IMG-LOGO

2025 අප්‍රේල් මස 23 වන බදාදා


බන්ධනාගාරය අවට ආරක්ෂාව තර කරයි

පස්වරු 2.30

බන්ධනාගාර වහළය මත  රැදී  සිටින රැදවියෝ ඉන් බස්සවා ගැනීමට බන්ධනාගාර ඉහළ නිලධාරී උත්සාහ දැරූවද අද (14) සවස 2.20 වන විටත් රැදවියෝ  එයට එකඟ වී  නොමැත.


සිය ඉල්ලීම් ඉටු කරන තුරු පහළට නොබසින බවට සටන් පාඨ කියමින් ඔවුහු  තවමත් එහි රැදී සිටිති.

 මේ හේතුවෙන් බන්ධනාගාරය අවට පැය 24 පුරා ආරක්ෂාව තර කර  ඇති බව බන්ධනාගාර ආරංචි මාර්ග පවසයි. 

රැඳවියන් බිමට බැස මේ පිළිබඳව සාකච්ඡාවකට පැමිණෙන්නේ ඒ සඳහා අවස්ථාව සලසා දෙන බව  බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝල මහත්මිය ද  මේ වන විට අදාල අංශ දැනුවත් කර තිබේ.

එමෙන්ම ඔවුන්  බිමට බසින තුරු කිසිඳු සාකච්ඡාවකට  සහභාගී නොවනන බවද  අමාත්‍යංශයේ ලේකම්  මංගලිකා අධිකාරී මහත්මිය සඳහන් කළාය.
මේ අතර   කාන්තා රැඳවියන් වහළයට නගින තුරු නිලධාරීන් ඒ පිළිබඳව බලා සිටියාද, මේ පිටුපස වෙනත් යම් සංවිධානාත්මක  පිරිසක් සිටින්නේද යන්න සම්බන්ධවද පරීක්ෂණයක් අරඹා තිබේ.

මේ වන විට බන්ධනාගාරය අවට වනාතමුල්ල, සීවලී පටුමග  ආශ්‍රිත ප්‍රදේශයේ   ආරක්ෂාව තර කර තිබේ.   බොරැල්ල පොලීසිය, බන්ධනාගාර පරිශ්‍රය වටා  මුර සංචාර සේවාවක්ද ක්‍රියාත්මක කර තිබේ. 

එමෙන්ම  මෙම ගැටුම්කාරී තත්ත්වයන් හේතුවෙන් කිසිඳු කාන්තා රැදවියෙකු  නඩු කටයුතු  අධිකරණයට රැගෙන යාමට  මෙම දින  දෙක තුළ  නොහැකි වු බව බන්ධනාගාර ආරංචි මාර්ග පවසයි.

 

පෙ.ව 9.31  -  වැලිකඩ උද්ඝෝෂණය ගැන සොයන්න විශේෂ නිලධාරියෙක්

 

( දිල්රුක්ෂි ග්‍රේරු සහ ජයන්ත සමරකෝන්) 

වැලිකඩ  රිමාන්ඩ් බන්ධනාගාරයේ කාන්තා  රැදවියන්  ආරම්භ කළ උද්ඝෝෂණය සම්බන්ධයෙන්  විධිමත් පරීක්ෂණයක්  කිරීම සඳහා   අධිකරණ අමාත්‍යංශය මගින්  විශේෂ  නිලධාරියකු පත්කර තිබේ.

සිය මුලික අයිතිවාසිකම්  ඉල්ලමින් කාන්තා රැදවියෝ ඊයේ (13) උදෑසන මෙම උද්ඝෝෂණය  ඇරැඹුහ.


මෙම රැඳවියන් වහලය මතට නැග උද්ඝෝෂණයේ යෙදෙන තෙක් එහි කාන්තා නිලධාරිනියන් කුමක් කළේද යන්න මෙහිදී විශේෂයෙන් සොයා බලන බවද අමාත්‍යාංශයේ ලේකම් මංගලිකා අධිකාරි මහත්මිය පැවසුවාය.

මෙම තත්ත්වය වළක්වන්නට මෙතෙක් එම කාන්තා නිලධාරින් අපොහොසත්වීම ගැටළුවක් බවද එම කාන්තා රැඳවියන් වහලයෙන් බසින තෙක් ඔවුන්ගේ ගැටලු පිළිබඳව සාකච්ඡා කිරිමට අමාත්‍යාංශය සුදානම් නැතැයි ද ලේකම්වරිය කීවාය.


 

 



අදහස් (13)

බන්ධනාගාරය අවට ආරක්ෂාව තර කරයි

Mahee Tuesday, 14 August 2018 04:59 AM

ඇමතිනිය තදින් ඉන්න ඕන තවත් කට්ටියක් ඉන්නවා. ඒ තමයි, මොවුන් අවුරුදු ගණන් රිමාන්ඩ් එකේ ඉන්න සලස්වන කට්ටිය. ඒ කියන්නේ, කලට වෙලාවට නඩුවේ පරීක්ෂණ ඉවර කරන්නේ නැති, පුළුවන් තරම් නඩුව කල් දාන්න කටයුතු කරන, හිර දඬුවම් නියම නොවී හිර දඬුවම් විඳින්න සලස්වන වගකිව යුත්තෝ. ඒ වැඩේ නම් මේ කපේදී බැරි වෙයි.

:       2       257

samTuesday, 14 August 2018 07:38 AM

මහී, ඔබ කියන දේ හරි. නමුත් අවාසනාවට නඩු කල්යාමට හෝ පරීක්ෂණ ඉක්මනින් අවසන් නොකිරීමට හේතුව මුළු රාජ්‍ය යාන්ත්‍රනයේම තියන ආකාර්යක්ෂමතාවය මිසක් එක ආයතනයක හෝ දෙකක වරදක් නොවේ. පොලිසිය සහ නීතිපති දෙපාර්තමේන්තුව හැරුණකොට, රස පරීක්ෂණ වාර්තා, රථ වාහන අනතුරු පරීක්ෂණ, අංක, හෝ අයිතිය පිළිබඳ වාර්තා, වෛද්‍ය වාර්තා, දේපොළ පිලිබඳ තක්සේරු වාර්තා සහ ඉඩම් මිනුම් වාර්තා, පරිගණක දත්ත විශ්ලේෂණ වාර්තා වැනි මෙකී නොකී සියලුම දේවල් නඩු පමාවීමට බලපානවා. ලෝකයේ ඉතාමත් අකාර්යක්ෂම රාජ්‍ය සේවා වලින් එකක් වන ලංකාවේ රාජ්‍ය සේවයෙන්, නඩු විභාග පමණක් කාර්යක්ෂම වෙන්න පුළුවන් කමක් නැහැ

:       2       256

RaveendraTuesday, 14 August 2018 11:26 AM

මහී මයා වෙත, ඔබගේ ඉතාමත්ම නිවැරදි අදහස් සමග අපද එකග වන්නෙමු. සමාජයේ වැඩි දෙනෙකු කතා නොකරන මෙන්ම ඉතාමත්ම නින්දිත පැතිකඩක් පිලිබදව සදහන් කර ඇති ඔබගේ අදහස් කාලෝචිත වන බව නැවතත් කිව යුතුය.

:       0       26

ravi Tuesday, 14 August 2018 06:16 AM

හිරගෙවල් සියලු සිතුම් පැතුම් ඉෂ්ට කරන රජ මාලිගාවල් නොවිය යුතුයි. !

:       0       210

kasun Tuesday, 14 August 2018 07:03 AM

ඇමතිනිය ගන්නන් දාන්නේ හිරකරලා ඉන්න කාන්තාවන්ට. පුළුවන් නම් දුෂිතයනට තදින් ඉදල පෙන්නන්නකො

:       157       254

අසරණයා Tuesday, 14 August 2018 09:38 AM

මේ වරදට නැවත දඩුවම් දිය යුතුයි.

:       8       87

sena Tuesday, 14 August 2018 10:01 AM

මේ ඔක්කොම වෙන්නේ දුෂිත නිලධාරීන් නිසා.

:       0       85

Kumar (Gulf) Tuesday, 14 August 2018 10:32 AM

මඩුවලිගය නැද්ද මෙයාලට පොඩි සංග්‍රහයක් කරන්න?

:       0       5

tommy Tuesday, 14 August 2018 11:03 AM

මේ අයගේ අනිකුත් ඉල්ලීම් කෙසේ වෙත්තත්, නඩු කල් යවමින් වසර ගණන් රිමාන්ඩ් භාරයේ සිටීමට සිදුවීම ගැන විරුද්ධ වීම සාධාරණ ඉල්ලීමක් යයි සිතමි. නීති පද්ධතියේ ප්‍රමාදයක් නිසා යම් කෙනෙක් මාස 6 කට වඩා රිමාන්ඩ් භාරයේ සිටීමට සිදුවුනොත්, එයට සාධාරණ පිලියමක් ලෙස, එම තැනැත්තා නිදහස් විය යුතු යයි නීති සම්පාදනය කල යුතුයි.

:       26       7

aravindaTuesday, 14 August 2018 03:42 PM

ටොමී නිවැරදි යයි සිතමි. රිමාන්ඩ් භාරයේ සිටින සැකකරුවෙකුගේ නඩුව හයමසක් වැනි සාධාරණ කාලයක් තුල අසා නිම කල යුතු වන අතර, රටේ නීති පද්ධතියට එවැනි දෙයක් කල නොහැකි නම්, එවැනි සැකකරුවෙකු නිදහස් කිරීමේ වරදක් නැහැ. මෙය සෑම පුරවැසියෙකුගේම මුලික අයිතිවාසිකමක් විය යුතුයි.

:       0       2

amila Tuesday, 14 August 2018 11:41 AM

මේ රටට වැඩදායි මිනිස්සු නෙමේ අපරාධ කරලා හිරේ ගිය අය. මෙයාලා නැති උනා කියල රටට ලාබයක් මිසක් කිසිම පාඩුවක් නෑ එක නිසා ගණන් එපා. මෙයාලව දැක්කේ නෑ වගේ තම තමන්ගේ එදිනෙදා වැඩ කරගෙන යන්න. බඩගිනි වුනාම එක්කෙනා දෙන්නා බැහැලා ඒවි.

:       0       0

pali Tuesday, 14 August 2018 01:11 PM

මෙය නරක අාදර්ශයක් වහාම අවම බලය පාවිච්චිකර බිමට ගෙන වෙනත් සිරගෙවල් වලට යැවිය යුතුය

:       0       0

Nandalal DE SILVA - France Tuesday, 14 August 2018 04:26 PM

මේ අයට වහලට නගින්න ඉනිමගක් සැපයු අය ලවාම ඔවුන් පහලට බස්ස ගන්න බැරිද? මහල් නිවාසවල මෙවැනි හදිසි තත්වයක් ඇතිවූ අවස්ථාවලදී "ගිනි නිවන හමුදා භටයන්" භාවිතා කරන ක්‍රමය මෙහිදී අත්හදා බැලීම කාලෝචිත වෙන්නත් පුළුවන්. බන්ධනාගාරය තුල තිබෙන වැහි පීලි වලට දැලක් සවිකර, ගිනි නිවීමට යොදන අධිපීඩන නළයක් ඔවුන්ට එල්ල කර, වහල දිගේ පහලට රූටා, දැලට වැටෙන්න සලස්වන්න. එකෙක් දෙකෙක් දැලට වැටෙනකොට අනෙක් අය ඉනිමගක් මගින් සාමකාමිව පහලට එනවා නියතයි ! උත්සහ කරලා බලන්න, ප්‍රතිපලය සහතිකයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

කුඩ්ඩා මාර්ටින් වික්‍රමසිංහ නිවෙසින් ඉස්සූ රනින් කළ රුවල 7000 විකුණලා
2025 අප්‍රේල් මස 22 479 0

මහ ගත්කරු මාර්ටින් වික්‍රමසිංහ මහතාගේ පුතා ජීවත් වූ කොළඹ 07 නිවසේ තිබූ රන් ආලේපිත මිල කළ නොහැකි කෞතුක භාණ්ඩයක් වූ රුවල් නැවක් සොරකම් කළේ යැයි කියන සැකකර


රන් පවුමක් 255,000 ක් වෙයි
2025 අප්‍රේල් මස 22 242 0

ලෝක වෙළෙඳපොලේ රත්තරන් මිල ඉහළ යෑමත් සමඟ කොළඹ හෙට්ටිවීදිය රත්තරන් වෙළෙඳපොලේ කැරට් 22 ක රත්තරන් පවුමක මිල අද (22) පස්වරුව වන විට රුපියල් 255,000 ක් දක්වා ඉහළ ගිය


ඇමති වාහන දෙකකට සීමා කරයි
2025 අප්‍රේල් මස 22 332 0

අමාත්‍යවරයකුට පාවිච්චි කළ හැකි රජයේ වාහන සංඛ්‍යාව දෙකකට සීමා කරමින් ජනාධිපති ලේකම්වරයා විසින් චක්‍රලේඛයක් නිකුත් කර ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචි ම


සිසුන් පහරදී සිසුවා මරලා
2025 අප්‍රේල් මස 22 983 0

පූජාවකට සහභාගි වී සිටි සිසුවකු කඩිහාගම ප්‍රදේශයට රැගෙන ගොස් පහරදීමෙන් බරපත තුවාල ලබා කුරුණෑගල රෝහලේ ප්‍රතිකාර ලැබූ සිසුවා අද දහවල් මියගිය බව පොලිසිය


පාස්කු විමර්ශන වලින් මූලික ගැටලු දෙකක් විසඳා ගත්තා
2025 අප්‍රේල් මස 22 551 0

පාස්කු ප්‍රහාරය සම්බන්ධව විමර්ශනවලදී නිරාකරණය කරගත යුතු ප්‍රධාන ගැටලු හයෙන් දෙකක් මේ වන විට නිරාකරණය කරගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහත


ඩෑන් ප්‍රියසාද්ට වෙඩි තබයි
2025 අප්‍රේල් මස 22 3745 0

සමාජ ක්‍රියාකරුවකු වන ඩෑන් ප්‍රියසාද් නමැත්තාට මීට සුළු වේලාවකට පෙර නාඳුනන තුවක්කුකරුවකු එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ දැඩි


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 596 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 306 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 462 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site