ජනප්‍රිය විකට රංගන ශිල්පී බන්දු සමරසිංහ අනුකරණය කරමින් ඔහුගේ නමින් චිත්‍රපටවල රඟපා ඩීවීඩී තැටි අලෙවි කළැයි කියන ඔහුගේම හැඩරුව ඇති ජනක කුමාර බෝතලේගම (බින්දු) ඇතුළු සිව් දෙනෙකුට එරෙහිව කොළඹ අපරාධ කොට්ඨාසය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට අද (21) චෝදනා ගොනු කළේය.
බුද්ධිමය දේපළ යටතේ තම අයිතිවාසිකම් උල්ලංඝනය කළැයි ‘බින්දුට’එරෙහිව මේ නඩුව පවරා ඇත.
ඔවුනට පෙබරවාරි 14 වැනි දා අධිකරණයේ පෙනී සිටින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා නොතීසි නිකුත් කළේය.
ශ්‍රීමාල් වීරසිංහ,කැළුම් උදයකුමාර,චමින්ද කුමාර රණසිංහ,උදය වර්ණකුලසුරිය සෙසු සැකකරුවෝ වෙති.
2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .
දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ
පුත්තලම දිස්ත්‍රික්කයෙන් මෙවර පිළිගත් දේශපාලන පක්ෂ 24 ක් හා ස්වාධීන කණ්ඩායම් 15 ක අපේක්ෂකයන් 429 දෙනෙක් තරග බිමට එක්ව සිටිති.
මෙවර මහ මැතිවරණය සදහා මාතලේ දිස්ත්‍රික්කයෙන් පිළිගත් දේශපාලන පක්ෂ 17ක් සහ ස්වාධීන කණ්ඩායම් 07ක් සමග නාම යෝජනා පත්‍ර 24ක් ලැබුණූ බවත් ඉන් එක් පිළිගත් දේශප
2024 මහ මැතිවරණය සදහා පිලිගත් දේශපාලන පක්ෂ 20 කින් සහ ස්වාධින කණ්ඩායම් 15 කින් නාම යෝජනා පත්‍ර ඉදිරිපත් කළ බව නුවරඑලිය දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරි නන්දන
වන්නි මැතිවරණ කොට්ඨාසය සඳහා පිළිගත් පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 47 තරඟ කිරීම සඳහා සුදුසුකම් ලබා අැතැයි වන්නි මැතිවරණ කොට්ඨාස තේරීම්භාර නිළධාරි පි.ඒ.සරත්
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
බන්දු අනුකරණය කළ බින්දුට නඩු
ගොඩගේ Tuesday, 22 November 2016 11:29 AM
බින්දු බන්දු කරනු පිණිස බන්දුට රඟපාලා, බින්දු බන්දු පාමුල ළඟ හිටියලු තනිවීලා, මාර්කටින් විජ්ජවක්ද දන්නෙත් නෑ (හේ)
ලලිත් Tuesday, 22 November 2016 03:33 AM
බින්දු මේක කරන්න කලින් නිකමටවත් බන්දුගෙන් ඇහුවේ නැද්ද? (නි)
බමුණු Monday, 21 November 2016 12:11 PM
බන්දු ටිකක් සොයලා බලන්න බිංදු සහෝදරයෙක් ද දන්නෙත් නැහැනේ එහෙමනම් කාටද ආඩම්බර? (හේ)
දර්ශන Monday, 21 November 2016 12:28 PM
මම බන්දු කියල බොරු බන්දු කෙනෙක් බන්දු ගේ ජනප්‍රියත්වයෙන් සල්ලි හෙව්වනම් ඒක වැරදි. නමුත් මෙයා බින්දුනේ. ඒක වගේ අය ඉන්න බැරිද? මේක එම්.ඩී. ධනුෂ්කගේ කතාවට හාත්පසින් වෙනස්. (බ)
රොමේෂ් Monday, 21 November 2016 01:03 PM
බන්දුව අනුකරණය කරන්න හදන බින්දු ගැන දුකයි. මක්නිසාදයත් මේකෙන් වෙන්නේ කුණුහරුප කියමින් විකාරයෙන් දොඩවන තවත් විකට නළුවෙක්යැයි කියාගන්න අයෙක් බිහිවීම පමණයි. කුණුහරුප නැතිව විහිලුමවමින් තම රසියකන්ව සිනහා සාගරවල ගිල්වපු බර්ටි, ඇනස්ලි, සැමුවෙල්, මර්සි වගේ සැබෑ දක්ෂයන්ට අලගුතියන්නවත් මේදෙන්නාට බැහැ. (හේ)
රාධා Monday, 21 November 2016 01:26 PM
කොපිකළ හැක - සමකළ නොහැක (බ)
ධම්ම Monday, 21 November 2016 07:21 AM
බන්දු ඔය විකට රැඟුම් කළාට ඔහු බොහෝ කුසලතාවලින් හෙබි කෙනෙක්. ඔහු දක්ෂ උඩරට පහතරට නැට්ටුවෙක්, බෙරකාරයෙක්, බොහෝ වාදන භාණ්ඩ වැයීමේ, ගායනයේ දක්ෂයෙක්. ඉස්කෝලේ ඉන්න කාලේ ක්‍රිකට් කණ්ඩායමේ නායකයා. ඉතින් මේ බින්දුලා බන්දු අනුකරණය කළාට කමක් නැහැ එහෙත් එය ජීවනෝපාය කරගන්න සීඩී ආදිය ගහන්න යනවා නම් ඒක සදාචාර විරෝධී වැඩක්. (බ)
යහම්පත් නලින් Monday, 21 November 2016 07:58 PM
බන්දු සහ බින්දු එකම මුහුණක් සහ කටහඬක් තිබෙන, එහෙත් බන්දු වාගේ සියල්ල කළ නොහැකි කෙනෙක්. මා සිතන්නේ බන්දු සහ බින්දු අතර යම් සම්බන්ධයක් තියෙන්න ඕනෑ. (නි)
ලුම්බිණි Monday, 21 November 2016 11:28 PM
බන්දු විකට වැඩ අත්හැරලා අනෙක් කුසලතා ගැන අවධානය යොමුකළා නම් කොච්චර හොඳද? (නි)
සාරා Tuesday, 22 November 2016 12:10 AM
ඔය දෙන්නගේ වැඩ වලට හිනායන්නේ ඒ වගේම අයට පමණයි (නි)