IMG-LOGO

2024 නොවැම්බර් මස 25 වන සඳුදා


බැඳුම්කර වාර්තාවේ පිටපතක් අල්ලස් කොමිසමට

මනෝප්‍රිය ගුණසේකර 
 
භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳව සොයා බැලීමට පත්කළ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ වාර්තාවේ පිටපතක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා   අල්ලස් හෝ දුෂණ චෝදනා   විමර්ශන කොමිසමට යවා ඇතැයි වාර්තා වේ.
 
බැඳුම්කර ගනුදෙනුව හා එයට අදාළ සිද්ධීන් වලදී අල්ලස් චෝදනාවන් ඉදිරිපත් කළ හැකි සිදුවීම් වී ඇති බවට    වාර්තාවේ සඳහන් කර තිබීම නිසා ඒ සම්බන්ධයෙන් පියවර ගැනීමට ජනාධිපතිවරයා   එම වාර්තාවේ පිටපතක් මෙලෙස අල්ලස් හෝ දුෂණ චෝදනා   විමර්ශන කොමිසමට යවා ඇතැයි දැනගන්නට තිබේ.
 
අල්ලස් කොමිසමේ ඉහළ නිලධාරීන් පිරිසක් මේ වන විටත් බැඳුම්කර කොමිසමේ වාර්තාව අධ්‍යනය කරමින් සිටින බවත් එම අධ්‍යනය කිරීම් වලින් අනතුරුව මේ සම්බන්ධයෙන් ගතයුතු ඉදිරි පියවර පිළිබඳව  තීරණයක් ගන්නා බවත් අල්ලස් කොමිසමේ ඉහළ නිලධාරීයෙක් පැවසීය.



අදහස් (9)

බැඳුම්කර වාර්තාවේ පිටපතක් අල්ලස් කොමිසමට

Pradeep Sunday, 14 January 2018 09:57 AM

රවී කරුණානායක මොන කතා කීවත් බුද්ධිමත් ජනතාව දන්නවා ඔහු කරපු දේ. ඔහු සහ මහේන්ද්‍රන්ලා හොරකම් කලේ මේ රටේ අහිංසක ජනතාවගේ සල්ලි විතරක් නොමෙයි අපේ රටේ අනාගතය, දරුවන්ගේ අනාගතය.. ඔවුන් කරපු මේ අපරාදයට සොබාදහම නිසි පිළිතුරු ලබා දේවි. පවුල්වාදය කතා කරපු මෙතුමාගේ අමාත්‍යාංශයේ හිටපු නෑදෑයෝ ටිකට ගෙවපු සල්ලි වලට දරුවන්ට පසලක් හදල දෙන්නට තිබුණා. රොමේෂ් ජයවර්ධන, රෝසි මලලසේකර, කෞශල්‍ය... මේ අය රවී මහත්තයාගේ ලඟම නෑදෑයෝ. බොරුනම් අපිට නඩු දාන්න කියන්න.

:       8       376

පිටිගල මිලානෝ Sunday, 14 January 2018 03:44 PM

මේක ජනාධිපති තමන්ගේ බූදලයක් කරගත යුතු නැත. රටේ නීතියට අනුව ඒවා විසඳෙද්දෙන්. කොහොමත් හොරු දඬුවම් ලැබිය යුතුය.

:       0       1

purawasiya Sunday, 14 January 2018 04:56 PM

ජනාධිපතිතුමනි ඔබතුමා හරි. බැඳුම්කර වාර්තාව මෙන්ම අනෙකුත් වාර්තාත් ඉක්මනින් ජනතාවට දැන ගැනීමේ සඳහා ඉදිරිපත් කරන්න.

:       1       81

athula Sunday, 14 January 2018 05:12 PM

වැඩක් නැහැ ජේ.වී.පී ආණ්ඩුවක් එනතුරු ඕවා සේරම හමස් පෙට්ටියේ.

:       211       93

lusena Sunday, 14 January 2018 05:54 PM

දැන් නියම වාර්තාව නෙමේ වෙනස් කල ඒවා එලියට එයි

:       1       56

siri Sunday, 14 January 2018 11:34 PM

මොන අන්දමේ ක්‍රියාදාමයක් ගත්තත් මාධ්‍ය වලට උවමනා අන්දමට ඒ ගොල්ලෝ දැනටමත් වැරදි කරුවන් කර හංවඩු ගසා ඇති පිරිසකට දඬුවම් දුන්නේ නැත්නම් "මේ සේරම බොරු ප්‍රෝඩා" කියල කෑගහන පිරිසක් මේ රටේ ඉන්නවා. ඒ ගොල්ලෝ කොමිසම පත්කළ දවසෙම තීරණය කරලා ඉවරයි වැරදි කරුවෝ කවුද කියල. ඉතින් රටේ නීතියට අනුව අධිකරණය නිවැරදි තීන්දු දීමෙන් ඇති වැඩක් නැහැ.

:       0       0

sakra Monday, 15 January 2018 02:38 AM

අපට ජනාධිපතිතුමා විශ්වාසයි. සියලුම හොරුන්ට දඬුවම් දිය යුතුයි. රනිල් මහත්තයෝ පක්ෂ සාමාජිකත්ව තාවකාලිකව හෝ නතර කරන්න. ඔය පක්ෂයේ නායකයා විය යුත්තේ සජිත් ප්‍රේමදාස මහතායි. බැඳුම්කරය නිසා මෙරට ජනාධිපති වීමට තිබූ වාර්තාව නැතිවුණා.

:       0       0

ලුම්බිණි Monday, 15 January 2018 02:42 AM

බැඳුම්කර වාර්තාව ගැන කටයුතු කිරීම හොඳ දෙයක්. ඒ වගේම දූෂණ පිළිබඳ තවත් වාර්තා 14ක් තිබෙනවා. ඒවා ගැනත් කටයුතු කලයුතුයි. වැරදි කරපු කීප දෙනෙකුට නොව සියලු දෙනාටම විරුද්ධව නීතියට අනුව කටයුතු කල යුතුයි.

:       0       0

විලී Monday, 15 January 2018 03:03 AM

මේ කවුරු කොහොම ඔලුවෙන් හිටගෙන කෑගැහුවත් මේ රටේ දේශපාලනය ගැන යන්තමක වත් දැනුමක් තියෙන ඕනම කෙනෙක් දන්නවා මේ හොරුන්ට කිසිදු අතුරු අන්තරාවක් නැතුව නැවතත් සුපුරුදු පරිදි රට්ටුන්ව අන්දවගෙන චිරාත් කාලයක් සැපෙන් සිටිය හැකි බව.

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඩූමෝ කොටසේ නාය යෑම යළි සක්‍රිය වේ
2024 නොවැම්බර් මස 24 186 0

පස්සර මඩොල්සිම මැටිගහතැන්න මාර්ගයේ 20 කනුව (ඩූමෝ කොටසේ ) නාය යාම පවතින වර්ෂාවත් සමඟ අද (24) යලි සක්‍රීය වී ඇතැයි මාර්ග සංවර්ධන අධ්කාරියේ බදුල්ල විධායක ඉංජි


අලුත් ඇමැතිවරුන්ට අලුත් වාහන නෑ
2024 නොවැම්බර් මස 24 1255 0

පසුගිය රජයේ අමාත්‍යවරුන් භාවිත කළ වාහනම මෙම රජයේ කැබිනට් අමාත්‍යවරු සහ නියෝජ්‍ය අමාත්‍යවරු භාවිත කරනු ඇතැයි රජයේ නිලධාරියෙක් ප්‍රකාශ කළේය.


ඇමති හදුන්නෙත්තිට ආපු පළමු ඇමතුම
2024 නොවැම්බර් මස 24 3935 1

කර්මාන්ත අමාත්‍යවරයාට අමාත්‍යංශයෙන් දෙන දුකථනයේ රුපියල් 24,220 ක හිඟ බිලක් ඇති බවත් දුකරථන සමාගමෙන් තමන්ට කථා කර එය ගෙවන ලෙස දැනුම් දුන් බවත් නව කර්මාන්ත


මෙරට ධීවර යාත්‍රාවක් කුඩු සමග මාලදිවයින් මුහුදේ දී අල්ලයි
2024 නොවැම්බර් මස 24 1044 0

ශ්‍රී ලංකා නාවික හමුදාවේ බුද්ධි තොරතුරකට අනුව මාලදිවයින් වෙරළ ආරක්ෂක බළකාය විසින් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 344 ක් සහ කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ 124 ක් සමග මෙර


ශ්‍රීලනිපයක් බෝනස් මන්ත්‍රී ධූරයක් ඉල්ලයි
2024 නොවැම්බර් මස 24 1537 5

පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර⁣ දෙකෙන් එක් මන්ත්‍රී ධුරයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට


විදුලි ගාස්තු අඩු කිරීම ලබන වසරට කල්යයි
2024 නොවැම්බර් මස 24 1162 2

විදුලි ගාස්තු අඩු කිරීමේ යොජනා ඉදිරිපත් කිරීම ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රමාද කිරීම හේතුවෙන් මෙම වසරේ විදුලි ගාස්තු අඩු කිරීමට නොහැකි තත්වයක් ඇති වී ඇත


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 511 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 732 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2039 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site