IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


‘‘බදු සහ වියදම් හැර සෙසු කොන්දේසී ගැන සතුටුයි‘‘

(විමුක්ති එස් රුද්‍රිගු)

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබාදී ඇති ආධාර වැඩසටහනේ බොහෝ කැපවීම් ශ්‍රී ලංකාව බදු සහ වියදම් ඉලක්ක හැර ඉටු කර ඇතැයි ජාතයන්තර මූල්‍ය අරමුදලේ  ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ මෙහෙයුම් ප්‍රධානී පීටර් බෘෘවර් මහතා පෙන්වා දෙයි.

ආධාර වැඩ සටහන ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ලබාගෙන ඇති ප්‍රගතිය පිළිබඳව ජාත්‍යාන්තර මූල්‍ය අරමුදල සෑහීමකට  පත්වන බවත් ඒ හේතුවෙන් ශ්‍රී ලංකාව ලබාදී ඇති ණය මුදලේ දෙවන වාරිකය වන ඇමෙරිකා ඩොලර් 337ක පමණ මුදල  වහාම ලබාදීමට විධායක කමිටුව  අනුමැතිය දුන් බව ද ඒ මහතා කියා සිටියේය.

ශ්‍රී ලංකාවේ බදු ආදායම ඉතාමත් පහළ මට්ටමක තිබෙන බවත් එය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 8.3ක් බවත් පීටර් බෘෘවර් මහතා කීය.

නමුත් අනෙක් සංවර්ධනය වෙමින් පවතින රටවල බදු ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 26ක් බවත් ඔහු පෙන්වා දුන්නේය.

රජයට අත්‍යාවශ්‍ය සේවා සැපයිම සඳහා බදු ආදායම ඉහළ නංවා ගැනීම අත්‍යවශ්‍ය කරුණක් බවත් ඔහු සඳහන් කළේය.

එසේම ණය ප්‍රතිව්‍යවගත කිරීමේ දී චීනය මෙරට නිල ණය හිමියන්ගේ කමිටුවට පත්වීම අත්‍යාවශ්‍ය නොවන බවත් රහස්‍යභාවය ආරක්ෂා කිරිමේ කොන්දේසි  මත චීන ණය ප්‍රතිව්‍යුගත කිරීමේ කොන්දේසිවල සාරංශය ජාත්‍යාන්තර මූල්‍ය අරමුදල ලබාදීමට නියමිත බව ද ඔහු කීය.



අදහස් (9)

‘‘බදු සහ වියදම් හැර සෙසු කොන්දේසී ගැන සතුටුයි‘‘

Kazi Shajahan Wednesday, 13 December 2023 11:06 AM

IMF එකට ඕන ආණ්ඩුව ඩොග් ගාලා මරලා හරි සල්ලි හම්බ කරනවට .එකනේ වැට් වැඩි කරන්න කිව්වේ .ආණ්ඩුවට දැන් තියන එකම විකල්පය ජනතාවගේ බෙල්ල මිරිකන එක විතරයි .බැරි උනොත් ගෙදර ඩෝග් ලත් ටැක්ස් කරයි .මැති ඇමැතින්ගේ මොළ වලින් සල්ලි හොයන්න දන්නේ නැහැ නේ .ගොන් හැත්තක් නේ ඉන්නේ

:       5       48

Lal Wednesday, 13 December 2023 11:14 AM

අයියෝ ජෙප්පෝ අනාතයි වගේ නේ ....

:       56       74

GuneWednesday, 13 December 2023 12:48 PM

ඔව් ජෙප්පෝ ටිකට විතරයි 18% VAT එක වදින්නේ. පව් ජෙප්පෝ...!

:       33       38

RandulaWednesday, 13 December 2023 02:08 PM

නිව්ස් එක හරියට කියෙව්වා නම් ඔහොම කියන්න තියා හුස්ම ගන්නවත් බැරිවෙන්න ඕනේ... මේ නිවුස් එකෙන් ගන්න තියන ප්‍රධාන දේ IMF වාරිකය නෙමේ. තවත් කොහෙන් හරි බදු ආදායම වැඩි කරන්න කියන එකයි මේකෙන් කියැවෙන්නේ... "ශ්‍රී ලංකාවේ බදු ආදායම - දළ දේශීය නිෂ්පාදිතයෙන් 8.3% අනෙක් සංවර්ධනය වෙමින් පවතින රටවල බදු ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් 26%" 18% කරා කියලා ඔය කියන විදිහට ආදායම් ලැබෙයි කියලා හිතනවාද? මිනිස්සු තවත් පරිභෝජනය අඩුකරන නිසා, ඔය වැඩිකරන 3% න් අපේක්ෂා කරන තරම් ආදායමක් කොහොමත් ගන්න බැහැ. එතකොට ඔය අදායම් හොයන්න ආපහු කොහෙන් හරි බද්දක් ගහන්න වෙනවා.

:       10       17

IshanThursday, 14 December 2023 09:14 AM

ඇයි ජෙප්පො අනාතයි කියල විශේෂ කරල කියන්නෙ, හේතුව පැහැදිලි කරනින පුළුවන්ද

:       0       1

රංබොඩ Wednesday, 13 December 2023 11:43 AM

බදු ගහලා ගහලා දැන්නම් සාමාන්‍ය ජනතාව හොඳටම අපහසුතාවයට පත් වෙලා ඉන්නේ. මේවා කොතනකින් කෙළවර වෙයිද ? ඉස්සර සුද්දා ගැහුවා වගේ කිරි බද්ද , බලු බද්ද වගේ ඒවත් ගෙනෙයිද ? ණය ගත්තම එයාලා කියන කියන එක කරන්න වෙනවා. රජයට ආදායම ඕන.නමුත් මහජනතාව ට පීඩනය දරන්න බෑ දැන්

:       2       32

Rata Perata Wednesday, 13 December 2023 12:59 PM

මම මේක එකපාරකුත් කිව්වා. පොළියට ණය ගන්නකොට ජෙප්පෝ අනාථයි කියන අපතයින් තව ඉන්නවා. ජෙප්පෝ විතරක් නෙවෙයි සමස්ත ජනතාවම අනාථයි. මොකද ඔය ණය ගෙවන්නේ ජෙප්පොද?

:       25       37

සාටක හේනයා Wednesday, 13 December 2023 01:16 PM

ආසියාවේ ආශ්චර්යය..! 

:       26       18

Ishan Thursday, 14 December 2023 09:28 AM

බදු වැඩිකරනවට වඩා බදු එකතු කිරීමේ යාන්ත්‍රණය නිවැරිදිව සකස් කිරීම සහ විශේෂයෙන් මහාපරිමාණ බදු වංචාකරුවන්ගේ හිග බදු අයකිරීම සහ ආණ්ඩුවේ සහ රාජ්‍ය සේවයේ වියදම් සහ නාස්තිය පාලනය කිරීම වඩා සාර්ථක ක්‍රමයක්. ඊට අමතරව ජනතාව මත බර නොපවටන රජයට ආදායම් ඉපැයීමේ වෙනත් ස්තිර සහ ස්තාවර ආදායම් උත්පාදන ක්‍රම (ලාභ ලඛන ආයතන විකිණීම වැනි ගොන් වැඩ නෙවෙයි ) ගැන සොයාබැලිය යුතුයි, කඩා වැටී ඇති පුද්ගලික ව්‍යාපාර සහ අපනයන ව්‍යාපාර ජාලය යලි සක්‍රිය කල හැකි ආකාර සොයා බැලිය යුතුයි. නමුක් මම හිතන්නෙ නැහැ තම අසාර්ථකකම වසර ගණනාවක් තිස්සේ ඔප්පු කර ඇති පුද්ගලයන්ගෙන් සැදුම්ලත් ආණ්ඩුවකට මෙය කල හැකියි කියලා

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය ගැන සොයන්නැයි පැෆරල් ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 07 20 0

මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය නිසියාකාරව පාවිච්චි කරන්නේදැයි වහාම විපරමක් කරන ලෙස පැෆරල් සංවිධානය මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කරයි.


කොස්තාපල්වරයකුගේ මළසිරුර කාණුවක
2024 ඔක්තෝබර් මස 07 373 0

අධිවේගී මාර්ග සංචාරක රථවාහන කොට්ඨාසයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකුගේ මල සිරුරක් කාණුවක තිබී අද (7) හමු වූ බව පමුණුගම පොලිසිය කියයි


පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අයට ඉක්මනින් දඬුවම් දෙන්න
2024 ඔක්තෝබර් මස 07 434 0

පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ පිරිස් නීතියේ රැහැනට හසුකරගෙන හැකි ඉක්මනින් එහි වින්දිතයන්ට සාධාරණයක් ඉටු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව ගම්පහ දිස්


අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ඉල්ලා අස්වෙයි
2024 ඔක්තෝබර් මස 07 882 0

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් කනිෂ්ක විජේරත්න මහතා එම ධූරයෙන් ඉල්ලා අස්විමේ ලිපිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට අද (07) භාර


කෝටි 3ක වැට් බදු නොගෙවූ සමාගම් අධ්‍යක්ෂකවරු 2ක් හිරේ
2024 ඔක්තෝබර් මස 07 5041 2

වසර දහයක් තිස්සේ රජයට නොගෙවා පෙහැර හැරියේය කියන රුපියල් තුන් කෝටි විසිපන් ලක්ෂයක(32512815.56) වැට් බදූ මුදල ගෙවීමට වසර පහක සහන කාලයක් ලබා දෙන්නැයි පාදුක්ක ප්


අග්ග බෝධි රජුගේ මැදිරිගිරිය රෝහලට අලි පනි
2024 ඔක්තෝබර් මස 07 1197 1

මැදිරිගිරිය වටදාගෙය පූජාභූමියට කඩාවැදුණු වල් අලිඅලි රංචුවක් පූජාභූමියේ රෝහලේ ගල් කණු 2 කඩා තවත් ගල් කණු 4 පෙරලා දමා ඇතැයි මැදිරිගිරිය පොලිසිය කියයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39337 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25646 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 341 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1124 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 389 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site