IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


බොදු බලේ මහනුවර යයි

 රට ජාතිය මුහුණ දී ඇති විපතින් බුදු දහම, රට හා සිංහල ජාතිය ආරක්ෂා කර දෙන්නැයි ඉල්ලමින් බොදු බල සේනාව මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දී අධිෂ්ඨාන පූජාවක් පැවැත්වීය.

මාළිගාව අසළට ආ ගලගොඩ අත්තේ ඥානසාර ලේකම් හිමියනට මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එන් එන් බී අඹන්වල මහතා සහ නියෝජ්‍ය පොලිස්පති ජී බී පෙරමුණගේ මහතා කීවේ මෙම වැඩසටහන සඳහා වෙනත් ස්ථානයක් තෝරා ගන්නේ නම් යෝග්‍ය බවයි.

‘මේක මෙතන කරගෙන යනවා. මහත්තයා ඔය පැත්තකින් හිටගෙන අපිට මේ වැඩේ කරන්න ආරක්ෂාව දෙන්නකෝ‘ යැයි කී ගලබඩ අත්තේ ඥාණසාර හිමි මාලිගාවේ උඩුමහලට ගොස් මල් පූජා කර සිය අධිෂ්ඨානය සන්නසකින් මල් ආසනයේ තැන්පත් කළහ.

ඉන් අනතුරුව පත්තිරිප්පුව අසළට ගොස් බොදු බල සේනාවේ හිමිවරු ද ගිහි පිරිස ද අධිෂ්ඨාන පූජාව පැවැත්වූහ.

‘අපි ජාතිවාදී නෑ. අපි ජාතිවාදී කලබල ඇති කළෙත් නෑ. මේවා මාධ්‍ය මගින් ගෙතූ සමහර වැරදි. ඒ සම්බන්ධයෙන් මාධ්‍ය ආයතන හිමිකරුවන්ට හා මාධ්‍යවේදීනට සත්‍ය අවබෝධා වේවා‘ යැයි ද අධිෂ්ඨාන පූජාවේ දී කියැවිණි.

 



අදහස් (0)

බොදු බලේ මහනුවර යයි

සරති Wednesday, 25 June 2014 03:04 PM

මගේ ගෞරව බොදු බල සේනාවට සම්මා බම්බුදු සරණ වේවා (අ)

:       0       0

ලුම්බිණි Wednesday, 25 June 2014 07:55 AM

පොලිසිය හාමුදුරුවන්ගේ රාජකාරිය කරන අතරේ හාමුදුරුවෝ පොලිසියේ වැඩේ කරන බවකුයි මට නම් පෙනෙන්නේ. (නදී)

:       0       0

කුසුම් Wednesday, 25 June 2014 03:06 PM

දැන් මොනවා එලි උනත් වැඩක් නෑ. ජාත්‍යාන්තරයට යන්න ඕන දේවල් ඔක්කොම ගිහින් ඉවරයි. බෞද්ධයෝ මිනී මරල ගිනි තිබ්බ කියලයි ජාත්‍යන්තරයට ගියේ. (අ)

:       0       0

ගාමිණී Wednesday, 25 June 2014 08:01 AM

ලෝකෙන් උතුම් රට, උතුම් ජාතිය, උතුම් ආගම.

:       0       0

යු පටබැඳිගේ Wednesday, 25 June 2014 03:10 PM

සෝම හිමිගේ මග යන ඔබ වහන්සේට තෙරුවන් සරනම වේවා. (අ)

:       0       0

කල්පනා නිර්මානි Wednesday, 25 June 2014 03:14 PM

මොනා කළත් කමක් නැහැ, තමුන්ට අවංක වන්න. සත්‍ය පමණක් කතා කරන්න. ඊර්ෂ්‍යාව, මහජනයා කුපිතවන සුළු වාග් ප්‍රහාර නවතන්න. සියලු ජාති ආගම් වලට මෛත්‍රිය දක්වන්න. එවිට බොදුබලේ තව තවත් බැබළේවි අපේ හාමුදුරුවනේ. (නි)

:       0       0

රඟසොබා Wednesday, 25 June 2014 08:36 AM

මාර වැඩක් නේ, දළදා මාලිගාවට යන්න සිංහල අපිට පොලිසියෙන් අවසර ගන්න වෙන කාලයක් ලගා වෙයි වගේ. (නදී)

:       0       0

ගමිණි Tuesday, 24 June 2014 06:47 PM

මෙවැනි සත් ක්‍රියා හැම ගමකම පවත්වමු. මේවාට පොලිසිය අවහිර නොකරත්වා. (අ)

:       0       0

සමන් Wednesday, 25 June 2014 08:48 AM

බලාගෙන ගිහාම දැන් වැසිකිලි යන්නත් පොලිසියෙන් අවසර ගන්න වෙලා (නදී)

:       0       0

වසන්ත Tuesday, 24 June 2014 06:52 PM

යකෝ මාර වැඩක්නේ. දැන් සිංහල අපට දළදා මාලිගාවේ පුජා තියන්නත් අවසර ගන්න ඕනිද? අනේ වාසනාවන් (අ)

:       0       0

ප්‍රියා Wednesday, 25 June 2014 08:49 AM

මේ රටේ සාමය විනාශ කරන කිසිම බලවේගයක් අනුමත කරන එක මෝඩ කමක්. දශක තිහක් යුද්ද කරලා හෙම්බත් වූ අපේ සියලු ජනතාව මුස්ලිම් ද්‍රවිඩ සහ සිංහලයෝ එක මුතු වෙලා මේ රට ගොඩ නගමු. වෛර කරලා රට දෙදරවන්නට ඉඩ නොතබමු (නදී)

:       0       0

දිනේෂ් Tuesday, 24 June 2014 06:59 PM

පොලිසියට පිස්සුද. බෞද්ධ අපිට ඒ අයිතියත් නැතිකරන්නද හදන්නේ. මුළු පොලිස් දෙපාර්තමේන්තුවම දැනගත යතුයි මේක සිංහල බෞද්ධ රටක් කියන එක. (අ)

:       0       0

කුමාර රාජකරුණා Wednesday, 25 June 2014 08:50 AM

මේකෙ අදහස් දාපු බොහෝ දෙනාට අබ සරණයි! (නදී)

:       0       0

රුවන් Tuesday, 24 June 2014 07:02 PM

මේ අය නිසාතමා සිංහල,බෞද්ධයාගේ ඇස් ඇරුනේ.(අ)

:       0       0

රසා Wednesday, 25 June 2014 08:53 AM

ස්තුතියි (නදී)

:       0       0

විරේ Wednesday, 25 June 2014 03:25 PM

අපිට ඇති එකම සරණ (දී)

:       0       0

පිටිගල Tuesday, 24 June 2014 07:05 PM

බුද්ධාගම, බෞද්ධයන් සහ බෞද්ධ උරුමයන් වෙනුවෙන් පෙනී සිටින අපේ මහා සංඝයාට නමස්කාරය වේවා! (අ)

:       0       0

රංග Wednesday, 25 June 2014 09:02 AM

කරුණාකරලා බුදු දහමට නිගා කරන්න එපා (නදී)

:       0       0

නිසාර් Tuesday, 24 June 2014 07:13 PM

පොලිසිය පව්. (අ)

:       0       0

ජානක හේරත් Thursday, 26 June 2014 09:24 AM

මම දන්නා විදිහට ඔය ඉතාලි යන වැඩිහරියක් අය තමන්ගේ අගාම පාවලා දීල තමන් කතෝලික (සමාවෙන්න අපේ කතෝලික අය ) බොරුවට අඟෝල, රට ඇතුලට ගිහිල්ල බොරු කියල වීසා අරගෙන. අපේ ප්‍රදේශයේ කියන්නේ ඉතාලි අයට සල්ලි විතරයි මොලේ නෑ කියලා. (ස)

:       0       0

අමිත් Tuesday, 24 June 2014 07:15 PM

ශ්‍රී දළදා මාලිගාවෙ පූජාවක් කරන්නත් පොලිසියෙ අවසර ගන්න ඕනද? මෙහෙම ගියොත් අනාගතේදි මේ රටට මොනවයින් මොනව වෙයිද දන්නෙ නෑ. උඩරට සිංහල බෞද්ධ උරුමය ආරක්ෂා කරගන්න බැරිනම් වැඩක් තියෙයිද? (අ)

:       0       0

මොහාන් දමාම් Wednesday, 25 June 2014 03:33 PM

සඟ රත්නයටත් බුදුසරණ යන්නට පෙර පොලිසියෙන් අවසර ගන්නවෙලද? හාමුදුරුවනේ ඔය කාර් රෙස්වලට අවසර ලේබුනේ (දී)

:       0       0

උපාලි විජේසිංහ Wednesday, 25 June 2014 03:33 PM

සාදු!!!සාදු!!!සාදු!!!(දී)

:       0       0

නලින්ද Wednesday, 25 June 2014 09:12 AM

ඔබ වහන්සේලාට දිර්ගායුෂ (නදී)

:       0       0

නදී Tuesday, 24 June 2014 07:28 PM

සිංහලයාගේ අඩු කඩන්න යන්නේ ඔක්කොම එකතුවෙලා.කිසිම දෙකට සැලෙන්න එපා අපේ හාමුදුරුවනේ. (අ)

:       0       0

ප්‍රියංක Wednesday, 25 June 2014 03:42 PM

ජානක හේරත් මහත්තයාගේ කතාව හරියට හරි. මෙහි අදහස් ලියපු රටට ආදරේ කරන බහුතරය දැක්කම රට වෙනුවෙන් මැරුණත් දුක නෑ. එත් සුළුතරයක් ඉන්නවා අම්ම තාත්ත දන්නේ නැති .......... දරුවෝ. (දී)

:       0       0

ප්‍රසන්න Wednesday, 25 June 2014 09:19 AM

ගලබොඩ අත්තේ ශ්‍රී ඥානසාර හාමුදුරුවෝ ඇතුළු මහා සංගයා වහන්සේලාට බුද්ධ රත්නයේ දම්ම රත්නයේ පිහිට ආශිර්වාදය ලැබේවා ! සිංහල අප සැමට බුදුන්,දහම් ,සගුන් යන ත්‍රිවිද රත්නයේ පිහිට අරක්ෂාව ලැබේවා ! (නදී)

:       0       0

ගීතාංජලී Tuesday, 24 June 2014 07:44 PM

සදු!!!සදු!!!සදු!!! සත්‍ය අවබෝද වේවා!!! (අ)

:       0       0

දොන් රොසේන් ද සොයිසා Tuesday, 24 June 2014 07:46 PM

අපේ හාමුදුරුවන් ගැන මට හරි ආඩම්බරයි කවදාහෝ ඔබවහාන්සේ සිංහල ඉතිහාස පොතේ ගලගොඩ අත්තේ ඥානසාර.මිගෙට්ටුවත්තේ ගුනානන්ද.හික්කඩුවේ සුමංගල.කුඩාපොල හාමුදුරුවෝ වැනි රට ජාතිය ආගම වෙනුවෙන් සටන්වැදුනු උතුම් බුද්ධ පුතුන් අතර සටහන් වනු ඇත,(අ)

:       0       0

බන්දුල පෙරේරා Tuesday, 24 June 2014 07:52 PM

අපේ හාමදුරුවනේ..අපිට ඕන සිංහල බෞද්ධ ජනතවාට වෙන අසාධාරණ කම් ගැන කතා කරන්න පුළුවන් ඒ මතින් සිංහල බෞද්ධයාගේ හදවතට කතා කරලා මේ පාට පක්ෂ වලට බෙදිලා ඇන කොට ගන්න සිංහල බෞද්ධයා සමගි කල හැකි එක හඩකින් සිටිය හැකි ඒ මතින් අවශ්‍ය බලපෑම් රජයට කල හැකි ශක්තිමත් සංවිදානයක් මිස තවත් තලේබාන් සන්විධානයක් නෙමෙයි.(අ)

:       0       0

ට්‍රිනෝන් Tuesday, 24 June 2014 08:03 PM

හොඳ වැඩක් පොලිසිය මොකටද වෙන තැනකට යන්න කියන්නේ මෙතන තමා සුදුසුම තැන (අ)

:       0       0

කසුන් Wednesday, 25 June 2014 09:28 AM

වෙන තැනක් කිව්වේ "දර්ගා නගරේ" වෙන්න ඇති! (ස)

:       0       0

මහනාම Wednesday, 25 June 2014 09:31 AM

මම හිතන්නේ , වැදගත් ආගම හෝ ජාතිය නොවේ , රට , මෙහි ඇත්තේ එකම ජාතියක් , ඒ ශ්‍රී ලාංකිකයෝ , ඒ වගේම එකම ධර්මයක් , ඒ මනුෂ්‍ය ධර්මය . මේ වගේ සාමකාමිව කටයුතු කරන්න සියලුම ජාතීන්ට ඇති අයිතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්තාවෙන්ම වෙන් කර තියෙන අතර අපි එය පිළි ගත යුතුයි සහ ගරු කල යුතුයි . (ස)

:       0       0

හනුමන්තා Wednesday, 25 June 2014 09:33 AM

ඡන්දෙට ලේස්ති වෙන පාටක් පෙනී යනවා. මේවා පරිස්සමෙන් කරන්ඩ ඕනේ වැඩ. අනතුරක් ත ළඟ වග පෙන්නුම් කරනවා. (ස)

:       0       0

ලක්දීර Tuesday, 24 June 2014 08:16 PM

සාදු සාදු සාදු.අපේ වීර හාමුදුරුවන්ට තව තවත් ශක්තිය ලැබේවා.පොලිසිය ගැන කතා කරන්න කැමති නෑ. (අ)

:       0       0

අචිනි Wednesday, 25 June 2014 09:51 AM

රට බේරගන්න ඕනේ දුරාචාර වලින් සහ කුඩු උවදුරු වලින් නෙමේද අපේ හාමුදුරුවනේ ? (ස)

:       0       0

ප්‍රියංක Wednesday, 25 June 2014 09:59 AM

අපි ඔක්කොම එකතු වෙලා අධිෂ්ඨාන පූජා පවත්වමු අපේ පන්සල් වල, රට ජාතිය බුදු දහම ආරක්ෂා කරන්න උන්වහන්සේලාට ශක්තිය ලැබෙන්න කියලා. (දිල්)

:       0       0

සෙනරත් බණ්ඩාර Tuesday, 24 June 2014 08:27 PM

හැමෝම තමන්ගේ බඩගෝස්තරය ගැන හිතන්නේ නැතුව එකා වගේ පෙලගැහෙනවා නම් කොච්චර ලොකු දෙයක්ද(අ)

:       0       0

නාරද Wednesday, 25 June 2014 10:17 AM

පුදුම ශක්තියක් හිතට දැනෙනවා. අපි සුරක්ෂිතයි ඔබ වහන්සේලා ඉන්නකම්. (දිල්)

:       0       0

ප්‍රදීප් Wednesday, 25 June 2014 10:33 AM

බලාගෙන ඇඟ උඩින් කාර් රේස් යයි (නදී)

:       0       0

ප්‍රියනාත් Tuesday, 24 June 2014 08:36 PM

අපේ මහනුවර නගරය ආරක්ෂා කර දුන මැනවි. (අ)

:       0       0

අශෝක Wednesday, 25 June 2014 10:40 AM

කිසිවෙකට සැලෙන්න එපා (නදී)

:       0       0

බන්දුල කුරේරා Tuesday, 24 June 2014 08:36 PM

අම්මෝ ඇති යන්තන් පෙරේරා අදහස් දාලා. හැමෝම ඒවා පිළිගන්න හොඳේ... වෙන මොනවද..අප්පා ..(අ)

:       0       0

නිසාම්දීන් Wednesday, 25 June 2014 10:48 AM

‘අපි ජාතිවාදී නෑ. අපි ජාතිවාදී කලබල ඇති කළෙත් නෑ. මේවා මාධ්‍ය මගින් ගෙතූ සමහර වැරදි. ඒ සම්බන්ධයෙන් මාධ්‍ය ආයතන හිමිකරුවන්ට හා මාධ්‍යවේදීනට සත්‍ය අවබෝධා වේවා‘ යැයි ද අධිෂ්ඨාන පූජාවේ දී කියාවි. (ස)

:       0       0

අසෝක Wednesday, 25 June 2014 10:49 AM

අපේ ආගම පහත් කරල වැඩ කරන්න එපා. (ස)

:       0       0

අයේශා Tuesday, 24 June 2014 08:51 PM

මෙවැනි සත් ක්‍රියා හැම ගමකම පවත්වමු. මේවාට පොලිසිය අවහිර නොකරත්වා. (අ)

:       0       0

ඉම්තියාස් Tuesday, 24 June 2014 08:55 PM

මම නම් මේකේ කිසිම වෑරද්දක් දකින්නේ නෑ.(අ)

:       0       0

නිමල් ලලිත Wednesday, 25 June 2014 04:29 PM

නදී, පාල ඔබේ වචන ටිකම සිංහලකම ගැන කතා කරන අපිට ඇති, නව්ෆුර් බොදු බලේ යන්නේ කාර් රේස් නෙවි සිංහල බුද්ධ අයිතිය රැක ගැනීමේ රේස් එකක .(දී)

:       0       0

ඒ වසන්ත Tuesday, 24 June 2014 08:57 PM

බොදු බලය රැක ගැනීම අප සැමගේ යුතුකමයි ! (අ)

:       0       0

පාල Tuesday, 24 June 2014 09:05 PM

සිංහල බෞදයට තියන ලොකුම කරුමය මේ රට මෙතෙක් පාලනය කළ කපටි සිංහල බෞදද පාලකගෙන් (අ)

:       0       0

අශෝක Wednesday, 25 June 2014 10:57 AM

අපේ රට බුදු දහම පවතින රටක් (නදී)

:       0       0

ලංකා තිලක් Tuesday, 24 June 2014 09:06 PM

හාමදුරුවනේ අපි ඔබ වහන්සේලා සමගයි හැමදාමත්.ඒ වුනත් අපේ ආයුධ අපිටම හරවන්න ඉඩ තියන්න එපා..පොඩ්ඩක් විතර පරිස්සමින් භික්ෂුවකට ඔබින විදියට කතා කරන්න. හැමෝටම වටකරගෙන බොදු බල සේනාවට ගහන්න ඉඩ සැලසුනේ ඒ කතාවෙන්.මේ බලවේගේ වලදාන්න දතකට මැදගෙන බලාගෙන ඉන්න එවුන්ගේ බලාපොරොත්තු ඉටු නොවන විදියට ක්‍රියා කිරීම ඔබ වහාන්සේලාගේ වගකීමක්.ඒ වගේම මේ ගැටුමින් හානි වුනු සිංහල මිනිස්සු ගැනත් දේපල ගැනත් සොයා බැලීමත් බොදු බල සේනාවේ වගකීමක්..මුස්ලිම් මිනිස්සුන්ගේ දේපල හානි ගැන බලන්න ඒවා හදල දෙන්න කට්ටිය පොර කැවත් අපේ මිනිහ ගැන බලන්න කව්රුත් නැහැ ඔබවහන්සේලා නැති වුනොත්. (අ)

:       0       0

ෂෙරිෆ් Tuesday, 24 June 2014 09:21 PM

දළඳා වහන්සේ වැඳපුදාගෙන දෙවන අදියර පටන්ගමු නේද අපේ හාමුදුරුවනේ ? (ස)

:       0       0

අශෝක Wednesday, 25 June 2014 11:00 AM

හාමුදුරුවනේ, අපේ සහය රට ජාතිය බුදු දහම ආරක්ෂා කරන්න ඔබ වහන්වහන්සේලාට ශක්තිය ලැබෙන්න කියලා පතනවා. (නදී)

:       0       0

සුනීතා Wednesday, 25 June 2014 11:01 AM

හාමදුරුවනේ අපි ඔබ වහන්සේලා සමගයි හැමදාමත්. ඒ වුනත් අපේ ආයුධ අපිටම හරවන්න ඉඩ තියන්න එපා. පොඩ්ඩක් විතර පරිස්සමින් භික්ෂුවකට ඔබින විදියට කතා කරන්න. හැමෝටම වටකරගෙන බොදු බල සේනාවට ගහන්න ඉඩ සැලසුනේ ඒ කතාවෙන්. මේ බලවේගේ වලදාන්න දතකට මැදගෙන බලාගෙන ඉන්න අයගේ බලාපොරොත්තු ඉටු නොවන විදියට ක්‍රියා කිරීම ඔබ වහාන්සේලාගේ වගකීමක්. ඒ වගේම මේ ගැටුමින් හානි වුනු සිංහල මිනිස්සු ගැනත් දේපල ගැනත් සොයා බැලීමත් බොදු බල සේනාවේ වගකීමක්. මුස්ලිම් මිනිස්සුන්ගේ දේපල හානි ගැන බලන්න ඒවා හදල දෙන්න කට්ටිය පොර කැවත් අපේ මිනිහ ගැන බලන්න කව්රුත් නැහැ ඔබවහන්සේලා නැති වුනොත්. (නදී)

:       0       0

රොෂාන් Tuesday, 24 June 2014 09:28 PM

ඔබ වහන්සේලාට දීර්ඝායුෂ ලැබේවා. ජාතිය , ආගම ආරක්ෂා කරන්න ශක්තිය තව තවත් ලැබේවා. (ස)

:       0       0

සෑම් Tuesday, 24 June 2014 09:34 PM

අපේ හිතේ කේන්තිය වැඩිවෙනවා. (ස)

:       0       0

ලියනගේ Tuesday, 24 June 2014 09:39 PM

දළදාව අයිති බෞද්ධයන්ට නොවේ ද ? (ස)

:       0       0

චානක. Tuesday, 24 June 2014 09:49 PM

අදිෂ්ඨාන පුජාවන් පවත්වන්න තරම් හිතේ සංවර කමක් තිබේද කියන එකයි ප්‍රස්නේ? (ස)

:       0       0

විජේසිංහ Wednesday, 25 June 2014 11:26 AM

අපේ ඥානසාර හමුදුරුවන් වහන්සේගේ ඇතුළු සියලු දෙනාගේම අදිෂ්ඨානය සපල වේවා. (ස)

:       0       0

විජේසිංහ Wednesday, 25 June 2014 11:29 AM

ඔව් ඔව් නිසම්දීන් ඇයි එහෙම නෙවෙයි ද? (ස)

:       0       0

ඉනුකි Wednesday, 25 June 2014 04:58 PM

ජයවේවා (දී)

:       0       0

නයන Tuesday, 24 June 2014 10:08 PM

මල් වට්ටිත් අරගෙන යනවා. අනේ සාදු !!! (ස)

:       0       0

සුරංග Tuesday, 24 June 2014 10:09 PM

අපි කිසිවෙකුටවත් වෛර නොකරමු,!!! (ස)

:       0       0

කාලිංග Tuesday, 24 June 2014 10:13 PM

මේක හොද දෙයක්, බෞද්ධයා පන්සලට එකතු කරවන්න,තැන තැන්වල පාරවල්වල රැස්වීම් තියන්න ඕන නැහැ, අවේගශීලි වෙන්න එපා තේරුම් කරලා දෙන්න, සෝම හාමුදුරුවෝ කලේ එහෙමයි, මෙවැනි වැඩ සටහන් ගමේ පන්සලෙන් පටන් ගමු, ගම හදා රට හදමු (ස)

:       0       0

රංගා Wednesday, 25 June 2014 11:45 AM

අපේ රටේ වාසනාවට අාපු පිරිසක්. (ස)

:       0       0

නිමල් ලලිත Tuesday, 24 June 2014 10:29 PM

තව ටික දිනකින් කියාවි සිංහල බෞද්ධ අපිට පන්සලට යන්නත් එපා කියල. එදා මව් බිම සුරැකීමේ ව්‍යාපාරයේ හමුදුරුවො තනතුරු උපදේශකකම් ලැබීම නිසාද නිශ්ෂබ්ද වෙලා ඉන්නේ. (ස)

:       0       0

සෙනරත් ආනන්ද මිලානෝ Wednesday, 25 June 2014 10:49 PM

ජානක හේරත්, මට තේරෙන හැටියට ඔබ නම් නියම බෞද්ධයෙක් නම් නෙමේ, මොකද ආනන්ද කියන නම නොදන්නා නිසා, අනික මේ කට්ටිය කාටද කඩේ යන්නේ කියල තමුන් නොදන්නා නිසා තමුන් නිකම්ම මල්ල උස්සන් යනවා යන්නන් වාලේ, රට ජාතිය ආගම වෙනුවෙන් සටන් වැදුණු ඒ උතුම් බුද්ද පුතුන් අතරට මේ වගේ කඩේ යන චන්ඩි පුතුන් ඇතුලත් කරලා පවු සිද්ද කරගන්ඩ එපා, මොලයක් නැති අය එහෙම පිලිගත්තට බුද්ධිමතුන් මේ අයව පිළිගන්නේ නෑ. (දී)

:       0       0

අචිර Tuesday, 24 June 2014 10:49 PM

අන්න හොඳ වැඩ (ස)

:       0       0

සංජු Wednesday, 25 June 2014 12:05 PM

මේ තරමට රටට,ජාතියට,ආගමට ආදරේ නම්, ලෝක උරුමයක් උන නුවර තියන්න යන කාර් රේස් එකට ඇයි විරුද්ධ නොවෙන්නේ? ලොකු මිනිස්සු කරන නිසාද? ලංකාවෙ සිටින අති උතුම් භික්ෂුන් එපා කියද්දි ඇයි මෙයාලා නිහඩව ඉන්නේ ? ඇයි මේ දේවල් මේ මිනිසුන්ට තේරෙන්නෙ නැත්තේ ? ගිණි අවුලන එකද මෙයාලගේ රාජකාරිය ? රටට ,ජාතියට ,ආගමට අවංකවම ආදරේ නම් කරන්න ඕන තරම් දෙවල් තියනවා. මෙයාල කාර් රේස් එකට විරැද්ධව එක වචනයක් කතා කලාද? ඇයි ඒ කියලා හිතන්න බැරි ඇයි? ආගමට ඔච්චර ආදරේ නම් රේස් එක දවසට ඒ කාර් වලටම යට වෙලා ඔය කට්ටියම මැරෙන්න ඕනා... ඔක්කොම පොඩි මිනිස්සුන්ට තමයි ලොකු ලොකු අය ඉස්සරහ ආගමත් පාවා දෙනව. මෙවා තෙරෙන්නෙ නැති මෝඩ මිනිස්සුත් ඉන්නවා අපි අතරේ ... (ස)

:       0       0

සම්පත් Tuesday, 24 June 2014 10:51 PM

ෂෙරිෆ්ට හොඳක් දකින්නම බැරිද ? (ස)

:       0       0

සමිත Wednesday, 25 June 2014 12:08 PM

අපේ රටේ උතුම් බුදුදහම තිබුනා. ටිකෙන් ටික පිරිහිලා ගියා. (නදී)

:       0       0

නවුෆර් Tuesday, 24 June 2014 10:56 PM

බොදු බලේට මහනුවර කාර් රේස් යන්න දෙන්න හොඳද? ඒවාට කතා කරලත් මැරුම් කන්න ඕනේ අපිද? (ස)

:       0       0

සංජු Wednesday, 25 June 2014 12:13 PM

මේ තරමට රටට,ජාතියට,ආගමට ආදරේ නම්, ලෝක උරුමයක් උන නුවර තියන්න යන කාර් රේස් එකට ඇයි විරුද්ද නොවෙන්නේ? ලොකු මිනිස්සු කරන නිසාද? ලංකාවෙ සිටින අති උතුම් භික්ෂුන් එපා කියද්දි ඇයි මෙයාලා නිහඩව ඉන්නේ ? ඇයි මෙ දේවල් තේරෙන්නෙ නැත්තේ ? (නදී)

:       0       0

නුවන් Wednesday, 25 June 2014 12:17 PM

හාමුදුරුවන්ට දළදා මාලිගාවේ පූජා පවත්වන එක නවත්වන්න කියන්නේ පොලිසියට මොළේ හොද නැද්ද? (ස)

:       0       0

රොශාන් Wednesday, 25 June 2014 12:21 PM

නවුෆර්, නුවර කාර් රේස් යන එක නැවැත්තුවට අන්තවාදය නතර වෙනවද... බොරුවට ප්‍රශ්න පටලවන්න හදන්න එපා. (නදී)

:       0       0

ප්‍රවීන් Wednesday, 25 June 2014 12:40 AM

දැයක් අවදි කළ මහා සඟරුවනක් ! බොදු බලයට තව තවත් පිරිස් බලය වැඩි වේවා ! (නි)

:       0       0

චානක. Wednesday, 25 June 2014 12:22 PM

පදමට දාල ත්‍රී වීලයක් පදවලා මිනිසෙකු හප්පා තිබෙන නඩුවට මොකද වුනේ (නදී)

:       0       0

ප්‍රසන්න Wednesday, 25 June 2014 12:44 AM

බුදු සසුන රකින්න මෑත කාලයේ පහළ වූ බුද්ධ පුත්‍රයෙක්! ඔබ වහන්සේට අනන්ත බුදු බලයෙන් සියලු ශක්තිය ලැබේවා! (නි)

:       0       0

රන්ජිත් Wednesday, 25 June 2014 12:54 AM

අපේ ගමේ එහෙම නම් ඔය කිසිම ප්‍රශ්නයක් ඇතිවෙන්න අපි ඉඩතියන්නේ නැහැ (නි)

:       0       0

නිමල් Wednesday, 25 June 2014 12:56 AM

ඔබවහන්සේ ජාතියේ පිනට පහළ වූ හිමිනමක්, ජාතියේ අවාසනාවට සමහරුන්ට එය නොතේරීම කණගාටුයි (නි)

:       0       0

ටිරෝන් Wednesday, 25 June 2014 12:25 PM

හාමුදුරුවනේ, ඉවසීමෙන් වැඩ කරන්න (නි)

:       0       0

ප්‍රසන්න Wednesday, 25 June 2014 05:41 PM

මම කතෝලික මම මගේ ආගමට වගේම මගේ රටේ ආගමට මගේ ජාතියට මම ආදරෙයි අපි ඔබත් සමගයි ජය වේවා ; (අ)

:       0       0

තුසිත Wednesday, 25 June 2014 12:58 AM

මේ ලංකා තිලක් කියන මහත්තයාගේ අදහස ගොඩක් වටිනවා. අපි කවුරුත් දන්නවා මෙතන ලොකු ප්‍රශ්නයක් තිබෙනවා කියලා. (නි)

:       0       0

තාරකt Wednesday, 25 June 2014 12:26 PM

රටේ කුඩු ගේනවා, මිනිමරනවා , කුඩා දරුවෝ දූෂණය කරනවා. හොර මත් වතුර බෙදා හරිනවා පන්ති යන සිසුන් ගෙස්ට් වලට යනවා මේ ගැන ඔබලා දකිත්වා (නදී)

:       0       0

යූස්රි Wednesday, 25 June 2014 12:59 AM

ජය වේවා! සැමදා බොදු බලය දිනේවා! (නි)

:       0       0

උමේෂ් Wednesday, 25 June 2014 01:17 AM

සිංහල බොදුනුවන් වන අපි සැමදා ඔබ සමඟයි (නි)

:       0       0

හර්ෂ Wednesday, 25 June 2014 01:31 AM

සාමකාමී රටක් අපේ එකම පැතුමයි! (නි)

:       0       0

අජිත් Wednesday, 25 June 2014 06:02 PM

සංජු කියන කෙනා වයර් මාරුකරගන්න එපා. කාර් රේස් එකයි මේකයි අතරේ කිසිම සම්බන්දයක් නැති වග ඔය ලොකු මොල ගෙඩියට තේරෙන්නේ නැද්ද මන්ද? (දී)

:       0       0

ඩිල්ෂාන් Wednesday, 25 June 2014 02:03 AM

නැවත කිසිදු ප්‍රශ්නයක් ඇති නොවේවා! (නි)

:       0       0

සුදත් ශ්‍රී Wednesday, 25 June 2014 02:08 AM

අපිට මේ අධිෂ්ඨාන පූජාවට සහභාගි වෙන්න නොහැකි වුණාට කණගාටුයි. මේ අයගේ වටිනාකම කවදාහරි අනිත් අයටත් තේරේවි. (නි)

:       0       0

ගයාන් Wednesday, 25 June 2014 12:42 PM

බුදු සසුන රකින්න මෑත කාලයේ පහළ වූ බුද්ධ පුත්‍රයෙක්. ඔබ වහන්සේට අනන්ත බුදු බලයෙන් සියලු ශක්තිය ලැබේවා! හාමදුරුවනේ අපි ඔබ වහන්සේලා සමගයි... පොලිසියෙ අයට සිංහල බෞද්ධ උරුමය ආරක්ෂා කරගන්න බැරිනම්..අතේ තියෙන බෞද්ධ ලකුනත් ගලවල දාන්න..නැගෙනහිර දාගැබ් ඩෝසර කරද්දි, මුහුදු මහා විහාරය කොල්ල කද්දි ඔය කියන පොලීසිය හිටියෙ කොහෙද...? (නදී)

:       0       0

කමනි Wednesday, 25 June 2014 02:09 AM

සියලු දෙනාටම සත්‍යය අවබෝධ වේවා! (නි)

:       0       0

රේණුක Wednesday, 25 June 2014 12:45 PM

මේ සැරසෙන්නේ අපේ අනාගත පරපුරට දෙයක් ඉතිරි කරන්න නම්, ඒ දෙය යුද්ධයක් වෙන්න දෙන්න එපා කවදාවත්. (නි)

:       0       0

සෞම්‍යා Wednesday, 25 June 2014 02:47 AM

මම ප්‍රාර්ථනා කරනවා කිසිදු කලබලකාරී තත්ත්වයක් ඇතිවෙන්න එපා කියලා (නි)

:       0       0

සාලිය Wednesday, 25 June 2014 12:54 PM

සිංහලයා ජාතිවාදී මිනිස්සු කොටසක් නෙවේ අනිත් ජාතීන් සමග බලද්දී. ඒත් මේ සුභ පැතුම් බලද්දී පුදුමත් හිතෙනවා (නදී)

:       0       0

සංජු Wednesday, 25 June 2014 01:04 PM

අධ්ෂ්ඨාන පූජාව තියන්න එන්න ඇත්තේ කාර් රේස් එකත් බලලම යන්න වෙන්න ඇති..හරි සතුටුයි... (නදී)

:       0       0

සෙනරත් ආනන්ද මිලානෝ, Wednesday, 25 June 2014 01:12 PM

දොන් රොසෙන්, මිග්ගේට්ටුවත්තේ ගුණානන්ද හිමිට ශ්‍රී සුමංගල හිමිට කුඩාපොළ හාමුදුරුවන් වැනි උත්තමයන්ට අපහාස කරන්න එපා මෙවැනි අයට සමාන කරලා. බුද්ධාගම රකින්න බුද්ධාගම වෙනුවෙන් පෙනී සිටින්න එකේ කිසි ගැටළුවක් නැහැ. එහෙත් නැති ජාතිවාදයක් අවුස්සලා රටේ නැති ප්‍රශ්නයක් ප්‍රශ්නයක් බවට පත් කරලා රට විනාසයට ගෙනියන්ඩ එපා කියල මේ අයගෙන් ඉල්ලන්නේ. සමාදානයෙන් සමගියෙන් තම තමන්ගේ ආගමක් අදහන්න කාටත් ඉඩදෙන්න. ජාතිවාදයක් ආගම වාදයක් ඇදල රට විනාස නොකර. බුදුදහම අපේ ආගම කරගෙන ඒක රකින්න අපි වෙර දරමු. අනිත් මිනිස්සුත් මනුස්සයෝ කියල අපි හිතල වැඩ කරමු සමගියෙන්. (නදී)

:       0       0

සංජු Wednesday, 25 June 2014 03:18 AM

කරන දෙයක් සාමකාමීව කරන්න (නි)

:       0       0

ශානක Wednesday, 25 June 2014 03:21 AM

මහනුවර කියන්නේ බොහොම සාමකාමී නගරයක් (නි)

:       0       0

පෙරේරා Wednesday, 25 June 2014 03:33 AM

අපි ඔබ වහන්සේ සමඟයි. මේ ගමන දිගටම යන්න ලැබේවා! (නි)

:       0       0

සනත් Wednesday, 25 June 2014 01:55 PM

අධිෂ්ඨාන පුජාවක් කල යුතු හොඳම භුමිය තමා දළදා හිමි වසනා තැන. මෑතකදී අපගේ බුද්ධ පුත්‍රයෙක් අධිෂ්ඨානය වෙනුවෙන් සිය දිවි පිදුවේ ඔතන බව අපට අමතක නොවේ. හාමුදුරුවනේ ඔබවහන්සේට තව තවත් ශක්තිය ලැබේවා. (ස)

:       0       0

ජගත් වෙත්තසිංහ Wednesday, 25 June 2014 04:34 AM

අවිහිංසාව පදනම් කරගෙන බෞද්ධ දහමට අනුව මේවා සිදුකරන්න (නි)

:       0       0

ජානක හේරත් Wednesday, 25 June 2014 02:08 PM

සෙනරත් ආනන්ද මිලානෝ, කියන්නේ බෞද්ධ නොවන වෙන කාට හරි කඩේ යන කෙනෙක්ද? දොන් රොසේන් ද සොයිසා මහත්තය කියනදේ හරි "අපේ හාමුදුරුවන් ගැන අපට හරි ආඩම්බරයි කවදා හෝ ඔබ වහන්සේ සිංහල ඉතිහාස පොතේ මිගෙට්ටුවත්තේ ගුනානන්ද.හික්කඩුවේ සුමංගල.කුඩාපොල හාමුදුරුවෝ වැනි රට ජාතිය ආගම වෙනුවෙන් සටන් වැදුනු උතුම් බුද්ධ පුතුන් අතර ගලගොඩ අත්තේ ඥානසාර .හාමුදුරුවෝ කියලත් රන් අකුරින් සටහන් වනු ඇත." (ස)

:       0       0

උපාලි Wednesday, 25 June 2014 04:42 AM

අපි සැමදා ඔබ වහන්සේ සමඟයි (නි)

:       0       0

රසිකා Wednesday, 25 June 2014 04:59 AM

එක රටක්, සහෝදර ජනත්වක් එකට ඉඳිමු. සමහර අයට නම් හැමදේම වැරදියට පෙනෙයි. උගත් මුස්ලිම් ජනතවට ලොකු වගකීමක් තිබෙනවා. තල වපුරලා වී බලාපොරොත්තු වෙන්න බැහැ (නි)

:       0       0

චානක Wednesday, 25 June 2014 05:15 AM

අධිෂ්ඨාන පූජාවක් තියන එකේ වරදක් නැහැනේ (නි)

:       0       0

රුවන් Wednesday, 25 June 2014 05:19 AM

අපි ඔබ වහන්සේ සමඟයි (නි)

:       0       0

ඉසුරු Wednesday, 25 June 2014 05:26 AM

නියමයි අපේ හාමුදුරුවනේ! (නි)

:       0       0

ලුම්බිණි Wednesday, 25 June 2014 05:31 AM

අපි ඉතින් මොනවා කියන්නද? (නි)

:       0       0

ඩෙන්සිල් Wednesday, 25 June 2014 05:51 AM

බහුතරයක අදහස් දැක්කම මට නිශ්ශබ්ද වෙන්න හිතුනා. රට යන අත හිතාගන්න පුළුවන්. (නි)

:       0       0

සෑම් Wednesday, 25 June 2014 02:35 PM

ජය වේවා! ජය වේවා! බොදු බල සේනාවේ සියලුම කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා! (ස)

:       0       0

සුගත් Wednesday, 25 June 2014 02:41 PM

කාලය සිට අපේ රටේ තියෙන නීතිරීති අතරින් රිංගලා බුද්ධාගම හා අපේ රටේ සිංහල සදාචාරය විනාශ කිරීමට වෙර දරන බටහිරට හා මැද පෙරදිගට අයිති නියෝජිතයින් අප නොදැනුවත්ම ක්‍රියාත්මක වෙමින් සිටින වකවානුවක... ඔබ වහන්සේලාගේ මෙහෙය සිංහල බෞද්ධ අප අගය කොට සලකන්නෙමු! (ස)

:       0       0

ජයන්ත Wednesday, 25 June 2014 06:45 AM

හාමුදුරුවනේ, සැමට සත්‍යය වටහා දෙන්න (නි)

:       0       0

රොහාන් Wednesday, 25 June 2014 02:47 PM

මෙතන ඇතැම් අය බොරු නම් භාවිතා කරමින් කියවන ඔබව නොමඟ යැවීමට හා බොදු බල සේනාවට පහර ගැසීමට බියගුලු උත්සාහයක නිරතවෙන බව පෙනෙනවා (නි)

:       0       0

ජගත් Wednesday, 25 June 2014 02:47 PM

අපිට නම් අපේ හාමුදුරුවෝ හොඳයි. (නි)

:       0       0

ජගත් වෙත්තසිංහ Wednesday, 25 June 2014 07:14 AM

අපි බෞද්ධයෝ හැටියට මිය ගිය අයට පින් අනුමෝදන් කරමු (නදී)

:       0       0

චන්ද්‍රා Wednesday, 25 June 2014 07:22 AM

ගිහි හෝ පැවිදි වේවා දළදා මාලිගාවට යා යුත්තේ ඉතා සංවරව කිසිම කලබලයකින් තොරව. උස් හඬින් කතා කරමින් කෑකෝ ගසමින් අවට සිටින බැතිමතුන් ට අවහිර කරමින් මෙතනට යාම නුසුදුසු බව හැමෝම දන්නවා. (නදී)

:       0       0

උපෙන්ද්‍ර විතාන Wednesday, 25 June 2014 07:34 AM

ශ්‍රී දළදා මාලිගාවෙ පූජාවක් කරන්නත් පොලිසියෙ අවසර ගන්න ඕනද? මෙහෙම ගියොත් අනාගතේදි මේ රටට මොනවයින් මොනව වෙයිද දන්නෙ නෑ. උඩරට සිංහල බෞද්ධ උරුමය ආරක්ෂා කරගන්න බැරිනම් වැඩක් තියෙයිද? බුදු සසුන රකින්න මෑත කාලයේ පහළ වූ බුද්ධ පුත්‍රයෙක්! ඔබ වහන්සේට අනන්ත බුදු බලයෙන් සියලු ශක්තිය ලැබේවා! ඔබවහන්සේ ජාතියේ පිනට පහළ වූ හිමිනමක්, ජාතියේ අවාසනාවට සමහරුන්ට එය නොතේරීම කණගාටුයි (නදී)

:       0       0

ලෙස්ලි ජයවර්ධන Wednesday, 25 June 2014 07:37 AM

හෙල උරුමය අපෙන් ඡන්ද ගත්තේ මේ වැඩ කරන්ඩ නේද? අැයි ඒගොල්ලෝ පාර්ලිමේන්තුවේ නැද්ද? (නදී)

:       0       0

උදය Wednesday, 25 June 2014 07:46 AM

බොදු බලේ කියන්නේ ගලබොඩ අත්තේ හාමුදුරුවෝ නෙමෙයි නේ (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම අදින් අවසන්
2024 ඔක්තෝබර් මස 10 38 0

මහමැතිවරණයේ තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම අද (10) මධ්‍යම රාත්‍රී 12 න් අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.


කෝටි 6ක මත් කරල් සමඟ අයෙක් දැලේ
2024 ඔක්තෝබර් මස 10 221 0

පාසල් ළමුන් සහ තරුණ ප්‍රජාව ඉලක්ක කරගනිමින් අලෙවි කිරීමට සුදානම් කළ රුපියල් කෝටි 06ක වටිනාකමක් සහිත නීතිවිරෝධී මත්කරල් 599,000 ක් ජාවාරම් කිරීම සදහා ප්‍ර‍


ශ්‍රී ලංකන් ගුවන් සේවයට නව අධ්‍යක්ෂ මණ්ඩලයක්
2024 ඔක්තෝබර් මස 10 1037 0

ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහා සාමාජිකයින් අටදෙනෙකුගෙන් යුතු නව අධ්‍යක්ෂ මණ්ඩලයක් පත් කර තිබේ.


පළාත් කිහිපයකට මි.මී. 100 ට වැඩි තද වැසි
2024 ඔක්තෝබර් මස 10 163 0

දිවයින ආශ්‍රිත වායුගෝලයේ වර්ධනය වන කැළඹිලි ස්වභාවයක් හේතුවෙන්, දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අද (10) දින සිට ඉදිරි දින කිහිපයේදී


රතන් ටාටා දිවි ගමන අවසන් කරයි
2024 ඔක්තෝබර් මස 10 2837 0

ඉන්දීය ටාටා සමූහ ව්‍යාපාරයේ හිටපු සභාපති රතන් ටාටා දිවි ගමන අවසන් කළේය. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ මියයනවිට ඔහුගේ වයස 86 ක් බවය.


කණ්ඩලම වැව් ඉස්මත්තේ වන සංහාරයක්
2024 ඔක්තෝබර් මස 10 327 0

ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය මගින් පාලනය කරන කණ්ඩලම ජලාශයේ වම් ඉවුරේ ඉතා රමණීය අසිරිමත් විශාල වන ලැහැබ සහ අක්කර දෙකක පමණ තුරුලතා වියන, ඉදිකරමින් පවතින


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39676 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25800 13


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 369 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1221 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 408 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site