ජාවිඞ් බොන්සෝගේ (97) සහ ආසිරි වික‍්‍රමනායකගේ (85) වාර්තාගත සම්බන්ධතාව නිසා කොළඹ රාජකීය විදුහල සහ ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල අතර එස්. එස්. සී. ක‍්‍රීඩාංගණයේදී ඊයේ (08) ආරම්භ වූ 133 වැනි ‘නිල් මහ සටන’ වාර්ෂික මහ ක‍්‍රිකට් තරගයේ පළමුව පන්දුවට පහර දුන් ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල කඩුලූ 9 ක් දැවී ලකුණු 325 ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවීය. තරගයේ පළමු දිනය වූ ඊයේ පස්වරුවේ ක‍්‍රීඩාව නතර කරන විට රාජකීය විදුහල පළමු ඉනිම වෙනුවෙන් එක කඩුල්ලක් දැවී ලකුණු 53 ක් ලබා සිටියේය. රාජකීය විදුහල් නායක ඉමල් ලියනගේ කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහරදීමට සාන්ත තෝමස් විදුහලට ආරාධනා කළේය. ඩෙවින් ජයසිංහ මුළු ලකුණු සංඛ්‍යාව 13 දී පළමු කඩුල්ල ලෙස දැවී ගියේය. ජාවෙඞ් බොන්සෝ සහ ආසිරි වික‍්‍රමනායක දෙවැනි කඩුල්ල සඳහා ලකුණු 179 ක වාර්තාගත සම්බන්ධතාවක් පැවැත්වීමට සමත් වූහ. මෙහිදී බොන්සෝ සහ ආසිරි වසර 132 ක ‘නිල් මහ සටන’ තරග ඉතිහාසයේ දෙවැනි කඩුල්ල සඳහා ශාන්ත තෝමස් විදුහල වෙනුවෙන් පැවැත්වූ ඉහළතම සම්බන්ධතාවේ වසර 70 ක් පැරණි වාර්තාව බිඳ දැමීමට සමත් වීම කැපී පෙනේ. සාන්ත තෝමස් විදුහල වෙනුවෙන් 1941 වසරේ ඒ. එෆ්. මොලමුරේ (113) සහ එන්. ජේ. විජේසූරිය (81) දෙවැනි කඩුල්ල සඳහා ලකුණු 161 ක සම්බන්ධතාවක් පවත්වමින් මෙහි පැරණි වාර්තාවට හිමිකම් කීහ. ජාවිඞ් බොන්සෝ පන්දු 133 කදී හතරේ පහර 15 ක් සමගින් ලකුණු 97 ක් ද, ආසිරි වික‍්‍රමනායක පන්දු 165 කදී හතරේ පහර 13 ක් සමගින් ලකුණු 85 ක් ද රැස් කළහ. සාන්ත තෝමස් විදුහල එක අවස්ථාවකදී කඩුලූ හතරක් දැවී ලකුණු 261 ක් ලබා ප‍්‍රබල තත්ත්වයක සිටි අතර දකුණතින් වේග පන්දු යවන 16 හැවිරිදි චාමික කරුණාරත්න පිට පිටම කඩුලූ දෙකක් දවා ගැනීමෙන් ඉනිම අඩපණ විය. චාමික කරුණාරත්න ලකුණු 59 කට කඩුලූ තුනක් දවා ගත්තේය. තුන්දින තරගයක් වන මෙම තරගයේ අද (09) දෙවැනි දිනයයි.
උපාලි සමූහ ව්‍යාපාරියේ හිටපු සභාපති අභාවප්‍රාප්ත දොස්තර සීවලී රත්වත්තේ මහතාගේ දියණිය වන එරන්තිකා සිරිමාවෝ රත්වත්තේ කැලේගම මහත්මිය එම පවුල සතුව තිබ
ලෝක මැලේරියා දිනය වෙනුවෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ජාතික මැලේරියා මර්දන ව්‍යාපාරය විසින් සංවිධානය කළ “Say Not To Malariya” මැලේරියා මර්දන සැමරුම් පාගම
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල මෙන්ම මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඉදිරි පැය 36 තුළ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වියහැකි බවත් දිව
“මෙම අපහාසය තම ඇසෙන හෝ පෙනෙන තෙක් මානයේ සිදුවූවක් නොවන බැවින් ක්‍රියා මාර්ගයක් ගැනීමට මහේස්ත්‍රාත් අධිකරණයට බලයක් නොමැති බවත් කෙසේ වෙතත් මෙය බරපතල ත
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබා දෙන විස්තීරණ ණය පහසුකම යටතේ වන හතර වන වාරිකය නිදහස් කිරීමට අදාල කාර්ය මණ්ඩල එකඟතාවට පැමිණ තිබේ.
ශ්රී ලාංකික සාත්තු සේවා වෘත්තිකයින් 2149 දෙනකු සඳහා ඊශ්‍රායලයේ නිවාස පාදක සාත්තු සේවා ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා හිමිවී තිබෙන බව විදේශ සේවා නියුක්ති කා
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
බොන්සෝ (97) - ආසිරි (85) වසර 70 ක් පැරණි සාන්ත තෝමස් වාර්තාව බිඳ දමති