IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


බැඳුම්කර නඩුදාන්න විශේෂඥ කණ්ඩායමක්

(මනෝප්‍රිය ගුණසේකර)

බැඳුම්කර වංචාවට සම්බන්ධිත පුද්ගලයින්ට එරෙහිව නඩු පැවරීම සඳහා අල්ලස් කොමිසමේ විශේෂඥ කණ්ඩායමක් විසින් භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳව සොයා බැලීම සඳහා පත්කළ ජනාධිපති පරීක්‍ෂණ කොමිසමේ වාර්තාව පිලිබඳව අධ්‍යනය කරමින් සිටින බව ඉතාමත් විශ්වාස කටයුතු ආරංචි මාර්ග වලින් අනාවරණය වේ.

නීතී විශාරදයින් මෙන්ම අල්ලස් නීතීය පිළිබඳව විශේඥ දැනුමක් ඇති විශේඥ කණ්ඩායමක් විසින් බැඳුම්කර කොමිසමේ වාර්තාව අධ්‍යනය කරමින් සිටින බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳව සොයා බැලීම සඳහා පත්කළ ජනාධිපති පරීක්‍ෂණ කොමිසමේ වාර්තාවේ පිටපතක් පසුගියදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අල්ලස් හෝ දුෂණ චෝදනා පිළිබඳ විමර්ශන කොමිසමට යවා ඇති තිබේ. එහි පිටු 1500 කට අධික ප්‍රමාණයක් ඇති බැවින් අල්ලස් කොමිසමේ විශේෂඥ කණ්ඩායමක් විසින් එම වාර්තාව අධ්‍යනය කරනු ලබයි. 

බැඳුම්කර ගනුදෙනු වලදී හා එයට අදාළ සිද්ධීන් වලදී අල්ලස් චෝදනාවන් ඉදිරිපත් කළ හැකි සිදුවීම් වී ඇති බවට අල්ලස් කොමිසම සිය වාර්තාවේ සඳහන් කර ඇති අතර ඒ අනුව ඔවුන්ට එරෙහිව ඉදිරිපත් කළ යුතු චෝදනා, එම චෝදනා ඉදිරිපත් කළ යුත්තේ අල්ලස් පනතේ කුමන නීතීය යටතේද යන්න සහ ඒ සඳහා ඇති සාක්කි ආදිය පිළිබඳව අල්ලස් කොමිසමේ විශේඥ කණ්ඩායමක් විසින් වැඩිදුරටත් අධ්‍යනය කරමින් සිටින බව එම ආරංචි මාර්ග සඳහන් කරයි.

බැඳුම්කර කොමිසමේ වාර්තාව අධ්‍යනය කිරීමෙන් අනතුරුව මෙම වංචාවට සම්බන්ධ පුද්ගලයින් පිළිබඳව ගතයුතු ඉදිරි පියවර සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවත් අල්ලස් කොමිසමේ ඉහළ නිලධාරීයෙක් පැවසීය.



අදහස් (11)

බැඳුම්කර නඩුදාන්න විශේෂඥ කණ්ඩායමක්

manoj Tuesday, 16 January 2018 04:40 AM

ඉතුරු අවුරුදු 2 ත් ඉතින් ඉවරයි මෙයාල තව වාර්තාවක් හදද්දී.

:       82       210

සපුමල් බණ්ඩාර​ Tuesday, 16 January 2018 04:58 AM

තවත් කල් මර මර ඉන්නේ නැතිව ඉක්මණට නීතිය ක්‍රියාත්මක කරන්න​. 2015 ට කලින් ගණුදෙනු ගැනත් ඉක්මණට හොයලා වැරදි කරුවන්ට දඩුවම් දෙන්න​. අපිට මෙයාලගෙ කයිවාරු අහලා එපා වෙලා ඉන්නේ.

:       4       208

kapila Tuesday, 16 January 2018 05:10 AM

තව වසර දෙකකදී මේ නඩුව ඉවර කරන්න බෑ. ඊට පස්සේ හොරු නිදහස්. මහින්ද පිලේ හොරු ටික නිකන්ම නිදහස්. ඊළඟට බලයට එන්නේ හොරු මයි. මේ රටේ මහජනතාව විතරයි පරදින්නේ.

:       114       264

සපුමල් බණ්ඩාර Tuesday, 16 January 2018 05:14 AM

හිටපු මහ බැංකු ලොක්කා කබ්‍රාල් ඉන්න කාලේ සිදුවුනු හෙජින් ගණුදෙනුව ගැන හොයන්නේ නැත්තේ ඇයි?

:       157       314

Muhan Tuesday, 16 January 2018 05:17 AM

තව මොනවා අධ්‍යනය කරනද ? ජනදිපතිතුමා අධ්‍යනය කර ගණන හිලව් , පුද්ගලයන් , ගතයුතු ක්‍රියා මාර්ග කිව්වනේ

:       2       141

Upali Tuesday, 16 January 2018 05:52 AM

මේ බැඳුම්කර වංචාවට සම්බන්ධ සියළුම පුද්ගලයින්ට තරාතිරම නොබලා පවතින නීතිය අනුව දිය හැකි උපරිම දඩුවම් ලබා දිය යුතුයි. පවතින නීති ප‍්‍රමාණවත් නොවේ නම් අතීතයට බලපාන ලෙස නීති සකස් කළ යුතුයි. මේ අවස්ථාවේ එසේ කළහොත් අනාගතයේ දී මෙවැනි වැරදි කරන්නට දේශපාලකයින් සහ නිලධාරීන් බිය වනු ඇත.

:       1       123

sena Tuesday, 16 January 2018 06:04 AM

ඊලග ජනාධිපතිවරණය කිට්ටු කරලා නඩුව ෆියිල් කරයි - නික්ම නිකම් බොරු ඡන්ද ගුණ්ඩු.

:       0       70

බාලකිරි දෝසය Tuesday, 16 January 2018 06:45 AM

දෙපිරිස අතර වෙනසක් නැත.

:       1       39

pathiranaTuesday, 16 January 2018 07:18 AM

කිව්වත් වගේ කවුරුත් එකයි........ නමුත් උන්ගේ ක්‍රමය දුෂිතයි මුන්ගේ ක්‍රමය දුෂිත නැහැ. ඒක නිසා මුන් කලුයි - උන් හොදටම කලුයි..............

:       1       19

NImal Tuesday, 16 January 2018 08:03 AM

අපේ රටේ ජනතාව නිල් පාට හොරුන්ගෙන් රට අරගෙන කොළ පාට හොරුන්ට රට දෙනවා. ඊළඟ සැරේට පරණ හොරු හොඳයි. කියලා ආයිමත් නිල් පාට හොරුන්ට දෙනවා. කවදා මේ දේ වැරදියි කියලා තේරුම් ගනීද?

:       0       0

Mel Tuesday, 16 January 2018 08:29 AM

මේකත් හරියට තාජුදින්ව ගොඩගන්නවා අdයෙත් වල දානවා වගේ වැඩක්. කතිරේ ගන්න උපරිම උත්සහය.................

:       10       132

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

සෙව්වන්දි - ප්‍රසන්න රට පැන්නාද?
2025 අප්‍රේල් මස 21 239 0

පාතාල කල්ලි නායක සංජීව කුමාර සමරරත්න නොහොත් ගනේමුල්ල සංජීව නමැත්තා කොළඹ අලුත් කඩේ අධිකරණයේදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ආධාර අනුබල


පාස්කු සටන් විරාමයේ රුසියාව මිසයිල ගහලා
2025 අප්‍රේල් මස 21 279 0

පැය 30 ක පාස්කු සටන් විරාමය ප්‍රකාශයට පත්කර පැය කීපයක් ගතවන්නටත් මත්තෙන් රුසියාව ඩ්‍රෝන 96 ක් සහ මිසයිල 3 ක් භාවිත කරමින් යුක්රේනයේ ප්‍රදේශ කීපයකට ප්‍රහා


තැපැල් ඡන්දයේදී අනන්‍යතාව තහවුරු කරන්න ලියවිලි 5ක්
2025 අප්‍රේල් මස 21 99 0

පළාත් පාලන මැතිවරණයේදී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අනන්‍යතාව තහවුරු කළ හැකි පිළිගත් ලියවිලි 5 ක් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර තිබේ.


අවුරුදු පහමාරක්ම තිබුණේ පාස්කු විමර්ශන යට ගහන ආණ්ඩු
2025 අප්‍රේල් මස 21 292 0

පාස්කු ප්‍රහාරය සිදුවී ගෙවුණු අවුරුදු හයෙන් පහ මාරක්ම තිබුණේ පාස්කු ප්‍රහාරයේ විමර්ශන කරන ආණ්ඩු නොව විමර්ශන යටපත් කරන ආණ්ඩු බව ජනාධිපති අනුර කුමාර ද


ජනාධිපති ප්‍රමුඛ ආණ්ඩුව රටටම බොරු කළා
2025 අප්‍රේල් මස 21 544 0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ මහා මොළකරුවා හෙළිකරන්නේ යැයි මහා විශාලා ඝෝෂාවක් නගමින් වර්තමාන අණ්ඩුව අසත්‍ය ප්‍රකාශ කළේ යැයි මේ වන විට රටටම පැහැදි්


ආහාර සුරක්ෂිතතා කමිටුව හය වන වරටත් රැස්වේ
2025 අප්‍රේල් මස 21 235 0

රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා වන ආහාර සුරක්ෂිතතා කමිටුව කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද 6 වන වරටත් රැස් විය.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 501 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 289 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 442 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site