IMG-LOGO

2024 ජුලි මස 04 වන බ්‍රහස්පතින්දා


බන්ධනාගාරයෙන් පැන කිලෝ මීටර් 65 මාංචු පිටින් ඇවිත්

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

බන්ධනාගාර නිලධාරීන්ගේ මිදී පැන ගිය රැදවියන් දෙදෙනා යතුරුපැදියක් සොරාගෙන අත්මාංචුපිටින්ම කිලෝමීටර් 65 ක් දුරක් පදවාගෙන පැමිණ මොරගහහේන ඔලබොඩුව නිවසකට පැමිණ වෙස්වලාගෙන සැඟව සිටි අනෙක් රැඳවියා සමග අද අත්අඩංගුවට ගත් බව මොරගහහේන පොලිසිය කියයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ගෝනපොල ඔලබොඩුව හන්දිය ජාතික තරුණ සේවා මාවතේ පදිංචි රොෂාන් අසංක නොහොත් සුද්දා නැමැති (29) හැවිරිදි රැඳවියාය.

මොරගහහේන පොලිසියට අනුයුක්ත පානදුර කොට්ඨාස බුද්ධි ඒකකයේ පොලිස් කොස්තාපල් (91214) වන්නි නායක මහතාට ලද තොරතුරකට අනුව සැකකාර රැඳවියා අත්අඩංගුවට ගෙන ඇත.

මෙම රැදවියා සමඟ පලා ආ අනෙක් රැදවියා කෑගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශය පෙරේදා (30) අත්අඩංගුවට ගෙන තිබිණි.

වරකාපොල පොලිස් බල ප්‍රදේශයේ යතුරුපැදි සොරකම් සම්බන්ධයෙන් වරකපොල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන වරකාපොල තුල්හිරිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව බන්ධනාගාර ගතකර තිබිණි.

රැඳවියන් දෙදෙනා වරකාපොළ තුල්හිරිය මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවකට යළි  ඉදිරිපත් කිරීම සඳහා ඉකුත් 28 වෙනිදින  කුරුවිට බන්ධනාගාරයේ සිට එහි නිලධාරීන් බන්ධනාගාරයට අයත් බස් රථයකින් රැගෙන විත් අධිකරණ සිරමැදිරිය කරා රැගෙන අවස්ථාවේදී රැඳවියන් දෙදෙනා බන්ධනාගාර නිලධාරීන්ගෙන් මිදී පලා ගොස් තිබිණි.

 



අදහස් (1)

බන්ධනාගාරයෙන් පැන කිලෝ මීටර් 65 මාංචු පිටින් ඇවිත්

Pradeep Kumara Tuesday, 02 July 2024 08:35 AM

මරු බන්ධනාගාර නිළධාරීන්. ඔවුන්ට උසස්වීම් සහ වැටුප් වර්ධක ලබාදෙන්න ඕන.

:       0       9

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ලක් නිපැයුම් වලට චීනයේ ඉඩ වැඩි වෙයි
2024 ජුලි මස 03 123 0

ශ්‍රි ලංකාවේ නිෂ්පාදනය කරන කෘෂිකාර්මික බෝග චීන වෙළෙඳපොළට අපනයනය කිරීම සඳහා දැනට පවතින අවස්ථා තවදුරටත් පුළුල් කිරීමට චීන රජය සූදානම් බව චීන මහජන සමූහ


කැකිරාවේ මැදි විදුහලක ඩෙස් පුටු ජාවාරමක්
2024 ජුලි මස 03 259 0

කැකිරාව අධ්‍යාපන කලාපයට අයත්වන කැකිරාව තිබ්බටුවැව ප්‍රසිද්ධ ජාතික පාසලක කලක් තිස්සේ සූක්ෂම ලෙස ක්‍රියාත්මකව තිබූ ඩෙස් පුටු විකිණීමේ ජාවාරමක් අතටම


වරෙන්තුකරුවෙක් රෝහලෙන් පැන ගිහින්
2024 ජුලි මස 03 100 0

අනුරාධපුර හිදෝගම දි අත්අඩංගුවට ගත් වරෙන්තුකරුවකු අසනීප තත්ත්වයක් හේතුවෙන් අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියදි අත් විලංගුව ගල


හැටන් විදුහල්පතිවරයකුට මවුපියන්ගේ විරෝධය
2024 ජුලි මස 03 253 0

හැටන් කලාප අධ්‍යාපන කාර්යාලයේ පාසලක විදුහල්පතිවරයා සහ ඔහුගේ බිරිද ස්ථාන මාරු කරදෙන ලෙස ඉල්ලා එම පාසලේ අධ්‍යාපනය ලබන සිසු සිසුවියන්ගේ මව්පියන් පිරිස


“රාජකීය ඉතිහාසය’’ ජනපතිට
2024 ජුලි මස 03 186 0

“රීඩ් මාවතේ සියවස් සැමරුම” කොළඹ රාජකීය විද්‍යාලයීය සඟරාව (The Royal College Magazine “Celebrating 100 Years at Reid Avenue) පළමු පිටපත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගැන්වීම ජනාධ


රාජ්‍ය දේපළ විකිණීම පොහොට්ටු ප්‍රතිපත්තිය නොවේ
2024 ජුලි මස 03 203 0

රාජ්‍ය දේපළ ප්‍රතිව්‍යුහගත හෝ විකිණීම සිදු කරන්නේ නම් ඒ සදහා ඉදිරිපත් වන සමාගම් හෝ පුද්ගලයින් පිලිබදවත් ඔවුන්ට එම රාජ්‍ය ආයතන ලබාදීම සදහා සලකා බලනු ල


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 553 0
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 1582 1
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 3425 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

Our Group Site