(අංජුල මහික වීරරත්න)
අධිකරණය මගින් දෙනු ලබන තීන්දුවකදී සිර භාරයට පත්වන ඔනැම කෙනෙකුට බලපාන නීතිය බන්ධනාගාර පනතේ පැහැදිලිව සඳහන් වී ඇතැයිද ඒ අනුව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය යටතේ පවතින බන්ධනාගාර දෙපාර්තුමේන්තුව ක්‍රියා කළ යුත්තේ බන්ධනාගාර පනතට අනුකුලව යැයිද අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය මහාචාර්ය කොට්ටපිටියේ රාහුල කොට්ටේ ශ්‍රී කල්‍යාණි සමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනු නාහිමියන්ට ලිපියකින් දන්වා ඇත.
ස්වාමින් වහන්සේ නමකගේ චීවරය ඉවත් කිරීම සම්බන්ධයෙන් පුර්ණ අයිතිය එම හිමිකම අයත් නිකායට හෝ අදාල ස්වාමීන්වහන්සේට තිබෙන බවත් ඒ පිළිබඳව කිසිම රජයකට හෝ රටේ පාලකයකුට හෝ රජය නියෝජනය කරන පාර්ශවයකට අයිතියක් නැති නමුත් ස්වාධීන අධිකරණයක් තුල රටේ සියලුම පුරවැසියන් වශයෙන් රටේ පවතින නීතියට අවනතව කටයුතු කිරීමට ගරු කිරීමට බැඳි සිටින බව අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය යැවු ලිපියේ සඳහන්ය.
සිරගතව සිටින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීම සම්බන්ධයෙන් මහාචාර්ය කෝට්ටපිටියේ රාහුල අනු නාහිමියන්ට අධිකරණය හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යංශයට යැවු ලිපියකට පිළිතුරු ලෙස අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය මෙම ලිපිය යවා තිබේ.
ආපදා කළමනාකරණයේදී ආයතන ව්‍යුහ ශක්තිමත් කිරීම පමණක් ප්‍රමාණවත් නොවන අතර බිම් මට්ටමට විසඳුම් ගෙන යාමේ යාන්ත්‍රණ ඇති කළ කළ යුතු බව ජනාධිපති අනුර කුමාර
පසුගිය රජයේ අමාත්‍යවරයකු නීති විරෝධී අයුරින් අත්සන් කරන ලද E-8 වීසා ගිවිසුම නිසා වසර 20ට අධික කාලයක් පුරා විශාල ශ්‍රි ලාංකික තරුණ පිරිසකට හිමිවූ E-9 වීසා කා
සමනල වැව ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාවත් සමඟ සමනල වැව ජලාශයේ ජල මටිටම මෙිි දිනවල ඉහළ ගොස් තිබේ.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නව අමාත්‍යාංශ ලේකම්වරුන් දෙදෙනෙක් පත් කරනු ලැබ තිබේ.
මුළු ලංකාවෙන්ම 10 වන ස්ථානයට මනාප හිමිකර ගත් තමාට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් ලබා දෙන්නැයි සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් හිටපු මන්ත්‍රී තුෂ
උඩරට දුම්රිය මාර්ගයේ හාලිඇල සහ උඩුවර දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයට අද (25) දහවල් ගල්පර්වත පස්කදු කඩා වැටීමෙන් බදුල්ල කොළඹ කොටුව දුම්රිය ධාවනයට බාධා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
‘බන්ධනාගාර නීතීය කාටත් පොදුයි‘
piyal Wednesday, 20 June 2018 07:08 AM
එතකොට තෝරාගත් පිරිසකට විරුද්ධව පමණක් ඇති චෝදනා විභාග වන්නේ මොන නීතියකට යටත්වද ?
de silva Wednesday, 20 June 2018 07:12 AM
අධිකරණ ඇමති තුමියගේ පැහැදිලි කිරීම සාධාරණය , එහෙම නැතුව ෆොන්සේකා හිරේ ගියහම හමුදා නිල ඇඳුමත්, රන්ගජිව පොලිස්පරික්ෂක තුමා පොලිස් නිල ඇදුමත්, දැනට බන්ධනාගාර ගතව සිටින බන්ධනාගාර අධිකාරී එමිල් බන්ධනගාර නිල ඇදුමත්, මන්ත්‍රීලා මන්ත්‍රී ඇදුමත් , පෙරකදෝරුවෝ කළු කබාත් දොස්තරලා දොස්තර කබාත් හාමුදුරුවෝ සිවුරත් හිරේදී ඇන්දොත් හිර කාරය කවුද ? නිලධාරියා කවුද ? ඔවුන් බලන්න එන අමුත්තා කවුද යන්න , හිර ගෙදර ආරක්ෂක නිලධාරීන්ට තොරා බේරගන්න බැරිවේ. එහෙම වුනොත් හිරකාරයන්ට කිසිම කරදරයකින් තොරව හිරෙන් පැන යන්න පුළුවන් වේවි.
ehlaWednesday, 20 June 2018 09:25 AM
හිරෙන් පනින්න යුනිෆෝම් ඕනේ නෑ . බරපතල වැරදි වලට හිරේ යවපු ගොඩක් අය හොර පාරෙන් එලියට ඇවිත් රටෙනුත් පැනල . පැනල යනකොට ජම්පරේ ඇදන් යන්නේ නෑ..............
Bamunuarachchi Wednesday, 20 June 2018 07:14 AM
මුස්ලිම් කාන්තාවන්ට බුර්කාව ඇඳගෙන උසාවියේ පෙනී සිටින්න පුලුවන්නම්. මුසේල්මානුවන්ට හිස්වැස්ම දාගෙන උසාවියේ පෙනී සිටින්න පුලුවන්නම් කාටත් පොදු කියන නීතිය මුස්ලිම්වරුන්ට වලංගු නැද්ද ? බන්දනාගාර නීතිය බන්දනාගාරයට පොදුයි භික්ෂු විනය භික්ෂූන් දැන් තමයි ගැටුම පැන නැගුනේ දැන් බලමු විසඳෙන්නේ කොහොමද කියලා. මෙරටේ සස්කෘතියට හරියන විදිහට නීති සැදී තිබුනානම් ඔය ප්‍රශ්න එන්නේ නැත. කොහෙන්වත් ආපු රෝමලන්දේසි නීතිය තමයි අපිට තිබෙන්නේ. උඩරට විවාහ නීති මුස්ලිම් විවාහ නීති වෙනස්. එහෙනම් ඇයි මේ නීති වෙනස් කොරන්න බැරි.
asad Wednesday, 20 June 2018 08:09 AM
අනේ මන්ද නොදැනුවත් කමද මෝඩ කමද කියලා. මෙතන සදහන් වෙන්නේ උසාවියේ පෙනීසිටින ආකාරය නොව බන්දනාගාරය තුලදී සිටිය යුතු ආකාරයයි.
BamunuarachchiWednesday, 20 June 2018 11:03 AM
මේ කතා කරන්නේ බන්ධනාගාරයේ හෝ උසාවියේ හෝ වේවා නීතිය කියන සංකල්පය ගැනයි. මම කියන්නේ නීතිය ආගම් අනුව මිනිසුන්ට බලපාන ක්‍රමය වෙනස්. මේ රටතුළම මුස්ලිම්වරුන්ට නීතිය බලපාන විදිහයි, බෞද්ධයාට බලපාන විදිහයි වෙනස්. එ්ක පිළිගන්න ලැහැස්ති නැද්ද? ඒ වෙනස ආගම නිසා ඇතිවූවක්. එහෙම නම් බුද්ධාගමේ හැටියට භික්ෂු චීවරය ඉවත් කරන්න ජේලරයාට අයිතියක් නැත. මුසල්මානුවාගේ ආගම් අනුව නීතිය ඔවුනට වෙනස් වනවා නම් ඇයි බෞද්ධ රටේ භික්ෂුවක් නිසා නීතිය වෙනස් නොවන්නේ? මේක බෞද්ධ ජනතාවම ඇසිය යුතු ප්‍රශ්නයක්...
INDIKAWednesday, 20 June 2018 11:06 AM
හරි... එතකොට හිරේට ගිය මුස්ලිම් කාන්තාවෝත් ඒ ඇඳුම අදිනවද?
asad Wednesday, 20 June 2018 12:50 PM
බන්ධනාගත කර සිටින මුස්ලිම් වේවා!!! බෞද්ධ වේවා !!! සැමට එකම නීතිය ක්‍රියාත්මක විය යුතුයි.. වෙනස් නීති ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් මටත් තියෙන්නේ විරුද්ධත්වයක්... රටක නීතියට සෑම පුරවැසියෙක්ම යටත් විය යුතුයි. අනික බමුණුආරච්චි මහත්තයෝ බන්ධනාගාරගතකර ජම්පරය ඇඳගෙන ඉන්නේ මේ අදාළ අය පමණක් නොව... අනෙක් පූජ්‍ය පක්ෂයේ අයටත් ජම්පරය අන්දන කොට ඔය මහත්වරු කොහෙද හිටියේ.? මෙතැන තියෙන්නේ ඒ ගැන ගැටලුවක් නෙවෙයි පරාජිත දේශපාලකයන්ට කඩේයෑම පිළිබඳවයි...
naushiWednesday, 20 June 2018 09:56 AM
කොහෙද? යන්නේ මල්ලේ පොල්
සේනක Wednesday, 20 June 2018 11:33 AM
ගණන් ගන්න එපා.. සමහර වෙලාවට මෙයාට වයර් මාරු වෙනවා.
tommyWednesday, 20 June 2018 12:01 PM
රෝමලන්දේසි නීතියට පෙර ලංකාවේ තිබුන රාජ නීතිය තිබුන නම්, මෙලහකට හුග දෙනෙක් වැවේ ගිල්වලා මැරීම, අලි ලවා පෑග වීම, පුවක් ගස් වල බැඳ දෙකට ඉරා දැමීම, වංගෙඩිය දාල කෙටීම, හිස ගසා දැමීම සහ අත්, පා, කන්, නසා වැනි දේවල් කපා දැමීම ආදී දඬුවම් වලට යටත් වෙලා.
PerumalWednesday, 20 June 2018 12:02 PM
මේ ඔක්කොම අවුල සිර දඬුවම් දීම නිසානෙ.
චම්පික Wednesday, 20 June 2018 07:21 AM
භික්ෂු දේශපාලනය නිසා පිරිහෙන්නේ බුදුසසුන.......
sam Wednesday, 20 June 2018 07:34 AM
මේ ප්‍රශ්න ඔක්කොටම හේතුව මහා නා හිමි වරුන් හා අධිකරණ සංඝනායක හිමිවරුන් ශාසන ලැදිව තමන්ට අයිති කාර්යය නොපැකිලව ඉටු නොකිරීමයි .
Senaka Wednesday, 20 June 2018 07:39 AM
කිසි කෙනෙක් නීතියට ඉහලින් නොසිටි. බුදුහාමුදුරුවෝ මේ බව කියා ඇත. චීවරයට ප්‍රථමයෙන් ගරු කල යුත්තේ එය අඳින හාමුදුරුවෝ චීවරයට නිගරු කරමින් නීතිය අතට ගැනීම පහත ක්‍රියාවකි. චීවරය ජාතිවාදය අවුස්සමින් ජනතාව නොමග යෙවීමට පාවිච්චි කරන්නන්න්ට දඬුවම් කල යුතුය.
රියාස් Wednesday, 20 June 2018 12:33 PM
ඔව් හැමදේටම ඇගිලිගහන්න නැතුව හිටියනම් ඉවරයිනේ. මුස්ලිම්වරුන්ටත් හරියට කරදරයි. හාමුදුරුවන්ගේ වැඩේ භාවනා කරන එකනේ.
lalithsjm Wednesday, 20 June 2018 07:44 AM
ස්වාධීන අධිකරණයක් මෙතුමිය මේ රටට ලබා දීලා.
Ravi Wednesday, 20 June 2018 07:53 AM
මමත් කොහෙත්ම කැමති නෑ හාමුදුරුවරු දේශපාලනය කරනවට.
විනය Wednesday, 20 June 2018 07:56 AM
රට හදන පළමු පියවර , ආගමික නායකයින් විනයේ පිහිටුවීම. විනය ට මුල් තැන
Sunil Wednesday, 20 June 2018 07:58 AM
බන්ධනාගාර නීතියද එහෙම නැතිනම් බන්ධනාගාර සැප හෝටලේ නීතියද?
Samathasena A . Aluthgama Wednesday, 20 June 2018 08:03 AM
" නීති ගරුක සැම නීතිය රකීවී " " නීතිය විසින් ඒ අයවද රකීවී " " නීති කඩන අය ඒ ලෙස නොවේවී " " එවන් අයට ජම්පරයම ලැබේවී "
emerson Wednesday, 20 June 2018 08:06 AM
බන්දනාගාර නිතිය කාටත් එකනම් දේශපාලුවෝ විතරක් බන්ධනාගාර ගතවුණු ගමන් කොහොමද රෝහල් ගතවෙන්නේ.?
සනත් Wednesday, 20 June 2018 08:45 AM
භික්ෂුත්වයට නිඟා සිවුර ගලවා වෙනත් ඇඳුමක් ඇන්දවීම ගිහියන්ට අයිති කාර්යයක් නොවේ.
Lal Wednesday, 20 June 2018 09:20 AM
මේ නඩුව ඉවරකරන්න මෙයාලට පුදුම හදිසියක් තිබුණේ. දඞුවම ක්‍රියාත්මක කිරිම හරියට කෙස්ගහාට. කමක් නැහැ දැනට මෙයලා මෙහෙම දඟලපුවාවේ.තව අවුරුදු එකහාමාරනේ.
manoj Wednesday, 20 June 2018 09:35 AM
බන්ධනාගාර නීතිය වගේම, රටේ නීතියත් කාටත් පොදු වුනානම් අද මුළු ආසියාවේම අංක 1 රට අපි තමයි.
නුමා Wednesday, 20 June 2018 09:35 AM
මෙතන අදහස් දක්වන සමහර අයට චීවරය ඉවත් කිරීම ප්‍රශ්නයක්. නමුත් ඒක අදාළ නොවන අය පොරවගෙන ඉන්න එක ප්‍රශ්නයක් නොවෙයි.
sampathWednesday, 20 June 2018 12:20 PM
දැන් කාටද චීවරය දමාගෙන සිටීම අදාළ නොවෙන්නේ? තමන්ගේ ජාතියට, ආගමට' සංස්කෘතියට හෙනගැහුවත් කමක් නැහැ. ජාත්‍යන්තරය අපිට මොකක් කීවත් කමක් නැහැ.. අපි භාවනා කරමු කියන එකද සුදුසුකම? ..සහෝදරිය බණ කියන්නත් අනාගතේදී අපිට රටක්, ජාතියක් ඉතුරුවෙන්න ඕනේ.. එය රැකගැනීමට අද වෙනතෙක් ඔබ කළ දෙයක් තිබේද?
alfred Wednesday, 20 June 2018 09:39 AM
අපි ඡන්දයක් එනකල් ඉන්නවා. ඔයාලට උත්තර දෙන්න ඔහොම යන්කෝ නුසුදුස්සෝ තනතුරුවලට ආපුවාම ජනතාව දුක්විඳිනවා.
sathyapala Wednesday, 20 June 2018 12:44 PM
අනේ ඇල්ෆ්‍රඩ්, මට හිනා යනවා. පසුගිය කාලේ තනතුරුවලට ආවේ නියම සුදුස්සෝ.. ජනතාව මාර විදිහට සැප වින්දා.... අපි ඒ කාලේ ලංකාවේ නොවෙයි හිටියේ.. ඒ නිසා අපි ඒ ගැන මුකුත්ම දන්නේ නැහැ. තව ටිකක් කියන්න... හුදී ජන පහන් සංවේගය පිණීස..
පිටිගල මිලානෝ Wednesday, 20 June 2018 09:40 AM
රටක නීතිය හැමෝටම පොදුය. හිරේ යන්න සහ ජම්පරය අඳින්න අකමැති නම් නීතිගරුකව ජීවත් වෙන්න.
අහමඩ් Wednesday, 20 June 2018 12:23 PM
ඔබ හරි. මෙයා මුස්ලිම්වරුන්ට විරුද්ධව ගොඩක් දේවල් කළා. එය හිතාගෙන හිටියේ ලංකාව සිංහල මිනිස්සුන්ට විතරයි අයිතියි කියලයි...
rama Wednesday, 20 June 2018 09:41 AM
එහෙමනම් දේශපාලකයාට සුදුසුකම් ගැසට් කරන්න. හාමුදුරුවන්ට හොඳ නැත්නම් වයස් සීමාවක් දාලා සුදුසුකම් දාලා ගැසට් කරන්න දේශපාලනයට අවශ්‍ය දේවල්...
muhan Wednesday, 20 June 2018 09:53 AM
හිරේට නියමවෙන ඕනෑම කෙනකුට අදාල ඇඳුම අඳින්න වෙනවා. මේක ඥානසාර හිමියන්ට විතරක් අදාල නැහැ. දැනටමත් හිරේ ඉන්න 15 දෙනෙක් අදාල ඇඳුම අඳිනවා . මේක දේශපාලන වාසි ගන්න අය බොරුවට අපිව ගොනාට අන්දන්න හදනවා. කැමති කෙනෙක් ඇදගත්තට කමක් නැහැ.
BamunuarachchiWednesday, 20 June 2018 11:07 AM
නමින් තේරෙනවා... ඔබ සිංහල බෞද්ධයෙක් නොවන බව..
HaputuarachchiWednesday, 20 June 2018 01:03 PM
ඔබ හිතන්නේ නමේ හැටියට මම කවුරු කියලද?
asad Wednesday, 20 June 2018 12:57 PM
මෙතන තියෙන්නේ බෞද්ධ... අබෞද්ධ ප්‍රශ්නයක් නෙවෙයි මහත්තයෝ. නැට්ටේ ඉඳන් ගොම ගාගන්න එපා. බමුණුආරච්චි මහත්තයෝ.. මේ රටේ නැවතත් යුද්ධයක් හරි ඇති කරලා ජනතාව ප්‍රතික්ෂේප කරපු පාලකයන් ගේන්න උත්සාහ කරන ඔබ වැනි අය රටගැන කැක්කුමකින් කතාකරන එක විහිළුවක්...
BamunuarachchiWednesday, 20 June 2018 05:23 PM
මේ රටේ නැවත යුද්ධයක් ඇතිවෙනවා... එ්ක නවත්වන්න බැහැ. එ්කට මුල මුස්ලිම් ජනගනය වැඩිවීමයි. ඔවුන් සිංහලයාගේ සම්පත් භුක්තිවිඳීම නම් සුදුසු නැහැ. අපි නැගී සිටින්නේ ඊට විරුද්ධවයි. ඔබලාත් ළමයි 2කට පවුල සීමාකරන්න. නැතිනම් ඔබලා භුක්ති විඳින්නේ අපේ දරුවන්ගේ සම්පත් උදුරා ගන්නේ සිංහලයාගේ ඉඩකඩම්... අපේ භික්ෂූන් නැගී සිටින්නේ රට ඔය උවදුරින් බේරා ගන්නයි..
BamunuarachchiWednesday, 20 June 2018 05:51 PM
අපි ඥානෙස්සර හාමුදුරුවන්ට මෙතරම් සලකන්නේ ඇයි කියා ඔබලා දන්නවා ඇතිනේ? වෙන කතා කුමටද?
BamunuarachchiThursday, 21 June 2018 01:59 AM
ඔබලාගේ ඔය සංහිදියාව කොපමණ කාලයකටද කියා බුද්මත් සිංහල ජනතාව දන්නවා. ඒ ගැන කතා එපා.
asad Thursday, 21 June 2018 04:29 AM
බුද්ධිමත් කියල ඔබ අදහස් කරන්නේ ඔබ වැනි පුද්ගලයන් නම් රටට දෙයියන්ගේම පිහිටයි.
asad Saturday, 23 June 2018 02:01 PM
සිංහලයාගේ සම්පත්... එ් මොකක්ද? සිංහලයා කියන්නේ කව්ද කියන එක මුලින්ම තේරුම් ගන්න වෙයි මහත්තයෝ... සිංහල දේශයේ උපන් හෙළ බස හසුරවන ඔක්කොම සිංහලයෝ තමයි. එක බෞද්ධ අය විතරයි කියලා වැරදි අර්ථකතනයක් මවා ගන්න එපා. මේ රටේ ඉපදුණු හැම මිනිසෙකුටම මේ රට අයිතියි. ඔබතුමාලට නම් යුද්ධයක් අවශ්‍යයි කියල පේනවා. හැබැයි රටේ බහුතරයකට යුද්ධයක් ඕනේ නැහැ.
prakaash Wednesday, 20 June 2018 11:04 AM
මේ තක්කඩි ජහපාලකයින් බටහිරයින්ට ඕනෑ ලෙස ක්‍රියාකරන පින්ගුත්තරයින් පිරිසකි. මේ අය විකාර දොඩවනවා. මෙරට බුද්ධ ශාසනය විනාශ කරන මේ කේවට්ටයින් නිවටුන් මිස අන් කවුරුද? අතීතයේ සිට මේ රට රැකීමට ස්වාමීන් වහන්සේලා අපරිමිත සේවයක් කර ඇත. පන්සලේ සම්ප්රදාය නුඹලාට විනාශ කල නොහැක. නුඹලාට බටහිරයන් සතුටු කරනවා හැර කළ හැකි දෙයක් නැත.
Keppetipola Wednesday, 20 June 2018 11:11 AM
රටේ නීතිය කාටත් පොදු නම් මුස්ලිම්වරුන්ට වෙනම නීතියක් රටේ තියෙන්නේ කොහොමද? හොරකම් කරපු දේශපාලකයන්ටත් වෙනම නීතියක්. දේශපාලකයන්ගේ නඩු බොරුවට කල් දමමින් ඉන්නවා. අනේ මෙහෙමත් ලැජ්ජාවක් නැතුව කතා කරනවනේ.
nisarWednesday, 20 June 2018 12:55 PM
අර තියෙන්නේ කාෆීර්වරුන්ට උඩරට නීතියක්...
BamunuarachchiWednesday, 20 June 2018 05:46 PM
ඉස්සර ඔහොම කතාකළේ නැත. මෝඩ සිංහලයින් හිතන්නේ මුසල්මානුවන් සාන්තුවරයන් කියාය. අරාබි රටවල අවුරුදු 25ක් සිටි මම මුසල්මානුවන් හොඳින් හඳුනමි...
niluka Wednesday, 20 June 2018 11:43 AM
නීතිය කාටත් පොදු නම් මහා බැංකුව සුද්ද කරපු අය නිතිය ඉදිරියට ගේමුකෝ අපිට බලන්න.
piyal Wednesday, 20 June 2018 11:43 AM
උන් වහන්සේගේ වැරැද්ද අවවාදකොට නිදහස් කළහැකි එකක් ලෙස පෙනේ. නමුත් පෙර වැරදි හේතුවෙන් මෙම දඬුවම ලැබුනා විය හැකිය. ඒ නිසා කලබල විය යුතු නොවේ.
නීතිඥ ධම්මික අරන්දර Wednesday, 20 June 2018 12:24 PM
බුද්ධ ශාසන අමාත්‍යතුමා පවසන්නේ ගලබොඩ අත්තේ හාමුදුරුවන්ට ඇප ලබා නොදෙන ලෙසට රාජ්‍ය නොවන සංවිධාන රාශියකින් ලිඛිතව ඉල්ලා තිබූ බවයි. අධිකරණය ස්වාධීන නෑ.
Sunil Wednesday, 20 June 2018 01:51 PM
’බන්ධනාගාරයේ ජම්පරය අදින භික්ෂුන් 15 ක් ඉන්නවා’ - නීති සංගමය අනිත් 14 දෙනා ගැන කවුරුවත් කතාකරන්නේ නැහැනේ...
Sunil Wednesday, 20 June 2018 02:08 PM
මේ වනවිට සිරදඬුවම් විඳින ඉහත කී භික්ෂූන් 15 දෙනාගේ සිවුර ගැලවීම සම්බන්ධයෙන් කිසිදු විරෝධයක් නොදැක්වූයේ ඇයි ?
BamunuarachchiWednesday, 20 June 2018 05:40 PM
ඥානසාර හාමුදුරුවෝ ගැන රටේ කැළඹීම ඇතිවුනේ ඇයි? ඒ කැළඹීම ඔය කියන භික්ෂූන් 15 වෙනුවෙන් ඇති නොවුයේ ඇයි? ඒ වෙනසට තමයි අර 15 දෙනාගේ චීවරය ඉවත් කිරීම සම්බන්ධව විරොධයක් පැන නොනැගුනේ. ඔය කියන 15 කගේ නමවත් අපි දන්නෙත් නැහැ.. දැනගන්න ඕනෙත් නැහැ. ශාසනයට අන්‍ය ආගම්වලින් තිබෙන බලපෑම් වලට විරුද්ධව සිංහලයා අවදිකරන්නේ මේ අපේ හාමුදුරුවෝයි. මේ හාමුදුරුවන්ගේ වටිනාකම දන්නා මැතිඇමතියන්, නාහිමිවරුන්, ජනතාව මුන්වහන්සේ වෙනුවෙන් නැගීසිටිනවා. අපි ජය ගන්නවා ඒකාන්තයි.