IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


බොදු බල සේනා ලේකම් පොලිසියට කැඳවයි

බොදුබල සේනා මහලේකම් ගලගොඩ අත්තේ ඥාණසාර හිමියන් ඇතුළු හිමිවරුන් කිහිප නමක් කොම්පඤ්ඤවීදිය පොලිසියට කැඳවනු ලැබ සිටිති.

මුස්ලිම් සංවිධානයක පුවත්පත් සාකච්ඡාවක් සඳහා ජාතික බල සේනාව නියෝජනය කරමින් කොළඹ කොම්පඤ්ඤවීදියේ නිපොන් හෝටලයට පැමිණි මහියංගන ප්‍රාදේශීය සභා මන්ත්‍රී වටරැක විජිත හිමියනට බොදුබල සේනාවෙන් මරණීය තර්ජන කළැයි කොම්පඤ්ඤවීදිය පොලිසියට කළ පැමිණිල්ල අනුව ඥාණසාර හිමියන් කැඳවා ඇත.

තමන්ට තර්ජනය කළ නිසා ඒ අවස්ථාවේ දී තමන් මහා සංඝරත්නයෙන් සමාව ගත් බව විජිත හිමියන්ගේ පැමිණිල්ලේ දැක්වේ.

 

 

 



අදහස් (0)

බොදු බල සේනා ලේකම් පොලිසියට කැඳවයි

සමන්තිකා Thursday, 10 April 2014 05:15 PM

ඉවසීමෙන් බලා ඉඳිමු මොකද වෙන්නෙ කියලා (නි)

:       0       0

කීර්තිරත්න Thursday, 10 April 2014 05:18 PM

ගලගොඩ අත්තේ ඥාණසාර හිමි වැනි හිමිවරුන් තමයි අපිට අවශ්‍ය වෙන්නේ. මේ විදියටවත් අපේ බොදු හඬ අවදිකරන්න අපිට හැකිවුණේ උන්වහන්සේ නිසයි (නි)

:       0       0

කීර්තිරත්න Thursday, 10 April 2014 05:18 PM

ස්වාමින් වහන්සේ කෙනෙක් මෙහෙම රණ්ඩු සරුවල් කරන එක මම නම් අනුමත කරන්නෙ නැහැ. හැබැයි අසාධාරණයට එරෙහිව අ‍පේ අතීත හිමිවරු පවා නැඟී සිටියා කියන එකත් අපි මතක්කර ගන්න ඕනෑ (නි)

:       0       0

කමල් Thursday, 10 April 2014 05:18 PM

මම නම් කියන්නේ ඥාණසාර හිමියන් වැරදි නැහැ කියලයි (නි)

:       0       0

චන්දන Thursday, 10 April 2014 05:18 PM

දැනුම් තේරුම් නැතුව එකිනෙකා කියන පළියට සම්බුද්ධ ශාසනයට කිසිම පුද්ගලයෙකුට හානියක් කරන්න ඉඩනොදෙන බවයි ඥානසාර හිමියන් පවසන්නේ. කරුණාකර එය තේරුම් ගැනීමට උත්සාහ කළ යුතුයි. (නි)

:       0       0

කුලසේකර Thursday, 10 April 2014 05:18 PM

අනේ මන්දා මේ ප්‍රශ්න කොහෙන් කෙළවර වෙයිද කියලා (නි)

:       0       0

කුලසේකර Thursday, 10 April 2014 05:18 PM

ස්වාමින් වහන්සේ නමක් මේ විදියට පොලිසි ගානේ ගොස් රස්තියාදු වීමට මම නම් ඇත්තටම අකමැතියි (නි)

:       0       0

කමල් Thursday, 10 April 2014 05:22 PM

මොනවා කියන්නද කියලා හිතාගන්න අමාරුයි (නි)

:       0       0

ශෙහාන් Thursday, 10 April 2014 05:48 PM

ඇතමුන් ඥානසාර හිමියන් කියන කරන දේ අනුමත නොකරාවි. ඒත් කාලයක සිට වියයුතු දෙයක් අද උන්වහන්සේ කළේ යැයි මම සිතමි.මොකද සෝම හාමුදුරුවන්ගේ කාලෙදීත් මේ වැනි සිදුවීමක් වුණා මතකයි. ඥානසාර හිමියන්ගේ මේ නද සමහරු අනුමත නොකරාවි. නමුත් පසුකාලෙක නුඹලාගේ දරුවන් උන්වහන්සේට පින්දේවි. මෙය සියළුම ජාතිමාමකයින් එකට එක්විය යුතු මොහොතක් යැයි මම සිතමි (නි)

:       0       0

සෙහාන් Thursday, 10 April 2014 05:49 PM

මේ රටේ බුදු දහම නැති උන දවසට දැනෙයි හැමෝටම හොදට....ඥානසාර හිමියන් වගේ තව දහස් ගණනක් ඉපදේවා අප ලක් දෙරණේ.....ඔබ වහන්සේට දිර්ගායු පතමි....(අ)

:       0       0

ඉරුෂාන් Thursday, 10 April 2014 06:24 PM

මෙහෙම ගියොත් ආගමික යුද්ධයක් ඇති වෙන්නත් බැරිකමක් නැහැ. මේ ප්‍රශ්නය ඉක්මනට සමාදාන කරන එක ලංකාවේ කිර්ති නාමයට හොඳයි (නි)

:       0       0

ප්‍රදීප් Friday, 11 April 2014 06:32 PM

ඥානසාර හාමුදුරුවෝ කළ දේ හරි. (නි)

:       0       0

ගයා Thursday, 10 April 2014 06:32 PM

මට නම් දැන්ම මේ ගැන මුකුත්ම කියන්න බැහැ (නි)

:       0       0

ගමගේ Thursday, 10 April 2014 06:50 PM

මම නම් කියන්නේ හාමුදුරුවරු වුණත් අසාධාරණයේදී මෙහෙම ප්‍රචණ්ඩකාරීව හැසිරෙන එකේ වැරැද්දක් නැහැ (නි)

:       0       0

අබිල‍ාෂ් Thursday, 10 April 2014 06:50 PM

කීර්තිරත්න මහත්තයෝ, හාමුදුරුවරු ගහගන්නවා කියන්නේ මේ විදිහටද? (නි)

:       0       0

ලක්මාල් Thursday, 10 April 2014 06:55 PM

මේවා රටේ ලෝකේ මිනිස්සු හිනස්සවන වැඩ නේද? (නි)

:       0       0

රීමා Thursday, 10 April 2014 07:05 PM

කවුරු මොනවා කිවුවත් මට නම් මේ හිමියන්ගේ වැරැද්දක් කියන්න අමාරුයි (නි)

:       0       0

ධනුෂ්ක Thursday, 10 April 2014 07:25 PM

අපේ හාමුදුරුවෝ හරි! (නි)

:       0       0

අජන්ත Thursday, 10 April 2014 07:30 PM

මේ රටේ තියෙන්නේ සිංහල බෞද්ධ සංස්කෘතියක්. ඒ තුළ හැම ජාතියකටම ඉන්න පුළුවන් (නි)

:       0       0

දනුක Thursday, 10 April 2014 07:41 PM

අපේ හම්දුරුවනේ ඔබ වහන්සේ සියයට සියයක් නිවැරදි මේ රට විනාස කරන එක නවත්වන්න ඕනේ සිංහල ජාතිය වෙනුවෙන් කරපු මෙහෙවරට ඔබ වහන්සේට පිං (අ)

:       0       0

නිලාම් Friday, 11 April 2014 07:40 PM

බුදුහාමුදුරුවෝ හිටියා නම් මොනවා වෙයිද? (නි)

:       0       0

මහින්ද Thursday, 10 April 2014 08:07 PM

මටත් හිමියන්ගෙ වරදක් පෙනෙන්න නැහැ (නි)

:       0       0

පතිරණ ඉතාලිය Thursday, 10 April 2014 08:09 PM

බෞද්ධයෝ මෙහෙම තර්ජන කළා නම් මම ඒක අනුමත කරන්නෙ නැහැ (නි)

:       0       0

සමන් Thursday, 10 April 2014 08:17 PM

සාදු සාදු සාදු!!! වෙන කියන්න දෙයක් මගේ හිතට එන්නෙ නැහැ (නි)

:       0       0

මැක්ස් Thursday, 10 April 2014 08:19 PM

ඔබ වහන්සේට දීර්ඝායුෂ අපේ හාමුදුරුවනේ! (නි)

:       0       0

සුගත් Thursday, 10 April 2014 09:31 PM

මේ රටේ හරියට නිතිය තියනවා නම් මෙහෙම දේවල් වෙන්නේ නැහැ.(නදී)

:       0       0

කපිල Friday, 11 April 2014 09:10 PM

ආපේ හාමුදුරුවන්ට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය නොඅඩුව ලැබේවා!ස්වාමින් වහන්සේ නමක් හැටියට උන්වහන්සේට පොලිසි ගානේ රස්තියාදු වෙන්න වෙලා තිබෙන්නේ උන් වහන්සේගේ දේපොළ රකින්න නෙමෙයි අපේ ආගම දහම වෙනුවෙනුයි මේ රටේ බුදු දහම නැති උන දවසට දැනෙයි හැමෝටම හොදට....ඥානසාර හිමියන් වගේ තව දහස් ගණනක් ඉපදේවා අප ලක් දෙරණේ.....ඔබ වහන්සේට දිර්ගායු පතමි...(අ)

:       0       0

වසන්ත හේමාල් Thursday, 10 April 2014 09:53 PM

ස්වාමින් වහන්සේ නමක් හැටියට උන්වහන්සේට පොලිසි ගානේ රස්තියාදු වෙන්න වෙලා තිබෙන්නේ උන් වහන්සේගේ දේපොළ රකින්න නෙමෙයි අපේ ආගම දහම වෙනුවෙනුයි. එය ගරු කටයුතුව ඉහලින්ම අගය කලයුතු උතුම් දෙයක්. උන් වහන්සේට මගේ නමස් කාරය.(නදී)

:       0       0

ලතා Thursday, 10 April 2014 10:21 PM

සමාදානයෙන් මේ ප්‍රශ්නය විසඳේවා! (නි)

:       0       0

අනර් Thursday, 10 April 2014 10:32 PM

මේ සේරටම වැරදිකාරයා අන්තිමට කවුරුන් වේවිද? (නි)

:       0       0

ජෙරෙම්යි Thursday, 10 April 2014 10:44 PM

හාමුදුරුවන්ගේ කතාවෙත් ඇත්තක් තිබෙනවා. නමුත් අපේ රටේ දේශපාලනයට තව උදවුවක් මෙහෙම කෑගහන එක. චීවරයේ ගරුත්වයත්, බෞද්ධ ධර්මයේ ගරුත්වයත් රැකීම ලොකු වගකීමක්. (නි)

:       0       0

මංජුල Thursday, 10 April 2014 10:45 PM

අද කාලේ සමහර ‘දේවදත්තලාට‘ හොඳ පාඩමක් තමයි හාමුදුරුවෝ කියලා දුන්නේ (නි)

:       0       0

රසානා Thursday, 10 April 2014 10:50 PM

මේ කැඳවීම තුළ ලොකු රහසක් තිබෙනවා කියලයි මට නම් හිතෙන්නේ (නි)

:       0       0

මංජුල Thursday, 10 April 2014 10:51 PM

ජාතියේ පිනට පහළ වු බොදු බළ සේනාවට ජයෙන් ජය ලැබේවා! (නි)

:       0       0

රුවන් Thursday, 10 April 2014 10:56 PM

මෙන්න අපේ නියම සිංහල ලේ. අපේ හාමුදුරුවනේ, ඔබ වහන්සේ මේ ශාසනය රැකගන්න මේ කරන කාර්යයට දෙවි පිහිටයි! (නි)

:       0       0

දමිත් Thursday, 10 April 2014 11:05 PM

ඔබ වහන්සේ අපේ ආගම ජාතිය වෙනුවෙන්,අපේ සිංහලයන් වෙනුවෙන් පෙනීසිටින එක අපට ලොකු ශක්තියක්.මේක අපේ රට. එක එක්කෙනාට ඕනෑ ඕනෑ විදියට නටන්න දීලා බලා ඉන්න එක නෙමෙයි යුතුකම. අපි ඔබ වහන්සේ සමඟයි. (නි)

:       0       0

සිසිර කරුණාරත්න Thursday, 10 April 2014 11:06 PM

ගලගොඩඅත්තේ හාමුදුරුවෝ හරි.හරියටම හරි.වාසනාවකට ගලගොඩ අත්තෙ හාමුදුරුවෝ වගේ කොන්ද පණ තිබෙන කෙනෙක් ඉන්නේ.අපේ හාමුදුරුවෝ මේ රට රැක ගත්තේ බුදුදහම වෙනුවෙන්. (නි)

:       0       0

මදුසංක ඉන්දික තිලංක Thursday, 10 April 2014 11:59 PM

අපේ බුද්ධ ශාසනය වෙනුවෙන් යමක් කරන්නට ඔබ වහන්සේට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය නොඅඩුව ලැබේවා! ඔබ වහන්සේට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා! සිංහල බෞද්ධයින්ව රැක ගන්න ඔබ වහන්සේට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා! (නි)

:       0       0

වික්‍රමසිරි Friday, 11 April 2014 12:15 AM

ඔබ වහන්සේ වගේ තව දෙතුන් දෙනෙක් අපේ රටේ හිටියා නම් මේ රටට මැති ඇමතිවරු අවශ්‍ය නැහැ (නි)

:       0       0

රංග Friday, 11 April 2014 02:39 AM

හාමුදුරුවෝ හරි (නි)

:       0       0

නිලූක Saturday, 12 April 2014 02:28 AM

අපේ ලක් දෙරණේ සැබෑම කැක්කුම ,අයිතිය දැනෙන්නේ සිංහල බෞද්ධ පරම්පරාවට විතරමයි.අතීතයේ සිට මේ දක්වාම රටේ පැවැත්මට සටන් කරන්නේ රට වෙනුවෙන් උණු වෙන හදවත් තියෙන අය පමණයි. සෝම හාමුදුරුවෝ වගේම ඇත්ත නොබියව ප්‍රකාශ කරන්න අපේ ගලගොඩ අත්තේ ඥානසාර හාමුදුරුවන්ට පුළුවන්. අතීතයේ දුටුගැමුණු රජතුමා එළාර ඇතුළු පිරිස ඝාතනය කළේ ලක්දෙරණ බේරාගන්න. ඒක වැරද්දක් නෙමෙයි. අද සිංහලුන් ඉන්නේ ඒ නිසා.අපේ ඥානසාර හාමුදුරුවෝ වගේ අය ඉන්න නිසා අනාගතයේ මගේ දරුවන්ට ශ්‍රී ලංකාවේ වහලුන් වෙන්නේ නැතුව ඉන්න පුළුවන් වේවි. ඔබ වහන්සේට දීර්ඝායුෂ පතමි. (නි)

:       0       0

ඇලෙක්ස් ප්‍රනාන්දු Friday, 11 April 2014 06:31 AM

බුදු හාමුදුරුවන් දෙසු ධර්මය මෙත් සිත් සනහන එකක් (නි)

:       0       0

ශානු Friday, 11 April 2014 06:41 AM

ගලගොඩ අත්තේ හාමුදුරුවෝ කළ දේ හරි. (නි)

:       0       0

දේවිකා Friday, 11 April 2014 07:04 AM

සම්බුද්ධ ශාසනයේ පැවැත්ම වෙනුවෙන් මොන තීරණය ගත්තත් මම ඒකට විරුද්ධ වෙන්නෙ නැහැ (නි)

:       0       0

ජූඩ් Friday, 11 April 2014 08:11 AM

අන්තිම තීන්දුව දෙනතුරු තමයි අපි මේ නොයිවසිල්ලෙන් බලාගෙන ඉන්නේ (නි)

:       0       0

මහින්ද Friday, 11 April 2014 08:12 AM

මම නම් හාමුදුරුවන් හැසිරුණු ආකාරය අනුමත ක‍රන්නේ නැහැ (නි)

:       0       0

ශාමිලා Tuesday, 13 May 2014 08:12 AM

පොලිචේ කට්ටිය පරිස්සමෙන් . (ස)

:       0       0

පෙරේරා Saturday, 12 April 2014 01:27 PM

අපේ මේ හාමුදුරුවෝ වගේ දහස්ගණන් අප ලක්දෙරණේ බිහිවේවා (දී)

:       0       0

මොහමඩ් Thursday, 10 April 2014 05:07 PM

මේ ප්‍රශ්නයේ උච්චතම අවස්ථාව දැන් උදාවෙලා වගෙයි පෙනෙන්න තිබෙන්නේ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උතුරු පළාත් අ‍ාණ්ඩුකාරවරිය ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 1072 1

උතුරු පළාත් අ‍ාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.


පොදු සන්ධානයක් හදන්න එජාපය සජබෙට ආරාධනා කරන්න යයි
2024 සැප්තැම්බර් මස 23 6645 7

ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි


සජසයෙන් සැලුන් දොරක්
2024 සැප්තැම්බර් මස 23 3640 3

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්


කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවරයින් 3ක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 23 307 0

කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ


කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 1532 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 1641 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 28672 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23609 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 128 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 408 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 193 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site