IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


බොදු බලේ කුඩුකාරයන්ගේ නම් ඉල්ලයි

ලංකාවට කුඩු ගෙන්වන අයගේ නාම ලේඛනය වහා හෙළිදරව් කරන්නැයි බොදුබල සේනා සංවිධානය ඉල්ලයි.

කෙතරම් අවලාද නැගුවද , කෙතරම් තාඩන පීඩන ඇති කළද , තර්ජන ඇති කළද  බොදු බල සේනාව  කිව යුතු තිත්ත ඇත්ත කියන්නට බය නැතැයිද  බොදු බල සේනා ව කුඩු ගැන හෝ දුෂණ ගැන කතා කළේ ඡන්ද බලා ගෙන නොවන බවත් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් එම සංවිධානයේ ලේකම් ඩිලන්ත විතානගේ කියයි.

ජාතික වශයෙන් "කුඩු විරෝධී " මෙහෙයුමක් කිරීමට අප තීරණය කල අතර එය රටේ ප්‍රධානම කුඩු නගරයක් වූ "කොළොන්නාවේදී"  2013 ජුලි  28  දින ප්‍රසිද්ධ බොදු සමුළුවක් පවත්වා දියත් කිරීමට තීරණය කළ බවද ඔහු කියයි.

ජනතාව දැනුවත් කිරීම තුළින් අනාගතයේදී සම්බන්ධ විය හැකි පිරිස් අවම කිරීම , විශේෂයෙන් තරුණ හා පාසල් සිසුන් බේරා ගැනීම, තොරතුරු එක් රැස්  කිරීම තුලින් ගත යුතු ක්‍රියාමාර්ග වලට එළඹීම, දැනට මේවාට හුරු වී ඇති පිරිස් ක්‍රමයෙන් ඉවත් කිරීම, පුනරුත්ථාපන කටයුතු, පුහුණු කිරීම් ආදී වූ විවිධ ක්‍රියාදාම යොදා ගනු ලබන අතර ඒ සඳහා බෞද්ධ විහාරස්ථාන කේන්ද්‍ර කොට ප්‍රජා මට්ටමේ ස්වේච්ජා ඒකක පිහිටුවීමටත් පියවර ගන්නා බව එම සංවිධානය කියයි.

ජනාධිපතිවරණයේදී පොරොන්දු වූ පරිදි  මත්කුඩු ජාවාරම් කරුවන් මැඩලීම පිණිස විශේෂ බලකාය පිහිටුවීම, සියලු මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ගේ නම් ගම්  හෙළිදරව් කිරීම, සුවිශේෂ පුනරුත්ථාපන මධ්‍යස්ථාන ඇති කිරීම, දුම් වැටි විරෝධී කටයුතු වැඩි කිරීමට කටයුතු කරන ලෙස ජනාධිපති තුමාගෙන් ඉල්ලා සිටින බවද ඔහු සඳහන් කර ඇත.



අදහස් (0)

බොදු බලේ කුඩුකාරයන්ගේ නම් ඉල්ලයි

ප්‍රසාද් Tuesday, 27 January 2015 08:02 AM

බොදු බලයට ජයවේවා! (නි)

:       0       0

කලුපෙරුමගේ Tuesday, 27 January 2015 08:03 AM

ඔය නම් ටික නම් ඉතින් නොදන්නා කෙනෙක් නැහැනේ (නි)

:       0       0

මහේෂ්‍ Tuesday, 27 January 2015 08:06 AM

පළමුව පුනරුත්තාපනය කරන්න ඕනෑ කවුද කියලා අපි නම් දන්නවා (නි)

:       0       0

නදීක Tuesday, 27 January 2015 08:07 AM

රසිකා,බොදු බලය මෙතන කුඩු ව්‍යාපාරය කරගෙන යන අයගේ නාම ලේඛනය ඉල්ලන්නේ. යන්නේ කොහෙද මල්ලේ පොල් වගේ ඔයා... (නි)

:       0       0

මලික් Tuesday, 27 January 2015 08:12 AM

දැන් මේ රටේ පොලිසිය සහ අනෙකුත් බලධාරීන්ගේ රාජකාරී පුජ්‍ය පක්ෂය බාරගන්නද යන්නේ? (නි)

:       0       0

ඉන්දික Wednesday, 28 January 2015 04:55 AM

බුදුදහමට නිගාකරන දේවල් කිසිවක් කරන්න එපා (නි)

:       0       0

මාධව Tuesday, 27 January 2015 08:14 AM

හෙට අනිද්දම බලාගන්න පුළුවන් කවුද කියලා. ඔබට අන්න එදාට තේරෙයි කුඩු නැති කරන්න මෙහෙයුම් පටන්ගන්න ගියේ කා එක්කද කියලත්. (නි)

:       0       0

පිටබැද්දර ජයා Tuesday, 27 January 2015 08:18 AM

කලුපෙරුමගේ, අනේද කියන්නේ? අනික ඉතින් එයාලා පොලිස් නෙමෙයිනේ එයාලට දෙන්න. නේද? ඒවා ඉතින් නීතිය කරවන කට්ටිය කරයි. ඕගොල්ලොත් මේ අපි වගේ දෙන දේ කාලා වෙන දේ බලාගෙන ඉන්න (නි)

:       0       0

ඉන්දික ගාලේවත්ත Tuesday, 27 January 2015 08:23 AM

මම නම් හිතන්නේ ආණ්ඩුව ‍ජවි‍පෙ එක්ක සමඟ එකතුවෙලා ඒ වැඩේ කරයි කියලයි (නි)

:       0       0

සරත් Tuesday, 27 January 2015 08:24 AM

පුනරුත්ථාපනය කරන්න ඕනෑ කවුද කියලා මට මෙතන ලියන්න අමාරුයි (නි)

:       0       0

තිලක් -ඩුබායි Tuesday, 27 January 2015 04:49 PM

කුඩුකාරයන්ගෙන් කෝටි ප්‍රකෝටි ගණනින් මුදල් ගත් අයත් මේ වෙනකොට සමහර පන්සල් ගානේ යනවා දකින්න පුළුවන්. (නි)

:       0       0

කමල් Tuesday, 27 January 2015 08:27 AM

දැන් බොදුබලය පොලිසියේ වැඩ ටික බාරඅරගෙනද ? ඔන්න එහෙනම් මෙයාලට දෙන්නකෝ නම් ටික. (නි)

:       0       0

කුමාර් Tuesday, 27 January 2015 08:27 AM

නම් ලිස්ට් එක ඇහුවා නම් ටක්ගාලා කියන කෙනෙක් මම දන්නවා (නි)

:       0       0

අශාන්ත Thursday, 29 January 2015 05:01 AM

කළ වැරැදි වලට දඩුවම් ලැබෙනකල් ඉවසලා හිටියොත් මොකද?(දිල්)

:       0       0

ජනිත් Tuesday, 27 January 2015 08:35 AM

කාටහරි මොනවාහරි කිවුවේ නැත්නම් මෙතන ඉන්න සමහරුන්ට නින්ද යන්නේ නැහැ. මම හිතන්නේ මේ සසර පුරුද්ද වෙන්න ඇති (නි)

:       0       0

රියාද් Tuesday, 27 January 2015 08:36 AM

ඇයි ඉතින් මේ දේවල් කලින් කරන්න බැරිවුණේ? (නි)

:       0       0

සිරිමෙවන් Tuesday, 27 January 2015 08:39 AM

සමහරුන්ට මොනවාහරි කියන්න තියෙන්නත් ඕනෑනේ. (නි)

:       0       0

හර්ෂ Wednesday, 28 January 2015 05:48 AM

අපි නොදන්නා ලයිව් කිවුවලු. (නි)

:       0       0

විනීතා Tuesday, 27 January 2015 08:42 AM

කතා වැඩක් නැහැ අපිට. වැඩ කරලා පෙන්වන්න (නි)

:       0       0

පණ්ඩුල Tuesday, 27 January 2015 08:47 AM

දැන් මේකෙන් ඉදිරියට මොනවා වෙයිද දන්නෙ නැහැ (නි)

:       0       0

නුවන් Tuesday, 27 January 2015 08:48 AM

ඒ මොකටද මේ අයට දෙන්නේ? මට නම් තේරෙන්නෙ නැහැ (නි)

:       0       0

ඩිලාන් Tuesday, 27 January 2015 08:50 AM

මෙච්චර කාලයක් කුඩු ගෙනා අය ගැන කවුරුවත් කතාකළේ නැත්තේ ඇයි දන්නෙ නැහැ (නි)

:       0       0

රවිඳු Tuesday, 27 January 2015 08:50 AM

පසුගිය කාලේ කාටවත් කුඩුකාරයෝ රටේ ඉන්නවද කියලවත් මතකයක් තිබුනේ නැහැ. මෛත්‍රී පාලනය යටතේ පොලිසිය ස්වාධීනව ඒ කාර්යය හොඳින් කරයි. ඒකට තමයි ජනතාවගේ මුදලින් වැටුප් ගන්න පොලිසියක් මේ රටේ ඉන්නේ. (නි)

:       0       0

කුමාර් Tuesday, 27 January 2015 08:51 AM

කුඩු වසංගතය වගේම ජාති ආගම් බේද අවුස්සන වසංගතත් නැතිකරන්න ඕනෑ. (නි)

:       0       0

ලංකා Tuesday, 27 January 2015 09:00 AM

රටේ මිනිස්සු ගොනාට අන්දපු කාලේ ඉවරයි. දැන් ඉතින් පිනක් දහමක් කරගෙන වදයක් නොවී ඉන්නවනං කාටත් හොඳයි (නදී)

:       0       0

හිමාලි Tuesday, 27 January 2015 09:03 AM

කුඩු වසන්ගතයටත් වැඩිය මේ රටේ බෞද්ධ සාරධර්ම විනාශ කලේ බොදු බලයයි. මහින්ද රාජපක්ෂ නමැති චරිතය විනාශ කලෙත් බොදු බලයයි. අයෙත් හුළු අතු පත්තු කරන්නද හදන්නේ? (ස)

:       0       0

බටන්ගල Tuesday, 27 January 2015 09:03 AM

හලෝ දිලන්ත, ඕගොල්ලෝ උත්සාහ කරන්නේ නම ගම දැනගන්නද? අපේ ඥානසාර හාමුදුරුවෝ ඔය සේරම දන්නවා වගේනේ ඒදවස්වල කතාකරේ. බලනකොට ඔක්කොම බයිලා රජාල . දැන් ඕගොල්ලන්ගේ ගැන ඔක්කොම දන්නවා. (ස)

:       0       0

මංගල Tuesday, 27 January 2015 09:08 AM

අනේ ඔයාල තොත්ත බබාලනේ ....(ස)

:       0       0

ඛාන් Tuesday, 27 January 2015 09:10 AM

ස්වාමින්වහන්ස, මෙය ඉතාම හොද ප්‍රකාශයක්, ඔබ වහන්ස හැර වත්මන් දේශපාලනයේ කිසිම දේශපලකයෙක් අද වනතුරු මෙවැනි දේවල් ගැන කොන්ද කෙලින් තියාගෙන කතා කලෙත් නැහැ කරන්නේනේත් නැහැ. එයට හේතුව බල ලෝබය, ඡන්ද වලට තියෙන කෑදරකම සහ තමන්ගේ දේශපාලන ප්‍රතිවාදියාගෙන් පලි ගැනීම් වැනිපටු අරමුණු මුදුන්පත් කරගෙන මේ යන විනාශකාරී ගමනක් මිස රට, ජාතිය අාගම ගැන කිසිම කැක්කුමක් නැති දේශපාලකයෝ පිරිසක් තමයි අපේ රටට බිහිවෙලා තියෙන්නේ, ඒ නිසා ස්වාමින්වහන්ස ඔය නඩයට හොඳට තේරෙන භාෂාවෙන් තේරුම් කරලා දෙන්න ඔබ කියන්න හදන දේ. ඔබ වහන්ස සමග අති විශාල ජනකායක් ඉන්නවා කියන එක මතක් කරමි. (ස)

:       0       0

කුමාර් Tuesday, 27 January 2015 09:13 AM

මේ අයට අමුතුවෙන් නම් ඕනද? ඒ කියන්නේ රටේ වෙන කිසිම දෙයක් බොදුබලේ දන්නේ නැහැ? අනේ මොකටද මෙහෙම සංවිධාන? (ස)

:       0       0

සත්‍යපාල Tuesday, 27 January 2015 09:13 AM

පසුගිය කාලේ එතනෝල් කාරයන්ගෙන් සල්ලි ගත්තා කියලා බොදු බල සේනාවට චෝදනා අවා. මේ කුඩු කාරයන්ගේ නාම ලේඛනය ඉල්ලන්නේ එවුන්ගෙනුත් සල්ලි එකතු කරන්නද දන්නේ නැහැ. (ස)

:       0       0

හසාන් Tuesday, 27 January 2015 09:16 AM

කුඩුකාරයා නම් කුඩු ගහලා එයා විතරයි විඳවන්නේ. නමුත් ජාතිබේද ආගම් බේද අවුස්සන අය මුලු රටම විනාශ කරනවා (නි)

:       0       0

ප්‍රියනාත් Tuesday, 27 January 2015 09:16 AM

මොන දේ කළත් කමක් නැහැ. සිංහල බෞද්ධයන් දේශපාලන අතකොලු කරගන්න හදන්න එපා. (නි)

:       0       0

ටෙෂාන් Tuesday, 27 January 2015 09:17 AM

මේකට අපි පුලුවන් විදියට සහාය දෙමු (නි)

:       0       0

වින්සන්ට් Tuesday, 27 January 2015 09:18 AM

බුදුන්ගේ ධර්මය අනුව යායුතු ගමනත්, නොයායුතු ගමනත් දැන්වත් තේරුම් ගන්නවා නම් එය ධර්මයට සිදුවෙන ගෞරවයකි. (නි)

:       0       0

සමන්ති Wednesday, 28 January 2015 03:45 PM

අර රාජගිරියේ ඇළ අයිනේ තියෙන ආණ්ඩුවේ මණ්ඩලයකට අයත් යැයි කියන ඉඩම බලෙන් අල්ලාගෙන ඉන්න අයත් සොයන්න. (දිල්)

:       0       0

බුද්ධික Tuesday, 27 January 2015 09:27 AM

ඔක්කොටම කලින් පුනරුත්ථාපනය කරන්න ඕනෑ වැදගත් විදියට කතාකරන්න දන්නෙ නැති කට්ටිය (නි)

:       0       0

ජිලාන් Tuesday, 27 January 2015 09:28 AM

ඔය නම් ලැයිස්තුව අපේ බන්දුල පෙරේරා හෙවත් පිවිතුරු යහපාල ළඟ නැතිවෙන්න බැහැ. හැබැයි ඉතින් පිස්සු වැටිලා වගේ මේ දවස් වල දඟලන නිසා මෙතන ලියන මිනිසුන්ගේ නම් ටික දෙයිද දන්නේ නැහැ. (නි)

:       0       0

ඉන්දික Tuesday, 27 January 2015 09:34 AM

බොදුබලය ධර්ම කටයුතු විතරක් කරන්න. ආණ්ඩුව බලාගනියි කුඩුකාරයෝ ගැන. (නි)

:       0       0

ගිහාන් Tuesday, 27 January 2015 09:35 AM

ඉතින් දැන් ඇයි කෑගහන්නේ? ඔය කියන වැඩපිළිවෙළට කලින් ආණ්ඩුවෙන් සහායක් ඉල්ලුවේ නැත්තේ ඇයි ? ඔය වසංගතය 2015 ජනවාරි මාසයේ ලංකාවට ආ අලුත් ප්‍රශ්නයක් නෙමෙයිනේ. (නි)

:       0       0

සෙනරත් Wednesday, 28 January 2015 04:21 PM

අයියෝ! ඕකත් මහ ලොකු දෙයක්ද? දෙන්නම්කෝ .... (නි)

:       0       0

වීරවංශ Tuesday, 27 January 2015 09:40 AM

එහෙනම් ඉතින් දෙමු නේද? (නි)

:       0       0

සේකර Tuesday, 27 January 2015 09:48 AM

රටේ මිනිස්සු බුද්ධිමත් (නි)

:       0       0

සුගුනවති Wednesday, 28 January 2015 07:14 AM

කෝ මේ අපේ හාමුදුරුවෝ? හරිම නිශ්ශබ්දයි වගේ (නි)

:       0       0

දිල්ෂාන් Wednesday, 28 January 2015 04:51 PM

ඒ කාලේ කරන්න ගිය දේවල් අපිට අමතක නැහැ (නි)

:       0       0

මෙල්වින් Tuesday, 27 January 2015 10:01 AM

ඔය නම් ලැයිස්තු කලින්නේ සොයන්න තිබුනේ (නි)

:       0       0

අප්පුහාමි Wednesday, 28 January 2015 07:21 AM

මහත්තයෝ, ඡන්දයට කලින් ඔබතුමන්ලා කොහෙද හිටියේ? ඔය දේවල් ඡන්දයට කලින් අහන්න තිබුණු දේවල්නේ.දැන් ප්‍රමාද වැඩියි ඕවා අහන්න. (නි)

:       0       0

සමන්ත Tuesday, 27 January 2015 10:08 AM

හාමුදුරුවනේ, බුද්ධාගමට අනුව පන්සලකට වෙලා ආගම ධර්මය ගැන අනුශාසනා කරනවා නම් අපි කැමතියි (නි)

:       0       0

ලසිත් Tuesday, 27 January 2015 10:16 AM

මේක පරණ ආණ්ඩුව නෙමෙයි. නීතිය ඉටුකරන්න පොලිසිය ඉන්නවා. (නි)

:       0       0

රණසිංහ Tuesday, 27 January 2015 10:22 AM

බොදු බලය,නම් ඉල්ලන්නේ එයාලට ආධාර දෙන අයගේ නම් ටිකත් ඔතන තියෙනවද කියල බලන්නන වෙන්න ඇති (දිල්)

:       0       0

ධම්මිකා Tuesday, 27 January 2015 10:29 AM

කොහොමහරි මේ නම් හොයලා දෙමු (දිල්)

:       0       0

ලක්සිරි Tuesday, 27 January 2015 10:34 AM

වර්තමාන ජනාධිපති තුමා සෞඛ්‍ය ඇමති වෙලා හිටපු කාලේ දුම්වැටි පෙට්ටියේ සඳහන් රූප ගැන විශාල අරගලයක් කළ අවදියේ ඔබ වහන්සේලා නිදාගෙනද හිටියේ? බොරු කරන්නේ නැතිව මහින්ද මහතා සහ ගෝඨාභය මහතා සමග කෙලින්ම දේශපාලනය කළොත් නරකද? පැත්තෙන් ඉඳන් මුක්කු ගහන්නේ නිවටයෝ කියලයි අපි නම් අහල තිබෙන්නේ.(දිල්)

:       0       0

නසාර් හුසේන් Tuesday, 27 January 2015 10:38 AM

දැන් මොකද්ද මේ වෙන්න යන්නේ (දිල්)

:       0       0

නිම්මි Tuesday, 27 January 2015 10:46 AM

අවසර අපේ හාමුදුරුවනේ, මේකද මේ යහපාලනය කියන්නේ? (නි)

:       0       0

ලක්මාල් Tuesday, 27 January 2015 10:56 AM

කරන දෙයක් කරනවා නම් ඉක්මණට කරලා පෙන්වන්න. (නි)

:       0       0

කසුන් Tuesday, 27 January 2015 12:45 PM

බොදුබලේ ආණ්ඩුවට කඩේ යනකොට කුඩු කාරයන් ගැන කිසි කතාවක් නෑ , ඇති වෙනකම් ජාතිවාදය පතුරවල මිනිස්සු කොටවල, සම්බුද්ධ ශාසනය කැළැල් කරලා දැන් මෙතන එනවා සුදනෝ වගේ කුඩු හොයන්ඩ (බ)

:       0       0

රන්ජා Wednesday, 28 January 2015 09:38 AM

බොදු බලේටත් කුඩු කාරයන්ටත් උදව් කලේ එකම අයනේ. බොදු බලේ ගිහින් අහ ගන්න අන්න ඒ අයගෙන්. (නදී)

:       0       0

සමන්ති Tuesday, 27 January 2015 02:06 PM

කුඩු විතරක් නොවෙයි, එතනෝල් බිලා වාහන පදවා පොලිසිය සමග දබරකරන්නන් උසාවි දැමිය යුතුයි. ඇඳුමේ සංවරය නැති කතාවේ සංවරය නැත අය ගැන සුදුස්සක් කලයුතුයි (නදී)

:       0       0

රොෂාන්ත Tuesday, 27 January 2015 02:32 PM

ඔයාලා ඡන්දයට පෙර කොහෙදිද කුඩු ගැන කතා කළේ? (නි)

:       0       0

හසිත් Tuesday, 27 January 2015 02:44 PM

නම් ලිස්ට් එක එයාලට දෙන්න ඕනෑද? දුන්නහම එයාලා මොනවාද කරන්නේ? (නි)

:       0       0

සහන් Tuesday, 27 January 2015 03:33 PM

ගිහාන්, ඒ කාලේ විරුද්ධ වෙන්නේ කොහොමද? (නි)

:       0       0

රන්ජිත් Thursday, 29 January 2015 03:37 AM

ඔය ප්‍රශ්නය ඉක්මනට ගිහින් අහන්න. මතක නැතිවෙන්න පුළුවන් ප්‍රමාද වුණොත්. (නි)

:       0       0

රසිකා Tuesday, 27 January 2015 07:44 AM

නාම ලේඛන ඕනෑ නැහැ. රටේ කාටත් පොදු නීතිය අනුව නඩු දාලා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සංශෝධන අරගෙන එන්න, උසාවියකින් වරදකරුවන් වන්නන්ට මහජන නියෝජිතයින් හැටියට ඡන්දය ඉල්ලන්න බැහැ කියලා. (නි)

:       0       0

විදුරන්ග Tuesday, 27 January 2015 07:48 AM

කොහොමහරි කමක් නැහැ කුඩු වසංගතය නැතිවෙනවා නම් (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රජරට සරවියේ නව තාක්ෂණ පීඨය විවෘත කරයි
2024 ඔක්තෝබර් මස 02 499 0

අනුරාධපුර, ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ නව තාක්ෂණ පීඨය විවෘත කිරීම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරත


සවස් කාලයේදී වැස්ස වැඩිවෙයි
2024 ඔක්තෝබර් මස 02 141 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල, සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිබව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හිටපු ඇමැති රොත්තක් තවම රජයේ බංගලාවල
2024 ඔක්තෝබර් මස 02 2038 0

හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් අතුරින් රජයේ බංගලා තවමත් බාරදී ඇත්තේ තිදෙනකු පමණක් බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, අධිකරණ, පළාත් සභා, පළාත



ජිමී කාටර්ට අවුරුදු 100 යි
2024 ඔක්තෝබර් මස 02 2459 0


මැති සබේ හිටපු අය කෑමටත් පොලු තියලා
2024 ඔක්තෝබර් මස 01 3810 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38561 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25378 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 275 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 928 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site