IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


‘බැඳුම්කර වංචාවට අගමැති වගකිව යුතුයි‘ - වාසු

(විනීතා එම් ගමගේ)

බැඳුම්කර කොමිසම ඉදිරියට පැමිණ කරුණු පැහැදිලි කිරීමට කැමති බව අගමැතිවරයා පවසන්නේ එම කොමිසම ඉදිරියට ළඟදීම සාක්කි දීමට කැඳවන බවට හෝඩුවාවක් ලැබුණු නිසා විය හැකි යැයි පාර්ලිමේන්තු මන්තී‍්‍ර වාසුදේව නානායක්කාර මහතා ප‍්‍රකාශ කළේය.

අර්ජුන් මහේන්ද්‍රන් කිහිප අවස්ථාවක දීම නිර්දෝෂී බව පෙන්වන්නට අගමැතිවරයා උත්සාහ  කළේ යැයි ද ඔහු කියා සිටියේ බොරැල්ල එන්. එම්. පෙරේරා මධ්‍යස්ථානයේ අද(16) පැවති සමාජවාදී ජනතා පෙරමුණේ මාධ්‍ය හමුව අමතමිනි.

‘‘මහ බැංකුවේ බැඳුම්කර වංචාවට අගමැතිගේ සම්බන්ධයක් තිබෙන බව මා විසින් දිගින් දිගටම කියා සිටීම දැන් අවධානයට යොමුවී තිබෙන බව පෙනෙනවා. මම 2015 අපේ‍්‍රල් මාසයේ පමණ බැඳුම්කර වංචාවේ දී අගමැතිත් විත්තිකාරයෙක් බව කියමින් පොලිස්පතිට ලිපියක් යැව්වා. මහ බැංකු අධිපති ගෙනාවේ ඔහුගේම වුවමනාවට. ඔහුගේම කැමැත්තෙන්. වෙනදා මුදල් අමාත්‍යංශය යටතේ තියෙන මුදල් අමාත්‍යංශ්‍ය ඔහුගේ යටතට ගත්තා. ඊළඟට මේ ප‍්‍රශ්නය මතුවූ අවස්ථාවේ ඔහු පාර්ලිමේන්තුවේ නැගිටලා අර්ජුන් මහේන්ද්‍රන් ආරක්ෂා වන පරදි ලොකු ප‍්‍රකාශයක් කළා. ඉන් අනතුරුව කෝප්  කමිටුව තීරණය කළා මේකෙ වගකිවයුත්තා ඔහු බවට. දැන් ජනාධිපති කොමිසමෙන් එළිවෙන කරුණු වලිනුත් පෙනෙනවා මේකෙ වගකිවයුත්තන් කවුද කියන එක‘‘ යැයි ද නානායක්කාර මහතා කීය.

‘‘ඇමතිවරු දෙදෙනෙක් විරුද්ධ වෙද්දි ඇයි මේ තැනැත්තා මහ බැංකු අධිපති කළේ කියා අගමැති වග උත්තර බැඳිය යුතුයි. කරුණු එළිදරවු වෙද්දිත් කොහොමද මොහු ධූරයේ තබාගෙන රකින්න කටයුතු කළේ කියා කිව යුතුයි. ඔහු දිවුරුමකට භාජනය නොවන පරිදි තනතුරකට ගෙනාවේ කොහොමද? ව්‍යවස්ථා මණ්ඩලයෙන් නම්කළ යුතු තනතුරක් වන මහ බැංකු අධිපති තනතුර හුදෙක් අගමැති ගේ කැමැත්තට නම් කළේ කොහොමද කියා හෙළි  කළ යුතුයි‘‘ යැයි ද ඔහු වැඩිදුරටත් පැවසීය.

 



අදහස් (30)

‘බැඳුම්කර වංචාවට අගමැති වගකිව යුතුයි‘ - වාසු

kap Monday, 16 October 2017 11:27 AM

දැන්ද නින්දෙන් නැගිට්ටේ?

:       2455       1394

SLMonday, 16 October 2017 01:44 PM

‘බැඳුම්කර වංචාවට අගමැති වගකිව යුතුයි‘ - අපි නම් ඕක 2015 ඉඳලා කියනවා. මේ පත්තරවල යන්නේ දැන් තමයි!

:       1576       1336

Athula kMonday, 16 October 2017 01:56 PM

කැප්, මට පේන්නේ ඔබ නින්දෙන් නැගිටලා වගෙයි. මේ පුද්ගලයා ඕකට කෑ ගහන්නේ කොයි කාලේ ඉඳලද?

:       1506       1252

සමන් - ඕමානයMonday, 16 October 2017 03:04 PM

වාසුදේව මැතිතුමා කියන කතාව සම්පුර්ණ ඇත්ත. ඔහු මෙය පිළිබඳව හඬ නගන්නේ සිදුවීම වුණු කාලයේ ඉඳලා. ඇයි මතක නැද්ද අගමැති තුමා තමන්ගේ හෙන්චයියන් කීපදෙනෙකුගේ කමිටුවක් දාලා අර්ජුන් මහේන්ද්‍රන් නිදොස් යයි පාර්ලිමේන්තුවේදී බෙරිහන් දීපු හැටි? ඔහු කරන දේවල් ගැන තමන් වගකීම බාරගන්නවා කියූ හැටි? කෝප් කමිටුවේ වාර්තාව එන්න කලින් එය නවතන්න අගමැති ඇතුළු පිරිස කල දේවල්... ඒ පිළිබඳව වාසුදේව මහතා ඇතුළු පිරිස හඬ නගපු හැටි ඔබට අමතකද? නින්දෙන් මේ දැන් නැගිටලා තියෙන්නේ ඔබ බවයි මට නම් පෙනෙන්නේ.

:       1726       1492

RaveendraMonday, 16 October 2017 03:15 PM

කප් මයා වෙත, ඔබගේ නිවැරදි අදහසට අපද එකඟ වන්නෙමු. මේ මහත්තයා දැන් තමයි දැනගෙන තියෙන්නේ නමුත් ලක්මවගේ සියලුම දූ දරුවෝ දන්නවා අර ඩ්‍රයි ක්ලීන් බොබිලට තමයි හොරකමේ හැකියාව තියෙන්නේ කියලා.

:       3452       2744

indikaTuesday, 17 October 2017 02:47 AM

kap , ඔය මෙච්චර දවස් රුපවාහිනී ITN බල බල හිටිය හින්ද දකින්නේ නැතුව හැටි. මේ ගැන දෙරණ වගේ චැනල් වල ඒ දවස් වල ඉඳන් පෙන්නනවා. වාසු ඕන තරම් කතා කරලත් තියෙනවා.

:       615       411

kapTuesday, 17 October 2017 05:52 AM

මේ බැදුම්කර ගේම අවුරුදු ගානක ඉදන් වෙනවා. මේකයි,කොටස් වෙලදපොලයි එක වගේ හොර ගුහාවල්. මේවල උඩ ඉන්න මැනේජර්ලා එහෙම කෙලින්ම ජරාව අරන් මේ ගේම දෙන්නෙ. මේ දේවල් එලියට ආවෙ මේ ආණ්ඩුවෙ විනිවිද භාවය නිසයි. හොරු අල්ලනවනම්, අවුරුදු ගානක් පස්සට ගිහින් අල්ලන්න ඕනි. මම මේ කාවත් සුදනා කරන්න යනවා නෙමෙයි..

:       335       722

dasunTuesday, 17 October 2017 06:22 AM

කප් මහත්තයෝ. ආණ්ඩුවේ විනිවද කම පෙනුන අව්ව වැටුනම. ෆුට් නෝට් කල්ලිය ඉන්නේ ආණ්ඩුවේ. අර්ජුනව පත්කරේ ආණ්ඩුවෙන්. ඔහු හරියි කියලා කෑගැහුවේ ආණ්ඩුවෙන්. ඔබ කොහෙද ඉන්නේ.

:       216       154

ravindra Monday, 16 October 2017 11:34 AM

ඇයි මහත්තයෝ මහින්ද වගකිව යුතු ඒවත් කියන්නකෝ

:       2584       2670

ජයරත්න Monday, 16 October 2017 11:39 AM

කොහොමටත් ඊළඟ ජනාධිපතිවරණයට කලින් එක්සත් ජාතික පක්ෂයේ වෙනසක් වෙනව නම් හොඳයි. අලුත් පරම්පරාවකට නායකත්වය දෙන්න දැන් හොඳ වෙලාව.

:       10       755

ධම්මික Monday, 16 October 2017 12:46 PM

මේ ආණ්ඩුවට වැඩි ආයුෂ නෑ

:       206       1090

kumara Monday, 16 October 2017 02:00 PM

ඇයි ඔබතුමා මේකේ ගාණ කියන්නේ නැත්තේ?

:       2       37

samjay Monday, 16 October 2017 03:39 PM

අනේ පව් වාසු නින්දෙන් නැගිටලා බැඳුම්කරේ ගැන දැන ගෙන තියෙන්නේ දැනුයි. ලොක්ක අපි ඔක දැනගෙන දැන් මාස ගාණක් වෙනවා. අනේ පව් ....

:       924       321

SAMANTHA Monday, 16 October 2017 03:59 PM

හොරකම් ගැන මොනවත් දන්නෙම නැති බබා වෙන්න එපා..

:       651       719

sahan Monday, 16 October 2017 05:02 PM

මේ අපේ මහත්තයනේ..., පහුගිය කාලේ දැක්කේ නැත්තේ මැදමූලන වලව්වේ ගිහින් හිටිය නිසාද?

:       823       959

siri Monday, 16 October 2017 07:31 PM

කප් ඇතුළු සමහරු නින්දෙන් නැගිටලා තියෙන්නේ දැන්.

:       25       607

Tissa Monday, 16 October 2017 11:45 PM

වාසුදේව නානායක්කාර මට නම් පෙනෙන්නේ රටට කිසි වැඩක් කරලා නැති, අසරණ සේවකයන් මුලා කොට ඔවුන් අතරමන් කළ, කිසිම දේක හොඳක් නොදකින හිස්ම හිස් ආත්මයක් ලෙසයි.

:       27       98

Nuwan Tuesday, 17 October 2017 01:25 AM

රවීන්ද්‍ර, මහින්දගෙ හොරකම් මෙතනට අදාල නැත. එ් සදහා වෙනත් පුවත් ඕන තරම් ලංකාදීපයේම ඇත.

:       3       18

ajith Tuesday, 17 October 2017 02:13 AM

අනේ ! මොනවා වෙන්නද? වාසු මහත්තයෝ, මතක නේ හෙල්පින් හම්බන්තොට සුනාමි සල්ලි ගහපු කතාව, එතකොට හෙජින් ගනුදෙනුව. මේවා උසාවිත් ගිය ඒවා නේ ?. ඒවා වගේම මේවත් යට යයි. අපි ඉතින් පවු ගෙවමු.

:       218       25

නුවන්Tuesday, 17 October 2017 07:03 AM

එහෙම හිතනකොට ඉතිහාසයේ මොන තරම් හොරකම් වුණාද? ආයෙත් ඒ අය බලයට ආවෙ නැද්ද?

:       0       10

ranjith Tuesday, 17 October 2017 02:20 AM

මටනම් ලොකුම දෙය දැන් නීතියක් ක්‍රියාත්මක වීම. ඉස්සර රටේ නායකයා මොන කලත් හරි. වාසුට එකත් මතක් උනොත් හොදයි නේද?

:       306       48

sathyayaa Tuesday, 17 October 2017 02:21 AM

අනික් අයව උල තියාපු රජවරු ලංකාවේ හිටියට තමන්වම උල තියා ගත්ත රජ කෙනෙක් ගැන නම් අපි කොයි ලෝකෙන්වත් අහල නැහැ. මොනරවිල දිසාවේ වගේ වීරයෝ රට රකින්න ගිහිල්ල බෙල්ල දුන්නේ. මේ ගොල්ලෝ බෙල්ලයි බලයයි දෙකම රැකගෙන ඉන්නවා.

:       0       8

saliya Tuesday, 17 October 2017 02:28 AM

අදාළ කොම්පැනියේ ලොක්කෝ ලොක්කියෝ ගේ නම් ගම් , තිබුණු සම්බන්ධකම් , ඒ ගොල්ලෝ 2015 ට කලින් ඉඳන් කරපුවත් , ළඟදීම එළිවෙනවා .., එතකොට ඔය දෙගොල්ල්ලන්ගේම කටවල් පූට්ටු වෙනවා. බලමු හොඳ හොඳ සෙල්ලම් එළිවෙන කොට..

:       115       26

MP Tuesday, 17 October 2017 03:16 AM

හොරෙක්ව මහ බෑන්කුවට හොරෙක් ගෙනෑල්ල දෑම්මේ වාසුද? මේක නිකන් කෑකිල්ලේ රජ්ජුරුවන්ගේ නඩු තීන්දුව වගෙයි නේ.

:       42       134

ලුම්බිණි Tuesday, 17 October 2017 03:35 AM

ඔබතුමාගේ කතාව විතරයි නේ. රටට කරපු එක දෙයක් කියන්න බලන්න.

:       238       130

මම1 Tuesday, 17 October 2017 05:11 AM

බයියන්ට අනුව බිලියන 1 කට ලංසු ඉල්ලා බිලියන 10 ක් ණයට ගත්කල, පොලී අනුපාතිකයේ 2% ක වෙනසක් වූවානම්, අවුරුදු 30 බැඳුම්කරයේ පාඩුව බිලියන 10,000,000,000 කි. (මෙය බැඳුම්කර වංචාව සාධාරණීකරනය කිරීමක් නොවේ)

:       271       105

මැක්ස් Tuesday, 17 October 2017 07:04 AM

රංජිත්ට ති‌ෙයන ‌ලොකුම ‌දේ දැන් නීතිය ක්‍රියාත්මක වීමලු. අර දලුවත්ත කියන පොලිස් දාමරිකයා තංගල්ල‍ෙන් කොළඹට මාරැ කළා ව‌ෙග් ද රංජිත්? එ‌ෙහම නැත්නම්, ආණ්ඩු විරෝධී අයව විතරක් උසාවි ‌ගේන්න ක්‍රමවේදය රංජිත්

:       1       101

dubai Tuesday, 17 October 2017 07:11 AM

දැන් වාසුට මොළේ කොලොප්පන් කාලේ හරි..............

:       15       0

Perakum Tuesday, 17 October 2017 08:39 AM

අනේ ඇයි අපේ කට්ටිය මේ වාසු මහත්තය කියපු එකක් අල්ලාගෙන දඟලන්නේ? අපට ඕන මේ බැඳුම්කර වංචාව කරපු අයට දඬුවම් දෙන්න නේද?

:       0       1

dias Wednesday, 18 October 2017 05:08 AM

මහ බැංකු වංචාවට අනිවාර්යෙන් දඬුවම් දෙන ගමන්.එම ලැබූ මුදලින් 60%ආපසු අය කරගත යුතුයි.මේ හා සම්බන්ධ දේශපාලකයින් අයින් කල යුතුයි.. ඒ වගේම පසු ගිය රජයේ හොරුන්ටත් දඬුවම් කල යුතුයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඇමති හදුන්නෙත්තිට ආපු පළමු ඇමතුම
2024 නොවැම්බර් මස 24 228 0

කර්මාන්ත අමාත්‍යවරයාට අමාත්‍යංශයෙන් දෙන දුකථනයේ රුපියල් 24,220 ක හිඟ බිලක් ඇති බවත් දුකරථන සමාගමෙන් තමන්ට කථා කර එය ගෙවන ලෙස දැනුම් දුන් බවත් නව කර්මාන්ත


මෙරට ධීවර යාත්‍රාවක් කුඩු සමග මාලදිවයින් මුහුදේ දී අල්ලයි
2024 නොවැම්බර් මස 24 150 0

ශ්‍රී ලංකා නාවික හමුදාවේ බුද්ධි තොරතුරකට අනුව මාලදිවයින් වෙරළ ආරක්ෂක බළකාය විසින් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 344 ක් සහ කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ 124 ක් සමග මෙර


ශ්‍රීලනිපයක් බෝනස් මන්ත්‍රී ධූරයක් ඉල්ලයි
2024 නොවැම්බර් මස 24 269 1

පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර⁣ දෙකෙන් එක් මන්ත්‍රී ධුරයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට


විදුලි ගාස්තු අඩු කිරීම ලබන වසරට කල්යයි
2024 නොවැම්බර් මස 24 548 1

විදුලි ගාස්තු අඩු කිරීමේ යොජනා ඉදිරිපත් කිරීම ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රමාද කිරීම හේතුවෙන් මෙම වසරේ විදුලි ගාස්තු අඩු කිරීමට නොහැකි තත්වයක් ඇති වී ඇත


‘ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර ගැන කිසිදු අර්බුදයක් නැහැ‘
2024 නොවැම්බර් මස 24 704 2

ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර ගැන කිසිදු අර්බුධයක් නොමැති බවත් ඒවා ගැන ඉදිරියේ දී දැනුම් දෙන බවත්ස මගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


අපාරාදයකට ආ ව්‍යාජ බ්‍රිගේඩියර් ඇතුළු 11ක් මාට්ටු
2024 නොවැම්බර් මස 24 745 0

පුරාවිද්‍යා ස්ථානයක් කැණීම් කිරීමට හෝ කිසියම් අපරාධයක් සඳහා පැමිණ ඇති බවට සැකකරන, යුද හමුදාවේ සාමාජිකයන් දෙදෙනකු ඇතුළු පුද්ගලයන් එකොළොස් දෙනකු, මෝට


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 508 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 724 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2028 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site