IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


බන්දුල අමැතිට දොස්

සන්ධානයේ ජනපති අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතාට සහය දැක්වීම  සඳහා හෝමාගම පැවති රැස්වීමකට අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා නොපැමිණීම කනගාටුවට කරුණක් බව අමාත්‍ය ජෝන් සෙනවිරත්න මහතා කීවේය.

අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ

‘‘හෝමාගම ආසනයේ දේශපාලන තත්ත්වය ගැන රජය  නිරන්තරයෙන් ඇහැ ගහගෙන ඉන්නේ. ආසනයේ කැබිනට් ඇමති කෙනෙක් ඉන්නවා ජ්‍යෙෂ්ඨතම පළාත් සභා මන්ත්‍රී කෙනෙක් ඉන්නවා.පක්ෂ දෙන උපදෙස් අනුව  මේ අය කටයුතු කළ යුතුයි. යමක් සිද්ධවුණාට  පස්සේ එහෙම වුණා කියන එක නෙමෙයි අපි එහෙම නොවෙන්න සැලසුම් කළ  යුතුයි.

අද බන්දුල ගුණවර්ධන ඇමතිතුමා මෙතනට ඇවිත් නැහැ. මම ඒ ගැන කනගාටුවෙනවා.  මම කතා කළා එතුමා සාකච්ඡාවකට ලෑස්ති වෙනවා කිව්වා. මම කිව්වා සාකච්ඡාව නෙමෙයි මේකයි වැදගත් ඒක කල් දාලා මේකට එන්න කියා. එතුමා විනාඩි 5 කින් කියනවා දැන් සාකච්ඡාව පටන් ගත්තා එන්න වෙන්නේ නැහැ කියා.

පක්ෂයේ ප්‍රශ්න තියෙනවා, සංවිධායකයන් අතර ප්‍රශ්න තියෙනවා ඒ කිහිප දෙනෙක්ගේ ගැටුම් නිසා මේ මැතිවරණයක් තියෙන වෙලාවේ ජනාධිපතිට සහයෝගයක් නොලැබුණොත් ඒක ශෝචනීයයි‘‘.

 



අදහස් (0)

බන්දුල අමැතිට දොස්

සනත් Saturday, 06 December 2014 06:49 PM

ගෙම්බෙක් ද දන්නේ නැහැ. (නදී)

:       0       0

සිරි Saturday, 06 December 2014 06:55 PM

යම්දෝ නොයම්දෝ කියලා සිතුනි මට .....(ස)

:       0       0

චන්ද්‍රා වීරසිං Saturday, 06 December 2014 07:15 PM

එන පොට හොඳ නැති බව ඉවෙන් දැනෙනවනේ!! (ස)

:       0       0

ද සිල්වා බර්ලින් Saturday, 06 December 2014 07:22 PM

බන්දුල තුමා කියන්නේ උගතෙක් එතුමාට උපාධියකුත් තිබෙනවා එතුමාට වැටහෙන්න ඇති එතුමා අවොත් තිබෙන ඡන්ද ටිකත් නැතිවෙන බව ,එහෙම නැත්නම් එතුමා හෙට අනිද්දා විපක්ෂෙට පන්නින හිතන් ඉන්නවද දන්නේ නැහැ , කොහොම නමුත් මේ සිද්ධියට ප්‍රචාරයක් දීල ජෝන් වැඩේ ජෝන් බාස්ට යවල (ස).

:       0       0

ඇසිලින්නෝනා Saturday, 06 December 2014 07:44 PM

මම මේ ගණන් හදනවා....අන්දරේ තාම නෑ.... මිස්ටෝර් අන්ද්‍ර්ව් ඉන්නවා. (ස)

:       0       0

නිශාන්ත Sunday, 07 December 2014 08:53 AM

කාලයක් පලු යන්න බැනපු උදවිය, පහල වුන අංක එකේ අධ්‍යාපන අැමති බන්දුල මහත්තයා කියලා අදහස් දාන කකුල් අල්ලලා වදින කාලයක් ඒ්වීද? (දී)

:       0       0

ඇතුගල Sunday, 07 December 2014 08:18 PM

ඒක ඉතින් ඇමතුතිමාගේ කැමැත්ත‍නේ! (නි)

:       0       0

කසුන් Sunday, 07 December 2014 09:05 AM

ඔබතුමාගේ ෆයිල් නැද්ද (දී)

:       0       0

බණ්ඩා Saturday, 06 December 2014 09:31 PM

ගණන් ගන්න එපා හෝදගෙන යනවා (නදී)

:       0       0

ජනක Saturday, 06 December 2014 09:44 PM

ඉතින් බන්දුල ඇමති තුමා ට කලින් යොදා ගත් වැඩේ දාල එන්න බැරිව ඇති. අනෙක රැස්වීම් වල කාලය ගත කරනවාට වැඩිය වෙනත් වැදගත් වැඩ ඇති. (නදී)

:       0       0

සෑම් Saturday, 06 December 2014 10:17 PM

මෙතනදී අඩුවෙලා තියෙන්නේ එක කථිකයෙක් පමණයිනේ. තව ඉදිරියට කථිකයින් සහ ප්‍රේක්ෂකයින් දෙකොට්ඨාශයම අඩුවෙලා රැස්වීමට වේදිකාවයි, සැරසිලි, බැනර් ටිකයි, ආරක්ෂාවට ආ පොලිසියේ කට්ටියයි විතරක් වෙන දවස වැඩි ඈතක නොවේ. (නි)

:       0       0

චානක Saturday, 06 December 2014 10:53 PM

එතුමා කොහේ ගිහිල්ලද? (නි)

:       0       0

සේනක Saturday, 06 December 2014 10:55 PM

අපිට නම් ආරංචි වුණේ වෙන දෙයක්.අනේ මන්දා මේවා නම්... (නි)

:       0       0

මහරුෆ් Saturday, 06 December 2014 10:56 PM

තව ටික දවසකින් විපක්ෂයේ වේදිකාවේත් පෙනීසිටීද දන්නෙ නැහැ මෙහෙම බලද්දී. දැන් සිද්ධවෙන දේවල් දෙස බලද්දී එහෙම වුණත් පුදුම නැහැ අපිට (නි)

:       0       0

ටෙරන්ස් Saturday, 06 December 2014 10:57 PM

මෙතුමාට මොකක්ද දන්නෙ නැහැ තිබුණු මෙච්චර වැදගත් සාකච්ඡාව? (නි)

:       0       0

දිනේෂ් Saturday, 06 December 2014 11:18 PM

අනේ මන්දා මේ ආසනයට මොනවාද වෙන්නේ කියල. 88-89 කාලයේ ටී56 රජ කරා. දැන් ඉතින් ආර්ථික විද්‍යාව වෙන්න ඇති රජ කරන්නේ. මෙයාල නම් එහෙට මෙහෙට පනින ගමන් එයාලගේ ආර්ථිකය බේරගනීවි. අපිට තමයි උඩ බලන් හුලන් බොන්න වෙන්නේ මොකා ආවත්. (නදී)

:       0       0

කිඹුලාපිටියේ Saturday, 06 December 2014 11:32 PM

තමන්ගේ ජානවල ශ්‍රී.ල.නි.ප. ය තබාගන උපන් සහ මුල සිටම පක්ෂය වෙනුවෙන් දස වද වින්ද අයට වඩා "පිටින් ආපු" අය පක්ෂ නායකත්වයට ලොකු වුනා. දැන් ඒකෙ විපාක විඳින්න වෙලා. (නදී)

:       0       0

නිහාල් Monday, 08 December 2014 01:09 AM

ඇත්ත තමයි. එතුමාට යන්න තිබුණා (නි)

:       0       0

පිටබැද්දර ජයා Saturday, 06 December 2014 11:47 PM

සෝචනීයයි කියන්නේ කියල වැඩක් නැහැ. හැබැයි ජනවාරි 8 වෙනිදායින් පස්සේ මේ ලෝකේ වැඩියෙන්ම සතුටු වෙන්නේ අපි. මොකද යහ පාලනයේ පළමු වෙඩි මුරය පත්තු වෙන්නේ එදාට නිසා (නදී)

:       0       0

හසිත් Sunday, 07 December 2014 12:29 AM

ඒ වෙනුවට අර චන්ඩි නෝනව ගෙන්න ගත්තා නම් ඉවරයි. මිනිස්සු බයටම ඡන්දෙ දේවි. (නදී)

:       0       0

සමන්ති Sunday, 07 December 2014 12:40 AM

සාමාන්යෙන් ඔහුගේ ආසනයට එන්න ඉස්සෙල්ලා කතාකරගෙන ආවනම් නේද හොඳ? (ර)

:       0       0

ෆවුස් Sunday, 07 December 2014 11:25 AM

තව දතත්ක්ද දන්නේ නැ.? (ර)

:       0       0

දසුන් Sunday, 07 December 2014 12:41 AM

එතුමා ලංකාවේ නැහැ කිව්වේ.? (ර)

:       0       0

ෆාරුක් Sunday, 07 December 2014 01:24 AM

එතුමා නිවාඩුවකට පිටරට ගියයි කියලා තමයි කියන්නේ.(නදී)

:       0       0

චන්ද්‍රපාල Sunday, 07 December 2014 12:24 PM

මෙතුමාට විභාග ටික හරියට පිළිවෙලට තියාගන්න බැරි වෙලාත් මේ සඳුනි කියන කෙනා දක්ෂකම මනින්නේ පුදුම විදියට. (නදී)

:       0       0

චරිත Sunday, 07 December 2014 12:26 PM

අපොයි ඔව් සඳුනි සමහර තාත්තලා විභාග කටයුතු වලටත් පුතාලා රිය පදවන්නත් හරිම දක්ෂයි. (නදී)

:       0       0

ජනක Sunday, 07 December 2014 12:28 PM

සඳුනි නෝනා දක්ෂකම් ගැන කියන්නේ මෙතුමා රුපියල් දෙදාස්පන්සියෙන් ජීවත්වෙන ක්‍රමය සොයාගත් නිසා වෙන්න ඇති. (නි)

:       0       0

කුමාර් Sunday, 07 December 2014 12:29 PM

අනේ මන්දා මේවා! (නි)

:       0       0

රුවන් Sunday, 07 December 2014 01:41 AM

ඔබතුමාත් පිලිගන්නවා එහෙනම් ප්‍රශ්න තියෙන බව. ඒත් මනුස්සයෙකුට ඇත්ත යුක්තියට කවදා හරි මුහුණ දෙන්න වෙනවා. මේක බුද්ධාගම පවතින රට. (ර)

:       0       0

මුදිත Sunday, 07 December 2014 02:07 AM

බන්දුල ගුණවර්ධන ඇමතිතුමා කියන්නේ ආර්ටික විද්‍යාව හොඳට දන්නා කෙනෙක්. (ර)

:       0       0

සඳුනි Sunday, 07 December 2014 02:20 AM

බන්දුල ඇමතිතුමා දක්ෂයෙක්. හොරෙකුත් නෙමෙයි. ඒ වගේම සම්ප්‍රදායික ශ්‍රීලනිප ඇමතිවරුන්ට වඩා වැඩ කිරීමේ අවස්ථාවත් ලැබුනා. තව මොන ගැටළුද අප්පා. (නදී)

:       0       0

මාටින් Sunday, 07 December 2014 02:30 AM

එයත් පනීවිද ? (නදී)

:       0       0

ජෙහාන් Sunday, 07 December 2014 02:48 AM

අන්තිම මීටින් එකේදී ආප්ප කන්න දුන්නේ නැහැ කියල ඔබතුමාට හොඳටම විශ්වාසද ? (බ)

:       0       0

දිසා Sunday, 07 December 2014 02:55 AM

ඉස්සරහට හොඳ හොඳ සෙල්ලම් මහ ජනතාවට දකින්න පුළුවන් වේවි. (ර)

:       0       0

සසිත Sunday, 07 December 2014 03:09 AM

එයත් යන්නද දන්නේ නෑ සූදානම(දිල්)

:       0       0

ධම්ම Sunday, 07 December 2014 03:59 AM

ඒක නොවෙයි, කෝ මේ උසස් අධ්‍යාපන ඇමතිතුමා? (දී)

:       0       0

සේතන් Sunday, 07 December 2014 04:10 AM

පනිනවන් අනේ දැන් ඉතින් යන තැනකට පනිමු රත්තරන් (බ)

:       0       0

සාරංග Sunday, 07 December 2014 04:34 AM

සාකච්ඡාව විපක්ෂෙත් එක්කද දන්නේ නැහැ...(බ)

:       0       0

සනි Sunday, 07 December 2014 04:36 AM

එයා පනින්නේ නැහැ. මේ වෙලාවේ කේවල් කරලා ආසනය ඇතුලේ තියෙන ප්‍රශ්න විසඳගන්න හදන්නේ. (දී)

:       0       0

දයා Sunday, 07 December 2014 04:39 AM

පොඩ්ඩක්වත් විස්වාස කරන්න එපා (දී)

:       0       0

අකිල Sunday, 07 December 2014 04:41 AM

ඔබතුමා මොකද මේ රැස්වීම් මග හරින්නේ (දී)

:       0       0

සසිකා Sunday, 07 December 2014 04:40 AM

මටනම් මෙතුමා ගැන විශ්වාස නැහැ (දී)

:       0       0

සේන Sunday, 07 December 2014 04:43 AM

ආවත් ගණන් නම් එපා

:       0       0

නිලූප Sunday, 07 December 2014 04:52 AM

මෙතුමා පැන්නා කියලා වැඩක් නැහැ. (දී)

:       0       0

ශාන් Sunday, 07 December 2014 05:15 AM

අපිට නම් ආරංචියි බන්දුල ගුණවර්ධන මහතා පනින්නට පෙර සිතා බලනවා කියල. (බ)

:       0       0

සමීර Sunday, 07 December 2014 05:26 AM

ඔය රැස්වීම තියන වෙලාවේම හෝමාගම ශ්‍රීලංකා නිදහස් පක්ෂ කාර්යාලේ තිබුණා ගෝඨාභය රාජපක්ෂ ආව රැස්වීමක් බන්දුල හිටියේ එතන. (බ)

:       0       0

මොහොමඩ් ඛාන් Sunday, 07 December 2014 05:43 AM

අරය ඇමක් දාලා වගෙයි (බ)

:       0       0

රාජිත Saturday, 06 December 2014 04:54 PM

එතුමාගේ ආසනය නොවැ (දී)

:       0       0

කසුන් Sunday, 07 December 2014 05:48 AM

තමන්ගේ වාසියට පිල් මාරුකරන කිසිම ප්‍රතිපත්තියක් නැති, දිව හැරෙන හැරෙන අතට කතාකරන කිසිවෙකුව විපක්ෂයට ගන්න හොඳ නැහැ. එහෙම අයව ගත්තොත් විපක්ෂයට තියෙන ජනතා ආකර්ෂණය නැතිවෙනවා. (බ)

:       0       0

දාස Sunday, 07 December 2014 03:16 PM

සමීර, බොරු කියන්න එපා (නි)

:       0       0

චමිලා Sunday, 07 December 2014 03:17 PM

කසුන්, අපි එතුමාව විපක්ෂයට ගන්නවාමයි. (නි)

:       0       0

දීපාල් Saturday, 06 December 2014 05:06 PM

ඔබතුමාට මොනවා කලත් යන්න තිබ්බා.... ඔබතුමාගේ ආසනේ නේද (දී)

:       0       0

මේනකා Saturday, 06 December 2014 05:10 PM

මොකාක් හරි වැදගත් වැඩක් තියෙන්න ඇති (දී)

:       0       0

පෙරේරාඉ Saturday, 06 December 2014 05:20 PM

මේ වතාවේදී නම් හැමදේම හොදට සිදු වෙනවා වගේ (දිල්)

:       0       0

සරත් Sunday, 07 December 2014 06:19 AM

එතුම රුපියල් 2500 න් ජීවත් වෙන හැටි හිතනවා (බ)

:       0       0

අමිල Saturday, 06 December 2014 05:27 PM

අලුත් මුණු අලුත් මාවත් අපට තියෙනවා. අපි හැමදාම ඉන්නේ නෑ. ඉන්න ටිකේ ඉන්නේ හොඳ වැඩ කරන කෙනෙක් වෙන්න ඕනේ ඒ කෙනාව ළඟදීම ගේනවා බන්දුල මහත්තයත් එකට හවුල් වෙයි' නැත්නම් අපරාදේ (දිල්)

:       0       0

සිල්වා Saturday, 06 December 2014 05:30 PM

බන්දුල ගුණවර්ධන ඇමතිතුමා පරණ තැනට එන්න හදන්නේ එතුමා දේශපාලනයට පැමිණියේ එක්සත් ජාතික පක්ෂයෙන් දෙසැම්බර 8 වැනිදායින් පස්සේ තවත් අය එන්නයි ඉන්නේ (දිල්)

:       0       0

රන්ජනී Saturday, 06 December 2014 05:33 PM

හෝමාගම ඡන්දෙ පොදු අපේක්ෂකට තමයි (දිල්)

:       0       0

මාතර සුනිල් Saturday, 06 December 2014 05:35 PM

එතුමා සටන බලනවා ඇති (නදී)

:       0       0

සුරේෂ්. Saturday, 06 December 2014 05:37 PM

අනිත් පැත්තට යන අක ගැන සකච්ඡාවක්ද?(නදී)

:       0       0

ටිකිරි බණ්ඩා Saturday, 06 December 2014 05:46 PM

මොන ඇමතිලා උනත් නමට ඇමතිලා. මොකටද අප්පා එහෙම ඇමතිකම්? (නදී)

:       0       0

ටිකිරි බණ්ඩා Saturday, 06 December 2014 05:47 PM

සටනක් නැතිවම සටන ජයග්‍රහණය කරයි වගේ.(නදී)

:       0       0

තිලක් ඩුබායි Saturday, 06 December 2014 05:48 PM

එලි වෙන ජාමෙට හොද හොද සෙල්ලම් කියල කිව්වේ නිකම් නෙමෙයි.(නදී)

:       0       0

රාජමන්ත්‍රී Saturday, 06 December 2014 05:55 PM

මොකද මේ ජෝන් අයිය අඬන්නේ...බන්දුල ලොක්ක පැදුරටත් නොකිය පනින්න හදන්නේ...තේරෙන්නේ නැද්ද..?(නදී)

:       0       0

ක්‍රිෂාන්ත Saturday, 06 December 2014 06:03 PM

බන්දුල ගුනවර්දන ගැන පොඩි පොඩි කටකතා වගයක් යනවා නේ , බලමු එතුමා රට ගැන තීරණයක් ගනී වත් ද ?(නදී)

:       0       0

තිලක් Saturday, 06 December 2014 06:04 PM

දැන් හැමෝම ඉන්නේ වැට උඩ. රට කොට උඩ (නදී)

:       0       0

රොෂාන් Saturday, 06 December 2014 06:07 PM

පැන්නෝ !(නදී)

:       0       0

උපාලි Saturday, 06 December 2014 06:17 PM

ඉතින් මෙයා මොකද ඒ තිබෙනවයි කියන අභ්‍යන්තර ගැන හයියෙන් කියවන්නේ. අභ්‍යන්තර ගැටුමකුත් තියෙනවද බන්දුල ඇමැතිත් එක්ක? (නදී)

:       0       0

ජයන්ත Saturday, 06 December 2014 06:18 PM

ඉදිරියේදී වෙන දේ බලමු. හෙට මෙහාට පනින කට්ටිය බලාගන්න පුළුවන් ඉදිරි සති දෙකේ. (නදී)

:       0       0

වීරසිංහ ප්‍රියන්ත වීරසිංහ Saturday, 06 December 2014 06:20 PM

දැන් ඉතින් ලාහෙට ගෙම්බෝ ඇහිදිනවා වගේ ඇැහිදින්න වෙන්නේ (නදී)

:       0       0

රහීම් Saturday, 06 December 2014 06:38 PM

එන පොට හරි නැහැ වගේ (නදී)

:       0       0

අජිත් කරුණාරත්න Sunday, 07 December 2014 07:50 AM

කෝකටත් හෝමාගමට නව සංවිධායකයෙක් සොයල තියා ගන්න එක සුභයි වගේ. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රජරට සරවියේ නව තාක්ෂණ පීඨය විවෘත කරයි
2024 ඔක්තෝබර් මස 02 517 0

අනුරාධපුර, ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ නව තාක්ෂණ පීඨය විවෘත කිරීම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරත


සවස් කාලයේදී වැස්ස වැඩිවෙයි
2024 ඔක්තෝබර් මස 02 141 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල, සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිබව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හිටපු ඇමැති රොත්තක් තවම රජයේ බංගලාවල
2024 ඔක්තෝබර් මස 02 2063 0

හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් අතුරින් රජයේ බංගලා තවමත් බාරදී ඇත්තේ තිදෙනකු පමණක් බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, අධිකරණ, පළාත් සභා, පළාත



ජිමී කාටර්ට අවුරුදු 100 යි
2024 ඔක්තෝබර් මස 02 2469 0


මැති සබේ හිටපු අය කෑමටත් පොලු තියලා
2024 ඔක්තෝබර් මස 01 3822 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38561 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25378 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 275 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 928 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site