(ඩයනා උදයංගනී,ඡායාරූප - ඉෂාන් සංජිව)
බැඳුම්කර කොමිසමේ වාර්තාවෙහි පිටපතක් තමාට ලබාදෙන්නැයි ඉල්ලා හිටපු විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා අද (8) දහවල් ජනාධිපති කාර්යාලයට පැමිණ තොරතුරු දැනගැනීමේ පනත යටතේ ඉල්ලූම් පතක් භාරදුන්නේය.
බැඳුම්කර කොමිසමේ වාර්තාව සම්බන්ධව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කළ ප්‍රකාශයෙන් තමාටද චෝදනා එල්ල වී තිබුණත් එහි කිසිඳු සාධාරණයක් නැති බව මෙම ඉල්ලූම්පත භාරදී පැමිණීමෙන් පසුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් රවී කරුණානායක මහතා ප්‍රකාශ කළේය.
එබැවින් ඒ සම්බන්ධව පියවර ගැනීම සඳහා මෙසේ බැඳුම්කර කොමිසමේ වාර්තාවක් ඉල්ලා සිටින බව ඔහු පැවසීය. මහ බැංකුව හෝ වාණිජ බැංකු තිබුණේ තමා යටතේ නොවන බව ද ඔහු ප්‍රකාශ කළේය.
පස්සර මඩොල්සිම මැටිගහතැන්න මාර්ගයේ 20 කනුව (ඩූමෝ කොටසේ ) නාය යාම පවතින වර්ෂාවත් සමඟ අද (24) යලි සක්‍රීය වී ඇතැයි මාර්ග සංවර්ධන අධ්කාරියේ බදුල්ල විධායක ඉංජි
පසුගිය රජයේ අමාත්‍යවරුන් භාවිත කළ වාහනම මෙම රජයේ කැබිනට් අමාත්‍යවරු සහ නියෝජ්‍ය අමාත්‍යවරු භාවිත කරනු ඇතැයි රජයේ නිලධාරියෙක් ප්‍රකාශ කළේය.
කර්මාන්ත අමාත්‍යවරයාට අමාත්‍යංශයෙන් දෙන දුකථනයේ රුපියල් 24,220 ක හිඟ බිලක් ඇති බවත් දුකරථන සමාගමෙන් තමන්ට කථා කර එය ගෙවන ලෙස දැනුම් දුන් බවත් නව කර්මාන්ත
ශ්‍රී ලංකා නාවික හමුදාවේ බුද්ධි තොරතුරකට අනුව මාලදිවයින් වෙරළ ආරක්ෂක බළකාය විසින් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 344 ක් සහ කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ 124 ක් සමග මෙර
පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් නව ප්රජාතන්ත්රවාදී පෙරමුණට ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර දෙකෙන් එක් මන්ත්‍රී ධුරයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට
විදුලි ගාස්තු අඩු කිරීමේ යොජනා ඉදිරිපත් කිරීම ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රමාද කිරීම හේතුවෙන් මෙම වසරේ විදුලි ගාස්තු අඩු කිරීමට නොහැකි තත්වයක් ඇති වී ඇත
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
බැඳුම්කර කොමිසමේ වාර්තාවේ පිටපත් රවී ඉල්ලයි
daham Monday, 08 January 2018 09:58 AM
ඔබතුමාට සිංහල හරියට අවබෝධ කර ගන්න බැහැ වගේ නේද? ජනාධිපතිතුමාගේ පැහැදිලි කිරීමේදී කිව්වේ, අැලෝසියස්ගෙන් තමාගේ ගෙට කුලිය ගැනීම අල්ලසක් නිසා ඒ ගැන සහ අඩුලංසු තියෙන ලෙස රජයේ බැංකුවලට උපදෙස් දීම සහ කොමිසම හමුවේ බොරු සාක්කි දීම යන කාරණා ගැන නීති මගින් කටයතු කරන ලෙස වාර්තාව නිර්දේශ කර ඇති බව. බැඳුම්කරේ හොර වැඩ කලේ ඔබ කියලා නෙමේනේ කිව්වේ. ඔබ යන්නේ කොහෙද මල්ලේ පොල් කතානේ මේ කියන්නේ....
ජගත් ලියනගේ Monday, 08 January 2018 12:09 PM
මේකට පිටපතක් හම්බු වුණාද?
ජගත් ලියනගේ Tuesday, 09 January 2018 01:07 AM
නෝන්ඩි වෙලා නේද ඉන්නේ . කට පියා ගෙන හිටියොත් නේද හොඳ .
RaveendraMonday, 08 January 2018 12:50 PM
දහම් මයා වෙත, කරුණාකර මෙවැනි අයවලුන් හට "ඔබතුමා" යන වැදගත් වචනය භාවිතා කිරීමෙන් වලකින ලෙස ඉල්ලමි. පළමු ඡායාරූපය ඔබ සැම හොඳින් නිරීක්ෂණය කරන්න. තක්කඩි හොරා දැන්මම පුරුදු පුහුණු වෙනවා... "අත් මාංචු" වසාගෙන මහා උළු ගෙට යන ආකාරය...
RaveendraMonday, 08 January 2018 02:50 PM
හොඳම මුදල් ඇමති වුණෙත් මෙමානේ... බැංකුව කඩන්නට මුල්ගල් තිබ්බෙත් මෙමානේ... අලිමංකඩට පාමංකඩ ලෙස නම දැම්මෙත් මෙමානේ... මගේ නම රවිය ලක්බිම ඉන්න...
රාජේශ් ඛන්නාMonday, 08 January 2018 11:06 PM
පෙරහැරක ඡායාවක්වත් නැති විටෙක කසකාරයන්ගේ සද්දවලින් කුමන පලයක්ද? ජනාධිපති තනතුරට අධිකරණ බලතල නොමැති සේම එම තනතුරින් පත්කරන කොමිසමකට ද එසේමය. උතුම් වූ අධිකරණයේ තීරණය ලැබෙන තෙක් මේ සියල්ල අධික වියදම් සහිත මඩ ගැසීමකි. පෙර කලෙක ජනපති කෙනෙකු පත් කළ කොමිසමකින් කෙළින් වැඩ කළ අග විනිසුරු තනතුරකට කළ දේ ද රටට අමතක නැත.
ලසන්ත Monday, 08 January 2018 10:06 AM
තමන් ජීවත්වන ගෙය ලැබුනේ කොහොමදැයි නොදන්නා, ඉතා වැදගත් ලිපියක දිනය තිබිය යුතුබව නොදන්නා, තමන්ට, දියණියට හා තමන්ගේ බිරිඳට ඇමතුම් ගන්නා තම කුළුපගයින් ගැනවත් නොදන්නා, ඔබ වැනි කිරිසප්පයෙකුට මෙලෙස දොස් නැගීම මහපොලොව නුහුලන අසාධාරණයකි. ඔබට සහ මෙයට සම්බන්ධ සියලු දෙනාට සාධාරණය ඉටුවන තුරු ඔබව පාර්ලිමේන්තුවට යවා ඔවැනි කරදරයකට පත්කල මහජනයා බලා සිටියි !!!
Chanak los angeles Monday, 08 January 2018 10:13 AM
ආඩම්බරයි රවී මැතිතුමනි
sisiraMonday, 08 January 2018 11:09 AM
මේ වගේ විශාල මංකොල්ල කෑමක් කරපු එකගැන රටටත් ආඩම්බරයක්... දැවැන්ත විමර්ශනයකින් පසු චූදිතයෙක් වුණාට පස්සේ ඇඳුම් ඇඳන් කොහොම පාරේ යනවද දන්නේ නැහැ.
RaveendraMonday, 08 January 2018 12:16 PM
බල්ලා වුණත් උම්බෑ ගානවා නියමෙටම.... බූරුව වුණත් හරකට සැලකේ මැතිතුම ලෙසම... බල්ලත්, බූරුවත්, හරකත් නියමෙටම... ගැලපෙනවා නේද අපේ රවියට නියමෙටම...
wijesundara franceMonday, 08 January 2018 08:08 PM
වාර්තාව ආව පමණයි, රවී සබන් ගෑවෙච්ච පණුවෙක් වගේ දඟලනවා ! ඒ විතරක් නෙවෙයි, හෙලුව පෙන්වපු මුල්ම පුද්ගලයා ! හෙට වෙනකොට කියයි අනේ මතක නෑනේ කියල , මෙවැනි නාම්බෙක්නේ මුදල් ඇමති වී තිබුනේ .
manoj Monday, 08 January 2018 10:45 AM
තමන් කරපු හරිය දන්නේ තමුන්මනේ. එ්ක දැනගන්න අනුන්ගේ වාර්තාවක් මොකටද?
de silva Monday, 08 January 2018 10:51 AM
මම මේ රටේ ජනාධිපති නම් ඔබතුමා රටේ මුදල් අැමැතිවෙලා ඉන්න කොට රුපියල් මිලියන 100 ක වැඩි නිවසක් අල්ලසක් ලෙස තම භාර්යාව මාර්ගයෙන් ලබාගෙන, එහි පදිංචි වී සිට මේ නිවාස ලැබුණේ කෙසේද කියා දන්නේ නැති බව ප්‍රකාශ කරමින් බොරු සාක්ෂි දීමේ චෝදනාවට අත්අඩංගුවට අරන් නඩු පවරන්න පොලිසියට අණ කරලා බොහෝ කල්... කොහෙද අපේ ලොක්කා ඉන්නේ කඩුව බටේ දමාගෙන නේ? එ්ක එලියට අරගෙන මුවහත් කරලා ගන්නකොට හොරු රටෙනුත් පැනලා ගිහින් බොහෝ කල්...
බාලකිරි Monday, 08 January 2018 10:54 AM
එයාර් ලංකා කොමිසම පත් කිරීම අද නොවේ හෙටද?
manoj Monday, 08 January 2018 11:03 AM
රවී මහත්තයා මේක නවකතා පොතක් නෙමේ... ඔබතුමාට හවසට තේ එකක් බොන ගමන් රස විඳින්න. ලංකා ඉතිහාසයේ එතෙක් මෙතෙක් වෙච්ච ලොකුම වංචාව ජනතාවට දැනගන්න සකස් වුණු වාර්තාවක්. තමුන් කරපු දේවල් හොඳටම දන්නේ තමුන්මයි. එ්කට මොකටද අනුන්ගේ වාර්තාවක් බලන්නේ? ලෝකෙට තව විහිළුවක් නොවී රටට ජනතවට තව පාඩු නොකර මෛත්‍රිගෙන් ලැබුණු මෛත්‍රියේ පිහිටෙන් ඉල්ලා අස් වෙලා ගෙදර ගිහින් නිවී සැනසිල්ලේ ඉන්න...
RaveendraMonday, 08 January 2018 12:21 PM
කරුණාකර මෙවැන්නන්ට "ඔබතුමා" යන වැදගත් වචන භාවිතයෙන් වළකින ලෙස ඉල්ලා සිටින්නෙමු.
Raveendra Monday, 08 January 2018 11:05 AM
දුන්නා කුඩුවෙන්න මහා බැංකුවට .... බෙදුව මුදල් දන්සැල මෙන් ලොක්කන්ට .... දැම්ම කොමිසමක් හොරු ගැන හොයන්නට,... ආවා නේද රවීගේ නම ඉදිරියට...
kamani Monday, 08 January 2018 11:22 AM
ලොකු බලු කුඩුවක් හදන්නත් වේවි...
Sathyayaa Monday, 08 January 2018 11:26 AM
"මහ බැංකුව හෝ වාණිජ බැංකු තිබුණේ තමා යටතේ නොවන බව ....." හොඳ වෙලාවට දෙවියෝ බැලුවා. රවී ක්‍රිස්තියානි වුණාට එයාගේ දෙවියෝ බෞද්ධ වූ මෛත්‍රීපාල මහත්මයාගේ මුහුණ බැලුවා. හුළඟ හමන්නේ ඒ පැත්තට. වැඩි දුර දුක් නොවුණු වස් දෙවියෝ ඔබ ළඟදීම කැඳවත්...
sena Monday, 08 January 2018 11:36 AM
ඕකේ තියෙන්නේ හොරකමක්ද අයුතු ලබා ගැනීමක් ගැනද කියලා දන්නා කෙනෙක් කියනවාද?
SathyayaaTuesday, 09 January 2018 01:15 AM
මෙය වැරදීමක්ද නැත්නම් හොරකමක්ද කියල තීරණය කල හැකි හොඳම නිර්ණායකය "චේතනාවයි". බුදුන් වහන්සේගේ උතුම් ධර්මයෙන් කියැවෙන " චේතනා අහං භික්ඛවේ කම්මං වදාමි" මීට හොඳම විග්රහයයි. රවී කරුණානායක බුදු දහම නොදන්නවා උනාට ඔහුගේ හෘද සාක්ෂිය දන්නවා ඔහු කළ වැඩය හොඳ දෙයක්ද නැත්ද යන වග. මොන උසාවියෙන් බේරුනත් හෘද සාක්ෂිය ඉදිරියේ මොහු ඇතුළු මේ නඩයම අසරණ වන දවස වැඩි ඈතක නොවේ.
kumu Monday, 08 January 2018 11:46 AM
ලැජ්ජා නැති ඈයෝ.. රජ කාලේ දඬුවම් දෙන්න ඕනෑ .. මේ වගේ එවුන් පස්සේ යන ගොන් මිනිස්සු තවමත් ඉන්නවා.. මොනවද මේ අය රටට කලේ..
kap Monday, 08 January 2018 11:49 AM
වාර්තාව දෙන්නම්... හැබැයි හොරකම් කරපු සල්ලි ටික ආයිමත් අරගෙන දුන්නොත්. නැත්නම් අර ආණ්ඩුවට දුන්නොත්...
sena Monday, 08 January 2018 12:00 PM
අපේ ගමේ ගොඩේ ඇඳන් නානවා කියන්නේ මේවාට ගෙදර තිබිච්ච සල්ලි වියදම් කරලා ජනාධිපති කෙනෙක් පත්කරගෙන.... ලංකාවේ ඉන්න ලොකුම හොරා කියලා නමකුත් හදාගත්තා.
Raveendra Monday, 08 January 2018 12:43 PM
බැංකුව හොරකම් කල රවියා මෙමයි.... නිකන් ලැබුන ගෙය ගත්තෙත් මෙමයි.... කොමිසම ඇසුවිට බොරු කිවුවේත් මෙමයි... ටයි කෝට් ඇන්දත් මම ඇමතිය මෙමයි...
Reks Monday, 08 January 2018 01:04 PM
ලොතරැයි මණ්ඩලයෙනුත් ගසාකෑ මුදල් ගැන සොයා බැලුවා නම් හොඳයි.
Prase Monday, 08 January 2018 03:00 PM
මටත් එක කොපියක් තිබ්බොත් හොඳයි.
Ratawasiya Monday, 08 January 2018 03:18 PM
මෙයාට දැන්ද මතක් වෙලා තියෙන්නේ? මහා බැංකුව සහ වාණිජ බැංකු මෙය යටතේ තිබුනේ නැති බව.... සල්ලි කොලේට මෙයාගේ අත්සන ගන්නකොටවත් ඇහුවේ නැද්ද දන්නේ නෑ.
ලක්ප්‍රිය Monday, 08 January 2018 03:26 PM
මේ අහිංසක අයගේ හිත් රිදවන්න එපා.
sampath Monday, 08 January 2018 03:27 PM
අඹ ගෙඩි හොරකම් කළාට හිරේ දාන රටේ මොවුන් නිදැල්ලේය. එන මැතිවරණයට නැවතත් මිනිස්සු පාර්ලිමේන්තු යවන බව මොවුන් දනී. ඇසේ නොවුණත් ලොක්කා ලිස්ට් එකෙන් බව දනී. හොරකම, අල්ලස්, කොමිස්, වංචා තමන්ගේ වීරත්වය සේ දකියි.
himal Monday, 08 January 2018 04:09 PM
අධිකරණයකින් වරදකරුවකු කිරීමට පෙර පූර්ව විනිශ්චයන්හි දී පසුව අධිකරණ තීන්දු කනපිට පෙරළුණු විට එකී මත පළ කළ මාධ්‍යයට පවා උසාවියට ඒමට සිදු වෙන්න පුළුවන්. කොහොම නමුත් තොරතුරු ඉල්ලා සිටීම රටේ පුරවැසියෙක්ගේ අයිතියක්....
shobaMonday, 08 January 2018 05:35 PM
කොමිසමට බොරු කිවූ බව ඔප්පු වී ඇත. නිතිය සැමට සමානව නැත.
samMonday, 08 January 2018 09:29 PM
හිමාල්, ලංකාවේ මිනිසුන්ට නීතිය පිළිබඳව තියෙන්නේ ඉතාම අල්ප දැනුමක් .
SanjuTuesday, 09 January 2018 01:09 AM
හිමල්ට දුක හිතිලා වගේ.
Bamunuarachchi.Tuesday, 09 January 2018 05:01 AM
පුලුවන් පුළුවන් තොරතුරු ඉල්ලාගෙන විස්තර බලලා, කව්ද මේ පට්ට හොරා කියල බලා ගන්න.
susaaustralia Monday, 08 January 2018 10:54 PM
මට මතක් වෙන්නේ කිතුල් ගහට ගිය ස්ටෝරි එක.
ලුම්බිණි Monday, 08 January 2018 11:40 PM
මේක වරදක් තමයි. ඒකට දඬුවම් දෙන එක අධිකරණයේ වැඩක්. කවුරු උනත් වැරදි කළා නම් ඒකට දඬුවම් ලැබිය යුතුයි. ඒත් මිනිසුන් අතුරුදහන් කරපු අය ගැන කවුරුත් කිසි කතාවක් නැහැ. මිනිස් ජීවිත නැති කරපු එකට වඩා මේක වැදගත්ද?
Rohana Tuesday, 09 January 2018 02:01 AM
රවිට කොමිෂන්වර්තා කියවා තේරුම්ගන්න මොලයක් නැත..... ඒ නිසා ඔහුට ඉක්මනින් දෙන්න අධිචෝදන පත්‍රයක්.
indunil Tuesday, 09 January 2018 02:09 AM
ඔක්කොම කුණු බේරුවල බොක්කට?
CHANNA Tuesday, 09 January 2018 04:28 AM
හොරා හැම තිස්සෙම හිතන්නේ තමුන් හොරෙක් නෙමේ කියලා. මොනවා කරන්නද මේ ලංකාවනේ.