IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


බන්දුලගෙන් ජවිපෙට රතු සහතිකයක්

සසර වසනාතුරු ජනතා විමුක්ති පෙරමුණට ආණ්ඩුවක් පිහිටවිය නොහැකි යැයි බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයා වාද්දුව තල්පිටිය හෝටලයක රැස්වීමකදී පැවසීය.

2020 දී රජයක් පිහිටුවන ජවිපෙ ලේකම් ටිල්වින් සිල්වා මහතා කළ ප්‍රකාශයකට පිළිතුරු දෙමින් ඔහු එසේ කීවේය.

ඔවුන් කළැයි කියන අපරාධ ගැන ගුණවර්ධන මහතා උපහාසයෙන් කථා කළේය.

‘ජවිපෙ කවදාවත් ගෙදරකට ඇවිත් හැඳුනුම්පතක් පැහැරගෙන නැහැ. කළුතර දිස්ත්‍රික්කේ අය ඒ බව හොඳට දන්නවා. කවදාවත් පොදු දේපළ විනාශ කරලා නැහැ. උසාවි ගිනි තියලා නැහැ. කවදාවත් ට්‍රාන්ස්ෆෝමරයක් පුපුරවලා නැහැ. කවදාවත් බෝක්කුවක්වත් කඩලා නැහැ. කවදාවත් නිරායුද අහිංසක මිනිස්සු මරලා දණිස්සෙන් පහළට වළ දාන්න කියලා නියම කරලා නැහැ‘



අදහස් (0)

බන්දුලගෙන් ජවිපෙට රතු සහතිකයක්

අමල් Sunday, 24 July 2016 08:31 AM

ජ.වී.පෙ. ඒ ගානට ගෙනාවේ කවුද ?(හේ)

:       0       0

කුමාර් Sunday, 24 July 2016 08:54 AM

මීට අවරුදු කීපයකට පෙර ජවිපෙ ආණ්ඩුවක් ගැන කිව්වම කවුරුවත් ප්‍රකාශ නිකුත් කරන්න ගියේ නෑ.. ඒ එහෙම එකක් වෙනවා කියලා කාටවත් හිතුන නැති නිසා.. එත් දැන් ජවිපෙ ආණ්ඩුවකට බය අය කලබල වෙලා.. ඒ ජවිපෙ ආණ්ඩුවක් ලගම පේන නිසා.. අවරුදු 68 ප්‍රදාන පක්ෂ දෙක කාපු රට ගොඩ ගන්න පුළුවන් හොරු නැති නිවැරදි දැක්මක් තියෙන ජවිපෙ රජයකට විතරයි.(හේ)

:       0       0

තිසර Monday, 25 July 2016 02:57 AM

මිනිහෙක් ළිඳකට ඇද දමා ඔහුගේ ජීවිතය බේරාගැනීමට දඟලනවිට ළිදෙහි වතුර බොරවීම පිලිළිබඳ පමණක් කතාකිරීම සාධාරන නොවන බැවි මගේ හැඟීමයි (නි)

:       0       0

බන්දුල Sunday, 24 July 2016 08:57 AM

මම නම් හිතන්නේ ජවිපෙට බලය නොලැබුනාට කමක් නෑ. මීට වඩා නියෝජනයක් පාර්ලිමේන්තුවේ ඉන්න ඕනේ.(හේ)

:       0       0

රජිත් මංජුල Sunday, 24 July 2016 09:18 AM

අද ජේ වී පි වගේ පෂයක ආණ්ඩුවක් රටට අවශ්‍යයි රටේ ඉතුරු ටිකවත් බේරගන්ඩ (බ)

:       0       0

සෙනරත් Monday, 25 July 2016 03:31 AM

රජින්දගේ කතාවට මමත් එකඟයි. (නි)

:       0       0

සෑම් Sunday, 24 July 2016 09:49 AM

හැබැයි කවදාවත් දෙදාස් පන්සීයකින් මාසයක් ජීවත්වෙන්න පුළුවන් කියලත් නැහැ (හේ)

:       0       0

ජයන්ත Monday, 25 July 2016 03:39 AM

රෝහණ, අපි හොඳට ඒ ඉතිහාසය දන්නවා. (නි)

:       0       0

දීපාල් නිරෝෂ් Monday, 25 July 2016 03:49 AM

කොහමටත් ජ.වි.පෙ. ට ආණ්ඩු කිරීම පිළිබඳ අත්දැකීම් නැති නිසා විපක්ෂයේම සිටීම හොඳයි. ආණ්ඩුවක් කිරීම විපක්ෂයට වෙලා කෑගහනවා වගේ ලෙහෙසි පහසු නැහැ. (නි)

:       0       0

චතුරි Sunday, 24 July 2016 10:13 AM

හැමෝගේම චරිත ගැන ජනතාව දන්නවා.(හේ)

:       0       0

මංජුල Sunday, 24 July 2016 10:18 AM

ඔබතුමා කොහොමද ඒක දන්නේ.(හේ)

:       0       0

විමල් Sunday, 24 July 2016 10:34 AM

බන්දුල මහත්තයෝ රටට අවශ්‍ය වන්නේ අවංක ජනතා නායකින් මිජනතා මුදල් කාබසිනියාකරන හොර නඩයක් නොවේ (හේ)

:       0       0

දුසාර Sunday, 24 July 2016 10:39 AM

ඕවා ශ්‍රීලංකා එකෙනුත් වෙලා නෑ නේද, ?හැමෝම එකයි.(හේ)

:       0       0

අශෝක Sunday, 24 July 2016 11:00 AM

1971 කැරැල්ල ඇති වෙනකොට මම සිසුවෙක්. කැරැල්ලක් ඇති වෙන්න තරම් ජරා පාලනයක් 1065-1970 ආණ්ඩුවේ තිබුනේ නෑ. රෝහණ විජේවීරගේ බල තණ්හාවෙන් සිංහල තරුණයන් විනාශ වුණා. මහජන දේපල හානි වුණා. ඊට වඩා බරපතලම අපරාධය තමයි ප්‍රභාකරන්ට ආයුධ අතට ගන්න ඒ සිතුවිලි වලට මග පැදීමක් කිරීම. ජේවීපී එකේ ගුණ වර්ණනා කරන ඔයාල එතකොට ඉපදිලා නෑ (බ)

:       0       0

අබේරත්න Sunday, 24 July 2016 11:41 AM

බන්දුල ගුණවර්ධන කියන දේ ඇත්ත. බොහෝ දෙනෙකුට මෑත අතීතය අමතක සේම "ඇත්ත තිත්තයි " බව පෙනේ. (බ)

:       0       0

ජනක Monday, 25 July 2016 05:12 AM

ජවිපෙ කරපු විදිය අපි දැක්කනේ. ජවිපෙට පුළුවන් කෑගහන්න විතරයි (නි)

:       0       0

විජේසිංහ Sunday, 24 July 2016 11:55 AM

ජවිපෙට රාජ්‍යබලය ලබාගන්න තරම් ජන පදනමක් නැතිවෙන්න පුළුවන්. එහෙත් මෑත කාලය තුල ඔවුන් විසින් ප්‍රකට කරන ලද දේශපාලන පරිනතබව සහ විශිෂ්ටත්වයට ළංවෙන්නට ඔබතුමාටනම් සසර වසනතුරා බැරිවේවි. අශෝක මහත්මයටත් යමක් කියන්න ඕන.මම ජවිපෙ සාමාජිකයෙකු හෝ හිතවතෙකු නොවේ කරුණාකර 71 කැරැල්ලේ නඩුව විභාගකළ විනිසුරු ඒ. සි.අලස් විසින් රචිත 71 කැරැල්ල නම් කෘතිය සහ රෝහණ විජේවීර විසින් අපරාධ යුක්ති විනිශ්චය සබාවට ලිඛිතව ඉදිරිපත්කළ ප්‍රකාශනය කියවන්න. (බ)

:       0       0

විපුල Monday, 25 July 2016 05:21 AM

ජේවීපි එකට ජන පදනමක් නැහැ. ජනතා කැමැත්තක් නැහැ. දුරදර්ශී දේශපාලන දැනුමක් නැහැ. හැම ආණ්ඩුවක්ම පත්කරන්නත් එයට බනින්නත් පුළුවන්කම තිබෙනවා. ඉහළ පෙළේ පෝස්ටර් ඇලවීමක් තිබෙනවා. හොඳ කථිකත්වයක් තිබෙනවා. ප්‍රතිපත්ති දේශපාලනයක් නැහැ. අද ඒ බව තහවුරු කර ඉවරයි. දැන් කියන්නේ රතු අලි කියලා. (නි)

:       0       0

සුන්දරලිංගම් Sunday, 24 July 2016 12:02 PM

ජේවීපී කාරයෝ සිංහල තරුණ පරම්පරා දෙකක් සමූල ඝාතනය කළා (බ)

:       0       0

රංග Sunday, 24 July 2016 12:08 PM

අනිවාර්යයෙන්ම කවුරු කීවත් ඇත්ත කතාව. ජ.වී.පෙ. ට තියෙන්න ඕන ආණ්ඩු කිරීමේ බලයකුත් නෙවේ කොහොමත්. වෙන්න ඕන ප්‍රධාන පක්ෂ දෙකෙන් තරුණ නායකත්වයන් බිහිවී ඉදිරියට යාමයි. තවමත් විශ්වවිද්‍යාලෙ අවසන් වසරේ මම ඉන්නේ, විශ්වවිද්‍යාල තුළ මෙයාලගේ ප්‍රතිපත්ති බොහොමයක් ක්‍රියාත්මක වෙනවා සහ වුනා.යල් පැන ගිය අදහස් වලින් ඔලු පුරවාගෙන හීන ලෝකයක් මවාගෙන මෙයාල කටයුතු කරන්නේ. බලයක් ලැබුනොත් අනිවාර්යයෙන්ම රට අස්ථාවර වෙනවා නියතයි (බ)

:       0       0

නන්ද Sunday, 24 July 2016 12:29 PM

අතීතය් අවුසන්න ගියොත් ඔය කාගෙ-කාගේත් කිල්ලොටවල හුණු තියෙනවා. ධාතු කරඬුව හිසමත තියාගෙන රඟ දක්වන, බුදුහාමුදුරුවන්ටත් වඩා බුදුබණ දන්නවා වගේ කතා කරන අයගේ පැටිකිරිය රටේ බොහෝ දෙනා දන්නවා, මන්ත්‍රීතුමෝ.. (බ)

:       0       0

ප්‍රගීත් Sunday, 24 July 2016 12:43 PM

අශෝක මහත්මයා 71 කැරැල්ල ඇති වුනේ මොකක් නිසාද කියල වැටහීමක් නැති පාටයි. සමහරවිට ඒ දවස් වල ආණ්ඩු පක්ෂයට වැඩ කරපු කෙනෙක් වෙන්න ඇති. ඒ කෙසේ වෙතත්, අද තියෙන්නේ එදා තිබ්බ ජේ වී පී එක නෙවෙයි කියල ඕනෑම කෙනෙක් දන්නවා. (බ)

:       0       0

රජින්ද Sunday, 24 July 2016 12:48 PM

පලවෙනි ජන්දය ජවිපෙට දාලයි අපිත් දේශපාලනයට නැඹුරු වුනේ. ඒත් අද ජවිපයක් නැහැ. එදා ජවිපෙ ප්‍රතිපත්තීන් අද ඔවුන් පාර්ලිමේන්තුවේ හෝ වේදිකා වල රංග දක්වන විකට වැඩසටහන් නෙවෙයි. ඒවා හදවතට කථා කළා අපව බුද්ධියෙන් විමසන්න හුරු කළා. අවංකවම මේ යන විදිහට ජවිපෙට අනාගතයක් කොහෙත්ම නැහැ තමයි. (බ)

:       0       0

රොහාන් Sunday, 24 July 2016 01:14 PM

සසර වසනතුරු කෙසේ වෙතත් මීළඟ ආණ්ඩුව නම් ජේවීපී තමා (බ)

:       0       0

ක්‍රිෂ්ණා Sunday, 24 July 2016 02:24 PM

අම්මපා බන්දුල විමල් වීරවංස ලඟ ඉඳගන්නේ කොහොමද බං.(රේ)

:       0       0

චන්දන කාරියවසම් Sunday, 24 July 2016 02:48 PM

ජ වී පෙ ඔය කියන තරම් නරකද?(රේ)

:       0       0

චන්දන කාරියවසම් Sunday, 24 July 2016 02:51 PM

හැබැයි බන්දුල කිව්වොත් දෙයක් ඊට විරුද්ධ\n දෙය වෙනවමයි\(රේ)

:       0       0

රංජිත් Sunday, 24 July 2016 03:18 PM

තරුණ තරුණියන් 60,000 ක් මරල පාරවල් ගැනේ පුච්චපු අයත් බලයට ඇවිත් ඉන්න එකේ ජවිපෙට බලයට එන්න නුසුදුසුකමක් නෑ. කරුණා අම්මාන් පසුගිය රජයේ ඇමති කෙනෙක් වෙලා හිටියේ. ඇයි බන්දුලට ඒවා මතක් නොවෙන්නේ (රේ)

:       0       0

ජගත් Sunday, 24 July 2016 03:31 PM

සුන්දරලිංගම් මහතා ජ.ව්.පෙ පරම්පරා දෙකයි නම් ,වර්තමාන පාලකයෝ ගැනත් කෙටි සදහනක් දමන්න.(අ)

:       0       0

මිනිපෙ Sunday, 24 July 2016 03:48 PM

ජේවීපී එක දැන් කැරලිකාර පක්ෂයක් නොවේ. එ්ත් හැම සතියකටම සැරයක් මහා පාරේ උද්ඝෝෂණවලට අනුබල දීමෙන් එහි අගය අඩුවෙලා ගිහින්. දැන් කාලේ මහා පාරේ උද්ඝෝෂණයක් දුටු විට මිනිසුන් එය කුමක් සදහාද කියලවත් සොයා බලන්නේ නැ. (බ)

:       0       0

මාලන් ද සිල්වා-කැනඩාව Sunday, 24 July 2016 03:58 PM

බන්දුල ගුරුතුමෝ සිතිය හැකියි උගන්වන කාලේ කොහොමද කියා හසුරුවන වචන වලින් .කොමියුනිස්ට් වාදය දැන් තුරන් වෙමින් පවතී ,මාද එයට අකමැතිය ,මෙහි පදිංචියට පෙර වෙළඳ නාවික ඉංජිනේරුවෙක් හැටියට ලොව තරණය කර ඇත .(බ)

:       0       0

සුමිත් Sunday, 24 July 2016 04:17 PM

හීනෙන් ගොක්කොළ පේනවාද (බ)

:       0       0

කරුණා Sunday, 24 July 2016 04:46 PM

බන්දුලගෙන් ටියුෂන් ගත්ත අය දැන් පළාත් සබා වල කියන කතා වල හැටියට ඉතින් ගුරාගේ හැටි තේරුම් ගන්න පුළුවන්. (නි)

:       0       0

ප්‍රියා Tuesday, 26 July 2016 02:30 AM

සසර වසනතුරු හොරුන්ට ජවිපෙන් ගැළවීමක්ද නැති බව දැනගෙන මේ කියන්නේ. රට පාලනය කරනවා කියන්නේ පාර්ලිමේන්තු බලය ගන්නවා කියන එකම නොවෙයි නේද? ජවිපෙ භූමිකාව ලාංකීය දේශපානය මත කෙතරම් බලපෑමක් කරනවාද? (නි)

:       0       0

නිහාල් Sunday, 24 July 2016 08:51 PM

ජේ.වී.පි.ය කළේ සේප්පඩ විජ්ජාවක්. නිදහසින් පසු අපේ රට පාලනය කළේ ප්‍රධාන පක්ෂ දෙක පමණයි. ඔවුන්ට උවමනා කළේ ප්‍රධාන පක්ෂ දෙක එක්කරලා රජයක් පිහිටුවන්නයි. ඊටපසු ඔවුන් කරන මහජනවිරෝධී වැඩ පෙන්නා බලය ලබාගැනීමයි. (නි)

:       0       0

අශෝක Sunday, 24 July 2016 10:00 PM

විජේසිංහ මහතාණෙනි, ස්තුතියි. මම ජවිපෙ නායකයෙකුගෙන් ඇහුවා ඔය වෙනස ඇයි ඡන්දයකින් කරන්න හදන්නේ නැත්තේ කියල. ප්‍රතිඵලය මොකද්ද? අහිංසක සිංහල කොල්ලන්ට ජීවිත අහිමි වුණා. ජවිපෙ නායකයෝ ගැන අපි දන්නවා (නි)

:       0       0

වින්සන්ට් Sunday, 24 July 2016 10:20 PM

මා අකමැතිම දේශපාලකයා බන්දුල ගුණවර්ධන මහතාය. අපට කියන්න තියෙන්නෙත් ඒකාබද්ධ විපක්ෂයටත් රජයක් පිහිටුවීමට සසර වසනතුරු හැකිවන්නේ නැත කියාය. (නි)

:       0       0

උපාලි Sunday, 24 July 2016 10:33 PM

කුමාර්, රංජිත් මංජුල, ඔබ සමඟ මමත් එකඟයි. ජ.වි.පෙ. සමහර ක්‍රියා හරි නැහැ තමයි. හැබැයි ඔවුන් නොහිටින්න මේ මහ පක්ෂ ආණ්ඩු දෙකම රට සම්පුර්ණයෙන්ම වනසනවා. හොඳට කරුණු ඇතුව පාර්ලිමේන්තුවේ කතාකරලා රට දැනුවත් කරන්නවත් මහ පක්ෂ දෙකේ මන්ත්‍රීලා නැහැ. (නි)

:       0       0

ටිකිරි බණ්ඩා-නුගේගොඩ Monday, 25 July 2016 01:40 AM

නන්ද, ඔබ හරි. කොටි කාලේදී පාසිකුඩා වෙරළ තීරයක් විතරයි. අද එහෙමද? කොටි ඉවරවෙලා අවුරුදු කිහිපයක් යනකොට ලහි ලහියේ විශාල හෝටල් ඉදිවෙලා. මේ හෝටල් කාගේද? කාගේ මුදල්ද? (නි)

:       0       0

තිලකසිරි Monday, 25 July 2016 01:45 AM

ජවිපෙ කියද්දී සමහරු බයෙන් වෙව්ලනවා කියලා අපි දන්නවා. (නි)

:       0       0

තිලාන් Monday, 25 July 2016 01:43 AM

නියම කෙනානේ රතු එළිය දල්වලා තියෙන්නේ. මට නම් හිනාත් යනවා (නි)

:       0       0

තිලක්-ඩුබායි Monday, 25 July 2016 01:50 AM

රුපියල් 2500 කින් දරු පවුලකට බඩ කට පිරෙන්න කන්න පුළුවන් කියා කී සමහරුන්ගේ ගෙදර ඇති කරන බල්ලාටත් රුපියල් 40,000 කට වඩා මාසෙකට වියදම් යනවා කියලා අපිට ආරංචියි. (නි)

:       0       0

ගුණවර්ධන Monday, 25 July 2016 01:51 AM

හිටපු ඒකාධිපතියාට ආවඩන එක තරම් සැපතක් මට නම් නැහැ. අපේ පරම්පරාවටම නැහැ. (නි)

:       0       0

රෝහණ Monday, 25 July 2016 02:14 AM

වින්සන්ට්ගේ කතාව අනුමත කරමි. මම නාවික හමුදාවේ සිටි කාලයේදී මේ ජේ.වී.පි. අය මගේ යාලුවෙකුගේ අයියාගේ බිරිඳව මරා පිච්චුවා. ( ‍ඒ අයියා එවකට යුධ හමුදාවේ සහ ඒ අක්කා දරුවෙක් ලැබීමට සිටි කෙනෙක්) මට ඕනෑ නම් නම් සහ ස්ථානය සඳහන් කළහැක. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සද්දන්තයෙක් කසල ගොඩේ මියයයි
2024 ඔක්තෝබර් මස 05 74 0

අම්පාර නගර සභාව මඟින් පාලනය කරනු ලබන බුද්ධංගල මාර්ගයේ පිහිටා ඇති කසල ඒකකය තුළ වන අලියෙක් මියගොස් තිබෙන බව ගම්වාසීහු පවසති.


11 දරුපියා පිහි පහරින් මරුට
2024 ඔක්තෝබර් මස 05 257 0

අවුරුදු තුනේ සිට පහළොව අතර වයසේ පසුවන දරුවන් එකොලොස් දෙනකුගේ හතළිස් එක් හැවිරිදි පියකු බිරියගේ සහෝදරයකුගේ පොලු පහරක් වැදී මරණයට පත්වී ඇතැයි රක්වාන ප


ජනපති අමරපුර මහානාහිමි බැහැ දකී
2024 ඔක්තෝබර් මස 05 81 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (05) පෙරවරුවේ වැල්ලවත්ත, අමරපුර මහා නිකායේ සංඝ මූලස්ථානය වෙත පැමිණ කරගොඩ උයන්ගොඩ මෛත්‍රිමූර්ති ශ්‍රී ලංකා අමරපුර


සිසුහු දෙකක් අංගම්මන තොටුපොළට බිලි
2024 ඔක්තෝබර් මස 05 55 0

රත්නපුර අංගම්මන තොටුපළේ අද පස්වරුවේ දියනෑමට ගිය රත්නපුර සුධර්මශාලා පිරිවෙනෙහි 11 වසර සිසුන් දෙදෙනකු ගඟේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි රත්නපුර පොලිස


ජනපති අටමස්ථානාධිපති හිමිවරු බැහැ දකී
2024 ඔක්තෝබර් මස 05 235 0

ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු අනුර කුමාර දිසානායක මහතා ප්‍රථම වරට අද (05)වැනි දා පස්වරුවේ අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් සහ රුවන්වැලි සෑ රදුන


අල්ලස් ගත් ආර්.එම්.වී නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු තිදෙනා රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 05 1126 0

ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මිලට ගත් බස් රථයක ලියාපදිංචිය වෙනස් කර පොත ලබාදීම සඳහා රුපියල් දෙලස්ස පනස් දහසක (250000)අල්ලසක් ලබා ගත්තේ යැයි කියන නාරාහේන්පිට ම


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39074 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25564 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 318 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1077 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 377 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site