිම පෙරදිග ධාන්‍යාගාරය කිරීමට ප්‍රමුඛ දායකත්වයක් දැක්වූ භූමියයි. ඒ සඳහා මඟපෙන්වීම ලැබුනේ දීඝවාපියෙනි. මේ ප්‍රදේශයට යෝනක සංක්‍රමණය විශාල වශයෙන් සිදුවුයේ, පෘතුගීසීන්ගේ අඩම්තේට්ටම් හමුවේ සෙනරත් රජු දැක්වූ සහනශීලී ප්‍රතිපත්තියේ ප්‍රතිපලයක් ලෙසයි. මේ සිද්ධිය ඉතිහාසය අධ්‍යාපනයෙන් ඉවත්කිරීමෙන් ප්‍රතිඵලයක් වුවකි. මේ මුළු ලක්බිමම අතීත රාෂ්ට පාලකයන් විසින් බුදු සසුනට නොයෙක් වර පුජා කර ඇති බව සියලු දෙනාට ඉගැන්විය යුතුය. ව්‍යවස්ථාවේ සඳහන් ඇමතිතුමා සඳහන් කළ වගන්ති වල පදනමද එයයි. ඒ පදනම වෙනස් කිරීමට උත්සාහ කළ අයට සිදු වූ දේ ඔය කවුරු කවුරුත් සිහි තබාගත යුතුය. (නි)

:       0       0

කේ.තිස්ස Tuesday, 08 November 2016 07:22 PM

ඔබතුමාලා සියල්ලමත් ඇමතිකම් අත්හැර ගෙදර ගියොත් එය රටට කරන විශාල මෙහෙයක් වෙනවා ඇත. (නි)

:       0       0

ද සිල්වා බර්ලින් Tuesday, 08 November 2016 08:26 PM

බුදු පිළිම වලට ඔච්චර බය මොකද? ක්‍රිස්තියානි රටක් වන ජර්මනියේත් බුදු පිළිම තිබෙනවා. සමහරුන්ට අරාබියත් ලංකාවත් පැටළිලා වගේ. ගමගේ අැමතිතුමාට මගේ ප්‍රණාමය! ඔබතුමාත් දකුණේ මිනිහෙක්නේ (නි)

:       0       0

රත්නායක Tuesday, 08 November 2016 08:58 PM

කොහොමත් යන්න වෙයි වගේ ළඟදීම (නි)

:       0       0

ඉසුරු Tuesday, 08 November 2016 09:17 PM

මෙන්න මිනිස්සු! අපිට ඕනෑ ඕකයි. අනිත් ආගම් පාගන්න ඕනෑ නැහැ. හැබැයි අපේ ආගමට අපි ආදරේ කරන්න ඕනෑ. නියම මිනිහෙක්. ඔබතුමාට ජය වේවා! (නි)

:       0       0

චන්ද්‍ර වීරසිංහ Tuesday, 08 November 2016 09:37 PM

මෙන්න ශ්‍රී ලංකාවේ නායකත්වයට සුදුසු චින්තනයක් තියෙන මිනිස්සු! (නි)

:       0       0

කමල් Tuesday, 08 November 2016 09:37 PM

බුදුදහම වෙනුවෙන් කතාකරන්න අද එක මන්ත්‍රීවරයෙක් හරි පාර්ලිමේන්තුවේ ඉන්නවා එහෙනම්. (නි)

:       0       0

සඳුනි Tuesday, 08 November 2016 09:42 PM

ඒ කතාව ගැන නම් හරිම සතුටුයි. අනිත් බොහෝ ඇමතිලාට වඩා වෙනසක් තියෙනව. ඒත් කලින් ආණ්ඩුව කාලේ අපිට මේ වගේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න වුණේ නැහැ නේද? (නි)

:       0       0

සනත් ඒකනායක Tuesday, 08 November 2016 10:07 PM

පුදුමයි ඒත් ඇත්තයි, යහපාලනය තුළ මේ වගේ අයත් ඉන්න බව (නි)

:       0       0

ෆස්රුල් ගෆූර් - කටාර් Wednesday, 09 November 2016 08:06 PM

අපිට මේ රටේ නිදහස තිබෙනවා ආගම ධර්මය අදහන්න. අපේ ගමට පල්ලියක් තිබෙනවා වගේම බෞද්ධ ගම්මානයක පන්සලක් තිබිය යුතුයි. පූජනීය ස්ථානයක් කියන්නේ මිනිසාට අත්‍යවශ්‍ය දෙයක්. එවැනි විරුද්ධත්වයක් ප්‍රකාශ කිරීමට අවශ්‍යතාවයක් නැහැ. වසර ගණනාවක් අපේ මුතුන් මිත්තන් විසින් රැකුණු සිංහල මුස්ලිම් සහෝදරත්වයට තිත තියන්න එපා. යම් ආකාරයකින් අපේ සහෝදරත්වයට හානියක් සිදුවූවා නම් ඉතාමත් වගකීමෙන් කියන්නේ, මුස්ලිම් අපි තමා ඊට විරුද්ධව දැඩි තීන්දු තීරණ ගන්නේ. (නි)

:       0       0

ඇන්ජලෝ Tuesday, 08 November 2016 11:10 PM

උගත් යැයි සිතා සිටියත් උගත් නොවන ජාතියක් සිටින රටක සහජීවනය පවත්වාගෙන යාම අපහසුවක්. පොඩි නිදහසක් ලැබුන වහාම සියලු දෙනා අයිතිවාසිකම් ඉල්ලනවා. මුලින්ම අපේ ජාතිය නීතියට ගරුකරන පිරිසක් කළයුතුයි. අතළොස්සක් ඇරෙන්න සියලු දෙනා තමගේ ආගම, ජාතිය ගැන හිතන්නේ ගෝත්‍රික මනසින් (නි)

:       0       0

බමුණු ආරච්චි Tuesday, 08 November 2016 11:37 PM

දීඝවාපී පුදබිම ඇතිවුණේ යෝනකයින් මෙහාට එන්න බොහොම කලින්. එමනිසා සිංහල බෞද්ධයාට බුදු පිළිම වහන්සේ නමක් ඕනෑම තැනක තැන්පත් කිරීමට අයිතියක් තිබෙනවා. (නි)

:       0       0

දුමින්ද Wednesday, 09 November 2016 12:10 AM

දයා ගමගේ මහතාණෙනි, කෙළින් කොන්ද තියාගෙන කතාකළාට ඇත්තටම ඔබතුමාට පින්! මෙන්න මේ වගේ ඔක්කොම බෞද්ධයෝ ඉන්න ඕනෑ. (නි)

:       0       0

අශිකා Wednesday, 09 November 2016 12:31 AM

සමන් කුමාර, හැමදේටම ඔයාලගේ කුණු දේශපාලනය ගෙනෙන්න එපා. මේක තාමත් පිවිතුරු බුදු දහම රැකුන රටක්. ඔයාලගේ නූගත්කමින් ප්‍රයෝජන ගන්නේ අන්‍ය ආගමිකයෝ. පේනවා නේද සුළු ජාතිකයන් අපිට දැන්මම සළකන හැටි. මේක අහිංසක රණවිරුවන් ජිවිතේ පරදුවට තියා රැකගත් රට. දයාගමගේ මහතාණෙනි, ඔබගේ නිර්භීතබව වෙනුවෙන් අපි ඔබතුමාට ස්තුති කරමු (නි)

:       0       0

මාර්ලන් ඩී. සිල්වා Wednesday, 09 November 2016 12:41 AM

පේනවා නේද ඇමතිතුමනි, කෙළින් කතා කරනකොට ජනතා කැමැත්ත කොහොමද කියලා. ඒ නිසා බය නැතුව කතා කරන්න. මිනිසුන් හැමදා ඔබ සමඟයි (නි)

:       0       0

අබ්දුල්ලා Wednesday, 09 November 2016 01:21 AM

බුදු පිළිම තියන්නත් දැන් අවසර ගන්න වෙලානේ? මේ අපි ඉන්නේ පාකිස්තානේද? එහෙමත් නැත්නම් බංගලිදේශයේද? දැක්කා නේද බාමියන් බුදුපිළිම කැඩුවට පස්සේ වුණ දේ? ඔය සෙල්ලම් කරන්නේ විශ්වයටම උතුම් අවිහිංසාවාදය සමඟයි (නි)

:       0       0

මොහොමඩ් Wednesday, 09 November 2016 01:23 AM

මේ සමහරු කතාකරන්නේ දෙමළ බස, අදහන්නේ අරාබි ආගමක්, ඉන්නේ සිංහල බෞද්ධ දේශේ. අපිට පිස්සුද? ඔවුන්ට පිස්සුද? (නි)

:       0       0

රසික Wednesday, 09 November 2016 01:25 AM

සාදු සාදු කියලා අපිත් ඒ කතාව අනුමත කරනවා. කොච්චර වැරදි තිබුනත් මෙහෙම කෙළින් ඉන්න ඇමතිවරු 10 දෙනෙක් ඉන්නවා නම් ආණ්ඩුව අවුරුදු 50 ක් තිබ්බත් කමක් නැහැ. හැබැයි අර බොරු කොන්දක් දාගත් සංදර්ශනකාරයෝ එහෙම නොවෙයි. (නි)

:       0       0

සුෆිකර් Wednesday, 09 November 2016 01:35 AM

අපේ හදවත් පිරිසිදු කරගන්නයි ආගම තිබෙන්නේ, නැතුව බේදබින්න වෙන්න නෙමෙයි (නි)

:       0       0

ටිකිරි Wednesday, 09 November 2016 01:56 AM

දකුණු ඉන්දියාවෙන් භාෂාව ඉල්ලගත්තා, අරාබියෙන් ආගම ඉල්ලගත්තා, සිංඝලයන්ගෙන් ඉඩකඩම් ටික ඉල්ලා ගත්තා, දැන් රටේ මිනිසුන්ට නීතිය කියලා දෙන්නත් එනවා. කොහොමද කට්ටියක් ගිය දුර! සිංහලුනේ, දැන්වත් ඇස් ඇරලා බලාපල්ලා! (නි)

:       0       0

ගිහාන් Wednesday, 09 November 2016 01:59 AM

නැගෙනහිරට ඔබ වැනි ශ්‍රේෂ්ඨ නායකයෙක් සිටීම ගැන අපිට ගොඩක් ආඩම්බරයි. ඔබතුමා අද විතරක් නෙමෙයි එදත් නැගෙනහිර බෞද්ධ උරුමය ගැන කතා කළා. නැගෙනහිර වෙනුවෙන් ඉන්න එකම බෞද්ධ මන්ත්‍රීතුමාත් මෙතුමායි. පක්ෂ පාට නොසළකා බෞද්ධයන් වෙනුවෙන් කතා කරන අයව ‍තෝරාගැනීම බෞද්ධයන්ගේ යුතුකමක්. (නි)

:       0       0

නිමල් Wednesday, 09 November 2016 02:45 AM

ඔබේ අදහස අගය කරමි. (නි)

:       0       0

ලොයිඩ් Wednesday, 09 November 2016 02:48 AM

ඔබ වැනි අය රටට ආඩම්බරයක්. (නි)

:       0       0

අනුර Wednesday, 09 November 2016 03:13 AM

එජාපයේත් දේශප්‍රේමීන් සිටින බව ඔබ තුමා පෙන්නා දී තිබෙනවා (බ)

:       0       0

ශශික Wednesday, 09 November 2016 09:23 AM

ඇමතිතුමනි කොන්දක් ඇතිව කෙලින් කතා කරන ඔබට මාගේ ප්‍රණාමය............... (ම)

:       0       0

ලක්ෂිත Wednesday, 09 November 2016 03:21 AM

කොන්ද කෙළින් තියාගෙන කතාකළාට තුති. (නි)

:       0       0

විපුල Wednesday, 09 November 2016 09:29 AM

මම කතෝලිකයෙකු වුවත් , අතීතයේ තිබුණු ගන්ටාරයට අවනත සමාජය ඉතා සාමකාමී බව කිව යුතුමයි. (ම)

:       0       0

සම්පත් පතිරණ Wednesday, 09 November 2016 03:29 AM

පක්ෂය මොකක් වුණත් මෙතුමා එක්ක අපි ඉන්නවා (නි)

:       0       0

පීරිස් Wednesday, 09 November 2016 03:31 AM

මැතිඳුනි, සිංහල අපි බේරාගන්නට ඔබට ශක්තිය, ධෛර්යය ලැබේවා! (නි)

:       0       0

ප්‍රභාත් Wednesday, 09 November 2016 03:32 AM

ආඩම්බරයි! හෙළයෙක් යහපාලනයේ ඉන්නවා. (නි)

:       0       0

දිපාල් Wednesday, 09 November 2016 09:51 AM

මේ වගේ කෙලින් කතා කරන ඇමතිවරයෙක් සිටීම අපිට ඉමහත් සන්තෝෂයක්. (ම)

:       0       0

සමන් කුමාර Tuesday, 08 November 2016 02:21 PM

ආන්ඩුව පැරදුනොත් කොහොමත් ගෙදර යන්න වෙනවනෙ (බ)

:       0       0

ශීලා Tuesday, 08 November 2016 02:27 PM

මොන වැරදි තිබුණත් දයා ගමගේ ඇමතිගේ මේ කතාවටනම් එකගයි! (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පාලමකින් එගොඩ වෙන්න ගිය අයෙක් අතුරුදන්
2024 ඔක්තෝබර් මස 11 67 0

පවතින දැඩි වර්ෂාපතනය හේතුවෙන් කඩුවෙල යාකාල වැලිහිද ඇල හරහා ඉදිකරමින් පවතින පාලමක් හරහා ගමන් කිරීමට ගිය 39 හැවිරිදි පුද්ගලයකු දියේ ගිලී අතුරුදහන් වී ඇත


අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 247 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


කලු ගඟේ ජල මට්ටම ඉහළට: මාර්ග රැසක් ජලයෙන් යටවෙයි
2024 ඔක්තෝබර් මස 11 560 0

ඇදහැලෙන මහ වැසි නිසා කලුගඟේ ජල මට්ටම මුවගම ස්වයංක්‍රීය ජල මාපකයේ අද( 11) පෙරවරු 10.15 වන විට මීටර් 5.2ක් වු පිටාර මට්ටමට ඉහළින් සුලු ගංවතුරක අවදානම් මට්ටමට පැම


සුළගෙන් අම්බලන්ගොඩ ධීවර වරායේ යාත්‍රා 20 කට හානි
2024 ඔක්තෝබර් මස 11 383 0

අම්බලන්ගොඩ ධීවර වරායේ ගාල් කර තිබූ බහු දින ධීවර යාත්‍රා විස්සකට පමණ අද (11) හමාගිය තද සුළගකින් දැඩි අලාභ හානි සිදුව ඇතැයි එම ධීවර යාතාවල හිමිකරුවන් කියති


නාම යෝජනා භාර ගැනීම අද දහවල් 12 ට අවසන්
2024 ඔක්තෝබර් මස 11 321 0

2024 පාර්ලිමේන්තු මහමැතිවරණයට නාම යෝජනා භාර ගැනීම අද 11) දහවල් 12 ට අවසන් වන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.


වැලිපැන්න අධිවේගී පිවිසුම යටවේ
2024 ඔක්තෝබර් මස 11 1410 2

නොනවත්වා ඇදහැලෙන වර්ෂාව හේතුවෙන් වැලිපැන්න අන්තර් හුවමාරුව ද ජලයෙන් යටවීම නිසා මීට සුළු මොහොතකට පෙර තාවකාලිකව වසා දැමූ බව අධිවේගී මාර්ග මෙහෙයුම් නඩත


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39865 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25887 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 113 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 397 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1266 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site