බිඟුන් මේනක ගමගේ
බන්ධනාගාර ගතව ජම්පරය අඳින භික්ෂූන් වහන්සේලා 15 නමක් හා අන්‍යාගමික පූජකවරුන් තිදෙනෙකු සිටින්නේ යැයි ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති නීතිඥ යූ.ආර්. දි සිල්වා මහතා ‘ලංකාදීප’ යට පැවැසීය.
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ද මේ වනවිට ජම්පරය ඇඳගෙන සිටින්නේ යැයි කී හෙතෙම නීතියට අනුව එහි කිසිදු වරදක් නැතැයි අවධාරණය කළේය.
බන්ධනාගාරතව සිටින්නෙකු අභියාචනා පෙස්සමක් ගොනු කළ විට ඊට අදාළව ඇප නියෝගයක් ලද හොත් සාමාන්‍ය ඇඳුමකින් සැරසීමට අවස්ථාව උදාවන්නේ යැයි ද සිල්වා මහතා කීවේය.
යූ.ආර් ද සිල්වා මහතා මෙම අදහස පළ කළේ ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් බන්ධනාගාරයේදී ජම්පරය ඇඳීම සම්බන්ධයෙන් විවිධ පාර්ශව වලින් මතු කරන අදහස් සම්බන්ධයෙන් කළ විමසුමකට පිළිතුරු දෙමිනි.
ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති නීතිඥ යූ.ආර්. දි සිල්වා මහතා එහිදී මෙසේ ද පැවැසීය.
අපේ නීතිය හැටියට දඬුවම් වර්ග දෙකක් ලබාදිය හැකියි. ඒ, බරපතල වැඩ ඇතිව හා බරපතල වැඩ නැතිව කියායි. මේ ආකාරයට දඬුවමක් පැන වූ විට අභියාචනා කිරීමේ අයිතිය තිබෙනවා. මහේස්ත්‍රාත් අධිකරණයක නම් අභියාචනා පෙස්සමක් හදලා එය අභියාචනාධිකරණයට ආමන්ත්‍රණය කර මහේස්ත්‍රාත් අධිකරණයට ගොනු කළ යුතුයි.
ඒ ගොනු කළ වහාම ඇප පනතේ ප්‍රතිපාදන පරිදි මහේස්ත්‍රාත්තුමා ඇප නියමයක් කළ යුතුයි. එහිදී ඇප නියමයේදී ඇප දීමට හෝ නොදීමට එතුමාට අභිමතානුසාරී බලයක් තිබෙනවා. වරදේ බරපතලකම හෝ වන්දිකාරක තත්ත්වය සමඟ මේ පුද්ගලයාගේ පූර්ව ක්‍රියාකලාපය බලා ඇපදීම හෝ නොදීම කළ හැකි බව ඇප පනතේ සඳහන් වෙනවා. යම් පුද්ගලයකුට දඬුවමක් නියම කළ ක්ෂණයෙන්ම ඔහු හෝ ඇය බන්ධනාගාර අධිකාරිවරයාගේ යටතට වැටෙනවා. ඒකට වෙන මොන නීතියවත් බලපාන්නේ නෑ.
සිර දඬුවමක් නියම වූ කෙනෙකුට ඒ වනතුරු අභියාචනයක් ගොනු කර නැතිනම් ඒ තැනැත්තාට ජම්පරය අන්දනවා. ඒ තැනැත්තාට එතැන් සිට සිර දඬුවම ක්‍රියාත්මක වෙනවා. අභියාචනා පෙස්සමක් ගොනු කරලා ඒ සම්බන්ධයෙන් නිවේදනයක් බන්ධනාගාරයට පැමිණෙන තුරු ඔහු ජම්පරය ඇඳිය යුතුයි. අභියාචන සිරකරුවෙකු හැටියට බන්ධනාගාරයට පැමිණි අයෙකුට සාමාන්‍ය ඇඳුම අඳින්න පුළුවන්. අභියාචන සිරකරුවකුට සාමාන්‍ය සිරකරුවෙකුට පරිදිම සතියකට වරක් අමුත්තන් මුණ ගැසිය හැකියි. එහෙත් ජම්පරය අඳින දඬුවම් විඳින අයට මාසයකට වරයි.
මේ ආකාරයට මේ වනවිට හාමුදුරුවරු 15 නමක් සිටිනවා. හින්දු, ක්‍රිස්තියානි හා මුස්ලිම් ආගමික පූජකවරුන් ද එක් අයෙකු බැගින් සිටිනවා. ඒ ඔක්කොම ජම්පරය ඇඳගෙන සිටිනවා.
ඊට අදාළ ඇප නියෝගය සම්බන්ධයෙන් විමසීම 22 වැනිදාට කල් තබා තිබෙනවා. එම නියෝගය ලද විට ජම්පරය ඉවත් කර සාමාන්‍ය ඇඳුමට යන්න පුළුවන්. මේක සරල දෙයක්. අපේ නීතියේ හැටියට බන්ධනාගාර ගතව දඬුවම් විඳින හිමිවරුන් ඉන්නවා. අගමැති බණ්ඩාරනායක මහතාගේ ඝාතනයට වැරදිකරු වී බන්ධනාගාර ගත කළ තල්දූවේ සෝමාරාම හිමි ක්‍රිස්තියානි ආගමට හැරුණා.
ඒ නිසා ඔහුට මේ ඇඳුම සම්බන්ධයෙන් ප්‍රශ්නයක් ආවේ නෑ. නමුත් බුද්ධරක්ඛිත හිමියන් ඒ ඇඳුම ඇන්ඳා. ඔහු සම්බන්ධයෙන් ප්‍රශ්නයක් ආවේ නෑ. බන්ධනාගාරයේදී ආගමික ඇඳුම් අඳින්න බෑ. සියලුම සිරකරුවන් සැලකෙන්නේ සමානයන් හැටියටයි යනුවෙන් ද පැවැසීය.
ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් ගුවන්තොටුපොළෙහි දී ශ්‍රී ලන්කන් ගුවන් සේවය සඳහා බිම් මෙහෙවර සේවා සැපයීමේ කොන්ත්‍රාත්තුව පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබ
ශ්රී ලංකාවේ බලශක්ති, සංචාරක, විදේශ ආයෝජන සහ විදේශ රැකියා යන ක්ෂේත්‍රවලට ප්‍රමුඛත්වය ලබා දෙමින් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා වැඩි දියුණු කරගන්නා බව එක්සත
රිය අනතුරකින් පසුව පුද්ගලයෙකුට පහරදී බරපතල තුවාල සිදු කළේ යැයි කියන යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්චුනා රාමනාදන්ට සැප්තැම්බර්
හැටන් දික්ඔය නගර සභාව යටතේ පාලනය වන හැටන් විල්ෆ්‍රඩ්පුරට පිවිසෙන මාර්ගය ප්‍රතිසංස්කරණය කරමින් සිටින අවස්ථාවේ හැටන් දික්ඔය නගර සභාවට තරග කරන ප්‍රධා
ඉදිරි මාස හතරහ මාරක කාලය සඳහා ප්‍රමාණවත් ඉන්සියුලින් තොග රජය විසින් බෙදා හැර අවසන් බැවින් ඒ සම්බන්ධයෙන් අනියත බියක් ඇතිකර නොගන්නා ලෙස කැබිනට් මාධ්‍ය
චීන මහජන සමූහාණ්ඩුවේ ෂැංහයි නාගරික මහජන කොංග්‍රසයේ (SCSMPC) ස්ථාවර කමිටුවේ උප සභාපති ෂැං ක්වාන් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නියෝජිත පිරිසක් කථානායක වෛද්
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
’බන්ධනාගාරයේ ජම්පරය අදින භික්ෂුන් 15 ක් ඉන්නවා’ - නීති සංගමයේ සභාපති
sirimal Tuesday, 19 June 2018 09:35 AM
ඉන්නවා.. ඉන්නවා.. කවුද නැහැයි කිවේ? ඒ උනාට ඒ අතරින් ආණ්ඩුව අප්‍රසාදයට පත් කරන්න උපයෝගී කරගන්න පුළුවන් කෙනෙක් ඉන්නේ එක්කෙනයිනේ. එකනේ මේ ජංජාලේ.
anjana Tuesday, 19 June 2018 09:58 AM
කරුණාකරලා ලොයෙර්ස් ලට වාහන බලපත්‍රය ලබාදීමට රජයට බල කරන්න
roshan Tuesday, 19 June 2018 10:51 AM
"ආණ්ඩුව අප්‍රසාදයට පත් කරන්ඩ" කිව්වේ ..... දැන් ආණ්ඩුවට පුදුම ප්‍රසාදයක්නේ තියෙන නිසා වෙන්ඩ ඇති
iranth Tuesday, 19 June 2018 11:09 AM
චීවරයට අපි වන්දනා කරනවා චීවරයේ ගෞරවය රැකීම කාගේ වගකීමද
Raveendra Tuesday, 19 June 2018 11:23 AM
ඇන්දත් " කබා "බොරුවත් ඇත්තක් ලෙස කියන්නේ.... අම්මා පැමිණියත් මුදලට මිස නැත කට ඇරෙන්නේ... බලයත් පාටත් සමගින් තරාදියත් වැනෙන්නේ... කවදා ඉතින් නෙත් සගලම බැදෙන්නේ,...
Jayantha Tuesday, 19 June 2018 12:14 PM
භික්ෂූන් වහන්සේලාට විතරද ඔය ජම්පරය ඇඳගෙන ඉන්න ප්‍රශ්නේ ? එතොකොට අනිත් පූජකවරුන් ඇන්දට කමක් නැද්ද ? කාටද කියන්නේ?
Darshana Tuesday, 19 June 2018 12:20 PM
රට ජාතිය ආගම ගැන කථා කරන්න ගිහින් අද කාලේ වෙන දේ....
sarath R Tuesday, 19 June 2018 01:28 PM
ජම්පරය ඇන්ඳ කීදෙනෙක් පාර්ලිමේන්තුවේ ඉන්නවද ?
sirimal Tuesday, 19 June 2018 01:40 PM
රොෂාන් දරන මතය පිලිබඳ ගැටළුවක් නැහැ. නමුත් රට පුරා මෙවන් මතයක් ගොඩ නැගීමට සමත්ව ඇත්තේ කෙලෙසද කියා සිතා බැලීමේදී වෙනත් හේතූන් පිළිබඳවද කරුණු පැහැදිලිව පෙනෙන්නට තියෙනවා. මේ රජය වැඩ කලේ නැතුවා නෙවේ. ඒවා මහජනතාව අතරට ගෙනයනු වෙනුවට මහින්ද රාජපක්ෂට හිතවාදී මාධ්‍ය ආයතන විසින් නිරන්තරයෙන් ගෙනයන විවේචන සහ තෝරා බේරාගත් පුද්ගලයින්ගේ අදහස් දැක්වීම් නිතර ප්‍රචාරය කිරීමේ හේතුවෙන් තමා මෙවන් මහජනමතයක් ගොඩනැඟී ඇත්තේ. අද මහින්ද පාලනය පැවති කාලයට වැඩිය මාධ්‍ය නිදහසක් ඇතිබව පිළිගත යුතුයි. අද පොදුවේ රටපුරා දරන මතය තමා " බැඳුම්කර" කියන්නේ "මහබැංකු කොල්ලය" බව. නැද්ද? රොෂාන්ගේ මතය පිටුපසින් තියෙන්නෙත් මේදේවල් තමා.
singapuli Wednesday, 20 June 2018 01:47 AM
අනේ සිරිමලෝ ඔච්චර මොකද ජහ පාලනයට කඩේ යන්නේ.වැරදි පෙන්නේ නැත්ද?ඇලෝසියස් කීයක් දුන්නද? ලැජ්ජාවේ තරම මාධ්‍ය ගැනත් කියනවා.රටත් ශාසනයත් ගැන හිතුවොත් නරකද?