(මනෝප‍්‍රිය ගුණසේකර සහ රන්ජන් කටුගම්පොළ)
භාන්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳව සොයා බැලීම සඳහා පත් කර ඇති ජනාධිපති පරීක්‍ෂණ කොමිසමේ කාලය තවත් මාස තුනකින් දීර්ඝ කරන්නැයි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලීමක් කිරීමේ සුදානමක් ඇතැයි වාර්තාවේ.
භාන්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීමේ සිද්ධිය පිළිබඳව විමර්ශනය කිරීමේදී හා එයට අදාළව සාක්කි විමසීමේදී අමතර කරුණු හෙළි වීම නිසා මේ සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන කිරීමට සිදු වීමත් කොමිසමේ අවසන් වාර්තාව සකස් කිරීමට කාලයක් අවශ්‍ය වීමත් නිසා කොමිසමේ කාලය දීර්ඝ කරන්නැයි ඉල්ලීමක් කිරීමට මෙලෙස බලාපොරොත්තු වන බව වාර්තා වේ.
2015 පෙබරවාරී මස පළමුවැනිදාත් 2016 මාර්තු මස 31 වැනිදාත් අතර කාලයේ වත්මන් රජය යටතේ භාන්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳව සොයා බැලීමට මෙම ජනාධිපති පරීක්‍ෂණ කොමිසම ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් පත් කරන ලද්දේ පසුගිය පෙබරවාරී මාසයේදීය.
ඉන් අනතුරුව අවස්ථා දෙකකදී ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් මාස තුන බැගින් කොමිසමේ කාලය දීර්ඝ කරන ලද අතර දෙවැනි වරට දීර්ඝ කරන ලද කොමිසමේ කාලය ලබන 27 වැනිදායින් අවසන් වීමට නියමිතය.
මෙම කොමිසමේ කටයුතු මේ මස 27 වැනිදාට පෙර අවසන් කිරීමට කොමිසම සැලසුම් කර තිබුණත් කොමිසමේ සාක්කි විමසන අතරතුර මෙම සිදිධීන් වලට අදාළ තව තවත් කරුණු හෙළි වීම නිසා එම සිද්ධීන් සම්බන්ධයෙන්ද විමර්ශනය කිරීමට සිදුවීමෙන් මෙම සිද්ධියේ විමර්ශන කටයුතු කළින් සැළසුම් කළ ආකාරයට අවසන් කර ගැනීමට නොහැකි වු බවද වාර්තා වේ.
පළාත් පාලන මැතිවරණයට පෙර දේශපාලන වාසි තකා පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය විකුණන් කෑම නවත්වන්නැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල
ගලේවෙල බෙලිගමුව ප්‍රදේශයේදී යතුරුපැදියක් බල්ලකුගේ හැපී කාණුවකට පෙරැළී අද(21) සිදු වූ අනතුරකින්අඹුසැමි යුවළක් මියගොස් වයස අවුරුදු එකහමාරක පුතෙකු තුව
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවද සිය කාර්යාලය පවත්වාගෙන යෑමට ඇමැති බංගලාවක් දෙන ලෙස ඉල්ලීමක් කර ඇතැයි රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන
‘පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරයට වගකිවයුත්තන් නීතිය හමුවට ඉතා ඉක්මණින් ගෙන ඒම සඳහා මැල්කම් රංජිත් කාදිනල් කොළඹ අගරදගුරුතුමා ජනාධිපති අනුර කුමාර දිසාන
මහනුවර දළදාමාලිගා පරිශ්‍රයේ පැවැත්වෙන ‘සිරි දළදා වන්දනා -2025’ දන්ත ධාතු ප්‍රදර්ශනයේ ප්‍රදර්ශන කාලය පෙරවරු 11.00 සිට පස්වරු 5.30 දක්වා ලෙස වේලාව වෙනස් කළ බව ශ
පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාල සිද්ධීන් 1,874 ක් මේ වන විට පැබී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පැවසීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
බැඳුම්කර කොමිසම තවත් මාස තුනක් ඉල්ලයි
ajit Monday, 16 October 2017 06:19 AM
අවසානයේදී දුප්පත් මිනිස්සුන්ගේ සල්ලි නාස්ති වෙන එක විතරය් වෙන්නේ .. පුදුම රටක්
Saman Monday, 16 October 2017 06:55 AM
මෙතෙක් කාලයකට තිබිච්ච විනිවිදභාවය වැඩිම ජනාධිපති කොමිසම. ඒ හින්දම මේක ගැන මිනිස්සු වපර ඇහින් බලන්න පුළුවන්. හැබැයි මේ කොමිසම අනාවරණය වෙච්ච දේවල් කොප්කාරක සභාවේ වත් අනාවරණය වුනෙ නැහැ. මේ විදියට කොමිසමක් නැතුව කෙලින්ම උසාවි ගියා නම් එකම එක බැදූම්කර නිකුතුවක් ගැන විතරක් බලල තින්දූවක් දෙයි. හැබැයි දැන් මේ කොමිසම අලගිය මුලගිය හැම දේම අහන්න බලනව. ඒ හින්දම තමයි මුදල් ඇමති මාරු වුනෙත්. අනික මෙම කොමිසමෙන් 100% හරි ප්‍රථිපල ලැබුනේ නැති වුනත් මේ හරහා දැන් වෙනකොටම මහජනතාවට ගිය පණිවිඩය ඊට වඩා සිය දහස් ගුණයක් වටිනවා. රාජ්‍ය මුදල් අවභාවිත කිරීම සම්බන්ධයෙන් මෙම කොමිසමට වඩා හොඳට මහජනතාව දැනුවත් වුනු මීට වඩා හොඳට මෙච්චර මහන්සි වෙලා කරුණු අනාවරණය වෙච්ච එකම අධිකරණ ක්‍රියාමාර්ගයක් අපෙ රටේ පෙන්වන්න බැහැ. මම නම් මෙම කොමිසමට සම්බන්ධ වෙච්ච හැමෝටම ස්තුති කරනවා රට වෙනුවෙන් කරපු අයිතිහාසික සේවයට.
janesh Monday, 16 October 2017 07:03 AM
ඔය හදන්නේ කරපු හොරකම් සේරම යටගහන්න ක්‍රමයක් හොයන්න. ඕවට ඉඩ දෙන්න කොහෙත්ම හොදනැහැ
de silva berlin Monday, 16 October 2017 07:37 AM
ඔය කොමිසම තව මස 3 දිගු කරන්න. නමුත් දැනට තිබෙන සාක්ෂි මත චූදිතයෝ අත්අඩංගුවට ගෙන නඩු පවරන්න. ඉස්සරහට තව හොරකම් සොයා ගත්තොත් ඒවාට වෙන් වශයෙන් අලුත් නඩු පවරන්න. කොමිසම දිහාම බලාගෙන චුදිතයින්ට විරුද්ධව අධිකරණයේ නඩු පවරන එක නම් තව දුරටත් කල් දමන්න එපා.
ලුම්බිණි Monday, 16 October 2017 07:45 AM
මට නම් මේක දේශපාලන අතීසාරයක් වගෙයි. වෙච්ච දෙයක් නැහැ. දඬුවම් කරපු කෙනෙක් නැහැ. මේවාට උපදෙස් දුන් නිලධාරීන්ට කිසිම කරදරයක් නැහැ. කරන දෙයක් ඉක්මනින් කරන්නකෝ.
hafeel Monday, 16 October 2017 08:34 AM
ඊළඟට පැවැත්වීමට නියමිත ප්‍රධාන මැතිවරණය වෙනකම්, එක පාරටම දීර්ඝ කරලා දුන්නා නම් හොඳයි. එ්ක තමයි වෙන්නේ...