IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


බේබදු සැමියාට නියම දඩුවමක්

මත්පැන් බී අඹූ දරුවනට හිරිහැර කරතියි කියන සැමියකු මත් පැන් බොන කාල සීමාවේදී වීරඹුගෙදර පොලීසියේ පෙනී සිටින ලෙස කුරූණෑගල ප්‍රධාන මහේස්ත්‍රාත් රවින්ද්‍ර ප්‍රේමරත්න මහතා නියෝග කළේය

බිරියට හා දරුවනට වද හිංසා කරතියි කියන මේ සිව් දරු පියා යහමගට ගැනීමට නම්  සිරගෙට යැවීමෙන්වත් දඩ ගැසීමෙන්වත් පළක් නැතැයි මහේස්ත්‍රාත් ප්‍රකාශ කළේය

පොලිස් පරීක්ෂක ලක්දාස් අබේගුණවර්ධන මහතා-

දිනපතාම සවස 5 ට පෙර මත් පැන් බීමට පුරුදුව සිටි සැකකරු ගෙදර ගොස් අඹු දරුවනට හිරිහැර කරනවා.

මහේස්ත්‍රාත්

එහෙම නම් මොහුට දඩ ගැසීටමන්වත් හිර ගෙට දැමීමෙන්වත් පළක් නෑ .බොන වේලාවට (5.30-8.30) පොලීසියේ රඳවා  තැබීමට නියෝග කරනවා.

රුපියල් 2500 ක ඇපයක් මත නිදහස් කළ ඔහු  ඇප අවලංගුකර උපරිම දඩයක් සමග සිර දඩුවම් නියම කරන බවද මහේස්ත්‍රාත්  නියෝග කළේය.



අදහස් (0)

බේබදු සැමියාට නියම දඩුවමක්

ෂෙරිෆ් Wednesday, 27 November 2013 09:50 PM

අපේ ලංකාවට බුදුන් පවා පය තැබුවේ උතුම් සිතින් දෙතුන් විටක් කියලා... මම කුඩා කාලේ පාසලේදී ඉගෙන ගත්තෙමි, නමුත් වර්තමානයේ හෙළබිමේ හැම හන්දියක් ගානේම මත්පැන් හල්, ලංකාව බේබදන්ගේ පාරාදීසයක් වෙලා, සමහර උදවිය මේක ආදර්ශමත් දඩුවමක් කියලා කියනවා, මතට තිත කිවුවට තිතට වැඩ නම් යස අගේට සිද්ධ වෙනවා. (නි)

:       0       0

විරාජ් කාලිංග Wednesday, 27 November 2013 03:09 PM

මාර දඩුවමක් තමයි, දැන් මෙයා බොන වෙලාව මාරු කරගනියිද දන්නේ නැහැ (නි)

:       0       0

ශාන්ත - හෝමාගම Wednesday, 27 November 2013 03:32 PM

කුමාරි, මොකද අනේ ඔයා බොන මිනිස්සු එක්ක ඔයතරම් තරහින් කතා කරන්නේ? කවදා හරි ඔයාටත් බොන මනුස්සයෙක් කසාද බදින්න සිද්ධ වුණොත් ? (නි)

:       0       0

ඉන්දු-ලන්ඩන් Wednesday, 27 November 2013 11:40 PM

දැන් මේ මනුස්සයා පොලීසියේ මහත්වරුන්ටත් බොන්න පුරුදු කරයිද දන්නේ නැහැ. (නි)

:       0       0

කුමාරි Wednesday, 27 November 2013 10:29 AM

ලොකු දෙයක් අහිංසක ගැණු කෙනයි දරුවොයි බේරුව එක. මිනිස්සු ජිවන වියදම ඉහලයි කියා ා කෑ ගැහුවට බොන එක නවත්තන් නැහැනේ. බොන නිසාම තමා හැමදාම ගොඩ එන්න බැරි. (නදී)

:       0       0

පිටබැද්දර ජයා Wednesday, 27 November 2013 10:32 AM

ඔය තියෙන්නේ නියම දඬුවම් දැන් ඉතින් බිපන්කෝ ! (නදී)

:       0       0

විජේ Wednesday, 27 November 2013 10:38 AM

රෑ 8.30න් පස්සේ බොන්න පටන් ගනීවිද දන්නේ නැහැ. (නදී)

:       0       0

නුගේගොඩ Wednesday, 27 November 2013 10:49 AM

අන්න ප්‍රායෝගික වැඩ. ස්තුතියි ඔබට (නි)

:       0       0

ආරියසේන Wednesday, 27 November 2013 10:53 AM

දඬුවම නම් නියමයි ,ඒත් ඉතින් පොලිසියේත් බොන අය ඉන්නවා, ඒ අයත් එක්ක එකතුවෙලා බොන්න පටන් ගනී ද? (නදී)

:       0       0

ඈපා Wednesday, 27 November 2013 10:56 AM

නියමයි. (නදී)

:       0       0

පිටබැද්දර ජයා Wednesday, 27 November 2013 05:41 PM

කුමාරිගේ මහත්තයා 'ෆුල් ටයිම්' බොන කෙනෙක්ද? (නි)

:       0       0

ළහිරු සම්පත් Wednesday, 27 November 2013 11:09 AM

මේ දැන්වීම් බලන්න විදියක් නැනේ ලංකාදීප සයිට් එකේ නිවුස් දානවනේ (නදී)

:       0       0

අරෝෂ Wednesday, 27 November 2013 11:09 AM

එතකොට බේබදු .....? (නදී)

:       0       0

ශාන්ති Wednesday, 27 November 2013 11:19 AM

ඒක තමයි මමත් කල්පනා කෙරුවේ. 8.30 න් පසුව හොදම වෙලාවනේ. නේද විජේ.(නදී)

:       0       0

රොකී Thursday, 28 November 2013 07:33 AM

ෂෙරිෆ් උන්නහේ, බුදුන් වහන්සේ මේ අපේ ලංකාවට ආවා කියලා ඔප්පු කරන්න පිළිගන්න තරම් සාදක ටික කියන්නකෝ. කාටත් දැනගන්න? (නදී)

:       0       0

මාටින් Wednesday, 27 November 2013 06:09 PM

අපිට ඉතින් ඉක්මන් තීන්දු ලැබෙන්නේ මේ වගේ නඩු වලට තමයි (නි)

:       0       0

ෆස්රුල් ගෆූර් - කටාර් Wednesday, 27 November 2013 11:27 AM

දෝනිගේ පළමු ප්‍රේමය පියා. පුතාගේ පළමු වීරයා පියා. බිරිඳගේ මුළු ලෝකයම තමා ස්වාමි පුරුෂයා. මේක තමා පවුල් ජීවිතය කියන්නේ. පුතා තමා පියාගේ සියලු ගති පැවතුම් හා ඇඳුම් පැළඳුම් ගැනත් දැඩි අවධානයක් යොමු කරාවි. "ලොකු වුනහම මමත් තාත්ත වගේම වෙනවා" බොහෝ අවස්ථාවල් වල චූටිපුතා කියන කතා තමා මේවා. තමා පියාගේ සියලුම චාර්යාවන් දෙස පුතා එසේ අවධානය යොමු කරනවිට පියෙක් හැටියට අපේ දැඩි වගකීමක් තිබෙනවා කිසම අයහපත් දේවල් නොකරන්න. විශේෂයෙන් දුම් පානය හා වෙනත් දේවල්. සෑම දෙමාපියන්ගේම වගකීමනේ යහපත් දරුවන් අපේ රටට දායාද කිරීම. අපිම අපේ දරුවන් බේබද්දෙක් කරනවාද? මොකක්ද මේ තාත්තලා දරුවන්ට දෙන ආදර්ශය? මේක ලොකු පවක්. ඔය ජරාව බොන සල්ලිවලට දරුවන්ගේ යහපත වෙනුවෙන් වියදම් කරන්න. දරුවන් තමන්ගේ දෑස මෙන් රැකගන්න. විශේෂයෙන් ගැහැණු දරුවන්ගේ අනාගතේ අඳුරු නොකරන්න. මත්පැන් ..ඔබව ඕනෙම වරදකට ඉතා පහසුවෙන් පොළඹවයි.(නදී) .

:       0       0

උපාලි Wednesday, 27 November 2013 11:31 AM

මං හිතන්නේ බුද්ධිමත් උපක්‍රමයක් යොදලා තියෙන්නේ, මේ කෙනාව යහමගට ගන්න. (නි)

:       0       0

හසිත Wednesday, 27 November 2013 11:33 AM

මෙහෙම ගියොත් ලංකාවේ බාගයක් පිරිමි හවස පොලිසියේ තියන්න වෙයි. (නි)

:       0       0

ජානක Wednesday, 27 November 2013 11:33 AM

බාර් වහන්නේ 9 ට කියලා එයාලා දන්නේ නැතුව ඇති. (නි)

:       0       0

චන්දි Wednesday, 27 November 2013 11:35 AM

හරි ෂෝක් දඩුවම..!! (නි)

:       0       0

රෝහිත Wednesday, 27 November 2013 06:27 PM

නියම තීන්දුව. නඩුකාර හාමුදුරුවන්ට අපේ ප්‍රණාමය! (නි)

:       0       0

පද්මේ Wednesday, 27 November 2013 11:42 AM

බීලා අනික් අය‍ට හිරිහැර කරන එකනම් වැරදියි.නමුත් මේ මනුස්සයව දොස්තර කෙනෙක් ළඟට පවුලේ අය යොමුකළ යුතුයි. (නි)

:       0       0

මාටින් Wednesday, 27 November 2013 11:50 AM

පිරිමියා ඔච්චර හිරිහැර කරනවා නම් බිරිඳ ඇයි එකට ඉන්නේ? එකට ඉන්න බැරි වුණත් උසාවි ගිහින් හරි එකට ඉන්නවා. (නි)

:       0       0

අරුණ Wednesday, 27 November 2013 06:52 PM

ලංකාවේ සියලුම බාර් වලටත් ඔය ක්‍රමය දැම්මා නම් මතට තිතම තමයි (නි)

:       0       0

ප්‍රිය Wednesday, 27 November 2013 06:55 PM

දැන් 8.30 පස්සේ ගෙදරට පොලිසියෙන් දාන්න වෙයිද දන්නෙත් නැහැ (නි)

:       0       0

ලොකූ Wednesday, 27 November 2013 12:24 PM

කව්රුවත් කලබල වෙන්න එපා. 8.30 පස්සේ බොන්න පටන් ගත්තොත් මිනිහ අමාරුවේ. මොකද ගෙදර අය නැවතත් නඩු දානවනේ.. එතකොට මිනිහ ලොකු අමාරුවක වැටෙනවා. මේක ආදර්ශමත් දඩුවමක්. (නදී)

:       0       0

කුමාරි Thursday, 28 November 2013 09:40 AM

මම ගොඩක් දුප්පතුන් අතර ලස්සන ගමක ලොකු මහත් වුනේ.ඒ කාලේ මේ ජරා අරක්කු පස්සේ මිනිස්සු ගියේ නෑ.සෑම ගෙදරකම වගේ හකුරු, පැණි හැදුවා. රා පොඩ්ඩක් බිව අය නම් හිටියා.දැන් සමාජයේ මිනිසුන් කෑම වැරදුනත් බිම වරද්දන් නෑ. එයාලගේ පලවෙනි කාරණේ බීම එහෙම අසරණ වුන අය දැකලයි මම බොන මිනිසුන්ට දොස් කියන්නේ. (ස)

:       0       0

අමිල කටුනායක Wednesday, 27 November 2013 07:15 PM

ඒ අතින් අපි වාසනාවන්තයි (නි)

:       0       0

බෙනට් Wednesday, 27 November 2013 12:43 PM

මහදැනමුත්තව මතක් වෙනවා .... (නදී)

:       0       0

සුජිත් ප්‍රියන්ත -කටාර් Wednesday, 27 November 2013 01:15 PM

ෆුස්රුල් ගෆූර් -කටාර් ,ඔබ නිතරම පොස්ට් කරන කොමෙන්ට්ස් වලින් හොද වැදගත් අදහස් ප්‍රකාශ කරනවා. ඔබව අගය කරන්න කැමැතියි. (නදී)

:       0       0

නුගේගොඩ Wednesday, 27 November 2013 01:32 PM

ඵස්රුල් ගෆුර් -ඔබගේ අදහස ඉතාම අගෙයි. කෙටියෙන්ම කියනවනම් යම් මවකට හෝ පියෙකුට කිව හැකිනම් " පුතේ උඹ මං වගේ වෙයන් කියල" ඔහු හෝ අය සාර්ථක පියෙක් හෝ මවක්. අපේ මේ වෑයම එයටයි. (නදී)

:       0       0

ශාන්ත හෝමාගම Wednesday, 27 November 2013 01:41 PM

අනේ මගේ බිරිඳ නම් මම බීල ආවම දොර අරින්නේ නැහැ , එළියේ නිදාගෙන වෙරි හිදුනම සාක්කුවේ යතුරෙන් දොර අරගෙන ගිහින් හොරෙන් නිදගන්නවා , (නදී)

:       0       0

කමල් Wednesday, 27 November 2013 01:44 PM

ඔන්න නීති, අල්ලස් ගන්න අයව පාර සුද්ද කරන්න දාමු. මේ වාගේ හොද නීති ටිකක් හදා ගමු (නදී)

:       0       0

රූපවතී Thursday, 28 November 2013 12:15 PM

අනේ කුමාරි අක්කේ ඔයාගේ කියමන 100% කින් මම නිවැරදි කරනවා ..අපි කුඩා කාලේ ගමේ සමහර ගෙවල් වල තාත්තල බීල ඇවිත් දරුවන්ට බිරිඳට ගහල ..එලවපුවාම අපේ ගෙදරට කාඩා ගෙන එනවා දරු පැටව් ටිකත් සමඟ ..අපේ අම්ම රෑ එළිවෙනකම් නවාතැන් දුන්නම ..ඒ බේබද්ද දැනගත්තොත් අපේ ගෙදරයි ඉන්නේ කියලා ..අපේ ගෙට රෑ එළිවෙන කම් ගල් ගහනවා ..ඒ කාලේ අද වගේ ..පොලීසි වලට කෝල් කරලා මහා රෑ නිදහසට කාරණා ගොනු කරනවා කියලත් නෙවේ ..ඉතින් අපේ අම්මයි ..අප්පච්චියි ..එලි වෙනකම් ගේ මුර කළා ..අපි හැමටම ..බීමත් පුද්දගල ඉන්න නම් කියන්නේ මම ..තමන්ට ඒ දේ අවශ්‍යනම් ..රැකියාවෙන් ගේ දොර අඩුපාඩු සියල්ලෙන් සම්පුර්ණ කරල ..සති අන්තේ යාළුවන් සමඟ අවශ්‍ය නම් මාසයකට දෙපාරක් ඒ සදහා ශෝෂල් විදියට තමන් යොමු වෙන්න ..දරුවන්ගේ බිරිඳගේ නිවසේ ආරක්ෂාව සුරක්ෂා කරලා ...?අපිට මතට තිත ..තියන්න මේ ආත්මේ ලැබෙන්නේ නැහැ ...? (ස)

:       0       0

රානා Wednesday, 27 November 2013 02:13 PM

මොකක්ද පොලිසියේ මහත්තයෝ ඕක , ඉන්නම්කො එළිවෙනකම් හරි, මගේ කෝට් එකයි පොඩි උම්බලකඩ පලුවකුයි දුන්නනම්, ඔහේ කොහේ හරි වැටිලා ඉන්නම්කො. (නදී)

:       0       0

කසුන් Wednesday, 27 November 2013 02:42 PM

කාලෝචිත දඩුවමක් !! (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

’’මැකෝ’’ මහ ඡන්දෙටත් සූදානම්
2024 සැප්තැම්බර් මස 21 67 0

නව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරියහොත් මහ මැතිවරණය පැවැත්වීම සඳහා සූදානමින් සිටින්නැයි මැතිවරණ කොමිෂන් සභාව සියලුම දිස්ත්‍රික් තේරීම්


ඡන්ද කාඩි අදත් ගන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 21 92 0

මෙතෙක් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණු ජන්දදායකයන්ට අදත් (21) තමන්ට ලිපි බෙදා හරින තැපැල් කාර්යාලයට ගොස් ලබා ගැනීමට හැකි බව තැපැල් දෙපාර්තමේන්තුව


විදුලිය හා ඛනිජ තෙල් අත්‍යවශ්‍ය සේවාවක් කෙරේ.
2024 සැප්තැම්බර් මස 21 221 0

විදුලිබල සැපයීම සම්බන්ධ සියලු සේවාවන් හා ඛනිජ තෙල් නිෂ්පාදනය හා ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අත්‍යවශ්‍ය සේවා බව


ජනපතිවරණය ඇරැඹේ
2024 සැප්තැම්බර් මස 21 688 1

නව වැනි විධායක ජනාධිපතිවරයා තෝරාගැනීමේ ඡන්ද විමසීම අද (21) පෙරවරු 7.00 ආරම්භ විය.


ඊශ්‍රායල ප්‍රහාරයෙන් හිස්බුල්ලා ලොක්කෙක් මරුට
2024 සැප්තැම්බර් මස 21 1171 1

ලෙබනනයේ බීරූට් අගනුවරට එල්ල වුණු ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින්, හිස්බුල්ලා සන්නද්ධ අංශ නායකයකු වන ඊබ්‍රහීම් අකිල් මියගියේය. මේ බව ලෙබනන් හිස්බුල්ලා සං


ඇමෙරිකානුවොත් වේලාසනින් ඡන්ද පොළේ
2024 සැප්තැම්බර් මස 21 878 0

ඇමෙරිකන් ජනාධිපතිවරණය නොවැම්බර් පස් වැනිදා පැවැත්වෙයි. ඒ, රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් ජනාධිපති


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14562 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 148 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 97 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 139 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site