IMG-LOGO

2025 අප්‍රේල් මස 21 වන සඳුදා


බැඳුම්කර කොමිසමක් පත් කළාට ආණ්ඩුවේ අයත් මට ගහනවා‘ - ජනපති

(මුදිතා දයානන්ද / ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි)

මහ බැංකු බැඳුම්කර සිදුවීම සොයා බැලීමට ජනාධිපති කොමිසමක් පත් කළ නිසා මට ආණ්ඩුවේම අය දැන් පහරදෙනවා යැයි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අද(8) මාදුළුවාවේ සෝභිත හිමි දෙවර්ෂ පූර්ණ ගුණ සමරු උළෙලදී පැවසීය.

බත්තරමුල්ල අපේ ගම පරිශ‍්‍රයේදී පැවති මෙම ගුණ සමරු උත්සවයේදී වැඩිදුරටත් අදහස් දැක්වු ජනාධිපතිවරයා මෙසේද කීවේය.

‘‘වැරදි  දූෂිත පාලනයක් පෙරළලා අපි ආණ්ඩුවක් පිහිටෙව්වේ ඇයි? වැරදි කරපු මිනිසුන්ට ඇගිල්ල දිගු කරනවා වගේම, දඬුවම් දෙනවා වගේම අපේ වැඬේ අපි හරියට කරනවා. මහබැංකු බැඳුම්කර සිදුවීම සම්බන්ධයෙන් මම ජනාධිපති කොමිසමක් පත් කිරිම ගැන ඉතාමත් සුළු පිරිසක් මාධ්‍යවලින් වැරදි විග‍්‍රහ කරනවා. ආණ්ඩුවේ ඉතා සුළු පිරිසක් ෆේස්බුක්, වෙබ් සයිට් හරහා කැම්පේන් කරමින් මට චෝදනා කරනවා. සති අග පුවත්පත්ෙවල පිටු ගණන් වෙන්කර ගෙන, ඇතැම් මාධ්‍ය ආයතනවලට සල්ලි වියදම් කරලා මට පහර දෙනවා. විපක්ෂයෙන් ගහන ඒවාට වගේම ආණ්ඩුවෙන් ගහන ඒවටත් මට මුහුණ දෙන්න පුළුවන්. නමුත් ආණ්ඩුවේ අය මට පහර දෙනවා නම් එයින් අදහස් වන්නේ සෝභිත හාමුදුරුවන් බලාපොරොත්තු වු සාධාරණ සමාජයක් වෙනුවෙන් කටයුතු කරන නිසයි.  උන් වහන්සේ ජීවතුන් අතර සිටියා නම් මට උපහාරයක් කරනවා‘‘

‘‘ජනතාව අපිව පත්කළේ මොකටද? අපි ආවේ හොරකම් කරන්නද? ආණ්ඩුව පත් වෙලා මාස තුනකින් තමයි මේ විනාශය කළේ. බැඳුම්කර සිදුවිම ඇති වුණ වෙලාවේ ආණ්ඩුවේත් විපක්ෂයේත් කිසිම බේදයක් නැතිව හැමදෙනාම මෙහි වැරදිකරුවන්ට දඬුවම් දිය යුතු බව කියා සිටියා. මේ ගැන සොයන්න කොමිසමක් පත් කරන ලෙස ඉල්ලීම් ආවා. මම ඒ ඉල්ලීම ඉටුකළා. කවුරු කළත් වරදක් නම් වරදක් මයි. ඒ වැරදි වලට අදාල පුද්ගලයන් ඒවාට වගකිව යුතුයි.‘‘ යැයි ද ජනපති කීය.

 



අදහස් (34)

බැඳුම්කර කොමිසමක් පත් කළාට ආණ්ඩුවේ අයත් මට ගහනවා‘ - ජනපති

Ananda Wednesday, 08 November 2017 08:09 AM

ඒක නම් මසුරන් කතාවක් තමයි..

:       150       16

MuahWednesday, 08 November 2017 01:20 PM

කලින් දාපු කොමිසම්වල වාර්තාවලට මොකද වුනේ කියල මසුරන් කතාව කියපු කෙනාගෙන් අහන්න...

:       0       9

nimantha Wednesday, 08 November 2017 08:13 AM

කවුරු මොනවා කිව්වත් ඔබතුමා විශේෂ කොමිසමක් පිහිටුවීමට ගත්ත තීරණය නිසා තමයි රජයේ ලොක්කො ගොඩක් අයගේ හොර එළිවුනේ,.. අපි ඒකට ගරු කරනවා

:       119       104

upali Wednesday, 08 November 2017 08:14 AM

වැරදිවලට දඬුවම් දෙන්නේ නැතිව කොච්චර කියෙව්වත් වැඩක් නැහැ. අපි ක්‍රියාවෙන්ම පටන් ගනිමුද? ජනාධිපති තුමනි සද්දේ ටිකක් නවත්වලා..

:       62       339

අනුර ඉලන්කෝන් Wednesday, 08 November 2017 08:22 AM

ඔබතුමා කිව්වා නේද? මම ජනාධිපති ධුරයට පත්වුණු ගමන් එයාපෝට් වහනවා කියලා. ඒ කතාව වගේද මේකත්?

:       117       276

Rizwan Dubai Wednesday, 08 November 2017 08:26 AM

මෙහෙමත් ජනාධිපති කෙනෙක් ගැන ඇහුවමයි

:       0       0

jayantha Wednesday, 08 November 2017 08:27 AM

ඕව කියල ඡන්දේ ගන්නවා බොරු මෙදා පාර. දැන් මේවා කියන්නේ ඒ ගොල්ලන්ගෙන් පිටින් ඉදල මෙයාල ඡන්දෙ ගන්න වගේ. අපිට සල්ලිත් නැති උනා බැදුම්කර මංකොල්ලය නිසා, ඒ මදිවට සංහිදියාවක් අල්ලාගෙන අර වීරෝදාර කොල්ලෝ ටික බෙර ගත්ත රටත් බෙදන්න දැන් සුදානම. දෙන්නම් මෙදා පාර ඡන්දෙදි

:       0       22

simple simon Wednesday, 08 November 2017 08:30 AM

නැත්ද? මඩුවලිගයක් , නැත්නම් ඉලපතක්

:       0       17

කුමාර් (ගල්ෆ්) Wednesday, 08 November 2017 08:32 AM

හොරු රජයන රටේ ඔබතුමා කොහොමද යහ පාලනයක මගක යන්නේ? එක්කෝ පුටින් වගේ වෙන්න එහෙම නැතිනම් ලී කුවංන් යු වගේ වෙන්න.

:       0       4

Hasitha Wednesday, 08 November 2017 08:33 AM

දැනුවත් උනා

:       0       0

Prase Wednesday, 08 November 2017 08:37 AM

ජනාධිපතිතුමනි,මිනිසුන්ගේ කටවල් වහන්න...., අප අගය කරන පුරවැසියෙකු වශයෙන්.ඔබ ඉතා අගනා කාර්යභාරයක් ඉටුකළ යුතුයි...

:       0       0

ajit Wednesday, 08 November 2017 08:37 AM

ගරු ජනාධිපති තුමනි . ඔබට රට බාරයි . දැන්ඉන්න ඒවගෙම හිටපු ලෝක හොරු ටික පන්නා දමන්න ශක්තිය ලැබේවා . තෙරුවන් සරණයි.....

:       0       0

lal Wednesday, 08 November 2017 08:37 AM

හොරු කවුද කියලා දන්නේ නෑ......

:       0       0

one srilankan Wednesday, 08 November 2017 08:39 AM

අතිගරු සිරිසේන උතුමාණනි ,,,කරුණාකර සෛටෙම් උදෙසාත් කොමිසමක් පත්කර ,,රාජිත ,,එස්බී කිරිඇල්ල යන අය මෙතරම් සෛටෙම් රැකගැනීමේ රහස මොකක්ද ?,,,සොයා බලන්න ,,,ඔබතුමාත් තම හදවතට තට්ටුවක් දාල බලන්න සෛටෙම් නොවහන්නේ මොකද කියා ,,,පරක්කු කරන්න එපා හොදේ ,,,,

:       0       0

chaminda Wednesday, 08 November 2017 08:45 AM

ඔබතුමා මෙතනදී ඉතාමත් නිවැරදි තීන්දුවක් අරගෙන කටයුතු කරන්නේ ... ඔබතුමා නිවැරදි දේම කරන්න ...

:       148       63

UPUL Wednesday, 08 November 2017 08:46 AM

නිවටකම ප්‍රදර්ශනය කරන්න එපා. හරි දේ හරි විදියට කරන්න. කරනදේ හරියට කරන්න. නිවැරදි දේ නිවැරදිව කරන්න කාටවත් බයවෙන්න ඕනැ නැහැ. නමුත් දැන්නම් රටට වැඩක් වෙන්නේම නැහැ. වෙදිකාවල කියන දේවල් නිල ප්‍රකාශ නොවෙයි. හරියට වැඩ කරන්න දන්න පොරක් වෙන්න.

:       17       413

saliya Wednesday, 08 November 2017 08:56 AM

ඔබතුමාගේ දින 100 සැලැස්මයි. පඩි රු-10,000 වැඩි කිරීමේ පොරොන්දුවයි ඉෂ්ට කරන්න නේද හදිසියේ සල්ලි හොයන්න වුනේ? පව් නේද අනික් කට්ටිය විතරක් කන්ඩෙම් කරන එක. ඒ ගොල්ලෝ බිලියන 10 ඔහොම හරි සොයා ගත්තේ නැතිනම් ඔය ආණ්ඩුව 2015 ජනවාරියේම හාන්සි තමයි …

:       246       408

කොන්ඩ බැඳපු චින්නු Wednesday, 08 November 2017 09:03 AM

ජනපතිතුමනි, අල්ලස් කොමිසමේ දක්ෂ දිල්රුක්ෂි ට බැන අස්වෙන තැනට වැඩ කලේ ඇයි? එසේ කලේ ලොක්කන් බේරීමටද? යටින් මිතුරු, උඩින් හතුරු. අපි කොන්ඩ බැඳපු චින්නු නොවේ.

:       32       483

සිංහවංශ Wednesday, 08 November 2017 09:12 AM

ඔහේ මේ රට ආඬි හත් දෙනාගේ කැඳ හැලිය කරපු එකට නොගහන්නේ කවුද? කරුණාකරලා පෙට්ට්‍රල් ෂෙඩ් එකක් ලඟට යාපනේ ශිවාජිලින්ගම්ගේ ලඟට ගිහින් ප්‍රශ්නේ ගැන ඇහුවා වගේ පොඩ්ඩක් අහන්න බලන්න මොකද වෙන්නේ කියලා. මගේ හිතේ තියෙන දේවල් ලිව්වට වැඩක් නැහැ.

:       282       754

Lusena Wednesday, 08 November 2017 09:33 AM

බල තන්හාවට ජනාධිපතිවරණයට තරග කිරීමෙන් අද මුළු ලංකාවම අයාලේ යනවා..

:       136       271

sena Wednesday, 08 November 2017 09:41 AM

මට මේ ගැන දිග විවේචනයක් තියෙනවා නමුත් - නිදාගෙන ඉන්න කෙනා නැගිට්ට වන්න පුළුවන්ලු... බොරුවට නිදාගෙන ඉන්න කෙනා නැගිට්ටවන්න බැරිලු - එ්ක නිසා නිකන් ඉන්නවා.

:       0       109

බුම්මට්ටා Wednesday, 08 November 2017 09:49 AM

වැට උඩ ඉඳගෙන ඉන්න එපා. තීරණ අරගන්න බැරිනම් ඉල්ලා අස්වෙන්න.

:       154       351

people Wednesday, 08 November 2017 09:52 AM

කොන්ද කෙළින් නැහැයි කියලා මිනිස්සු කියන්නේ නිකන් නෙමෙයිනේ. රනිල්ටයි, එයාගේ හෙන්චයියන්ටයි, ටීඑන්ඒ, මුස්ලිම් අන්තවාදීන්ටයි, දෙමළ ඩයස්පෝරාවට සහ බටහිර රටවල පදේට නටන රූකඩයක් වුණාම මෙහෙම දේවල් වෙනවා.

:       94       404

sudes Wednesday, 08 November 2017 10:03 AM

ඒක තමයි විධායක බලතල සහිත ජනාධිපතිකමක් ලැබිල තිබෙන්නේ. ඕක තියෙන්නේ පාවිච්චි කරන්න මිසක් දරු නැළවිලි ගීත කියන්න නොවේ.

:       56       210

Kumar (Galf) Wednesday, 08 November 2017 10:09 AM

හරි තීරණයක් ගන්න බැරි ඇයි?

:       59       152

Hafeel Wednesday, 08 November 2017 10:27 AM

තුන්වැනි පින්තූරෙ චෝදනා එල්ල වූ මලික් සමරවික්‍රමත් හිනාවෙමින් හොඳ කෙනෙක් වගේ ඉන්නවා.

:       243       232

bamunarachchiWednesday, 08 November 2017 01:50 PM

මහත්මයෝ ඔබ දීර්ඝ කාලිනව උත්සාහයක් අරගෙන ජනාධිපතිකම එල්ල කරගෙන ආපු ගමනක් නොවෙයි ඕක. ඔබේ බලතල ඒ ගොල්ලෝ අරගෙන ඔවුන්ගේ වැඩ ටික කර ගන්න ඔබව උස්සලා ඔතනින් තිබ්බා. එ්කනේ වුණේ මහත්මයෝ. හරියට ළමයා උස්සලා ඉනිමඟක තිබ්බා වගේ. උඩට යන්න හැකියාවක් දැනුමක් නැතිනම් උඩ ඉඳගෙන ඉනිමඟ අල්ලාගෙන වට පිට බල බල ඉන්නයි වෙන්නේ...

:       0       221

sisira Wednesday, 08 November 2017 10:35 AM

ගරු ජනාධිපතිතුමනි ඔබගේ හැගීම් උදාරයි. නමුත් ඔබට වෙනත් පාර්ශවයක් විසින් නාස්ලනුවක් දමා ඇතිබව නොරහසකි.. ඔබ කොච්චර හරිතැනක හිටියත් එහෙම ඉන්න බැහැ. හේතුව ඔබ ඔය තැනට ආපු මාර්ගය හොඳ නැහැ එහි ප්‍රති විපාක තමයි දැන් ඔබ විඳින්නේ.. හරි කණගාටුයි. නමුත් රට හොඳ මාර්ගයකට ගෙනයන්න ඔබට ශක්තිය ලැබේවා ! අත්තේ ඉඳන් අත්ත කැපුවොත් බිම වැටෙන බව ඔබට දැන්වත් තේරෙනවද දන්නේ නැහැ.

:       162       202

purawsiyaa Wednesday, 08 November 2017 11:26 AM

ඔබ තම හරි දේ කරන්න. ඔබේ මරණින් පසු හෝ ඒ විරුද්ධවාදීන් ඔබේ හොඳ කියාවි. ඔබතුමාටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටත් ජයවේවා !!!

:       173       184

JEEWA Wednesday, 08 November 2017 11:45 AM

ඔබතුමාට බැහැ. පුළුවන් වුණත් හවුල් අවුල් හින්දා කරගෙන යන්නත් බෑ. හොඳම වැඩේ පුළුවන් කෙනෙකුට බාරදීලා වැදගත් විදියට අයින් වෙන එක....

:       7       9

kamal Wednesday, 08 November 2017 11:49 AM

හෆීල් මහතා, චෝදනා කියන්නේ ලංකාවේ දේශපාලනය තුල සාමාන්‍ය දෙයක්නේ. රාජපක්ෂ රේජීමයට චෝදනා බාරගනු ඇත.

:       2       34

rohan Wednesday, 08 November 2017 12:07 PM

ප්‍රංශයේ පැරිස් වලත් මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ පින්කමට දෙවනවරටත් සියලු ආගමික පූජක තුමන්ලා දායකත්වය අක්වනවා..

:       0       4

Ranjith Silva Wednesday, 08 November 2017 12:36 PM

වහෙන් ඔරෝ කියලා කියන්නේ රනිල කුලයේ බෝග කන්න එපා කියල නේද? අපිට නම් හොඳට තේරෙනවා. ඔබතුමා දැන් පක්ෂයක් බදාගෙන ඉන්න එක තමයි වරද. පක්ෂයද, රටද කියලා හිතුවොත් නැවත ජය ලැබේවි. නැත්නම් ඉතින් හිටපු ජනාධිපති කියන පදවිය තමා ලැබෙන්නේ...

:       0       121

putawasiya Thursday, 09 November 2017 12:42 AM

විරුද්දවාදීන් මොනවා කිවත් ලංකාව හොඳ මගට ගන්න ඔබට හැකියාව ලැබේවි. කුඩු සහා අපරාධ ඉක්මනින් මැඩලන්න.නඩු ඉක්මනින් විසදාලීමේ ක්‍රමවේදයක් හදන්ඩ. කිරිපිටි ගෙන්වීම ක්‍රමානුකුලව නවතන්ඩ. හමුදාව තවත් වැඩිකර රටේ සංවර්ධනයට යොදවන්ද. අපට අපනයනය සඳහා බඩු නිපදවන කර්මාන්ත ශාලා එක ගමකට එක බැගින් ඇතිකරන්ඩ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ආහාර සුරක්ෂිතතා කමිටුව හය වන වරටත් රැස්වේ
2025 අප්‍රේල් මස 21 41 0

රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා වන ආහාර සුරක්ෂිතතා කමිටුව කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද 6 වන වරටත් රැස් විය.


පාප් වහන්සේට ගෞරවයක් ලෙස අයිෆල් කුළුණ නිවා දමයි
2025 අප්‍රේල් මස 21 221 0

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේට සිදුකරන ගෞරවයක් වශයෙන් ප්‍රංශයේ අයිෆල් කුළුණේ විදුලි ආලෝකය අද (21) රාත්‍රියේ නිවා දමන බව ප්‍රංශ නගරාධිපතිනි ඈන් හි


නීති විරෝධීව වැලි ප්‍රවාහනය කළ ලොරියට වෙඩි
2025 අප්‍රේල් මස 21 118 0

කොටිකුවිආරු රක්ෂිතයේ නීති විරෝධීව වැලි ප්‍රවාහනය කළ ලොරි රථයක් පොලිස් නිලධාරීන් හප්පා පලායාමට උත්සාහ කිරීමේදී ටිපර් රථයට වෙඩි තබා රියැදුරු ඇතුළු දෙ


පොලිසියට අලුතින් 5000ක්
2025 අප්‍රේල් මස 21 201 0

මෙම වසරේ අලුතින් පොලිස් නිලධාරීන් 5000ක් බදවාගැනීමටත් ඉන් 2000ක් කඩිනමින් බදවාගැනීමටත් මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා උපද


රනිල්ට අල්ලස් කොමිසමට එන්න දින දෙයි
2025 අප්‍රේල් මස 21 501 0

චාමර සම්පත් දසනායක මහතා ඌව පළාත් මහ ඇමති ධුරයේ සිටියදී ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ පැවති ස්ථාවර තැන්පතු ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ගැ


පැය හතකට පසු මෛත්‍රී CIDයෙන් පිටව යයි
2025 අප්‍රේල් මස 21 540 0

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැය 7 කට පමණ ආසන්න කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව ඉන් පිටව ගියේය.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 482 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 287 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 438 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site