(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
නුවරඑළිය ග්‍රෙගරි වැව ආසන්නයේ හෝටලයක සැඟවී සිටියදී ගිනි අවි තුනක් සහ ජීව උණ්ඩ තොගයක් සමග අත්අඩංගුවට ගත් යුධ හමුදා කපිතාන්වරයා ගෙන් හා පාතාල සාමාජිකයාගේ සිදු කළ ප්‍රශ්න කිරීමේදී අනාවරණය වූ තොරතුරු අනුව මිනුවන්ගොඩ බන්ධනාගාර නියාමකවරයා ට පහරදීමේ ප්‍රධාන සැකකරු ඇතුළු තවත් පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ කොට්ඨාසය කියයි.
එම සැකකරුවන් සමග මෝටර් රථයක් හා වෑන් රථයක් ද පොලිස් භාරයට ගෙන ඇත .
ඉකුත් මැයි 12 වෙනි දින මිනුවන්ගොඩ රාජසිංහ පුර බන්ධනාගාර නියාමකවරයා ගේ නිවසට අලුයම හතරට ගොස් තිබූ සැකකරුවන් ඔහු දණගස්වා හිසට ගිනි අවියකින් හිසට පහර දී තිබිණි.
එහිදී සැකකරුවන් විසින් බන්ධනාගාර නියාමකවරයා ගේ සහෝදරියට සහ මවට පහර දී තිබිණි.
පහර දෙන අවස්ථාවේදී තවත් පුද්ගලයෙකු ජංගම දුරකතනයකින් වීඩියෝ දර්ශනය කර එම දර්ශන විදේශ රටක සිටින පාතාල නායකයකු වෙත යවා ඇති බවද පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
බන්ධනාගාර නියාමකවරයා ට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් බියගම බණ්ඩාරවත්ත ප්‍රදේශයේ පදිංචි අවුරුදු 28ක පුද්ගලයෙකු සහ හෙයියන්තුඩුව දලුග්ගල පාර පදිංචි අවුරුදු 25 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී ඒ ප්‍රධාන සැකකරු වන 44 හැවිරිදි පුද්ගලයා මුල්ලේරියාව නගරයේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් නිලධාරියකු පැවැසීය.
ඩුබායි රටේ සැඟව සිටින සිටින හෝමාගම හඳයා නැමැති පාතාල සාමාජිකයා විසින් මෙම පහරදීම සිදු කිරීම සඳහා උපදෙස් ලබා ලබා දී ඇති බව විමර්ශනවලදී හෙළිවී තිබිණ.
මහ මැතිවරණයේදී ලැබෙන ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර වලින් එකක් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ නම් කරන අපේක්ෂකයකුට ලබාදීමට එකඟතාවයකට පැමිණ තිබූ බව එම පෙරම
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් සහ ඉදිරිපත් අයවැයෙන් ජනතාවට දෙන සහන පිළිබඳ දැඩි අවධානයෙ
ආසියානු පළමු බෞද්ධ සමුළුව පසුගියදා ඉන්දියාවේ නවදිල්ලි නුවර අශෝක් හොටෙල් පරිශ්‍රයේදී සාර්ථකව අවසන් විය.
අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අද (20) බදුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉිදිරිපත් කිරීමෙන් අනතුරුව ලක්ෂ පහක ශරීර ඇප මත මුදා හරින්නැයි
වස්කඩුව ගාලු පාරේ තෙමහල් ගොඩනැගිල්ලකින් ඇද වැටී කාන්තාවක තුවාල ලබා ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.
පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා විසින් පරිසර අමාත්‍යංශයේ සොබාදම් පියසේදී අද පස්වරුවේ (19) වැඩ භාර ගත්තේය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
බන්ධනාගාර නියාමකට පහරදුන් සිද්ධියේ ප්‍රධාන සැකකරු අල්ලයි
Mahaachaarya Tuesday, 04 July 2023 11:53 AM
හෝමාගම හන්දියට තරු පෙනෙන්නත් එක්ක ගෝලයින්ට හොඳට සලකන්න