IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


බාබිඩෝල්ලාට කැමති ‘ආලියා’

2016-06-19-ent-165

මෙයාට ෂොනාලි කියනවාට වඩා ආලියා කීම වඩා හොඳය. ටෙලි තිරය වෙත උකුස් ඇස් යොමා ගෙන ටෙලි නාට්‍ය නරඹන නරඹන්නන් අතරට මෙයා මේ වන විට පැමිණ සිටින්නේ ඒ නාමයෙනි. එලෙසින් ආලියා වූ ඇය ෂොනාලී වීරසිංහය. ඇගේ පරිසරයේ මිනිස්සු ඇය අමතන්නේ ”ෂෙනෝ” යන නාමයෙනි. මේ ෂෙනෝ හමුවන්නේ "සල්සපුනා" නාට්‍ය මාලාව වෙතිනි.

 

2016-06-19-ent-168කවුද මේ ෂෙනෝ?

මම උපන්නේ කොළඹදීයි. ඒත් හැදී වැඩුණේ කුරුණෑගලදී. වයඹ රාජකීය සහ අමුණුගොඩ කුමාරදාස පාසල්වලට සහ පසුව කොළඹ රත්නාවලී බාලිකාවට ගියා. පවුලේ මම වැඩිමලා. තව මල්ලි කෙනෙක් ඉන්නවා. තාත්තා විශ‍්‍රාමික යුද හමුදා නිලධාරියෙක්. අම්මා රූපලාවන්‍ය ශිල්පිණියක්.

 

මොනවා කරන්න හිතාගෙනද ඉගෙන ගත්තේ?

ගුවන් සේවිකාවක වීම තමයි ඉලක්කය සහ ආසාව වුණේ. ඒ හින්්දාම ඒ වෙනුවෙන් පාඨමාලාවක් පවා කළා. ඒ අදහස ඇත්තටම තවම අත්හැරලා නැහැ. ඒ හැරෙන්නට රඟපෑමට ආසා කළා. ඊටත් අමතරව නිරූපණ ශිල්පිණියක වීමටත්, රූපවාහිනි වැඩසටහන් නිවේදිකාවක වීමටත් ආසා කළා. වාසනාව සහ හැකියාව නිසා ඒ සියල්ල ඉටු කරගත හැකි දේ වුණා.

 

රඟපෑම, නිරූපණය. ඇයි ඒ අංශවලට හිත ගියේ?

රඟපෑමම මුල් කරගෙන නොවෙයි ඉගෙන ගත්තේ. ඉගෙනීමට අදක්ෂ වුණේ නැහැ. කොහොම හරි හිත ගිය අංශවලට දායක වීමට අවස්ථාව ලැබුණා. ”සල්සපුනා” මගේ ප‍්‍රථම රඟපෑමයි.

 

එහි ”ආලියාට” වගේ ෂෙනෝටත් හින්දි පුළුවන් ද?

ඉන්දියානු සංස්කෘතික ආයතනයට කාලයක් මම ගියා. නමුත් රංගන කටයුතු නිසා තාවකාලිකව ඒ ගමන නතර කළා. හින්දි භාෂාව ගැන දැනීමක් ලබමින් සිටින්නේ.

 

දැන් මේ චරිතය නිසා ලැබුණු වෙනත් අවස්ථා එහෙමත් ඇති?

මේ චරිතය නිසා තවත් නාට්‍ය දෙකකට ආරාධනා ලැබුණා. ඒත් මේ නාට්‍යයේ වැඩ නිසා වෙනත් ඒවා කරන්න බැරි වුණා. කොහොම වුණත් දැන් මගේ ආසාව තියෙන්නේ සිනමාවටයි.

 

ඇයි සිනමාවට කැමති?

යම් කිසි කාලවකවානුවක දී චරිතය තෝරාගෙන ඊට විශාල දායකත්වයක් ලබාදෙන්න පුළුවනි. මෙගා ටෙලිවලට වගේම දීර්ඝ ටෙලි කතාවලට ආයෙත් මම එකතු වෙන එකක් නැහැ. මොකද මම හිතුවාට වඩා කාලයක් උපරිමයෙන් වැය කරන්න තියෙන ක්ෂේත‍්‍රයක් මේක. ඒ වෙනුවෙන් අවංකව අපට කාලය ලබා දෙන්න බැරි නම්, අතෘප්තියෙන් එය කළ යුතු නැහැ. ඒ නිසා සිනමාව සහ නිරූපණ අංශය මට මීට වඩා හොඳයි කියලයි හිතෙන්නේ.

 

රඟපෑමට ආ එක ගැන අද කලකිරීමක් ද තියෙන්නේ?

අපෝ නැහැ, ඒ නිසා කිසිදාක බලාපොරොත්තු නොවූ, කියන්න බැරි තරමට පේ‍්‍රක්ෂක ආදරයක් ලැබුණා. ඒක හරි සුන්දරයි.

 

මේ ආලියාට සැසඳුවොත් ඔබ කොහොම කෙනෙක්ද?

වෙලාවකට ඉක්මනට තරහ යනවා, ඒ වෙලාවට ටිකක් විතර නපුරුයි. හැබැයි ඒ සැණෙකින් දුක හිතෙනවා. මං හිතන්නේ මම ගොඩක්ම සංවේදීයි. ඒ නිසාම වෙන්න ඇති එහෙම වෙන්නේ.

 

කොහොම කෙනෙක් වෙන්නද ආස කළේ?

මගේ සිහින ලෝකය වුණේ ”බාබිඩෝල්” ලෝකයයි. බාබිඩෝල්ගෙ විලාසිතා විදියට තමයි විලාසිතා පවා තෝරා ගත්තෙත්. මගේ පසුගිය 20 වැනි උපන් දිනයට ලැබුණෙත් ලොකුම ලොකු බෝනික්කෙක්. කුඩා කාලයේ ඉඳලාම මට තෑගි ලෙස ලැබුණු බෝනික්කන් 35ක විතර එකතුවක් තියෙනවා. මම ලස්සනම ලස්සන විලාසිතා කරන්නත්, සතුටින් ඉන්නත් හරිම ආසයි.

 

අද මේ කරන කියන දේවලට අමතරව වෙන මොනවටද තව දක්ෂ?

නටන්න වගේම සිංදු කියන්නත් පුළුවනි. ඒ වගේම පොඩි පොඩි කලාත්මක නිර්මාණ කරන්නත් පුළුවනි. හොඳ රසට උයන්නත් පුළුවනි.

 

ගෙදර අය වැඩිපුරම ආසා කරන්නේ ඔබගෙ මොන ව්‍යාංජනයට ද?

”සෝයා මීට්” කරිය මට හොඳ රසට හදන්න පුළුවනි. මම ඒක හදපු දවසට ගෙදර ඔක්කොමලා හරි සතුටින් එය අනුභව කරන්නෙ.

 

”සල්සපුනා” කට්ටිය ගැන හිතන්නෙ කොහොමද?

මං වගේ ආධුනික කෙනකුට ඒ වගේ ප‍්‍රවීණ රටම දන්නා පිරිසක් එක්ක ගත කරන්න ලැබීම මගේ ලොකු පිනක් කියලයි හිතන්නේ. එහි එක්තරා අවස්ථාවක මම, මෙන්න මේ වගේ දෙබසක් කියනවා.

"අම්මගෙයි - තාත්තගෙයි ආදරය ලබන්න මට බැරි වුණා. ආදරය කියන්නෙ, ආරක්ෂාව. දාදි මට ඒ දෙකම දුන්නා.”

ඒ වගේ අවස්ථාවලදී මම ගොඩක් හැඟීම්බර වුණා.

 

හේතුව?

මට මගේ අම්මයිxතාත්තයි ගොඩක්ම ආදරෙයි. මගේ මේ ගමනට උදව් කළේ, මගේ අම්මයිxතාත්තයි. ආලියාට අම්මගෙයි, තාත්තාගෙයි ආදරය නොලැබුණාට මට සැබෑ ජීවිතයේ එහෙම වුණේ නැහැ. අද මම මෙතැන සිටින තැනට ගෙන එන්න මගේ අම්මා තාත්තා වගේම ප‍්‍රධාන වශයෙන් රොසෑන් ඩයස් ලියනගේ මහත්මියත් තවත් බොහෝ දෙනකුත් උදව් කළා.

 

සටහන / ඡායාරූප - සඳුන් ගමගේ

Location - Haylies Cafe Fixel

 

2016-06-19-ent-167
2016-06-19-ent-166
2016-06-19-ent-164

 

 



අදහස් (0)

බාබිඩෝල්ලාට කැමති ‘ආලියා’

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඇමති බංගලා අමාත්‍යංශ ගබඩා වෙලා
2024 ඔක්තෝබර් මස 03 598 0

බොහෝ හිටපු ඇමතිවරුන්ගේ කොළඹ බංගලාවල ආයතන රැසකට අයත් බඩුමුට්ටුවලින් පිරී තිබී සොයාගෙන ඇතැයි රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු අධිකරණ පළාත් සභා පළාත් පාලන


දිනේෂුත් ගෑස් සිලින්ඩරයෙන් එයි
2024 ඔක්තෝබර් මස 03 1153 0

හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ නායකත්වයෙන් යුත් පොදුජන එක්සත් නිදහස් සන්ධානය ගෑස් සිලින්ඩරය ලකුණ යටතේ මහ මැතිවරණයට තරඟ කිරීමට එකඟතාවයට


බදු බරට සහන දෙන බව ජනපති මූල්‍ය අරමුදලට කියයි
2024 ඔක්තෝබර් මස 03 1720 0

ඉහළ වැට් බද්ද සහ ආදායම් බදු හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට රජය සැලසුම් කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ න


අනුරට එජා මහලේකම් සුබ පතයි
2024 ඔක්තෝබර් මස 03 430 0

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ සම්බන්ධීකාරක මාර්ක් ඇන්ඩෘ ප්‍රාන්ස් (Marc-André Franche) මහතා අද (03) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහ


පොලිසිය රියැදුරකුගෙන් අධිකරණයේදී සමාව ගනී
2024 ඔක්තෝබර් මස 03 1150 1

‘යුක්තිය මෙහෙයුම’ අතරතුර නීතිඥවරියගේ රියදුරෙකුගෙන් ප්‍රශ්න කර ඔහුට මාංචු දැමීම සම්බන්ධයෙන් මිගමුව පොලිසියේ නිලධාරී පිරිසක් අදාළ රියදුරාගෙන් ශ්‍ර


විජිතගේ ප්‍රකාශය වැරදියි
2024 ඔක්තෝබර් මස 03 2115 2

ප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනුවට අදාළ නීති කටයුතු පිළිබඳව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් ගේ ප්‍රකාශය සාවද්‍ය බව අට වන විධායක ජනාධිපති රනිල් වික්‍


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38798 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25480 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 296 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1002 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 351 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site