(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
ගිරාඹේ ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට රාත්‍රී කාලයේ නතර කර තිබූ ත්‍රීරෝද රථයක් සොරාගෙන ගිය බව කියන පුද්ගලයකු පොලිස් නිල සුනඛ බොන්ජෝ කිලෝමීටර් තුනක පමණ දුෂ්කර දුරක් ගෙවා ගොස් ලබාදුන් හෝඩුවාවක් අනුව අඹගස්දෝව පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
පොලිස් නිල සුනඛයා ලබාදුන් හෝඩුවාවක් අනුව සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ දරගල ප්‍රදේශයේ පදිංචි තිස් දෙහැවිරිදි අයෙකි.
මෙම සැකකරුට එරෙහිව යතුරු පැදි ගණනාවක් සොරකම් කිරීම සම්බන්ධයෙන් අධිකරණ වල නඩු විභාග වෙමින් පවතින බවද පොලිසිය පවසයි.
ගිරාඹේ ප්‍රදේශයෙන් සොරා ගත් මෙම ත්‍රිරෝද රථය පදවාගෙන යන අතරවාරයේ නුගතලාව විදුහල ආසන්නයේදී එහි ඉන්ධන අවසන් වීම නිසා සැකකරු එය එම ස්ථානයේම දමා පලා ගොස් තිබිණි යැයි පොලීසිය කියයි.
මෙම ත්‍රිරෝද රථය පසුව පොලිසිය විසින් සොයාගෙන මෙය සොරාගෙන ගිය පුද්ගලයා ගැන හෝඩුවාවක් ලබා ගැනීමට බණ්ඩාරවෙල පොලිස් නිල සුනඛ කොට්ඨාශය බොන්ජෝ කැඳවා එම ත්‍රිරෝද රථයේ රියදුරු අසුනට සහ රෝද රථයේ හැඩලයට ඉව ලබාදී ලබා දී ඇත.
‘කොවිඩ්’ පරීක්ෂණ සිදුකරන ලෙස හා ‘කොරෝනා’ ආසාධරණය වු රැඳවියන්ට ප්‍රතිකාර ලබාදෙන ලෙස ඉල්ලා මහර බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියන් කළ විරෝධතාවයකදී ඔවුන්
කොළඹ ළමා සංවර්ධන මධ්‍යස්ථානයේ වයෝවෘද්ධ මුරකරුගේ ගෙල කපා ඝාතනය කර මළ සිරුර මෙට්ටයක ඔතා බෙල්ලන්විල වැවට දැමීමට සැලසුම් කළ එම ළමා නිවාසයේ පිරිමි ළමයින්
ප්‍රධාන මාර්ගයේ කාර්යාල දුම්රිය රැසක් අද සවස ද බොහෝ වේලාවක් ප්‍රමාද වීම නිසා කාර්යාල සේවකයෝ සිය නිවෙස් කරා ගමන් කිරීමේදී දැඩි අපහසුතාවයන් පත් වූහ.
වාහන ආනයනය කිරීම සඳහා ඉඩ ප්‍රස්ථාව ලබා දෙන ලෙස ඉල්ලීම් රැසක් ලැබී ඇති හෙයින් ඒ පිළිබඳව අවස්ථාව ලබා දීමට බලාපොරොත්තු වන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වි
ශ්‍රී ලංකා රාජ්‍ය පරිපාලන සේවයේ හිටපු ජ්‍යෙෂ්ඨ නිලධාරීයකු වූ නීල් බණ්ඩාර හපුහින්න මහතා ඕස්ට්‍රේලියාවෙදි සිදුවූ හදිසි අනතුරකින් ජිවිතක්ෂයට පත්ව ඇත
ලොව පුරා සංචාරකයන්ගේ මනාපය අනුව සංචාරක මාර්ගෝපදේශක වෙබ් අඩවිය BEST OF THE BEST RESTAURANTS නමින් කළ මත විමසුමක දී ලොව හොඳම ආපනශාලා අතර දෙවැනි ස්ථානය ඇල්ල චිල් රෙස්ටුර
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
‘‘බොන්ජෝ‘‘ ත්‍රිරෝද හොරා අල්ලා ගනී