IMG-LOGO

2025 අප්‍රේල් මස 23 වන බදාදා


බෙන්තර ගඟට පැන්න මවගේ දිවි බේරු බොට්ටුකරු කතා කරයි

(සුමිත් පොතුපිටිය)

මම පාළම යට බෝට්ටුවක් උඩ ඉදගෙන දවල් ආහාරය ගනිමින් හිටියා. අම්මේ අම්මේ කියල පොඩි දරුවෙක් පාලම උඩ ඉදන් කෑ ගැහනව ඇහුනා. ගඟ දිහා බලනකොට කාන්තාවක් ගඟට වැටිලා ගසාගෙන යනවා. මම කැම එක පැත්තකට විසිකරල ගඟට පැන්නා යැයි බේරුවල පාදාගොඩ පදිංචි චතුරංග සදරුවන් මහතා පැවසීය .

සැමියා සමග ඇති කර ගත් ආරවුලකින් පසු දරුවන් දෙදෙනා බෙන්තර පාලම මත තබා අඩි 40ක් පමණ ගැඹුරු බෙන්තර ගඟට පැන්න දෙදරු මව බේරාගත් අභිත තරුණයා අප සමග එසේ පැවැසුවේය.

අලුත්ගම රිවර් ඇඩ්වෙන්චර් වෝටර් ස්පෝර්ට් ඇන්ඩ් ඩයිව් සෙන්ටර් හී බෝට්ටු ක්‍රියාකරුවකු ලෙසින් සේවය කරන චතුරංග සංචාරකයන්ට බෙන්තර ගගේ සුන්දරත්වය නැරඹීමට අවස්ථාව සලසන තරුණයෙකි.

සිය ආදරණීය දියණිය සහ පුතා පලම මත තබා බෙන්තර ගඟට පැන දිවි නසා ගැනීමට උත්සාහ කළ 33 හැවිරිදි දෙදරුමවගේ දිවිගලවා ගැනීමට සමත් වූයේ ඔහුය.

තමා මුහුණ දුන් ඒ ත්‍රාසජනක සිද්ධියේ අත්දැකීම් කියා පාමින් සඳරුවන් නැවත හඩ අවධි කළේය.

ගඟට වැටී පාවි යන කාන්තාව පසුපස මා පිහිනා ගියා. ඇය ළගට යනවිට රළ පහරට හසුව ඇය නොපෙනී ගියා. යළි එක්වරම ඇය උඩට එනවිට අතින් අල්ලා ගොඩට පිහිනුවා.

ගඟෙන් ගොඩට ගත් ඇය 1990 සුවසැරියෙන් බෙන්තර ප්‍රාදේශීය රෝහලට රැගෙන ගියා. පසුව ඇය වැඩිදුර ප්‍රතිකාර සඳහා බළපිටිය මුලික රෝහලට ඇතුළත් කළ බව දැනගන්න ලැබුණා.

බලංගොඩ කලපේඩිගම, වැලිපතයාය ලිපිනයේ පදිංචි මෙම දෙදරු මව ඌරගස්මංහන්දිය පදිංචි කාන්තාවක්. ඌරගස්මංහන්දිය, බෙලිගස්වේල්ල, ජෝන්කඩය ප්‍රදේශයෙන් විවාහවී සිටින ඇය සැමියා සමග නිතර නිතර ආරවුල් පැවැතියේ. බලංගොඩ අධිකරණයේ දික්කසාද නඩුවක් පවතින බව පොලිසිය සදහන් කරයි.

දෙදෙනාට සමායෙන් සිටින ලෙස අධිකරණයේ ලබදී ඇති උපදෙස් පරිදි චතුරාණී දරු දෙදෙනා සමග ඌරගස්මංහන්දියට යාමට පැමිණ ඇති අතර , ස්වාමි පුරුෂයා එයට විරෝධය පෑම නිසා ඇය දරු දෙදෙනා පාළම අසල පදික වේදිකාව මත තබා අලුත්ගම දෙස සිට ගාල්ල දෙසට ඇති පළමු පාළමේ වම්පසින් අඩි 40 ක් පමණ උසක සිට ජලයට පැනීමට තීරණය කර ඇත්තේ කළ හැකි වෙනත් දෙයක් නොමැති නිසාය.

"පුතේ මම ගඟට පැන්නට පස්සේ ඔයා නංගිවත් අරගෙන ගඟට පනින්න" යැයි අම්මා කියූ බව නම හැවිරිදි පුතා සදහන් කරයි.

දිවිනසා ගැනීමට උත්සාහ කළ කාන්තාවගේ සීයා සහ සොහොයුරකු අද අලුත්ගම පොලිසිට පැමිණ ඇති අතර දරු දෙදෙනා භාරගැනීම ඔවුන් කැමැත්ත පළ කර ඇතැයි ද සදහන් වේ.

මව ගඟට පැනීම නිසා පාලම මත තනිවූ දරු දෙදෙනා ආරක්ෂිත ආකාරයට අලුත්ගම පොලිසිය රැගෙන ඒමට එහි ස්ථානාධිපති හා කාන්තා පොලිස් කාර්යංහය කටයුතු කළේය. අනතුරුව ඔවුනට අවශ්‍ය ආහාර පාන ලබාදී දුන්නේය. මාස එක හමාරක් වයසැති සිඟිත්තිය පොලිස් මව්වරු තුරුළේ නැළෙවෙන අයුරු දුටු කාගෙත් නෙතට කඳුළක් එක්කරන්නක් විය. 

අලුත්ගම ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඒ.එම්. ප්‍රියන්ක කුමාර ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි උප පොලිස් පරීක්ෂක නිරෝෂනීගේ ප්‍රධානත්වයෙන් පරීක්ෂණ පවත්වති.



අදහස් (26)

බෙන්තර ගඟට පැන්න මවගේ දිවි බේරු බොට්ටුකරු කතා කරයි

Prabha Monday, 27 February 2023 11:14 PM

මේ මිනිස්සුන්ගෙ නම ගම දැම්මට මහ හොරු ගන ලියන්නෙ සියල්ල සගවල.

:       1       12

Bandara Monday, 27 February 2023 11:33 PM

ජාතික වීරයෝ කියන්නේ මේ වගේ යට. සජිත් වගේ පපඩමුන් ට නොවේ.

:       3       70

NandanaTuesday, 28 February 2023 01:18 PM

මම හිතන්නෙ බන්ඩාර ලිංමැඩියෙක්, සජිත් විතරද පපඩම්, තව කොච්චර ඉන්නවද ?

:       8       16

සුරංග Tuesday, 28 February 2023 04:31 AM

බොහෝ ප්‍රදේශවල ජනතාව කියන්නෙ බෙන්තර ගගෙන් එගොඩ සිට බළල් පැටියෙක් වත් ගේන්න එපා කියලා තමයි ඒතරම් සතෙකුවත් විශ්වාස නොකලයුතු පැත්තේ මිනිහෙක් කොහොම විශ්වාස කරන්නද.එහෙම මිනිස්සු අතරේ බෝට්ටුවෙ හිටි චතුරංග මඩවලක පිපුන නෙලුමක් වැනි උතුම් මිනිසෙක් කියන්න පුළුවන්

:       5       63

අනුර Tuesday, 28 February 2023 04:35 AM

චතුරංග ඔබට බෙහොවින්ම ස්තුති වන්ත වෙමි. මෙවැනි ඉතාමත් දුක්මුසු සිද්ධීන් දිනපතාම ලංකාවේ සිව්කොනින්ම අසන්නට ලැබේ. රටට සිදුවි ඇති විනාශය ගැන මට දිනපතාම අසන්නට ලැබේ. ඉතාමත් වේදනාට පත්වෙමි. අහිංසක දු දරැවන්ගේ අනාගතයට සිදුවී ඇති අහේනිය. මේවා කාට කියන්කද? මිනිසුන් පිඩාවෙන් පීඩාවටම පක්වී හමාරය. මානසිකත්වය දැඩිලෙසම බිදවැටි ඇත.

:       1       38

Samitha Senaka Aluthgamage. Tuesday, 28 February 2023 08:07 AM

" නීතිය රකින නිළ ඇඳුමට යටින් ඇතී ... පිරිසිඳු පොලිස් මව් හදවත් සෙනෙහෙ කැටී ... ගෙනදී සැබෑ දරු සෙනෙහස පාන සැටී ... දැක තුටු කඳුළු පිරුණා දෙනෙතකට වැටී ... "

:       1       38

Mudalige Tuesday, 28 February 2023 08:08 AM

ඔබ නියමයි සහ ඔබට බොහෝම ස්තූතියි.

:       0       20

Samitha Senaka Aluthgamage. Tuesday, 28 February 2023 08:16 AM

මේ ජීවිතය බේරාගත් වීර පුරුෂයාට අපගේ ප්‍රණාමය ... මේ වැනි සැබෑ මිනිසුන්ට උපහාර දැක්වීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතුයි.

:       0       54

Ruwan RTuesday, 28 February 2023 01:00 PM

සහ ලංකාදීප‍, ඔබටත් ස්තූතියි. චතුරංග ගැනත් පුවතක් පලකිිරිම ට.

:       0       16

සරත් ධර්මකීර්ති Tuesday, 28 February 2023 08:43 AM

චතුරංග සඳරුවන් මහතාගේ උතුම් ක්‍රියාව බෙහෙවින්ම අගය කරමි.

:       0       40

Bunny Preena Tuesday, 28 February 2023 09:03 AM

ඔය ගැහැනිය නම් දරුවන්ට ආදරය තියෙන කෙනෙක් නම් මෙමෙයි. දරුවන්ව නැවතත් එයාගෙ භාරයට පත් නොකිරීමත් නිලදරින් වග බලා ගත යුතුයි. එමෙන්ම දරුවන්ට දිවිනසා ගැනීමට අනුබල දීමට සහ එම ක්‍රියාව සඳහා පෙලබවීමක් ඇති කිරීමට කටයුතු කිරීම සම්බන්දයෙන් එයට ඩන්ඩ නීති සංග්‍රහය යටතේ දඩුවම් ලබා දිය යුතුයි.

:       20       16

රුවන් Tuesday, 28 February 2023 09:29 AM

ඔබ වැනි වීර පුරවැසියන් රටට අවශ්‍යම මොහොතයි මේ...සියලු දෙවි රැකවරණ ලැබේවා ඔබතුමාට...

:       0       38

Clarence de Silva Tuesday, 28 February 2023 09:54 AM

ඔබගේ උතුම් ක්‍රියාවට දෙවි පිහිටයි.

:       0       21

ana Tuesday, 28 February 2023 11:04 AM

දරුවන් දරුකමට හදා ගන්න දහස් ගනන් ඉන්නවා. ක්‍රමවේදය සරල කළා නම් මෙවැනි දරුවන්ට ලොකු උදව්වක් වේවි.

:       1       21

Azmy Tuesday, 28 February 2023 11:13 AM

නියම වැඩක්. හොඳින් කළා සහෝ.

:       0       19

Frank Fernando Tuesday, 28 February 2023 12:07 PM

සැමට ස්තුතියි.

:       0       11

තොට්යා Tuesday, 28 February 2023 12:29 PM

ඇයි මේ එඩිතර තරුණයාව "බෝට්ටු කරු" කියල දානවට වඩා ගෞරව පුරස්වර පාඨයක් යොමු කරන්න තිබුණනෙ. "කම්මනා හෝති බ්‍රාහ්මණො" ලියපු මෙයාට ජාන විකෘතියක්ද? හැබැයි එහෙම අයත් නැතුවම නොවේ.

:       1       4

Ruwan R Tuesday, 28 February 2023 12:53 PM

දියේ ගිලෙන අය බේරා ගැනීම අති දුෂ්කර කටයුත්තක්. බොහෝ විට දෙදෙනාටම අත්වන්නේ මරණය. ඔබ සැබෑම දක්ෂයෙක්. සහෝදරය, ඔබට උත්තමාචාරය ! තෙරුවන් සරණයි.

:       0       13

අරවින්ද මොනරවිල Tuesday, 28 February 2023 01:32 PM

ආර්ථිකව හා සමාජියව පිරිහුණු මේ සමාජය අන්තීමට මිනිසුන්ට ඉතුරු කරලා තියෙන්නේ සියදිවි නසා ගැනීම විතරයි. එයින් මිදෙන්නට හැකිවෙලා තියෙන්නේ ස්වල්ප දෙනෙකුට විතරයි. බහුතරක් මියදෙන්න බැරි ජීවත්වෙනවා. චතුරංග සහොදරයා ඔබට බෙහෙවින් ස්තුතියි

:       0       9

PODDA Tuesday, 28 February 2023 02:06 PM

දියේ ගිලෙන කෙනෙකුගේ ජීවිතය බේරාගන්නවා කියන්නේ තමන්ගේ ජීවිතයත් අවධානමේ .මනුස්සකම නැති කුහකත්වය පිරුණු මේ සමාජයේ අපිට ඔබ සැබෑ වීරයෙක් .ඔබට දීර්ඝායුෂ

:       0       18

fairoos Tuesday, 28 February 2023 03:17 PM

ඔබගේ උතුම් ක්‍රියාවට දෙවි පිහිටයි.

:       0       15

perera Tuesday, 28 February 2023 07:18 PM

මෙවැනි වැඩ කිරීමට ශක්තිය ලැබේවා... තෙරුවන් සරණයි...

:       0       1

ජල රකුසා පැරදවූ වීරයාට දිරිය ශක්තිය Tuesday, 28 February 2023 07:35 PM

ජල රකුසා පැරදවූ වීරයාට දිරිය ශක්තිය... දිගාසිරි පතමු.

:       0       1

සුදු ඇඳගෙන කලු ඇවිදින් Tuesday, 28 February 2023 08:02 PM

වන සිව්පාවුන් වැනි මිනිසුන් මැද දෙවි දේවතාවන් වැනි මිනිස්සු ඇත. චතුරංග ඔබගේ නිර්භීත සේවයට මෙය උපහාරයක් වේවා!

:       0       2

බෙන්තර කිඹූල්‍රි ගෙ පැටියා. Thursday, 02 March 2023 12:14 AM

දිවි පරදුවට තබා ඔබ කල වීර සෙල්ලම් අපි අගය කරමු. ඔබට තවත් යෝධ බල සවිය හා දිගාසිරි පතමූ. ආයූබෝ වේවා හිතවත.

:       0       0

සෙනරත් Saturday, 04 March 2023 01:55 PM

මම ආසයි ඒ ගෑනු කෙනාව දරුවන් දෙන්නා එක්කම බාරගන්න...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

මහවැස්ස හලාවත පාසලක් වහයි
2025 අප්‍රේල් මස 23 206 0

පවතින අධික වැස්සෙන් හලාවත ආනන්ද ජාතික පාසල සම්පුර්ණයෙන් ජලයෙන් යටවීමෙන් අද (23) පාසල තාවකාලිකව වසා දැමූ බව විදුහල්පති අරුණ ගුණසිරි මහතා පැවසීය.


බොරැල්ලේදී ගසක් කඩා වැටී වාහන 7කට හානි
2025 අප්‍රේල් මස 23 582 0

බොරැල්ල කනත්ත වටරවුමේ මීට සුළු මොහොතකට පෙර ගසක් කඩා වැටීමෙන් වාහන හතකට බරපතළ අලාභ සිදුවී ඇතැයි බොරැල්ල පොලිසිය කියයි.


ජනපතිගෙන් ඇමතිවරුන්ට අභියෝගයක්
2025 අප්‍රේල් මස 23 844 1

එක් එක් අමාත්‍යාංශ සඳහා අයවැයෙන් වෙන් කර තිබෙන මුදල් සැලසුම් සහගතව ජනතාව වෙනුවෙන් වියදම් කර පෙන්වන ලෙස ජනාධිපතිවරයා සියලු අමාත්‍යවරුන්ට අභියෝගයක් ල


සිසුවා පහරදී ඝාතනය කළාට 11 ක් අත්අඩංගුවට
2025 අප්‍රේල් මස 23 1941 2

වෙලගෙදර හැටන්පොළ අං හන්දිය තැපැල් කාර්යාලය අසලදී සිසුවෙකුට අතින් පයින් සහ ආරක්ෂක හිස් වැසුම් වලින් පහරදී ඝාතනය කිරීම සම්බන්ධයෙන් තරුණයන් 11 ක් අත්අඩ


මාතර රැඳවියන් බලන්න ඥාතීන්ට තාවකාලික තහනමක්
2025 අප්‍රේල් මස 23 2335 5

බන්ධනාගාරයේ ඇතිව තිබෙන කලබලකාරී තත්ත්වය යටතේ රැඳවියන්ගේ කිසිදු ඥාතියකුට ඔවුන් බැලීම සඳහා අද (23) සිට නැවත දැනුම්දෙනතුරු නොපැමිණෙන්නැයි දැනුම් දීමක්


ඩෑන් ප්‍රියසාද් මරුට
2025 අප්‍රේල් මස 23 3508 11

කොලොන්නාව නගර සභාවේ පොදු ජන පෙරමුණ අපේක්ෂක මෙන්ම සමාජ ක්‍රියාකාරිකයෙකු වු ඩෑන් ප්‍රියසාද් මහතා ඊයේ (22) රාත්‍රී දී එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් ජීවිතක්ෂය


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 614 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 318 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 466 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site