IMG-LOGO

2024 නොවැම්බර් මස 25 වන සඳුදා


බැඳුම්කර කොමිසමේ වාර්තාව ජනපතිට

බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කරන ලද ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව අද (30) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත බාර දෙන ලදි.


මහ බැංකුවේ 2015-2016 අතර කාලයේ සිදුවූ බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් සොයා බැලීමට මේ වසර මුලදී ජනාධිපතිවරයා විසින්  කොමිෂන් සභාවක් පත් කරනු ලැබූ අතර ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ ටී චිත්‍රසිරි මහතා එහි සභාපතිවරයා විය.

කොමිසමේ සභාපති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.ටී. චිත්‍රසිරි මහතා විසින් වාර්තාව ජනාධිපතිවරයා වෙත පිළිගන්වන  ලදි.  කොමිසමේ ලේකම් එස්. උඩුගමසූරිය මහතා සහ එහි සාමාජිකයින් වන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු පී.එස්. ජයවර්ධන, විශ්‍රාමික නියෝජ්‍ය විගණකාධිපති වී. කන්දසාමී යන මහත්වරුද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා ද ඊට සහභාගී විය.

 

 



අදහස් (55)

බැඳුම්කර කොමිසමේ වාර්තාව ජනපතිට

Shan Saturday, 30 December 2017 08:56 AM

රුසියාවෙන් ගන්න හදන පරණ නැව ගැනත් කොමිසමක් පත් කරන්න.

:       891       933

silvaSaturday, 30 December 2017 01:54 PM

එ්කට කොමිසම ඊළඟ ආණ්ඩුවෙන් පත්කරයි කොහොමත්..

:       5       184

Raveendra Saturday, 30 December 2017 09:01 AM

හිතුවා බැංකුව කඩන්නට... ඇන්දා ප්ලැනක් හොර එලි නොවන්නට.. බැරි වුණා නේද මාධ්‍යයට වසන්නට.. කෙළවුණා නේද මැති ඇමතියෝ ඔක්කොටම...

:       338       1275

ජගත් ලියනගේ Saturday, 30 December 2017 09:03 AM

අපිට සක් සුදක් සේ හොඳටම විශ්වාසයි. ජනාධිපතිතුමා වැරදි කරපු අයට උපරිම දඬුවම් ලබා දෙනවා කියලා.

:       416       462

HafeelSaturday, 30 December 2017 11:27 AM

ඒක තමයි ජනතාවගේ බලාපොරොත්තුව. ජනාධිපතිතුමා දැනටමත් කඩුව ලෑස්ති කරලයි තියෙන්නේ කිව්වා..

:       2       110

bandaSaturday, 30 December 2017 07:14 PM

මට පේන්නේ මෙයා කඩුවේ අනික් පැත්තෙන් අල්ලලා අත කපා ගනියි කියල ....

:       2       22

jayampathi Saturday, 30 December 2017 09:29 AM

බැඳුම්කර ගණුදෙණුවේ නීති විරෝධී කටයුත්තක් සිදුවී නැති බවත් එය සාරධර්ම වලට පමණක් පටහැනි බවත් ඔප්පුවේවි... උදහරණ 10% පොලියට දෙන කෙනෙක් සහ 50% පොලියට දෙන කෙනෙක් ඉන්න විට 10% ට නොගෙන 50% ගැනීම නීතියෙන් වරදක් නොවේ. මේ සියලු සමාගම් ලාභ ලැබීම පරමාර්ථය කරගෙන කරන ව්‍යාපාර, ඉතින් අධික ලාභ ලැබීම නීති විරෝධී නැත. නමුත් සාරධර්ම වලට හොඳ නැත. නමුත් මෙයට අනුබල දීම සහ බැංකුවට පාඩු සිදුකිරීම ගැන යම් ක්‍රියා මාර්ගයක් ගත යුතු වුණත්, නීතියෙන් එයට ප්‍රතිපාදන තිබේද සැකයි. අන්තිමට නටපු නැටුමකුත් නැහැ... බෙරේ පලුවකුත් නැ .

:       398       417

BamunuarachchiSaturday, 30 December 2017 04:05 PM

දන්නා මගුලක් කතාකොරනවා හලෝ."උදහරණ 10% පොලියට දෙන කෙනෙක් සහ 50% පොලියට දෙන කෙනෙක් ඉන්න විට " 10% දෙන්න ලැහැස්ති කොරල 6% දෙන්න ලැහැස්ති උන කෙනාට මුදල් ලොක්ක කියනවා ඔබ 20% ලන්සු තියන්න කියලා. එතකොට අනිවාර්යෙන්ම 10% දෙනවා ඊට පස්සේ කස්ය්ටිය ගාන බෙදා ගන්නවා කෝටි ගණන්වල බෝනස් එක්ක . 6% -10% වෙනස රටේ මහජනයා ගෙවනවා. "බැඳුම්කර ගණුදෙණුවේ නීති විරෝධී කටයුත්තක් සිදුවී නැති බව" මෙයා කාටද පන්දම පත්තු කොරන්නේ. අපි කොමිසමේ සාක්කි අග සිට මුලට කියව්වා.

:       62       39

aseSunday, 31 December 2017 11:18 AM

හරි නේන්නම්... කරලා තියන කෙනෙක් වගේනේ.. මෙයා ලියන ඒවා වැඩිය ගණන් ගන්න එපා. මෙයා සිදත් කෙනෙක්....

:       0       1

SamanSaturday, 30 December 2017 04:22 PM

අනිවාර්‍යයෙන්ම මේක තමයි ඇත්ත..

:       2       2

sagaraSunday, 31 December 2017 01:56 AM

ජනතාවගේ මුදල් කාටවත් ඕන ඕන විදිහට පොලියට දෙන්නවත් ගන්නවත් බැරි බව ඔයා දන්නේ නැද්ද . එක පොදු දේපල පනත බරපතල ලෙස උල්ලංගනය කරමින් සිදුකරන මුල්‍ය අපරාදයක් වෙනවනේ. අනිවාර්යයෙන්ම ජීවිතාන්තය දක්වා හිරේ යන වැඩක් .

:       1       8

BamunuarachchiMonday, 01 January 2018 10:43 AM

ඔව් ඔව්, බැංකුවේ අපි තැන්පත් කරන මුදල් ඒ ගොල්ලෝ සේප්පුවේ ගාලා ලොක්කරගෙන ඉන්නවා. අපට ණය දෙන්න බැංකු මැනේජර් සල්ලි ගෙදරින් ගෙනෙනවා. මටත් කියන්නකෝ ඔයා ගිය ඉස්කෝලේ.

:       0       0

LakpriyaSunday, 31 December 2017 04:37 AM

බෑදුම්කර කොමිසමේ හෙලිවුන නිතිවිරෝධී කරුනු? 1.මහබැංකු සබාපති පත්කිරිම( සින්ගප්පුරූ )ජාතික ? 2. මුදල් ඈමති කොම්ස් ගැනිම? 3,කොප් කමිටු දුරකතන හරහා ෆික්ස් විම? 4, රටේ අගමැති වෙත කෙලින්ම චොදනාව එල්ල විම? 5, මුදල් ඇමති රාජ්‍ය බෑන්කු අඩු ලන්සු තෑබිමට කිම මේ වා නිතියට එකගද???

:       1       21

Dr. Lakshman Fernando Saturday, 30 December 2017 09:58 AM

ජනාධිපතිතුමනි, අපි ඔබගේ තීරණය බලා සිටිමු.

:       2       84

SamanSunday, 31 December 2017 02:53 AM

මහත්තයෝ අවුරුදු තුනක් තිස්සේ කිසිම දෙයක් කර ගන්න බැරි වුණු මෙයාට මේක කරගන්න පුලුවන්ද? ආයෙත් අපිව මුලා කරලා බලය ඇරගෙන අහවලා එක්ක හවුල් වෙලා ඔය දීගෙම තමා කන්නේ. පත්තර වලින් කරුණු කාරණා හොයා ගන්න කෙනෙක් කොහොමද මහත්තයෝ රටක් පාලනය කරන්නේ

:       1       26

siri Saturday, 30 December 2017 10:05 AM

අර කඩුව හොඳට මුවහත් කරගෙන ඇති නේද?

:       0       63

samanSunday, 31 December 2017 06:48 AM

සිරි... මෙයා මුවහත් වැරදිලා, මුවහත් කරලා තියෙන්නේ කඩුව නොවේ. කඩුවේ මිට පැත්තයි.

:       0       1

aseSunday, 31 December 2017 11:21 AM

කඩුව? එක වැරදි තැනේනේ තියෙන්නේ.. ඒක කැපිලලු... මට නම් පිස්සු වගෙයි !!

:       0       4

sena Saturday, 30 December 2017 11:30 AM

ඕකේ තියෙන්නේ මොනවද කියලා දැනගන්න ජනාධිපතිතුමා ඡන්ද රැස්වීමක් අමතන කල් ඉන්න වෙනවා.

:       0       228

Sam Saturday, 30 December 2017 11:33 AM

කඩුවෙන් කපන වෙලාව පැමිණ ඇත. කඩුවත් චීනෙට, ඉන්දියාවට විකිණීමට පෙර කපනු මැනවි...

:       1       232

ගලබොඩ ඇත්තේ චමින්ද. Saturday, 30 December 2017 11:38 AM

31 වෙනිදායින් සම්මුතිවාදී ආණ්ඩුවේ කාලයත් ඉවරයි. ඡන්දෙත් ලඟයි. දැන් ගානට ජනාධිපතිතුමාට අවස්ථාව තියනවා. වාර්තාවෙන් කෑලි පෙන්නලා අනිත් අයගේ ඡන්ද ටික කඩන්න. ඊයේ එතුමා කඩුවෙන් කපන කතාවක් කියුවා. දැන් තියෙන්නේ පක්ෂ විපක්ෂ බේදයකින් තොරව ක්‍රියාත්මක වෙන එක. එතුමා මෙතෙක් ක්‍රියා කල ආකාරය දෙස බැලුවොත් මෙම වාර්තාව පාවිච්චි කරන්නේ ළඟ එන මැතිවරණයේ ඡන්ද ගොඩ වැඩිකර ශ්‍රීලනිපය තුන්වන හෝ හතරවන ස්ථානවලින් ගොඩ දාගන්නයි. නැත්නම් රට වෙනුවෙන් දෙයක් කරයි කියලා හිතන්න අමාරුයි. එතුමාට වටින්නේ රටට වඩා ශ්‍රීලනිපයයි.

:       2       754

bandaSaturday, 30 December 2017 07:16 PM

අන්තිමට මට කියන්න තියෙන්නේ නටපු නැටුමකුත් නෑ බෙරේ පලුවකුත් නෑ .....

:       0       7

pathiranaSunday, 31 December 2017 07:26 AM

චමින්ද මහත්තයා සියයට සියයක්ම හරි...

:       0       2

siri Saturday, 30 December 2017 01:47 PM

කඩුවෙන් කොටනකොට මොට පැත්තෙන් නැතුව කැපෙන පැත්තෙන්ම කෙටුවොත් තමා මිනිස්සු වැඩක් කළා කියල පිළිගන්නේ. නැත්නම් අපරාදේ. ඡන්දයක් නම් ලැබෙන එකක් නැහැ.

:       0       206

de silva Saturday, 30 December 2017 02:03 PM

ගලබොඩ චමින්ද මහතාගේ අදහස් මමත් අනුමත කරමි. ජනාධිපතිතුමා ඔහොම යමු... ලබන ජනාධිපතිවරණය තෙක්... එතකොට බලාගන්න පුළුවන් ජනතාවගේ කඩුවට කවුද කැපෙන්නේ කියලා.

:       0       222

Lapaya Saturday, 30 December 2017 02:08 PM

ලොක්කා හෙට ඉඳන් කඩුව බටේ දමාගෙන කතා කරයි ඡන්දෙට...

:       0       315

bud Saturday, 30 December 2017 02:24 PM

අපේ රට හොරාකලා ඉවරයි. 225 දෙනාම තරගෙට හොරකනවා. ඇයි දෙයියනේ පේන්නැද්ද ඔබට?

:       0       380

ඉනායතුල්ලා Saturday, 30 December 2017 03:13 PM

ජනාධිපතිතුමනි, අපි ඔබගේ තීරණය බලා සිටිමු.

:       0       1

Bamunuarachchi Saturday, 30 December 2017 04:09 PM

කඩුව ඕනෙම මිනිහෙකුට අතට ගන්න පුළුවනි නමුත් පාවිච්චියේ පුහුණුව කාලයක් ලැබිය යුතුය. පුහුණුව ලැබිලත් පාවිච්චිය බැරි අය අපි දැකලා තිබෙනවාය, අනුන් කපන එක කොහොම උනත් හමන් කපා නොගත්තොත් හොඳය

:       51       229

RaveendraSunday, 31 December 2017 07:09 AM

බමුණුආරච්චි මයා වෙත, දැන් අපි මෙතන තර්ක විතර්ක, ඇනුම් බැනුම් අනේකවිධ සිතුවිලිවලින් ගහන වූ අදහස් ඇතිපදම් ලියාගෙන යන අතර අප එකිනෙකාගේ අදහස් නොගැලපෙන අවස්ථාද එමට ඇත. ඒ කෙසේවෙතත් අප සියල්ලෝම අප රටේ පවතින තුප්පහි පාට, පක්ෂ ගැන නොසිතා (තම තමන් වන්දනා මන කරන පාට, පක්ෂ පසෙකට තබා) මාතෘභූමිය ගැන පමණක් සිතා මෙම ඉදිරිපත් කල වාර්තාවෙන් මහ බැංකුව හුරා කාපු අයවලුන් හට නිසි දඬුවම් ලැබේවා කියා එකසිතින් ප්‍රර්ථනා කරමු නේද?

:       0       20

Prasad Saturday, 30 December 2017 04:47 PM

අපි අසරණ වෙලා වගේ සිතට දැනෙනවා බුදු හාමු දුරුවනේ ...

:       0       18

erdi Saturday, 30 December 2017 05:15 PM

හොරකම වුවත් නිත්‍යානුකුලව කරලා ඒකනෙ අද මෙවැනි වාර්ථාවක් ජනපති අතට පත්කළේ.එතකොට කබ්රාල්ලත් මේ විදිහෙම සුද්දයක් දුන්නෙ නැද්ද?පහුගිය රජය කරපු හොරකම් ඇල්ලුවද?අපිනම් අලුත් ආණ්ඩුවක් අලුත් ජනපතිවරයෙක් පත්කරගන්න උරදුන්නේ හොරු අල්ලන්න.මේ වගේ ජරා පාලනයක් ඇති කරගත්තට වඩා හොඳනේ තිබ්බ එකම

:       31       38

banda Saturday, 30 December 2017 07:19 PM

ඔය වාර්තාව හෙට කුණු බක්කියට .....

:       0       17

අප්පුහාමි Saturday, 30 December 2017 07:49 PM

මේක වාර්තාවකට පමණක් සීමා නොවේවා!

:       0       7

Gamini Saturday, 30 December 2017 10:46 PM

මේ පොත සිංහලෙන්ද ඉන්ගිරිසියෙන්ද තියෙන්නෙ. තීරණයක් කෙසේවෙතත් ලොකු අකුරුවලින් ලියල නැතිනම් සෑහෙන කාලයක් යාවි කියවල ඉවර කරන්න. කොමිසමට ගිය වියදමින් බකමුණේ වගේ මෘත ශරීරාගාර හැම රෝහලකම හදාගන්න තිබුණ. මුල්‍ය කටයුතු සම්බන්ධ වියෙතෙකුට කොමිසම භාර දීල තිබුණ නම් ඇත්තටම වුනේ මඩ ගැසීමක් ද එහෙම නැති නම් මඩ ගැසීමක් ද කියල සාමාන්‍ය ජනතාවට දැනගන්න තිබුණ. එදා, උතුම් වූ අධිකරණයේ වගකීම් දැරූ පෘතග්ජනයන් ම අධිකරණයට සාධාරණය ඉටුකළ අයුරු දන්නේ ඒ අයගේ හෘද සාක්ෂිය පමණයි.

:       5       1

ලුම්බිණි Saturday, 30 December 2017 11:52 PM

ලංකාවේ ඉතිහාසේම මෙයට කලින් ප්‍රකාශ කරපු ජනාධිපති කොමිෂන් සභා වාර්තා වලින් කිසිම ප්‍රතිපලයක් නොලැබුන එකේ කාටද හිතන්න පුළුවන් මේකෙන් වැඩක් වෙයි කියල.

:       0       11

Sathyayaa Sunday, 31 December 2017 12:09 AM

"යහපාලනය" ට එකතු වුන පිරිස හිතුවේ මෛත්‍රීපාල ජනාධිපති තුමා ඉංග්‍රීසි කතා නොකරන ගැමි පසු බිමකින් එන අයෙක් නිසා සහ නීතිය හදාරා නැති නිසා ආණ්ඩුව ඇතුලේ ඉඳගෙන අඟේ ඉඳන් කණ කන න්‍යායට අනුව නාමික "යහපාලනය" ගෙනයන්න. බලාපොරොත්තු රහිත අන්දමින් වැඩේ ගැස්සිලා ගියා. මේ අයගෙන් මෛත්‍රීපාල සිරිසේන මහතාට එල්ල වූ අභියෝගය ජනාධිපති කෙනෙකුට එල්ලවන අභියෝගයක් නොව සිංහළ-බෞද්ධ ගැමියෙකුට කරන ලද අවිනීත සරදමක්. අපට නම් හැඟෙන්නේ සිංහළ බෞද්ධ ගැමියා අවතක්සේරු කිරීමේ පාපයට එතුමා අවට ඉන්න කිහිපදෙනෙකුට ම තනතුරු වලින් ම වන්දි ගෙවන්න වෙයි කියල හිරේ විලංගුවේ දැමීම කෙසේ වෙතත්. සිරිමාවෝ බණ්ඩාරනායක වැනි නිර්දෝෂී අහිංසක කාන්තාවකගේ ප්‍රජා අයිතිය නැතිකළ කිලිටි වූ අතීතයක් ඇති පාර්ලිමේන්තුවකට සැබෑ හොරුන් ගේ ප්‍රජා අයිතිය අහෝසි කරනවා පමණක් නොව දඟගෙයට වුවත් යවන්න හැකියාවක් තිබිය යුතුයි.

:       0       11

Bamunuarachchi Sunday, 31 December 2017 12:51 AM

මෙම වාර්තාව අන්තර්ජාලයට දමනවානේද අපටත් කියවන්න. අපි කියවලා ගලවන්නම් ලොක්කගේ කලිසම ඔලුවෙන්.

:       0       8

ඇබිත්තයා Sunday, 31 December 2017 12:56 AM

ඕකට ලේන්සුව කුදුවෙන්නම කැපෙයිද?

:       0       0

Ratnamalala Sunday, 31 December 2017 02:25 AM

කිවරුව විතරි.2018 දී දුප්පතුන් ලංකාවේ නැතිකරන කිව්වෙත් මෙයාම තමා.දැන් අපිට සහල් පොල් පිටරටින් ගෙන්නන වෙලා.අපොයි රටකට ගිය කල.

:       0       7

pitigala Sunday, 31 December 2017 03:00 AM

ඔය කඩුවට කැපෙන්නේ යු. අන්.පී කාර හොරු විතරයි. එස්.එල්.එෆ්. පී . හොරු කැපෙන්නේ නැහැ.

:       0       47

chula SSunday, 31 December 2017 06:58 AM

ඇත්ත.... ගිය ආණ්ඩුවේ හොරු ඉන්නේ පවුල් පිටින්.. බොරුවට රිමාන්ඩ් කරලා ඇප දෙනවා. ඊට පස්සේ සද්ද නැහැ. ඩීල් එක හොඳට වැඩ කරලා තියෙනවා.

:       0       3

BamunuarachchiSunday, 31 December 2017 01:53 PM

එස්.එල්.එෆ්.පී. එකේ හොරු හිටියොත් කැපේවි. හැබැයි එජාප එකේ ඉන්නේ හොරු කියලා ඔප්පු වෙලා ඉවරයි. එස්.එල්.එෆ්.පී. ඒකේ ඔප්පු කරන්න පුළුවන් හොරු ඉන්නවා නම් අර ඇමතියා නිකන් ගෙදර යයි කියලා හිතනවාද අකුලාගෙන? සාක්කි හදලාවත් එස්.එල්.එෆ්. පී . එකේ හොරු ඉන්නවා යයි ඔප්පු කර ගන්න බැරුව එජාපය ඉන්නේ.

:       0       18

maim game banda Sunday, 31 December 2017 03:35 AM

අපේ දුප්පත් රටේ ධනය හොරා කන හැම එකෙකුගේ මුළු පරම්පරාවටම සාපම වේවා නිරයේම ඉපදේවා !{සමාවන්න මහත්වරුනි බෞද්ධ යෙක් වනමම මෙවැනි ප්‍රාර්ථනාවක් කිරීම ගැන }

:       0       158

BamunuarachchiSunday, 31 December 2017 04:47 PM

සමාව ඉල්ලන්න දෙයක් නැත. ඔය වගේ ප්‍රාර්ථනාවක් කර ජනතාවට හොඳවේවායි පතා අපි අපායට ගියාම මොකද?

:       0       0

ranga Sunday, 31 December 2017 07:35 AM

මේකට සම්බන්ධ මහ මොළකාරයා, 2002 දී නොර්වේ එක්ක සෙට් වෙලා මේ රට බිඳ වට්ටන්න අයි.එස්.ජී.ඒ. හරහා කටයුතු කල හැටි අපට මතකයි. එදා එය සාර්ථක වූවා නම් අද රටක් නැහැ. එදා කුඩා අවධියේ හිටපු අද තරුණයන්ට අයි.එස්.ජී.ඒ. යෝජනා කියවලා බලන්න කියලා අපි ආරාධනා කරනවා. 2015 දී ඊට වඩා සූක්ෂම විදියට ඒ ප්‍රයත්නයම දරූ බව දැන් හෙළි වී තිබෙනවා. මේ ද්‍රෝහියාගේ දේශපාලන ජීවිතය අර කඩුවෙන් මුලින්ම කැපුවොත් ජනාධිපතිතුමාගේ නම ඉතිහාසයේ රන් අකුරෙන් ලියවේවි. ඊට ශක්තිය හා ධෛර්යය ත්‍රිවිධ රත්නයේ අනුභාවයෙන් ලැබේවා !!!

:       0       2

BamunuarachchiMonday, 01 January 2018 01:34 AM

අයි.එස්.ජී.ඒ. එක ගැන දන්නා කිසිම සිංහලයෙක් මෙතන නැතිපාටයි. ඉන්නවානම් 2005 මහින්දගේ පත්වීම බාල්දු කර කතාකරාවිද?

:       0       0

රනේශ් Sunday, 31 December 2017 08:25 AM

වෙන්නේ මෙන්න මේ දේ ඔය වාර්තාව ඡන්දේ අවසන් වන තුරු තියෙන්නේ නීතිපති ලඟ එය අද හෙටම ඔහුගේ අතට ලබාදෙයි ඡන්දෙන් පසුව කියාවි... මහ බැංකු බැඳුම්කරය හරි විදියට සිදුවී අැත කියලා... හොරුන් ටික ගොඩ...

:       0       0

Gamini Sunday, 31 December 2017 08:51 AM

"යහපාලනය" ට එකතු වුණු පිරිස හිතුවේ... නිර්දෝෂී අහිංසක කාන්තාවගේ ප්‍රජා අයිතිය නැතිකළේ ඉඩම් අක්කර 50හේ සීමා වංචාවත් ඇතුළත්ව බව සඳහන් කළයුතුය. අඟේ ඉඳන් කණ කන නියායට අනුව කටයුතු කරන්නේ කැහි ගෑනිගේ අයම බව ප්‍රසිද්ධ රහසකි.

:       0       0

Sunil Sunday, 31 December 2017 09:22 AM

අද යමරෙට කඩුව මුවත් තියනවා ඇති... රජ ගෙදර පැත්තේ.

:       0       0

BamunuarachchiSunday, 31 December 2017 04:55 PM

පිහිය, කඩුව මුවහත් කරගන්න එකත් සාස්තරයක්... එය නොදැන කරන්න ගියොත් තිබෙන මුවහතත් මොට්ට කරගන්නවා. මම කියන්නේ බොරුද කියා ට්‍රයි කර බලන්න...

:       0       0

Sunil Sunday, 31 December 2017 09:29 AM

2015 ජනවාරිවලදී අපි හීනෙකින්වත් බලාපොරොත්තු වුණේ නැහැ අද මේ වගේ බැඳුම්කර කොමිසම් වාර්තා බාරදෙනවා, බාරගන්නවා දකින්න වේවි කියලා. අපි බලාපොරොත්තු වුණේ පොරොන්දු වුණා වගේම යහ පාලනයක්. අපේ අවාසනාවක මහත. බලාපොරොත්තු වුනේ එකෙක් කියාපු දේවල් අහලා... නමුත් දැන් වෙලා තියෙන්නේ, වෙන්නේ වෙන එකක්. දැන් ඉතින් කාවවත් විශ්වාස නොකරන්න, කාගෙවත් කතා බාර නොගන්න තීරණය කරලා තියෙනවා. බලාපොරොත්තු සුන් වුණු අපි වෙන මොනවා ගැන හිතන්නද?

:       0       0

Bamunuarachchi Sunday, 31 December 2017 01:56 PM

"බලාපොරොත්තු සුන් වුණු අපි වෙන මොනවා ගැන හිතන්නද?" 1977 දී හඳෙන් හාල් බලාපොරොත්තු වුණා නේද?

:       0       5

Anura Sunday, 31 December 2017 04:42 PM

ඔය කඩුවෙන් නියම වැරදි කාරයා කැපුවොත් ලොක්කට සොරිම තමයි. ඒ හින්දා ඕක තවත් එක ඡන්ද ගුණ්ඩුවක්....

:       0       0

BamunuarachchiMonday, 01 January 2018 08:25 AM

ඒ හින්දා දාගන්න කඩුව බටේ....

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඩූමෝ කොටසේ නාය යෑම යළි සක්‍රිය වේ
2024 නොවැම්බර් මස 24 110 0

පස්සර මඩොල්සිම මැටිගහතැන්න මාර්ගයේ 20 කනුව (ඩූමෝ කොටසේ ) නාය යාම පවතින වර්ෂාවත් සමඟ අද (24) යලි සක්‍රීය වී ඇතැයි මාර්ග සංවර්ධන අධ්කාරියේ බදුල්ල විධායක ඉංජි


අලුත් ඇමැතිවරුන්ට අලුත් වාහන නෑ
2024 නොවැම්බර් මස 24 923 0

පසුගිය රජයේ අමාත්‍යවරුන් භාවිත කළ වාහනම මෙම රජයේ කැබිනට් අමාත්‍යවරු සහ නියෝජ්‍ය අමාත්‍යවරු භාවිත කරනු ඇතැයි රජයේ නිලධාරියෙක් ප්‍රකාශ කළේය.


ඇමති හදුන්නෙත්තිට ආපු පළමු ඇමතුම
2024 නොවැම්බර් මස 24 3659 1

කර්මාන්ත අමාත්‍යවරයාට අමාත්‍යංශයෙන් දෙන දුකථනයේ රුපියල් 24,220 ක හිඟ බිලක් ඇති බවත් දුකරථන සමාගමෙන් තමන්ට කථා කර එය ගෙවන ලෙස දැනුම් දුන් බවත් නව කර්මාන්ත


මෙරට ධීවර යාත්‍රාවක් කුඩු සමග මාලදිවයින් මුහුදේ දී අල්ලයි
2024 නොවැම්බර් මස 24 967 0

ශ්‍රී ලංකා නාවික හමුදාවේ බුද්ධි තොරතුරකට අනුව මාලදිවයින් වෙරළ ආරක්ෂක බළකාය විසින් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 344 ක් සහ කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ 124 ක් සමග මෙර


ශ්‍රීලනිපයක් බෝනස් මන්ත්‍රී ධූරයක් ඉල්ලයි
2024 නොවැම්බර් මස 24 1403 5

පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර⁣ දෙකෙන් එක් මන්ත්‍රී ධුරයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට


විදුලි ගාස්තු අඩු කිරීම ලබන වසරට කල්යයි
2024 නොවැම්බර් මස 24 1121 2

විදුලි ගාස්තු අඩු කිරීමේ යොජනා ඉදිරිපත් කිරීම ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රමාද කිරීම හේතුවෙන් මෙම වසරේ විදුලි ගාස්තු අඩු කිරීමට නොහැකි තත්වයක් ඇති වී ඇත


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 510 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 730 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2037 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site