IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


බන්ධනාගාර නියාමකලාට පහරදුන් දෙදෙනාට බන්ධනාගාරයේදී ප්‍රහාරයක්

(චන්ද්‍රසේන ගමගේ)

අඟුණකොළපෑලස්ස බන්ධනාගාරයේ නියාමකයන් දෙදෙනකුට පහර දුන් බවට චෝදනා ලැබූ ප්‍රදේශීය සභා මන්ත්‍රී අමිල කුමාරසිංහට හා දුලන්ත රාජපක්ෂට අඟුණකොළපෑලැස්ස බන්ධානාගාරය තුළදී ඉතා අමාණුෂික ලෙස පහර දී ඇතැයි ඔවුන් ගේ ඥාතීහු පවසති.

බන්ධනාගාර නිළධාරීන්ගේ පහර කෑමට ලක්ව බරපතල තුවාල ලබා තිබූ දුලන්ත රාජපක්ෂ මාතර රෝහලට ඇතුළත් කොට තිබූ අතර අසාධ්‍ය තත්වයේ පසු වූ ඔහු අද(10) දහවල් කරාපිටිය රෝහල වෙත මාරු කොට යවා තිබේ.

රෝහල් ආරංචි මාර්ග සදහන් කරන්නේ පහර කෑමට ලක්වූ දුලන්ත රාජපක්ෂ ගේ හිසට දරුණු ලෙස තුවාල සිදුව ඇති බවයි.

බන්ධනාගාර ගත වූ අමිල කුමාරසිංහට ද බන්ධනාගාරය තුළදී  ප්‍රහාරයට ලක් වුවද ඔහු රෝහල් ගත කොට නැත.

බන්ධනාගාර නියාමකයන් දෙදෙනා අඟුණකොළපෑලස්ස නගරයේ සැරි සරත්දී අමිල කුමාරසිංහ සමඟ පැමිණි කන්ඩායමක් සමඟ ගැටුමක් ඇති කරගෙන ඇති බවත් එම තොරතුරුවලින් අනාවරණය වෙයි.

එම ගැටුමෙන් සුළු තුවාල ලැබූ බන්ධනාගාර නියාමකයන් දෙදෙනා තංගල්ල මූලික රෝහලේදී ප්‍රතිකාර ලබා ගෙන තිබේ.

එම සිද්ධියට අදාළව ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරයා හා දුලන්ත රාජපක්ෂ  දින අඟුණකොළපෑලැස්ස පොලීසියට ඉදිරිපත් වී තිබේ.

ඉන් අනතුරුව ඔවුන් අත් අඩංගුවට ගත් පොලීසිය සැකකරුවන් දෙදෙනා අඟුණකොළපෑලස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කොට තිබේ.

මහේස්ත්‍රාත් අධිකරණයේ විනිසුරු දර්ශිමා ප්‍රේමරත්න මහත්මිය විසින් සැක කරුවන් දෙදෙනා ලබන 22 දින දක්වා බන්ධනාගාර ගත කරන ලෙසට නියෝග කොට තිබුණි.

සැකකරුවන් දෙදෙනා මාතර බන්ධනාගාරයට රැගෙන යන අතර තුරදී ඔවුන් අඟුණකොළපෑලස්ස බන්ධනාගාරයට රැගෙන ගොස් තිබූ බවත් ඊයේ රාත්‍රී ප්‍රදේශයට විදුලි බලය ඇනහිටීමත් සමඟ  සැකකරුවන් දෙදෙනාට පහර දී ඇති බව දැන්ගන්නට ඇතැයි පහරකෑමට ලක්වූවන් ගේ ඥාතීහු පවසති.

 



අදහස් (15)

බන්ධනාගාර නියාමකලාට පහරදුන් දෙදෙනාට බන්ධනාගාරයේදී ප්‍රහාරයක්

Ruhunu Sunday, 10 October 2021 05:47 PM

පහර දෙන්න ඕනෑ..

:       10       46

ගජමිතුරු Sunday, 10 October 2021 06:03 PM

මෙතැනත් රාජපක්ෂ කෙනෙක්... මන්ත්‍රී තව රාජපක්ෂ කෙනෙක්... නීතිඥ ආණ්ඩුව රාජපක්ෂ... අහෝ..! බන්ධනාගාර නියාමකයින්ට දෙයියන්ගේම පිහිටයි.

:       8       26

ගමේ එකාලා Sunday, 10 October 2021 06:07 PM

හොඳ වැඩේ. බන්ධනාගාර නියාමකලාට හයිරන් පාට් දාන්න නොගිහින් හිටියා නම් ඔහොම වෙයිද? දැන් සනීපද?

:       9       34

පිටිගල මිලානෝ Sunday, 10 October 2021 06:12 PM

හොඳ වැඩේ... මේවාට කියන්නේ වටපෝරියල් කියලා....

:       9       36

Kule Sunday, 10 October 2021 06:57 PM

මෙහෙම උන්ට මෙහෙම නැතුවත් බැහැනේ

:       1       20

සමන්ත Sunday, 10 October 2021 07:17 PM

මෙය ඉතා කේදනීය තත්වයකි. නිළධාරීන් බලය අයුතු ලෙස යෙදවීම පෙන්වන මනා උදාහරණයකි. මෙය ලොහාන් රත්වත්තේ කළ නින්දිත ක්‍රියාව හා සමාන නමුත් දක්වා ඇති ප්‍රතිචාර අනුව ජනතාව අනුමත කරන ක්‍රියාවකි. ලංකාවේ අතිබහුතරයක් කැලෑනීතියට කැමති බවද, තමාගේ විරුද්ධවාදියාට එරෙහිව කැලෑනීතිය ක්‍රියාත්මක කර තමට හා තම පැලැන්තියට පමණක් ප්‍රජාතන්ත්‍රවාදය බලාපොරොත්තු ඊනියා ප්‍රබුද්ධ පිරිසක් වෙසෙන කුහක සමාජයකි.

:       18       25

Nihal Sunday, 10 October 2021 07:22 PM

නියාමකයන්ට වඩා හිර කාරයන්ගේ මනුස්ස කමක් තියනවා .ගිය දවසක සත්‍ය වැටහේවි .

:       1       18

de silva Sunday, 10 October 2021 07:26 PM

බන්ධනාගාර නියාමකයන් සහ ප්‍රාදේශීය මන්ත්‍රීලා කියන්නේ එක වල්ලේ පොල්

:       0       30

sampath Sunday, 10 October 2021 11:42 PM

මාතරට අරගෙන යන්න කියපු අය අගුනුකොළට අරගෙන ගියේ මොකටද, එක සැලසුම් කරලා කරපු දෙයක්ද.?

:       2       11

ravin Monday, 11 October 2021 02:05 AM

මෙය සෑම දෙස්පාලුවෙකුටම අනිවාර්ය කල යුතු සංග්‍රහයකි

:       0       1

leel gunawardena Monday, 11 October 2021 03:25 AM

කලබල වෙලා වැඩක් නැහැ.

:       0       0

Bamunuarachchi Monday, 11 October 2021 07:59 AM

එක සාදාරනයි. හිරගෙට ගිහිල්ලත් ජාති දාන්න දෙන්න බැහැ.

:       2       1

p.d goonawardena Monday, 11 October 2021 09:09 AM

හොඳ වැඩේ...

:       1       0

සිතාරා Monday, 11 October 2021 11:49 PM

ගොඩාක් දාර්ශනිකයෝ හෙන දාර්ශනික කතා කියලා තියෙනවා..ඒත් ඒ කවුරුවත් ඇත්ත දන්නේ නැහැ. දන්නේ නැති දේවල් වලට කමෙන්ට්ස් නොදා දන්න දේට විතරක් කතා කරානම් හරි.....

:       1       0

සීන් එක හරියටම දන්න කෙනෙක් Thursday, 14 October 2021 08:14 PM

බන්දනාගාර දෙන්නට 25ක් විතර වට වෙලා හෙල්මට් 10ක් විතර කැඩෙනකන් ගහලා, පොලු වලින් ගහලා මැරිලා වගේ බිම වැටිලා හිටියම තව 7-8 දෙනෙක් ඇවිත් උස්සලා ආයේම පොලු වලින් ගහලා බන්දනාගාරේට ගිහිල්ලා මෙහෙම ගහලා මදි. අත් කකුල් කඩලා එවන්න තිබ්බේ. ඔතන හිටපු අනිත් එවුන්වත් අත්අඩංගුවට අරන් බන්දනාගාරේට දාන්න ඕනේ. උන්ටත් මේ වගේ ගහන්න. අරක්කු බෝතලයක් ඉල්ලලා උන පොඩි සීන් එකක් මේක.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව නටලි හාප්
2024 නොවැම්බර් මස 16 188 0

ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා


ධවල මන්දිරයට යන ළාබාලතම මාධ්‍ය ලේකම්වරිය
2024 නොවැම්බර් මස 16 168 0

ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් සිය මාධ්‍ය ලේකම්වරිය ලෙස කැරොලයින් ලෙවිට් තෝරාගෙන ඇත.


වියදම් වාර්තාවෙන් කට්ටි පනින අපේක්ෂකයන්ට මැකෝගෙන් නඩු
2024 නොවැම්බර් මස 16 706 0

මැතිවරණ වියදම් වාර්තා බාර නොදෙන සියලුම අපේක්ෂකයන්ට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලට එරෙහිව නඩු පවරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


පොහොට්ටුවේ ජාතික ලැයිස්තුව නාමල්ට
2024 නොවැම්බර් මස 16 5205 28

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කිරීමට යෝජනා වී ඇත.


ලක්ෂ පනස් තුනකට ඡන්දය එපාවෙලා
2024 නොවැම්බර් මස 16 1938 3

මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ලක්ෂ පනස් තුනකට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන


අලුත් පාර්ලිමේන්තුවේ මංගල රැස්වීම 21
2024 නොවැම්බර් මස 16 763 0

නව පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා රැස්වන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 323 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 607 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1755 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site