IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


බොදු බළේ බදුර්දීන්ගේ කන්තෝරුව පීරයි

ජාතික බළ සේනාවේ මහ ලේකම් වටරැක විජිත හිමියන් සඟවාගෙන සිටින බව කියමින් බොදුබළ සේනාවේ හිමිවරු අට නමක් අද කර්මාන්ත හා වාණිජ අමාත්‍යංශයට ගොස් කාමර කිහිපයක් පරීක්ෂා කළහ.

ඇමැති බදුර්දීන්ගේ කාමරය පමණක් බැලීමට බොදුබල සේනා හිමිවරුනට අවසර නොලැබිණි.

අමාත්‍යංශයේ සීසීටීවී දර්ශන පරීක්ෂා කිරීමට අවශ්‍ය යැයි හිමිවරුන් කීව ද එයට ද අවසර නොලැබිණි.

කැරලි මර්දන පොලිස් භටයෝ ද, ජල විදින වාහන දෙකක් ද අමාත්‍යංශය අසළ නවතා තිබිණි. පොලිස් නිලධාරීහු සියයක් පමණ ආරක්ෂාවට යොදවනු ලැබ සිටියහ.

අමාත්‍යංශය පරීක්ෂා කර පිටිතට පැමිණි හිමිවරුන් පැවසුවේ වැටරැක විජිත හිමි අමාත්‍යංශයේ සඟවාගෙන සිටින බවයි.

ඇමැති බදුර්දීන් පැවසුවේ බොදුබළ සේනාවේ චෝදනාව ප්‍රතික්ෂේප කරන බවයි.

 



අදහස් (0)

බොදු බළේ බදුර්දීන්ගේ කන්තෝරුව පීරයි

විධුෂක Wednesday, 23 April 2014 09:57 PM

සත්‍යයා, අනේ දරුවෝ පරිස්සමෙන් ඔය රක්ත වර්ණ සිහින අහසේ සැරිසරන්නේ. ඇදගෙන වැටුනොතින්?? සහෝදරයෝ ටික අංශක 360 ක්ම ආපසු හැරෙයි. (දී)

:       0       0

ලක්ෂිතා පෙරේරා Wednesday, 23 April 2014 10:47 PM

මේ වගේ වැඩ වලින් වෙන්නේ අපේ රටේ තව තවත් මානව හිමිකම් කැඩෙනවා කියලා හංවඩු ගැහෙන එක විතරයි (දී)

:       0       0

කපිල Wednesday, 23 April 2014 10:18 PM

මේ හාමුරුවො හොයන්නේ ඇයි කින එකයි මට ප්‍රශ්නේ? (දී)

:       0       0

කුලා Wednesday, 23 April 2014 10:18 PM

සියලු සත්වයෝ නිදුක් වෙත්ව නීරෝගී වෙත්ව. අපි දන්නා බුදු බන එහෙමයි . ලංකාවේ සිව්රු දාගෙන ඉන්නේ බින් ලාඩන්ලාද? (දී)

:       0       0

කෝකිල Wednesday, 23 April 2014 11:06 PM

රට ජාතිය ගැන හිටපු ගමන් මතක් වෙන අය තමා මේවා කරන්නේ (දී)

:       0       0

පෙරේරා Monday, 28 April 2014 08:41 PM

අපේ රට ගැන කළකිරීමක් ඇති වෙනවා. (ත)

:       0       0

රෝචෙන් දී සොයිසා Wednesday, 23 April 2014 11:14 PM

මේක සිංහළේ බෞද්ධයාගේ රටබොලවු ඇස් කන් පියාගෙන හිටියා හොඳටම ඇති රටට වැරදි දෙයක් සිද්ධ වෙනවා නම් කාගේවත් අවසරය ඕනෑ වෙන්නෙ නැහැ අපේ ස්වාමින් වහන්සේලාට එදත් අදත් ඉදිරියත් අපට ඉන්නේ ස්වාමින් වහන්සේලා විතරයි බොලවුනේ මට අනගාරික ධර්මපාලතුමා මතක් වුනෙමි.(දී)

:       0       0

සත්‍ය Wednesday, 23 April 2014 10:46 PM

මෙවැනි දේ රටේ සිටින බුද්ධිමත් ජනතාව විසින් ප්‍රතික්ෂේප කළ යුතුයි (ස)

:       0       0

චන්ද්‍රා Monday, 28 April 2014 03:30 AM

තමන්ගේ පාඩුවේ ඉන්න අයත් ඉන්නවා. වැඩි පිරිස එහෙම නැහැ. ඇස් කන් පියාගෙන ඉන්නද කියන්නේ? (නදී)

:       0       0

මාධවී Monday, 28 April 2014 03:34 AM

විසෙන් විස නසනවා මොනවා කරන්නද? ඔවුන්ට අයත් කාර්ය නිදහසේ කරගෙන යන්න අවශ්‍ය පරිසරය තමන් විසින් සකස් කරගන්නවා වෙන්න බැරිද? (නදී)

:       0       0

මාධවී Monday, 28 April 2014 03:46 AM

චතුර බුදු දහම වගේම අනෙක් ආගම කිහිපයකට එරට වැසියෝ ගරුකරනවා. එවැනි ආගම් වලට කිසි කරදරයක් නැහැ තමයි.(නදී) .

:       0       0

චවික Wednesday, 23 April 2014 11:24 PM

අපේ රටට මොනවා වෙලාද මන්දා (දී)

:       0       0

චානක Wednesday, 23 April 2014 11:24 PM

රටේ බහුතර මතයට ඉඩ දෙන්න (දී)

:       0       0

ජයේ Thursday, 24 April 2014 04:24 PM

මොනවා නැතත් එක දෙයක් නම් මට හොඳටම ෂුවර්. (නි)

:       0       0

සලීම් Thursday, 24 April 2014 01:00 AM

මේ හාමුදුරුවෝ ගැන මට ආඩම්බරයි (නි)

:       0       0

මාගරි Sunday, 27 April 2014 10:53 AM

ඔස්ට්‍රේලියාව සුද්දන්ගේ රටක් වෙන්නේ කොහොමද, එහේ ඉන්නේ ඔක්කොම සංක්‍රමනිකොයෝ . මුල් පදින්චිකයන් වන අබෝර්ජනිකයන් කොන් වෙලා. (දී)

:       0       0

චන්න Thursday, 24 April 2014 01:37 AM

අනේ මන්දා! මේ වෙන දේවල්? (නි)

:       0       0

අනූෂා Thursday, 24 April 2014 01:09 AM

බොදු බල සේනාවට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා! (නි)

:       0       0

විමල හිමි Thursday, 24 April 2014 02:27 AM

බුදුරජාණන් වහන්සේගේ ධර්මය ආරක්ෂා කිරිමට ඇති දෙයක් නොව අනුගමනය කිරීමට ඇති දෙයකි. ධර්ම විනය ප්‍රගුණ කිරීම භික්ෂු ජිවිතයේ සාර්ථකත්වයයි. බුද්ධ දේශනාව නිසි පරිදි වටහා නොගැනීම නිසා වන්නේ හානියක්මය. අද ලංකාවේ පවතින ශාසනික හා සමාජ පරිහානියට හේතුව භික්ෂුව ධර්මයෙන් බැහැර වීමයි. (නි)

:       0       0

බිමල් Thursday, 24 April 2014 02:28 AM

මේ කාලයේ ඉන්න අයට බුදු හාමුදුරුවෝ වදාළ දේවල් අමතක වෙලා. උන් වහන්සේ එදා කිසිම අන්‍යාගමික කෙනෙක් එක්ක රණ්ඩුවට ගියෙත් නැහැ. ප්‍රශ්න ඇති කරගත්තේත් නැහැ. මම යුද්ධය නිසා ළමා කාලයේ සිටම බැට කාපූ කෙනෙක්. අපිට අන්‍යාගමිකයන් හා අන් ජාතීන් සමග කටයුතු කරන්න වෙනවා. (නි)

:       0       0

සීල Thursday, 24 April 2014 02:34 AM

අනගාරික ධර්මපාලතුමාව ආදර්ශයට ගනිමු (නි)

:       0       0

බමුණු Thursday, 24 April 2014 01:57 AM

ලංකාව කියන්නේ අපි කාගෙත් රට (නි)

:       0       0

භානු Thursday, 24 April 2014 02:44 AM

පුජ්‍ය පක්ෂය කවදාවත් පුරවැසියන් අතර කැළඹීම්, අසමගිකම්,ජාතින් අතර මත ගැටුම් ඇතිවන ආකාරයට කටයුතු කරන්න හොඳ නැහැ. දැන් මෙතන අදහස් පළකරන හිතවතුන් අතර ඇති වෙලා තිබෙන තත්ත්වයට මුල් වුණේ කවුද කියලා හොඳට හිතා බලන්න. සියලුම ජාතින් ආගම් වල උදවිය පත්තරේට සමගියෙන් අදහස් පළකරමින් සිටියා. දැන් මොකද වෙලා තියෙන්නේ ? (නි)

:       0       0

බණ්ඩා Thursday, 24 April 2014 02:02 AM

දිගටම හැංගිලා ඉන්න අපේ හාමුදුරුවනේ.... (නි)

:       0       0

චතුර Thursday, 24 April 2014 02:53 AM

රෝවෙන් මහත්තයෝ, මේක සිංහල බෞද්ධ රට බව ඇත්ත. ඒත් වැරදි දෙයක් සිද්ධ වෙනවා නම් ඒවා නවත්වන්න තමයි නීතියක් කියලා එකක් තියන්නේ. මේක ප්‍රජාත්‍රන්තවාදී රටක් කියන එක ගොඩක් අය‍ට අමතක වෙලා (නි)

:       0       0

වින්සන්ට් Thursday, 24 April 2014 02:17 AM

"බොදු" කියන වචනය වෙනුවට වෙනත් වචනයකින් හඳුන්වාගෙන මේ සංවිධානය කටයුතු කරනවා නම් මම කැමතියි (නි)

:       0       0

මාලි Wednesday, 23 April 2014 06:10 PM

ඇත්තටම වටරැක හිමියන් කොහේද ඉන්නේ? (නදී)

:       0       0

පුරෝහිත Thursday, 24 April 2014 02:31 AM

දැන්නම් ඉවසුවා හොඳටම ඇති. අනේ බුදුහාමුදුරුවනේ, ඔබ වහන්සේ අදයි ඉන්න තිබුනේ. නියපොත්තෙන් කඩන්න තියෙන දේ පොරොවෙන් කඩන්න තියන්න එපා. එහෙම වුණොත් ලොකු විනාශයකට අපේ රට යනවා නියතයි. (නි)

:       0       0

බණ්ඩාර Thursday, 24 April 2014 02:34 AM

විජේසිරිත් එක්ක මම එකඟයි.තව තවත් ශක්තිය ධෛර්යය ඔබ වහන්සේලාට ලැබෙන්න ඕනෑ! (නි)

:       0       0

සපුමල් Wednesday, 23 April 2014 05:33 PM

මේ මොකද කරන්න හදන්නේ? මේ වැඩේ හොඳ නැහැ නේද? (නි)

:       0       0

දයා අළහකෝන් Wednesday, 23 April 2014 06:21 PM

පොලිසියත් ඉන්නවා නේද වටේටම? (නි)

:       0       0

රනා Wednesday, 23 April 2014 05:46 PM

නිසි වරෙන්තුවක් නැතිව වෙනත් ආයතනයකට / පෙදෙසකට ඇතුළුවීම පරික්ෂා කිරීම නීති විරෝධි . වහාම නීතිය ඉගන ගන්න. (දී)

:       0       0

මාගරි Wednesday, 23 April 2014 05:46 PM

වටරැක හිමියන් ඔය අමාත්‍යංශයේ ඇතුලේ හිටියේ නැත්නම් වැඩ ඉන්න තැනක ඉදන් කියන්න තිබුන නේ ඉන්න තැන.ඔතන ඉන්නම ඇති . (දී)

:       0       0

ලලිත් අෙපාන්සු Thursday, 24 April 2014 06:28 PM

රටට අපලයක් ද ?

:       0       0

කසීම් Thursday, 24 April 2014 05:05 AM

කෝ එතකොට හාමුදුරුවෝ? (නි)

:       0       0

කමල් Thursday, 24 April 2014 04:21 AM

අනේ මන්දා මේ වෙන දේවල්! (නි)

:       0       0

සේනා Wednesday, 23 April 2014 06:35 PM

ජයවේවා ! අපි ඔබ සමගයි.(නදී)

:       0       0

අරුණ Thursday, 24 April 2014 04:25 AM

මෙහෙම ගියොත් රට රකින්න අවසානයේදී ඉතුරු වෙන්නේ බොදු බල සේනාව තමයි (නි)

:       0       0

රනා Wednesday, 23 April 2014 06:42 PM

මේ වගේ සංවිධානයක් වත් තිබුනේ නැත්තන් මුස්ලිම් අය මෙලහකට හොද සෙල්ලන් පෙන්නලා මහා ජාතිය හැමදාම අඩ නින්දේ ........... (දී)

:       0       0

ශාන්ත Wednesday, 23 April 2014 06:02 PM

මොකටද අනුන්ව හොයන්නෙ බුදු හාමුදුරුවො කිව්වෙ තමාවම හොයන්න කියල නේද? (දී)

:       0       0

සුරේන් Thursday, 24 April 2014 04:37 AM

මොනවා වුණත් මේ රටේ අපි හැම එකාවන්ව සිටිය යුතුයි (නි)

:       0       0

ෆර්නාස් Wednesday, 23 April 2014 06:46 PM

රටට ගිය කලක්, රජෙයේ අමාත්‍යංශයට අනවරයෙන් යන්න පුළුවන්ද? රජෙයේ අමාත්‍යංශයට ගොස් අනවරයෙන් පරීක්ෂා කිරීමට වරෙන්තු තිබුනද? වටරැක හිමියන්ට චෝදනා මොනවද? පොලිස් නිලධාරීහු චෝදනා මොනවද පරීක්ෂා කලාද? (දී)

:       0       0

සමන් Thursday, 24 April 2014 05:21 AM

ලංකාව කියන්නේ සිංහල බෞද්ධ රටක් කියලා කියන්න සමහරු අකමැති ඇයි? (නි)

:       0       0

ලුම්බිණි Thursday, 24 April 2014 05:28 AM

මේ කණ්ඩායම අනගාරික ධර්මපාලතුමාට නැත්නම් වාරියපොළ හාමුදුරුවන්ට සමාන කිරීමට මම නම් කැමති නැහැ (නි)

:       0       0

චමින්ද Thursday, 24 April 2014 07:16 PM

මෙවැනි බලවේග නීතිය අතට ගන්නේ ආණ්ඩුවේ ප්‍රභලයන්ගේ හයිය හිතට අරගෙන. එනිසා මුලින්ම ආණ්ඩුව කරන දෙබිඩි වැඩපිළිවෙල නවත්වලා හරියට නීතිය ක්‍රියාත්මක කල යුතුයි. දේශපාලන වාසියට නිහඬව නොසිට අභය භුමි සංහාරය ගැන නීතිය ක්‍රියාත්මක කලයුතුයි. මෙම හාමුදුරුවරුන් දෙගොල්ලොම වැරදියි. (දී)

:       0       0

ඇන්ඩි Wednesday, 23 April 2014 06:56 PM

ආයෙමත් කලබල ඇති වුනොත් කව්ද වගකියන්නේ? (නදී)

:       0       0

පොනිල් Thursday, 24 April 2014 05:42 AM

දැන් නම් බලාගෙන ඉන්න හොද නැහැ. (නි)

:       0       0

ෆර්නස් Wednesday, 23 April 2014 06:56 PM

ආරක්ෂාක අමාත්‍යංශයෙන් අනුමැතිය තිබුනද? රටේ නීතියට ගරු කල යුතුයි (දී)

:       0       0

පහන් Thursday, 24 April 2014 06:06 AM

ෂෙරිෆ්,පුරන් අප්පුට සුද්දගේ බෙල්ල කපන්න කඩුව දුන්නේ කවුද කියලා දන්නවා ඇතිනේ... (නි)

:       0       0

පහන් Thursday, 24 April 2014 05:28 AM

මම අපේ පුතාගේ පොතේ අලවන්න ජාතික වීරවරයන්ගේ රූප කොළයක් පොත් කඩෙන් ගෙනාවා.මෙන්න බොලේ මීට පෙර නොසිටි දෙන්නෙකුත් ඉන්නවා .මම කිව්වා ඒ දෙක අලවන්න එපා කියලා. (නි)

:       0       0

නිමල් Monday, 08 September 2014 08:39 AM

මිනෝලි , ඒක දැනටමත් සිදුවෙමින් පවතිනවා (නි)

:       0       0

නිහාල් Thursday, 24 April 2014 06:18 AM

අයියෝ! (නි)

:       0       0

ධම්මික Wednesday, 23 April 2014 06:16 PM

නිතිය කොහෙද තියෙන්නේ. නැවත ජාතිවාදය අව්ලන්නද මේ දඟලන්නේ? (දී)

:       0       0

දමිත් සුරංග Wednesday, 23 April 2014 06:16 PM

බුදු දහම බේර ගන්න වෙහෙස වෙන අපේ හිම්වරැන්ට ජය වේවා(දී)

:       0       0

චන්දන Thursday, 24 April 2014 06:04 AM

අනුන්ගේ ගේකට ගිහින් ඒ ගෙදර පාලනය කරන්න අපිට සදාචාරාත්මක අයිතියක් නැහැ. අපි බෞද්ධ සිංහලයෝ. ඔබ වහන්සේලා මජනතාව වන අපිව යහපත් මාර්ගයට යොමුකරන්න නියෝජනය කරන සංඝයා වහන්සේලා. පළමුව ප්‍රශ්නය නිවැරදිව හඳුනාගනිමු. (නි)

:       0       0

අතුල Wednesday, 23 April 2014 06:18 PM

ඇත්තටම මොහොමඩ් වටරැක විජිත හිමිට මොකද උනේ... (දී)

:       0       0

සදුන් Wednesday, 23 April 2014 06:19 PM

ෆර්නාස් ..රටට ගිය කලක් නේද ? දී කිරට බළල්ලුත් සාක්කි කිවලු (දී)

:       0       0

පහන් Thursday, 24 April 2014 06:13 AM

බුදුදහම සුරකින බවට පොරොන්දුව උඩරට ගිවිසුමට දාන තුරු පිළිමතලාවේ මහා අධිකාරම ගිවිසුමට අත්සන් කළේ නැහැ.මේක මගේ රට.බොදු බල සේනා සමඟ දිවිහිමියෙන් කටයුතු කරමි (නි)

:       0       0

රොෂාන් Thursday, 24 April 2014 07:10 AM

ලෝකයේ දියණුම රටවලට පසුව සංක්‍රමණය වූ බෞද්ධ ,මුස්ලිම්,හින්දු යන ආගමිකයින් අද එම රටවල තම තමන්ගේ ආගමික ස්ථාන ඇතිකරගෙන ,තමන්ගේ ආගම ,සංස්කෘතිය තහවුරු කරගෙන එම රටවල පුරවැසිබවත් ලබාගෙන හොඳින් ජීවත් වෙනවා. බෞද්ධ අපේ රටේ මහනායක ස්වාමින් වහන්සේලා යුරෝපයට වැඩම කර කඨින පින්කම් පැවැත්වූවා.අලුතින් විහාර අාරම්භ කර නැවත ශ්‍රී ලංකාවට වැඩියා.එම රටවල ආගමික නායකයින්ට ,පුරවැසියන්ට මේ සිදුවීම ආගම ඇදහීමේ අයිතිය තහවුරු කිරීමක් පමණි. එම රටවල අය මේ විදියට හැසිරෙනවද? කරුණාකර යුරෝපයේ, ඇමෙරිකාවේ,ඕස්ට්‍රේලියාවේ සහ අනිකුත් රටවල ජීවත් වෙන සිංහල බෞද්ධ ජනතාව ඔබ අත්විඳින ආගමික නිදහස ගැන ඇත්ත මෙහි පළකරන්න. (නි)

:       0       0

ෆර්නාස් Wednesday, 23 April 2014 07:13 PM

රටේ බුද්ධිමත් මිනිසුන්ට සිතන්නට පුළුවනි කිරට බළල්ලුත් සාක්කි කිවද කියලා. (නදී)

:       0       0

එම් එම් Sunday, 27 April 2014 12:35 PM

ටිකක් හිතන්න වෙනවා (දී)

:       0       0

ශාන්ත Thursday, 24 April 2014 06:50 AM

මම බලාපොරොත්තු වූ කෙනා මෙතන නැත්තෙ මොකද? (නි)

:       0       0

මිනෝලි Wednesday, 30 April 2014 07:47 PM

මේ අය ගැන තීරණයක් ගන්න ඕනෑත් බෞද්ධ ජනතාව. (නි)

:       0       0

අසන්ක Thursday, 24 April 2014 07:39 AM

එක් එක් නම් සහිත නීතී මෙහි ගෙන්නා... සිරිලක් දම් දිවෙහි කිතුගොස යටයන්නා... මුලු ලොව ඉදිරියේ අප රට කැත වෙන්නා.... ලක්මව රකිමු! නුසුදුස්සන් හැම පන්නා! හෙළයනි අවදිවවූ! පෙරටම ඇදී වරෙවු! ලක්මව රැකගැනීමට හැම සිතට ගනිවූ!.... (නි)

:       0       0

රොෂාන් ද සිල්වා Thursday, 24 April 2014 10:09 PM

මාලක කිසිම දවසක මිනිස් සිරුරට ඇන ගසා, ඉන්ද්‍රියන් කපා මළසිරුරු බටහිර රටවලින් ලංකාවට එවන්නේ නැති බව දැනගන්න. ෆොටෝ එකක් දැකලා ඇන කොටා ගන්න පිරිසක් බෞද්ධ දර්ශනයෙන් බිහිවෙනවා දකින්න ලැබුනොත් ඒක බුදුන්වහන්සේට කරන ලොකුම අගෞරවය බවත් මතක තබාගන්න.(නදී)

:       0       0

මාලක Thursday, 24 April 2014 06:59 AM

රොෂාන් ,ඔබ මැදපෙරදිග රටකට යන්න.අඩු තරමේ ඔබේ බෑගයේ බුදුරුවක පින්තූරක් දැක්කොත් ආපහු හරවා අරිනවා. පින්තූරයක් නම් ඔබ ඉදිරියේ ඉරලා පාගනවා.ඔබ කතා කරන්නේ බටහිර රටවල් ගැන විතරයි. ගෙවල් 44 අනවසර බව ඇමතිවරයාම කියනවා.බොරුවට සුදු හුණු ගාන්න එපා. (නි)

:       0       0

මාලක Thursday, 24 April 2014 07:02 AM

චන්දන, අමාත්‍යංශ කියන්නේ අපේ කාගේත් තැනක්. ඇමතිවරයා කුලී නිවැසියෙක්.එතන වෙන්නේ මොනවද කියලා බලන්න මහජනයාට අයිතියක් තියනවා. (නි)

:       0       0

චතුර Thursday, 24 April 2014 07:47 AM

පහන්, මේක ඔයාගේ විතරක් නෙමෙයි, අපි හැමෝගෙම රට. අනිත් ජාතිකයන් දිහා අපි වැරදි ඇහෙන් බලනතුරු අපිට එයාලව පෙනෙන්නේ වැරදියට. මේක මගේ රට නෙමෙයි, මේක අපේ රට කියලා හැමෝම කියනකන් ලංකාවේ තත්ත්වය මීට වඩා දරුණු වෙනවා මිසක් හොඳක් නම් වෙන්නේ නැහැ (නි)

:       0       0

විජේ Wednesday, 23 April 2014 07:28 PM

රටේ මේ තත්ත්වයට වගකියන්න ඕනෑ කවුද කියලා අමුතුවෙන් කියන්න ඕනෑ නැහැනේ. ෆර්නාස්, ඔයා දන්නවා අපි කොහොම සමගියෙන්ද හිටියේ කියලා (නි)

:       0       0

නාලක Thursday, 24 April 2014 07:50 AM

වටරැක හිමියෝ කොහේ හිටියම අපිට මොකද? (නි)

:       0       0

ප්‍රසන්න Wednesday, 23 April 2014 06:46 PM

ෆර්නාස් ,දැන් රටේ ගොඩක් දෙනකුට බුද්ධිය පෑදිලා.ඇයි ඔයගොල්ලෝ මේ තරම් කලබල වෙන්නේ? (නි)

:       0       0

කැනඩා දිසා Thursday, 24 April 2014 07:54 AM

මේකෙන්ම රටේ තත්ත්වය පැහැදිලියිනෙ. කවුද මේවට වග කියන්නේ? (නි)

:       0       0

ලංකා Wednesday, 23 April 2014 07:36 PM

දැන් ලංකාවේ වෙන දේවල් ගැන වෙලාවකට හිතාගන්නත් බැහැ (නි)

:       0       0

චන්දන Thursday, 24 April 2014 07:16 AM

අපේ මිනිස්සුන්ට ජීවත් වෙන්නත් ප්‍රශ්නයක් ඕනෑ. දුප්පත් මිනිස්සුන්ට ඕනෑතරම් ප්‍රශ්න තියනවා. ඒත් දුප්පත් මිනිස්සුන්ගේ ප්‍රශ්න යටගිහින්. (නි)

:       0       0

ජනී Thursday, 24 April 2014 08:01 AM

වටරැක හිමියන් ඔතන හිටියා කියලා හිතමුකෝ. ඉතින් මේගොල්ලෝ ඒ හිමියන්ව හොයලා මොනවා කරන්නද? මේ රටේ නීතියක් නැද්ද? (නි)

:       0       0

නුවන් Wednesday, 23 April 2014 07:38 PM

ෆර්නාස්, මේ සිද්ධ වෙන දේවල් වලට ඇස් කන් පියාගෙන හිටියා හොඳටම ඇති.ඒ වගේම කවදාවත් ආරක්ෂක අමාත්‍යංශයට බොරු චෝදනා නගන්න එපා. රටට වැරදි දෙයක් සිද්ධ වෙනවා නම් කාගේවත් අවසරය ඕනෑ වෙන්නෙ නැහැ. අපේ ඉතිහාසයේ එදා සිට අද දක්වාම ස්වාමින් වහන්සේලා පෙරමුණ අරගෙන තියෙනවා (නි)

:       0       0

චතුර Thursday, 24 April 2014 08:01 AM

මාලක, පෞද්ගලිකව ඔයාට මෙහෙම අත්දැකීමක් තිබෙනවද? මොකද මම ඉන්නේ ඕස්ට්‍රේලියාවේ, මෙහෙ නම් ඔය කරදර කිසිම දෙයක් නැහැ. ගිය සතියෙත් සිංහල අවුරුදු උත්සවයක් තිබුණා. කිසිම සුද්දෙක් ඇවිල්ලා අපේ සංස්කෘතිය විනාශ කරන්න එපා කියලා කෑ ගහලා නැහැ. ලංකාවේ විතරක් පන්සල් දෙකක් තියනවා මේ අවට, ඒවායේ දායක මහත්වරු ප්‍රශ්න දාගන්නවා මිසක් පිටින් කවුරුත් ඇවිල්ලා ප්‍රශ්න දාන්නේ නැහැ. (නි)

:       0       0

සමින්ද Wednesday, 23 April 2014 06:59 PM

අපේ සංඝයා වහන්සේලාට ජය වේවා! (නි)

:       0       0

දොන් - නවසීලන්තය Friday, 25 April 2014 02:40 AM

නීතිය අතට අරගෙන වගේ. ජනාදිපතිතුමා තදින් ඉන්න ඕනා. මේවැනි වැඩ වලට ඉඩ දෙන්න එපා.(නදී)

:       0       0

ලාලිත්‍ය Thursday, 24 April 2014 08:10 AM

මොනවා වුණත් මේක අපි හැමෝගෙම රට (නි)

:       0       0

නිමල් Wednesday, 23 April 2014 07:50 PM

සමහර අය මොන දේ වුණත් චෝදනා කරන්නේ ආරක්ෂක අමාත්‍යංශයට (නි)

:       0       0

රේණු Thursday, 24 April 2014 07:28 AM

දැන් ලෝකය පුරා බුද්ධ ධර්මය සීඝ්‍රයෙන් වැළඳ ගන්නා අවස්ථාවක මෙවැනි කටයුතු කිරීම නින්දාවක්. (නි)

:       0       0

අමිල Thursday, 24 April 2014 08:19 AM

සින්හලයනි දැන්වත් නැගිටියව් ... (දී)

:       0       0

කුමාරි Wednesday, 23 April 2014 07:57 PM

සිංහල ගම් වල කොච්චර මුස්ලිම්, දෙමළ පවුල් ඉන්නවද? ඒත් කිසිම ප්‍රශ්නයක් නැහැනේ... (නි)

:       0       0

ගොඩය Thursday, 24 April 2014 07:40 AM

අනේ මම අනුමානෙට කියන්නේ ආයුබෝවන් , මේක මෙවිදිහට ජයටම කුරුවල් වේවි වර්ධනය වෙවී ටිකදවසක් තියෙනවා .ඊට පස්සේ මේකට රටේ ඕනෑම ආරවුලක් විසදන්න පුළුවන් කෙනාට මේකට අතර මැදියෙක් වෙන්න කියලා ජනතා නියෝජිතයෝයි අර බල සේනවයි ආරාධනා කරනවා . ඊට පස්සේ එයා මේකට විසදුම කියනවා ,දෙගොල්ලොම අරයගෙ බුධිමත් කම ගැන මාධ්‍ය යෙන් පුරසාරම් දොඩනවා , අරයගෙ අඩුවුන ජනප්‍රිය තත්වයෙන් ටිකක් පිරෙනවා . අදාල අයගේ බැංකු ගිනුමුත් ගානට .......... (දී)

:       0       0

සලීම් Wednesday, 23 April 2014 07:15 PM

එතකොට මේ හාමුදුරුවෝ කොහේද ඉන්නේ? (නි)

:       0       0

නවුෆල් Wednesday, 23 April 2014 07:15 PM

මේ සියල්ලම ලෝකයා බලා ඉන්නවා. මේ ගැන නිසි විසඳුමක් දියයුතුයි (නි)

:       0       0

ජනී Thursday, 24 April 2014 07:42 AM

රේණු ලෝකය පුරා බුදු දහම පැතිරෙන එක හොඳට ගියා. මොකද ලංකාවේ මේ යන විදියට පිරිසිඳු බුදු දහම විනාස වේගෙනනේ යන්නේ. අනාගතේදී පිට රට වලින් වත් ලංකාව මිනිස්සුන්ට පිරිසිඳු බුදු දහම ආපහු ඉගෙන ගෙන වැළඳ ගන්න පුළුවන්. (දී)

:       0       0

නිලු Thursday, 24 April 2014 08:30 AM

නියමයිනේ පොලිසියි එයාලාගේ නිල ඇදුම ගලවලා මෙි පිරිසට ඇන්දුවානමි තමයි වඩා උචිත. (දී)

:       0       0

ලාල් ජකර්තා Wednesday, 23 April 2014 08:08 PM

චීවරයට නුසුදුස්සන් ගැන වහා තීරණයක් ගතයුතුයි (නි)

:       0       0

සෙන්සා Thursday, 24 April 2014 07:52 AM

අමතක කරන්න එපා සුද්දා කළෙත් අප ජාතීන් අතර අසමගිය ඇති කරලා බෙදලා පාලනය කරපු එකයි. ඒ උවදුරේ ශේෂ වෙලා තියෙන මනෝභාවයන් තාමත් රටෙන් තුරන් වෙලා නෑ. අහු වෙන්න එපා ආගමික නායකයින් බුද්ධිමත් වෙලා එකතුවෙලා අවංකව මෙි ප්‍රශ්නයට මූණ දෙන්න නැත්නමි ආත්මාර්ථකාමීන්ගේ පාරාදීසයක් වෙයි අපේ රට. බොදුබල සේනාව කරන්නේ මොකක්ද කියන එක පැහැදිළි නෑ.හාමුදුරුවරුන් ඔය ආකාරයට හැසිරීම ඉතාමත් මත ඛේදාකාරි ,අවලස්සනයි,අනර්ථකාරීයි.බුදධීමත්ව වැඩ කරන්න.බුද්ධාගම රුකගන්න චීවරයේ ගෞරවය ආරක්ෂා කරගත යුතුයි. (දී)

:       0       0

නිශාර්ඩ් ප්රීනා Thursday, 24 April 2014 07:53 AM

ඕනෑම ප්‍රශ්නයක් බොහොම පහසුවෙන් විසඳ ගන්න පුළුවන් හොඳ අවබෝධයක් සහ විනයක් ඇතුව කටයුතු කලොත්. අපේ සමාජයේ අඩුවකට තියෙන්නෙත් මේ දෙකම තමයි. (දී)

:       0       0

ජිලෝ Wednesday, 23 April 2014 07:34 PM

ජාතිය නිසා සිදු වී ඇති අඩ දබර කෝලාහල කොපමණද ?මෙය අපට පමණක් නොව මුළු ලෝකයටම බලපා ඇත්තේය එහෙත් අද මේවනතුරුත් ,ජාති මාමකත්වයේ ඇති දුර්විපාක තේරුම් ගැනීමට මිනිසා අපොහොසත් වී ඇත.මිනිසා බෙදීම හට ගන්වන ජාති මාමකත්වය නැති නම් . යූද කෝලාහල හා අඩ දබර සම්පුර්ණයෙන්ම තුනී වී යන්නේය .(දී)

:       0       0

සමන් Wednesday, 23 April 2014 08:19 PM

මේ විදියට පොලිස් බලතල ලැබුනේ කොහොමද? (නි)

:       0       0

ලාල් ජකර්තා Wednesday, 23 April 2014 08:27 PM

බොදු බල සේනා සංවිධානයේ හිමිවරුන්ට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා! (නි)

:       0       0

ලක්ෂිත Thursday, 24 April 2014 09:10 AM

ළමයෙක් වැරදී කරපු වහාම දෙමුපියෝ ගහල හරි ළමයව හදාගන්න ඕනේ. අපේ හාමුදුරුවරු හොයනේ නොමග ගිය හාමුදුරු නමක්. උන්වහන්සේව සුමගට ගන්න. එහෙම නේද? (ස)

:       0       0

සාන්ත Thursday, 24 April 2014 09:13 AM

මේ හොයන්නේ කුමක් සඳහාද?? (ස)

:       0       0

ලංකා Wednesday, 23 April 2014 08:32 PM

මේවා බලනකොට මොනවද හිතෙන්නේ? (නි)

:       0       0

ප්‍රසංක Thursday, 24 April 2014 09:19 AM

ජයවේවා ! අපි ඔබ සමගයි... (ස)

:       0       0

නාමල් Thursday, 24 April 2014 09:21 AM

ඔය අස්සේ කැසිනෝ පනත සම්මත කරගනීවි (දී)

:       0       0

බණ්ඩා Wednesday, 23 April 2014 08:38 PM

රනා, ඔබගේ ලිපිනය මේකට දැම්මොත් ඔයාට අපි නීතිය උගන්වන්නම් (නි)

:       0       0

කමනි Thursday, 24 April 2014 08:37 AM

වරදක් වෙන තැනට යන්න කාගෙන්වත් අවසර ඕන නැහැ . අපේ හාමුදුරුවන්ට ජය වේවා . සිංහල ජාතිය ඇස් කන් පියාගෙන ඉන්න ඕන නැහැ . රටේ නීතිය හරියට ක්‍රියාත්මක වෙන්නේ නැති නිසා හාමුදුරුවෝ පෙරට යන්නේ . එකේ වරදක් නැහැ.(දිල්)

:       0       0

වීරසිරි බැංකොක් Wednesday, 23 April 2014 08:00 PM

අපේ බොදුබල සේනා හිමිවරුන්ට ජයම වේවා මෙවෙනි සංවිදානයක් තිබ්බේ නැත්නම් අද මුස්ලිම් රජ වෙනවා එ් නිසා අපි බෞද්ධ අය එකමුතුවෙන් වැඩ කරමු ජයවේවා බොදුබලයට ජයවේවා (අ)

:       0       0

නිරෝෂනී Thursday, 24 April 2014 09:28 AM

බුදු දහම බේර ගන්න වෙහෙස වෙන අපේ හිම්වරුන්ට ජය වේවා (ස)

:       0       0

නිලංග Thursday, 24 April 2014 09:56 AM

මම ඉන්නේ ඕස්ට්‍රලියාවේ. අපේ පන්සලේ කටින උත්සව, අවුරුදු උත්සව පවත්තනවා. කටින පෙරහැර ගමන් කරන්න පාරේ ඉඩ සලසලා දෙනවා. පන්සල ඉස්සරහ පාසලේ පවා ආගමික උත්සව තියන දවසට රථ වාහන නතර කරන්න ඉඩ දෙනවා. කිසිම සුදු ජාතිකයෙක් අපිට ආඩපාලි කියන්නේ නැහැ. ආගමික නිදහස උපරිමයි. අපි සංක්‍රමණය වෙලා සුදු ජාතිකයන් ගේ ඉඩම් වල පන්සල් දමා ගත්තා කියල මෙහෙ කවුරුවත් බෙරිහන් දුන්නේ නැහැ. (දිල්)

:       0       0

කින් බෙනට් Wednesday, 23 April 2014 08:57 PM

මට පේන්නේ ඇමරිකාවයි රුසියාවයි හරි චීනෙයි ජපානෙයි හරි යුද්දයක් පටන් ගන්න කලින් ලංකාවේ නැවත යුද්දයක් පටන් ගනී වගේ ...ජාතිවාදය ද ඇතුලත් උන ආගමික යුද්දයක් ....මේ පින්තුර වල ඉන්න සිවුරු දරන අය දිහා බලපුවම එක පාරටම පෙනෙන්නේ සසර තරණය කරන්න ඉන්න කට්ටියක් නෙමෙයි ලෞකික ජිවිතේ ඉහලම සැප ලබන්න හදන කට්ටියක් වගේ ..මොනවා නැතත් හොඳට කාල බිල සැපෙන් ඉන්න බවක් තමයි පෙනෙන්නේ ... (දී)

:       0       0

විපුල ගුණරත්නේ Wednesday, 23 April 2014 08:59 PM

මේ සැබෑ ස්වාමීන්වහන්සේලා වෙන්න බැහැ , මේ මූලධර්වාදීන් රටින් අතුගා දැමීමට වහාම පියවරගත යුතුයි ජනාධිපති තුමනි. ප්‍රජාත්‍රන්තවාදය පිලිගන්නා අනෙකුත් දේශපාලඤයින් මේවා සොයා බැලිය යුතුයි. (දී)

:       0       0

පහන් Thursday, 24 April 2014 09:21 AM

බුදු දහම අවිහිංසාවාදී ආගමක් කියල මුළු ලෝකෙම දන්නවා. ඒකයි බටහිර රටවල් බුදු දහමට මේ තරම් කැමති (ස)

:       0       0

කුමාර් Wednesday, 23 April 2014 08:16 PM

අනේමෙයාලට පාඩමක් කියලා දෙන්න ලංකාවේ කවුරුවත් නැද්ද? (දී)

:       0       0

චතුර Thursday, 24 April 2014 10:23 AM

පහන්, බුදු දහමේ අවිහිංසාවාදය නැති කරන්නෙත් මේ වගේ අය තමයි. (ස)

:       0       0

කුමාර් Wednesday, 23 April 2014 08:19 PM

ළඟදීම වන්දි ගෙවන්න වෙයි (අ)

:       0       0

පහන් Thursday, 24 April 2014 09:57 AM

මගේ අදහස් සියල්ල එයාලට පළකරන්න බැහැ.ඒ නිසා මට ඔයාට උත්තර දෙන්න බැහැ (දිල්)

:       0       0

ජයසේන මහානාම Wednesday, 23 April 2014 09:12 PM

ඇයි..බොලේ ..හැමෝම කතා කරන්නේ..වටරැක හිමි ගැන විතරයි. අනිත් අයගැන කතා නොකරන්නේ ඇයි (අ)

:       0       0

මණ්ඩාවල Wednesday, 23 April 2014 09:16 PM

මේ හිමිවරුන් යන ගමන හරි බිය ජනකයි. ! කොහෙන් නතර වෙන්න දමේ යන්නේ? (අ)

:       0       0

ශ්‍යමා Wednesday, 23 April 2014 09:18 PM

සේනාවේ හාමුදුරුවනේ කොටි පුල්ලි තියෙන ඇමතිවරුන්ගේ කාර්යාල වටලන්නේ කවදද ?(අ)

:       0       0

රෝයි Wednesday, 23 April 2014 08:35 PM

වටරැක චිවරදරියාගේ ක්‍රියාකලාපය ත් වැරදි, මේ ක්‍රියාවත් වැරදි, හිතුමතේ සෝදිසි කිරීම් කරන්න බැහැ, රටේ නීතියට ගරු කල යුතුයි, මා හිතන්නේ බොදු බල සේනාවේ මේ ක්‍රියාකලාපය නිසා අනවශ්‍ය කළු පැල්ලමක් ඇති උනා , මේකෙන් වාසිය ගන්නේ සබැ සතුරයි, (දී)

:       0       0

අසේල ජයරත්න Friday, 25 April 2014 10:16 AM

මෙන්න රටකට ගිය කල.(නදී)

:       0       0

ජේසී Wednesday, 23 April 2014 09:35 PM

මෙවැනි දේ සිදුවීමෙන් අන්‍යආගමිකයන් ඉදිරීයේ බෞද්දාගම හරයට විශාල හානියක්වීම ගැන ඇත්තටම දුක්වෙනවා (අ)

:       0       0

ජිලෝ Wednesday, 23 April 2014 09:35 PM

මිනිසා මිනිසාට එරෙහිව උසි ගැන්වෙන .මිනිසාට මිනිසා එරෙහිව යූද කරන මෙම ආකල්පය කවූරූන් අගය කලත් ඇත්තන්ම එය නිවැරදි යැයි කිව නොහැක තමා කවර ජාතියකට අයත් වූවත් තමාට ජාතියක් නැති බව නුවනින් වටහා ගෙන ක්‍රියා කරන්නේනම් .යහපත් සමාජයක් ගොඩනැංවිය හැකිය ජාති වදියාහ් මානසික රෝගියෙක් නිසා ඔහූට කිසිම ආකාරයෙකින් දියූනූ විය නොහැකිය සමාජයටද ඔහූන් කරදරයකි .(අ)

:       0       0

අජිත්කරුණාරත්න ලියනගේ Saturday, 26 April 2014 09:09 AM

බදුර්දීන් ඇමතිතුමා නිසා හොඳයි. මර්වින් ඇමතිතුමාගේ කාර්යාලයට කඩාගෙන පැන්න නම් බලාගන්න තිබුන වැඩ. එතුමාට ඔය වගේ වැඩ අල්ලන්නේ නැහැ. ඕන දෙයක් හොඳින් කරගන්න පුළුවන්. (නදී)

:       0       0

වජිර Wednesday, 23 April 2014 08:53 PM

වටරැක හිමියන් කියන්නේ දේසපාලනය කරපින්නගත්ත කෙනෙක් (අ)

:       0       0

ලෂී ඉතාලි Wednesday, 23 April 2014 09:53 PM

නියමයි.ඡනතාව පෙරමුණ ගත යුතුයි රට වෙනුවෙන් මේ සඝ රුවණ වෙනුවෙන් (දී)

:       0       0

අචිර Wednesday, 23 April 2014 09:17 PM

තලේබාන් හිමිවරුන් වගේ නේ (දී)

:       0       0

ෆස්රුල් ගෆූර් - කටාර් Wednesday, 23 April 2014 09:18 PM

පණ්ඩිත අදහස් ලියන ජාති වාදයෙන් උදම් වෙච්ච සුලුජතීන්ව පාගා දැමිය යුතුය කියා ලෝකේ නැති බොරු ගොතල මහා ජාතිය මුලා කරන මේ ක්‍රියාවන් වලට අනුබල දෙන අය හට හට ලියන්න කැමතියි එක දෙයක් මතක තබා ගන්න මෙවැනි සිදුවීම් වලින් බෞද්ධ ධර්මයට හා මේ රට තුල සිදුවන සියල්ලම ලෝකය බලා සිටී. මේ රටට සැබවින්ම ආදරය කරන කිසිවෙක් හෝ මෙය අනුමත නොකරති. නැවතත් මේ රට ආගාධයකට තල්ලු කරන්න මාන බලා ඉන්න කොටසකගේ ඕනේ එපා කම් ඩොලර් වලට ඉෂ්ඨ කරන ...... රැලක් එක්ක එකඟ වන අය ගැන කනගාටුයි.(දී)

:       0       0

සත්‍යයා Wednesday, 23 April 2014 10:08 PM

ශ්‍යමා හා ජිලෝගේ අදහස් වලට මම ගරු කරනවා. හුඟක් දෙනෙක් දන්නේ නැහැ රාජ්‍ය තන්ත්‍රයේ බලාපොරොත්තු නොවූ ඉරි තැලීමක් මුල් කරගෙන බල අරගලයක් හිස ඔසවන බව. ජාතික බලසේනා වේවා බොදු බල සේනා වේවා සිවුරු දැරූ පිරිස් මේ බල අරගලයට යම් යම් වාසි ප්‍රයෝජන තකා මැදිහත් වී තිබෙනවා. හැංගි හැංගි වෙස්මුහුණු බැන්දත් නටන්න වෙන්නේ එළියේ නිසා කොයි බලවේගවලත් කෙරුවාවල් හෙට අනිද්දා බලා ගන්න පුළුවන්.(දී)

:       0       0

ෂෙරිෆ් Wednesday, 23 April 2014 09:24 PM

අපි කිසිම දිනක අපේ රටේ රජකම් කරන්න පෙරුම් පිරුවේ නැත, අපි හිටියේ අපේ පාඩුවේ පවතින රජයත් සමග අත්වැල් බැඳගෙන, ලංකාවේ මුස්ලිම් වරුන්ව ලෝකයට අරන් ගියේ බොදු බළ සේනා සංවිධානය,රාවණා බලය හා ජාතික සංඝ සම්මේලනයයි, අපි දැන් හරිම ප්‍රසිද්දයි, ශ්‍රී ලංකාවේ සුළු ජාතිකයන් වන අපව අවදි කිරීමේ ලකුණ තමයි බොදු බල සේනාව.(දී)

:       0       0

වජ්ජා Wednesday, 23 April 2014 09:32 PM

ඇත්තටම ගොඩ දෙනෙක්ගේ අදහස් කියෙව්වම හිතුනේ අපේ රටේ අද හැබෑ බුදු දහම නෑ නේද කියල. වටරැක හිමියන්ව හොයන්නේ මොනවටද? මේ ගොල්ලෝ ත්‍රස්තවාදීන් වගේනේ..(දී)

:       0       0

රොෂාන් Thursday, 24 April 2014 01:48 PM

තමන්ගේ ජාතිය ආගම රැක ගැනීම පාරමිතාවක්. ඔබ වහන්සේලාට දීර්ගායුෂ ලැබේවා. (ස)

:       0       0

මානෙල් Wednesday, 23 April 2014 10:25 PM

ශාන්ත ආත්මාර්ථකාමී වෙන්න කියල බුදුන් කීවේ නැහැ. ඉපදුන බිම හරිමග කියල දුන්න ආගම රැකගන්න එක බුදුදහමට එකගයි .සේරම අල්ල ගන්න කල් ඉන්න එක වැරදී. මේ සේනාව විතරයි මේ විනාසේ ගැන කතා කරන්නේ. (දී)

:       0       0

මොහාන් Thursday, 24 April 2014 01:05 PM

ඔබ වහන්සේලාගේ උතුම් ක්‍රියාවට අපේ උත්තමාචාරය. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ලංකා සභාවෙන් ජනපතිට සුභ පැතුම්
2024 සැප්තැම්බර් මස 24 5 0

ශ්‍රී ලංකාව නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතුම් එක් කරන බවත් මෙරට බහුතරයක් අනුර කුමාර දිසානායක මහතා වෙත තැ


කොට්ටාවේදී දුම්රිය ඇන්ජිම තනිවම ගිහින්
2024 සැප්තැම්බර් මස 24 744 1

කැළණි වැලි දුම්රිය මාර්ගයේ කොළඹ කොටුව දක්වා ධාවනය වූ දුම්රියක ඇන්ජිම කොට්ටාව දුම්රිය ස්ථානය ආසන්නයේ දී දුම්රිය මැදිරි වලින් වෙන් වී ඉදිරියට ධාවනය වූ


ඡන්දෙට ගමට ආ අයව බස් කාක්කෝ වවාගෙන කති
2024 සැප්තැම්බර් මස 24 427 0

ජනාධිපතිවරණයට ජන්දය ප්‍රකාශ කිරිම සදහා කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට හැටන් ඇතුළු වතු ආශ්‍රිත ප්‍රදේශයට පැමිණි පිරිසට ආපසු රැකියා ස්ථාන සදහ


ජපානයට භූ කම්පනයක්: සුනාමි අනතුරු අගවයි
2024 සැප්තැම්බර් මස 24 322 0

ජපානයේ ඉසූ දූපත් ආසන්නයේ රික්ටර් මාපකයේ 5.6 ක අගයක් ගත් භූමි කම්පාවක් හටගත් බව ඇමෙරිකා භූ විද්‍යා සමීක්ෂණ ආයතනය ප්‍රකාශ කළේය.


පාර්ලිමේන්තුව අද රෑ විසුරුවයි?
2024 සැප්තැම්බර් මස 24 2531 3

පාර්ලිමේන්තුව අද( 24) මධ්‍යම රාත්‍රී විසුරුවා හැරීමට නියමිතව ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.


තෙප්පම පෙරැළි ධීවරයා මරුට
2024 සැප්තැම්බර් මස 24 115 0

යාපනය පොන්නාලෙයි මුහුදු ප්‍රදේශයේ ධීවර කටයුතුවල නිරතවු ධීවරයකු තෙප්පම පෙරැළී දියේ ගිලී මියගොස් ඇති බව වඩ්ඩුකෝඩ්ඩෙයි පොලිසිය පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 32789 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23870 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 144 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 459 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 209 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site