IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


බුදු පිළිමය ළඟ සිටි ලංකාදීප මාධ්‍යවේදීහු නූලෙන් බේරෙති

‘අපි අරණායක නාය ගිය ස්ථානය බලන්න ගියා. . 1000ක් පමණ පිරිසකුත් අවට හිටියා.  ඒ වෙලාවේ මහ වැස්ස. නාය ගිය පෙදෙසේ ඉතිරිව තිබූ එකම ස්ථානය වූ බුදු කුටිය අසල සෙවණට සිටියදී එක්වරම ලොකු ශබ්දයක් ඇසුණා. එය මහා විශාල ශබ්දයක්. අපි කලබල වුණා. වටපිට බැලුවා. එක්වරම ජල පහරක් සමග මඩ මහ කුට්ටි ගසාගෙන පහළට ආවා. නැවතත් ඊටත් වඩා විශාල ශබ්දයක් ආවා. අපට උතුර දකුණ බලාගන්න බැරිවුණා. දිව්වා. දුවද්දී බුදු පිළිමවහන්සේ සිටි තැනින් වම් පැත්තේ කන්දක් දැක්කා. ඒ කන්දට නැග්ගා. ඒ කන්දේ ගෙවල් තිබුණා. හැබැයි ගෙවල්වල කවුරුත් නෑ. අප දුටු පුදුමයනම් දෙවැනි වරටත් සාමසර කන්ද නායයාමෙන් බුදු පිළිමයට හෝ කුටියට හානියක් නොවීමයි.‘ යනුවෙන් ලංකාදීප මාධ්‍යවේදීහු සිය අත්දැකීම විස්තර කළහ.

අසල කන්දට නැග සිටියදී වැසි නතරවූ නමුත් තද වැහි කළුවක් දක්නට ලැබිණි. එවිට වේලාව පස්වරු 6ට පමණ විය. හෙම්බත්වී සිටි හමුදා සෙබළුද සෙසු සහන සේවකයෝද දවසේ මෙහෙයුම් අවසන් කළහ.

ගෙවල් 66 ක සිටි මිනිසුන්ගෙන් වැඩි පිරිසක් ඔවුන් උපන්දා සිටම හැදී වැඩුණු ගමේ අඩි ගණනක් යට වැළලී සිටිති.

මෙම නාය යෑම් බැලීමට පැමිණීම තදබල අනතුරුදායක බව ආපදා කළමනාකරණ ඒකකය පවසයි. 

13220041_1335006896514484_1108258568_n 13231148_1335006929847814_2111540732_n 13235712_1335012573180583_1370798196_n 13235944_1335013526513821_1674773325_n 13235987_1335006963181144_1146588843_n

ඡායාරූප - කෞශල්‍ය සමින්ද

buddha-statue-aranayake-may-18

ඡායාරූපය - රතු කුරුස සංවිධානයේ අනුග්‍රහයෙනි



අදහස් (0)

බුදු පිළිමය ළඟ සිටි ලංකාදීප මාධ්‍යවේදීහු නූලෙන් බේරෙති

හසරංග Thursday, 19 May 2016 01:41 AM

කමල්, කැඩුනේ නැති බුදුපිළිම වලින් බුදුදහමේ සත්‍යය පෙනෙන්නේ නැහැ. බුද්ධ වචනය නම් පිළිම පන්සල් විතරක් නොවෙයි, සියලු දේ අනිත්‍යයි කියන එක. බුදුදහම තියෙන්නේ ලෝක ස්වභාවය තේරුම් ගැනීමටයි (නි)

:       0       0

සනත් Thursday, 19 May 2016 02:46 AM

මෙවැනි විශාල ස්වභාවික ආපදා තත්වයක් මතක විදියට මෑත ඉතිහාසයේ සිදුවෙලා නැහැ. රටේ පාලකයෝ ධර්මිෂ්ට නම් ජනතාවාදී නම් මෙවැනි විපත් අවම වන බව බුදු දහමේ ඉගැන්වීම් වල දක්වා තිබේ. (නි)

:       0       0

විපුල Thursday, 19 May 2016 03:07 AM

මේ නම් ලංකාවට වැදුනු ශාපයක්. (නි)

:       0       0

ඇන්ටන් Thursday, 19 May 2016 03:10 AM

මේ වෙලාවේ මාධ්‍යවේදීන් කරන මෙහෙවර අගය කළයුතුයි (නි)

:       0       0

රුවන් Thursday, 19 May 2016 03:12 AM

මේ දේවල් වලින් රජයට ලොකු ලාබයක් එනවා. ජනතාව තමන්ගේ මිල මුදල් වලින් සහනාධාර දෙනවා. රජය වැට් සහ අනෙක් බදු එකතු කරගන්නවා. රජයට කොතරම් මිල මුදල් ලැබුනත් මෙවැනි අවස්ථාවක සාමාන්‍ය ජනතාවගේ කර පිටින් තමයි උදවු ලැබෙන්නේ. (නි)

:       0       0

කමල් Wednesday, 18 May 2016 12:53 PM

බුදු දහමේ සත්‍යය මෙයින් පේනවා. ඒත් ජනතාව ප්‍රවේශමෙන්. තමන් මෙවන් විපත් නොවේවා කියල ගෙවල් වල ඉඳල සෙත් පතන්න. (බ)

:       0       0

ලෙහාන් Wednesday, 18 May 2016 01:59 PM

අනේ ඉක්මනටම මෙය අසරණ මිනිස්සුන්ට පිහිටක් වෙමු.(අ)

:       0       0

මංගල වේලාරත්න Thursday, 19 May 2016 03:37 AM

මියගිය සැමටම සංසර ගමනේදී මෙවන් අනතුරක් සිදු නොවේවා! පෙර කළ පවක් තමයි මේ පළදෙන්නේ කියලා හිතාගෙන සියලුම දෙනා වැඩි වැඩියෙන් පින්කරන්න. මියගිය සැමට නිවන් සුවය පතමු. හැමෝම පහනක් දල්වා පින් අනුමෝදන් කරන්න (නි)

:       0       0

නිහාල් Thursday, 19 May 2016 04:03 AM

මේක නම් හාස්කමක් (නි)

:       0       0

ධම්ම Wednesday, 18 May 2016 02:40 PM

අර ඈත පෙනෙන්නේ කඩුගන්නාවේ වැලමිට වංගුවට සීගිරිය වගේ පෙනෙන බතලේගල කන්දයි. මේ සලකුණෙන් ඔබට හිතාගත හැකියි මේ විනාශය සිදුවූ ස්ථානය.(බ)

:       0       0

සුචිත් Thursday, 19 May 2016 04:18 AM

අපි රටක් විදිහට පව් කරනවා වැඩියි. පින් දහම් කරන්න හිතට ගන්න. මරණයට බිය නොවන්න. තෙරුවන් සරණයි! (නි)

:       0       0

රන්ශාන් Thursday, 19 May 2016 04:31 AM

ධම්ම, ඒ බතලේගල කන්ද නොවෙයි. (නි)

:       0       0

ශාන සෞදි Thursday, 19 May 2016 05:03 AM

බුදු දහමේ සත්‍යය මෙයින් පේනවා. ඒත් ජනතාව ප්‍රවේශමෙන්. තමන් මෙවන් විපත් නොවේවා කියලා ගෙවල් වල ඉඳලා සෙත් පතන්න. (නි)

:       0       0

සුසිලා පැරිස් Wednesday, 18 May 2016 03:28 PM

නායයෑමෙන් (වැස්සෙන්) අනතුරට පත්වූ දිස්ත්‍රීක්ක, ලංකාවේ සිතියමක් සමඟ පළකරන මෙන් කරුණාවන් ඉල්ලමි. (ර)

:       0       0

රණසිංහ Wednesday, 18 May 2016 04:09 PM

දෙවියන්ගේ පිහිටෙන් බේරුන එක ලොකු දෙයක්. (ර)

:       0       0

පෙරේරා Thursday, 19 May 2016 05:41 AM

ඝාතන, බොරුව, වංචාව, සොරකම් , නැතිවුණ දාක මේවාද නැති වී යනු ඇත (නි)

:       0       0

විජේ Wednesday, 18 May 2016 05:08 PM

මෙවන් විපත් ආයෙත් නම් කවදාවත් අපිට අහන්න දකින්න ලැබෙන්න එපා දෙවියනේ. මීයගිය සියලුම දෙනාට නිවන් සුව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. රෝගීවූ සියලුම දෙනාට ඉක්මන් සුවය ලැබේවා. (නි)

:       0       0

දුමින්ද Thursday, 19 May 2016 05:46 AM

රට වගේම රටවැසියන්ද ධාර්මික නම් විපත් අඩුයි (නි)

:       0       0

යසෝධරා Wednesday, 18 May 2016 05:40 PM

ඔබට කරදරයක් නොවී බේරුනේ බුදුසරණේ පිහිට ලැබුන නිසයි (නි)

:       0       0

අතුල Wednesday, 18 May 2016 05:42 PM

අප වෙනුවෙන් ඔබ කරන මෙහෙය අගය කළයුතුයි (නි)

:       0       0

යෝනක Thursday, 19 May 2016 06:30 AM

පාලකයෝ පක්ෂ පාට ඉවතලා දැහැමි වෙන්න. රට යහපත් වෙනවා (නි)

:       0       0

ගැමුණු Thursday, 19 May 2016 06:31 AM

වෛරය පළිගැනීම් ඉවතලා දැහැමි වෙන්න. රට යහපත් වෙනවා සිකුරුයි (නි)

:       0       0

සත්‍යයා Wednesday, 18 May 2016 08:55 PM

ආගම ධර්මයට ලැදිව ජීවත්වෙන එක හොඳයි. නමුත් ජනතාව හා පාලකයින් සාමුහිකව එක්ව මෙවැනි විපත් වළකා ගැනීමේ වැඩපිළිවෙලක් ක්‍රියාවේ යොදවනවා නම් බුදුපිළිම පමණක් නොව ආගම ධර්මයත් රැකේවි. (නි)

:       0       0

ප්‍රසන්න Thursday, 19 May 2016 07:44 AM

මෙවන් විපත් ආයෙත් නම් කවදාවත් අපිට අහන්න දකින්න ලැබෙන්න එපා දෙවියනේ. මියගිය සියලුම දෙනාට නිවන් සුව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. රෝගීවූ සියලුම දෙනාට ඉක්මන් සුවය ලැබේවා (නි)

:       0       0

උපාලී වීරකෝන් Thursday, 19 May 2016 12:32 AM

කරදර මයී ජීවිතයක හැමදාම, දහම තමා අප කාටත් සැනසීම, මරණයටයි ටික ටිකවත් ළංවීම, නිවන තමා අප කාටත් සැනසීම... (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රජරට සරවියේ නව තාක්ෂණ පීඨය විවෘත කරයි
2024 ඔක්තෝබර් මස 02 525 0

අනුරාධපුර, ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ නව තාක්ෂණ පීඨය විවෘත කිරීම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරත


සවස් කාලයේදී වැස්ස වැඩිවෙයි
2024 ඔක්තෝබර් මස 02 141 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල, සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිබව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හිටපු ඇමැති රොත්තක් තවම රජයේ බංගලාවල
2024 ඔක්තෝබර් මස 02 2078 0

හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් අතුරින් රජයේ බංගලා තවමත් බාරදී ඇත්තේ තිදෙනකු පමණක් බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, අධිකරණ, පළාත් සභා, පළාත



ජිමී කාටර්ට අවුරුදු 100 යි
2024 ඔක්තෝබර් මස 02 2480 0


මැති සබේ හිටපු අය කෑමටත් පොලු තියලා
2024 ඔක්තෝබර් මස 01 3828 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38562 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25378 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 275 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 928 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site