IMG-LOGO

2024 නොවැම්බර් මස 27 වන බදාදා


බිනර පොහෝය අදයි

(ආරියරත්න රණබාහු )

බිනර පුර පසළොස්වක පොහොය අදට(17) යෙදී ඇත. මෙම පොහොයේ සුවිශේෂම වැදගත්කම වනුයේ මෙහෙණි සසුන පිහිටුවීම ය.

කාන්තාවන්ට සම්බුද්ධ සසුනට ඇතුළත් වීම සඳහා පැවිදි බව ලබා දෙන ලෙස මහා ප්‍රජාපති ගෝතමිය තෙවරක් බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලා සිටියද එම අවස්ථා තුනම බුදුරජාණන් වහන්සේ කාරුණිකව ප්‍රතික්ෂේප කර තිබේ.

මහා ප්‍රජාපති ගෝතමිය එම ඉල්ලීම කළේ ගෞතම බුදුපියාණන් වහන්සේ කිඹුල්වත් නුවරට වැඩ නීග්‍රෝධාරාමයේ වැඩවසන කාලයේය.

එම ආරාමය ඉදිකරවා තිබෙන්නේ තථාගතයන් වහන්සේගේ එක් ලක්ෂ හැට දහසක් පමණ වූ ඥාතීන් පිරිසක් විසින් යැයි ශාසන ඉතිහාසයේ සඳහන් වේ.

බුදුරජාණන් වහන්සේ කිඹුල්වත් නුවරින් නික්ම වැසි කාලය ලංවෙත්ම විශාලා මහනුවර සමීපයේ පිහිටි මහා වනයෙහි කුඪාගාර ශාලාවට වැඩමවා තිබේ

මෙම කාලයේදී මහා ප්‍රජාපති ගෝතමිය කසාවත් ඇඳගත් කාන්තාවන් 500දෙනෙකු සමඟ මෙම ශාලාව වෙත පැමිණ ඇත.එම පිරිසට මෙම ස්ථානය වෙත පැමිණීමට පනස් එක් යොදුනක් වූ අති දීර්ඝ මාර්ගයක් ගෙවා ඒමට සිදුව ඇති බව සඳහන්ය.

එම මාර්ගයේ පැමිණිමෙන් ඉදිමුණු පාදයන්ගෙන් හා දුහුවිලි වැකුණු ශරීරයන්ගෙන් යුක්තව අඬමින් සිටියහ. මෙම ස්ථානයට වැඩමවූ අනද තෙරනුවන්ට මහා ප්‍රජාපති ගෝතමී දේවිය ඉදිරිපත් කළ දුක් ගැනවිලි වලට සවන් දීමට සිදුවිය .

එහි අවසාන ප්‍රතිඵලය වූයේ අනද තෙරණුවෝ එම සියලු කරුණු කාරණා බුදුරදුන් වෙත ඉදිරිපත් කිරීමය.කාන්තා පිරිසට පැවිද්ද ලබා දෙන ලෙස කළ එම ඉල්ලීම බුදුහු තෙවරක්ම ප්‍රතික්ෂේප කළහ. එහෙත් අනඳ තෙරුන්ගේ බලවත් පෙරැත්තය නිසාම අවසානයේ බුදුරදුන්ගේ ශ්‍රාවිකාවන් වන්නට එම පිරිසට අවස්ථාව ලැබිණි .

කාන්තාවන්ට පැවිද්ද හා උපසම්පදාව ලබා ගැනීම සඳහා පිළිපැදිය යුතු ධර්ම කරුණු අටක් තථාගතයන් වහන්සේ විසින් නියම කරනු ලැබ තිබේ.

ඒවා නම්

1උපසම්පදාවෙන් වස් සියයක් වූ මෙහෙණින් වහන්සේ නමක් වුවද උපසම්පදා වී එක් දිනක් පමණක් වු භික්ෂූන් වහන්සේ නමක් දුටුවහොත් උන්වහන්සේ ට වැඳ නමස්කාර කර ගෞරවය දැක්විය යුතුය.

2 භික්ෂූන් වහන්සේලා නොමැති ප්‍රදේශයන්හි මෙහෙණින් වහන්සේලා වස් නොවැසිය යුතුය.

3.අඩමසක් පාසා මෙහෙණින් වහන්සේ නමක් විසින් භික්ෂු සංඝයාගෙන් පොහොය විචාළ යුතුය. අවවාද අනුශාසනා දීමට පැමිණීමද බලාපොරොත්තු විය යුතුය.

4 වස් අවසානයේදී භික්ෂු භික්ෂුණී යන උභතෝ සංඝයා ඉදිරියෙහි පවාරණය කළ යුතුය

5.ගරු ඇවතකට පැමිණි මෙහෙණක විසින් උභතෝ සංඝයා කෙරෙහි අඩමසක් මානත් පිරිය යුතුය .

6.වසරක කාලයක් ශික්ෂා මාතාවක්ව පුහුණු වෙමින් සිට පසුව උභතෝ සංඝයාගෙන් උපසම්පදාව ලැබිය යුතුය.

7කවර කාරණයක් නිසා වුවද භික්ෂු නමකට අක්‍රෝශ පරිභව නොකළ යුතුය.

8.මෙහෙණින් වහන්සේ නමක් විසින් භික්ෂූන් වහන්සේ නමකට අවවාද නොකළ යුතු නමුත් භික්ෂූන් වහන්සේ නමකට මෙහෙණින් වහන්සේ නමකට අවවාද කළ හැකිය.

මෙම අෂ්ට ගරු ධර්ම අසා මහත් ප්‍රීතියට පත් මහා ප්‍රජාපතිගෝතමිය බුදුරදුන් වැඩසිටිනා දිසාවට වැඳ ඒවා මැනවින් ආරක්ෂා කිරීමට පිළිගනිමියයි තෙවරක් ප්‍රතිඥා දී තිබේ.

ඒ සමගම මහා ප්‍රජාපති ගෝතමියට පැවිද්ද හා උපසම්පදාව ලැබී ඇති අතර පන්සියයක් ක්ෂේත්‍රිය කුමාරිකාවෝ ද භික්ෂූන් වෙතින් පැවිද්ද හා උපසම්පදාව ලබාගත් බව ශාසන ඉතිහාසයේ සඳහන් වෙයි.

රජ්ඥෝ මාතා මහෙසිති සුළභං නාමමිත්ථිතං

බුද්ධා මාතාති යං නාමං ඒතං පරම දුර්ලභං

රාජමාතාව,අගබිසව යන නම් ස්ත්‍රියකට ලැබීම සුලභය එහෙත්" බුද්ධ මාතා" යන නම ලැබීම බෙහෙවින් දුර්ලභ ය.

(මේ සඳහා අවශ්‍ය තොරතුරු ලබාදුන් කොළඹ ආනන්ද විද්‍යාලයේ විශ්‍රාමික සහකාර විදුහල්පති ගල්කිස්ස බෞද්ධායයතනාධිපති ත්‍රිපිටකාචාර්ය පූජ්‍ය දිවියාගහ යසස්සි නාහිමියන්ට ගෞරව පුර්වක ස්තුතිය පළකරමු)

 



අදහස් (0)

බිනර පොහෝය අදයි

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කාර්තිව් පාසලක සිසුන් පහක් ඇතුළු හතක් ගසාන ගිහින්
2024 නොවැම්බර් මස 26 1802 0

කාර්තිව් පොලිස් වසමට අයත් නින්දවුර් මද්‍රසා පාසලේ සිසුන් 07 දෙනකු ගමන්ගත් ට්‍රැක්ටරයක් අද සවස කාර්තිව් - සම්මන්තුරේ මාර්ගයේ දී ජල පහරට හසුවි ගසාගෙන යා


කටුනායකට ආ ගුවන් යානා හයක් මත්තලට සහ ඉන්දියාවට යවයි
2024 නොවැම්බර් මස 26 2011 0

කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවීමට පැමිණි ගුවන් යානා 06 ක් කටුනායක ගුවන් තොටුපොළ අවට ප්‍රදේශයට මේ වනවිට පවතින අධික වැසි සහිත කාළගුණික තත්වය නිසා ,


ඉදිරි පැය 12 ගැන කාලගුණය අනතුරු අඟවයි
2024 නොවැම්බර් මස 26 1433 0

නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පැවති පීඩන අවපාතය ඉදිරි පැය 12 තුළදී වයඹ දෙසට ගමන් කර ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙමින් දිවයිනේ


ධීවර යාත්‍රා මුහුදු යාම නතර කරයි
2024 නොවැම්බර් මස 26 292 0

සියලු ධීවර යාත්‍රා නැවත දැනුම් දෙන තුරු මුහුදු යාම තාවකාලිකව අත්හිටුවන බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා පැවස


ආපදාවට ලක් වූවන් බේරගන්න හෙලිකොප්ටර් හයක්
2024 නොවැම්බර් මස 26 784 0

ඇද හැලෙන ධාරානිපාත වර්ෂාවත් සමඟ ආපදා තත්වයක් ඇති වුවහොත් ජනතාවයින් මුදවා ගැනීම සඳහා හෙලිකොප්ටර් යානා 6 ක් සූදානමින් පවතින බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රක


ගංවතුරට කොටු වූ ගොවීන් හතකගේ දිවි බේරා ගැනෙති
2024 නොවැම්බර් මස 26 579 0

පොළොන්නරුව වැලිකන්ද මාදුරු ඔය ප්‍රදේශයේ කුඹුරු වගාව වන සතුන්ගෙන් බේරා ගැනීමට ගොස් ගංවතුරට දින දෙකක කාලයක් කොටු වී සිටි ගොවීන් හත් දෙනකුගේ ජීවිත බේරා


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 552 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 751 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2111 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site