IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


බීබීසියට මහරගමදී අරියාදු

ඉරිදා මහරගමදී පැවැත්වුන රැස්වීම පිළිබඳව වාර්තා කිරීමට ගිය තමන් ඇතුළු බීබීසී  කණ්ඩායමට  තරුණ පිරිසක් හරිහැර කළ බව බ්‍රිතාන්‍ය ගුවන් විදුලියේ ලෝක සේවයේ    බීබීසී කොළඹ වාර්තාකරු   චාර්ල්ස් හැවලන්ඩ් කියයි.

මහරගම කඩවීදිය අසල තම වාර්තාව රූපගතකරමින් සිටි අවස්ථාවේ එතනට රොක්වූ 20 දෙනෙකුගෙන් පමණ තරුණයන් පිරිසක් තම කණ්ඩායම බලහත්කාරයෙන් රඳවාගත්   අඩන්තේට්ටම් කරන බවට තර්ජනය කළ බවත් හැවලන්ඩ් සිය වාර්තාවෙන් කියයි.

එතැන රාජකාරියෙහි යෙදී සිටිපොලිස් නිලධාරීන් මෙම සිද්ධිය දුටු නමුත් නිහඬව සිටි බව පැවසු ඔහු ඒ අවස්ථාවේ එම පිරිසේ සිටි සමහර දෙනා තමන් සමඟ සිටි ශ්‍රී ලාංකික පිරිසට "ජාතිද්‍රෝහින්" සහ "අවජාතකයන්" ලෙස චෝදනා කරමින් පරුෂ වචනයෙන් බැන වැදුණු බවද කීවේය. 

නැවත වතාවක් මේවගේ තැනකට පැමිණියහොත් එය"අපගේ අවසානය" වියහකිබව සමහර දෙනා තර්ජනාත්මකව පැවසු බව කියූ ඔහු ඒ අවස්ථාවේදී තමන් පෙර කිසි දිනක හෝ කිසි අවස්තාවක සිදු නොවූ තරමේ  තැතිගැනීමකට පත්වූ හැවලන්ඩ් කීවේය.



අදහස් (0)

බීබීසියට මහරගමදී අරියාදු

ප්‍රසන්න Tuesday, 19 February 2013 12:05 PM

ජාත්‍යන්තර මාධ්‍ය හරිම සරයි (දී)

:       0       0

පාලිත Tuesday, 19 February 2013 12:06 PM

ඔය කියන තරම් එකක් වෙලා නැතුව ඇති (දී)

:       0       0

මිලින්ද Tuesday, 19 February 2013 05:34 PM

ඒවා හොද වැඩ මොවෙයි (දී)

:       0       0

සෑම් Tuesday, 19 February 2013 05:35 PM

ඇත්තෙන්ම මම ඔය රැස්වීම තියෙන තැන හිටියා.... ඒත් ඔය කියන විදියේ දෙයක් සිදුවුනේ නෑ.....(නු)

:       0       0

සාරංග Tuesday, 19 February 2013 12:12 PM

වැඩේ නැති කලානේ (දී)

:       0       0

පහන් Tuesday, 19 February 2013 05:45 PM

ලංකාව තවත් බංගලාදේශයක්, ඇෆ්ගන්ස්ථානයක් හෝ ඉන්දුනීසියාවක් නොවිය යුතුයි. එක් ධර්ම සන්ගායනාවකට වැඩිම රහතන්වහන්සේලා වැඩමකලේ ඉරානයෙන්. අද මොකද තත්වේ ? තෙල් ගැන කලබල වෙන්න එපා තව අවුරුදු 15 ඒවා ඉවරයි . මැද පෙරදිග සිටින සාක්ෂරතාවයෙන් හා වෘත්තීය නිපුණත්වයෙන් ඉහලම ජාතිය ශ්‍රි ලාංකිකයින් , බංගලාදේශයේ , පකිස්ථානයේ ,ඉන්දුනීසියාවේ දක්ෂයින් නැහැ .ඒ නිසා මැදපෙරදිග විතරක් නෙමේ ජපානේ, කොරියාවේ හාම්පුතුන් පවා ලංකාවේ අයට කැමතියි . එක කාටවත් නතර කරන්න බැහැ . කියන තත්ත්වය හැමතැනම නැහැ. කිරිබත්ගොඩ ,හිගුරක්ගොඩ වගේ නගරවලට ගිහින් බලන්න ලාබෙට බඩු නැතිද කියලා(නු)

:       0       0

පාරු Tuesday, 19 February 2013 05:45 PM

අපේ අය එකතුවිය යුතුයි මෙයට මුහුණ දීමට..!(නු)

:       0       0

නීළා Tuesday, 19 February 2013 12:25 PM

ජිනීවා ලග එනවා. මාධ්‍යෙව්දියෙකුට වෙඩි තියල දවස් දෙකයි. එක යුද්ධයක් ඉවර වෙලා අවුරුදු හතරයි. ඇයි මේ.(නදී)

:       0       0

ලලිත්-කටාර් Tuesday, 19 February 2013 12:23 PM

මට දැන් තේරෙනවා ඇයි ඇමරිකාවට යුද්ද නැතුව බැරි කියලා. අපි වගේ දිගු කාලයක් යුද්ද කළාම කුඩු වලට වගේ ඇබිබැහි වෙනවා.(නදී)

:       0       0

අනුර Tuesday, 19 February 2013 12:28 PM

දැන් ඕකත් ජිනීවා වල කතා කරයි. බීබීසී එක කොහොමත් අපේ හොද කියනවා අඩුයිනේ.(නදී)

:       0       0

සඳුන් Tuesday, 19 February 2013 12:33 PM

බීබීසි එක කවදද ලංකාව වෙනුවෙන් කතා කලේ. (නදී)

:       0       0

කින් බෙනට් Tuesday, 19 February 2013 12:35 PM

ඇත්තටම මොකක්ද මේ හදිස්සියේ මතුවෙච්ච ජාතිවාදය ? ආගම් වාදය? ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ ඕනෑම කෙනෙක්ට තමන් කැමති ආගමක් අදහන්න නිදහස තියෙනවා කියන එක නේද ? එතකොට මොකක්ද මේ බොදු බල සේනාව කරන්න හදන්නේ? පේනවා නේද 1983 නේ විදේශගතවුණ දෙමල සුළුතරයක් එකතුවෙලා ලංකාවේ රජයට රටක් වශයෙන් ගන්න බැරි විදේශ රටවල් වල සහය අරන් ලංකාවට ප්‍රශ්න දාන ලස්සන ? දැන් මේ අලුත් ප්‍රශ්නය හින්දා ආගම් වාදයක් මතුවෙලා නැවත සිවිල් යුද්දයක් ඇති වුණොත් කොච්චර නම් විශාල පිරිසක් ආරක්ෂාවට විදේශගත වෙයිද ? (නි)

:       0       0

කුමාරි Tuesday, 19 February 2013 12:38 PM

ජාතිවාදය අවුස්සන ක්‍රියාවන් නොකල යුතුයි.(නදී)

:       0       0

වරුණ Tuesday, 19 February 2013 12:39 PM

මමත් හිටියා. එහෙම දෙයක් වුනේ නැහැ.(නදී)

:       0       0

සැලා Tuesday, 19 February 2013 12:37 PM

මේක උනේ මහරගම ප්‍රසිද්ධ රෙදිපිලි ආයතනයක් ලග. එතන පොඩි ප්‍රශ්ණයක් තියෙනවා ඇයි එතනදිම මෙහෙම දෙයක් වුනේ. (නදී)

:       0       0

මොහාන් Tuesday, 19 February 2013 12:43 PM

තිස්වසරක යුද්දය ඉවරවුනා විතරයි. බොහොම අමාරුවෙන් ගොඩනගාගත්ත සාමය. තවත් ජාති බේදයක් ඇති කරන්නද නැවතත් හදන්නේ.(නදී)

:       0       0

ලලිත්-කටාර් Tuesday, 19 February 2013 06:53 PM

පහන්, තෙල් අවසන් වෙන්‍නේ 2065-2094 අතර කාලයේ කියලයි දැනට කියන්නේ. (නි)

:       0       0

වීරසිංහ Tuesday, 19 February 2013 06:55 PM

අනේ පහන්, අපි ලෝ‍කෙටම ණයයි. අපි පාපැදියක්වත් හදන්නෙ නැහැ. (නි)

:       0       0

මෝරලා Tuesday, 19 February 2013 12:45 PM

මේක මෙතනින් දැන්මම නැවැත්තුවේ නැත්නම් තවත් යුද්ධයක් කරන්න වෙයි නේද?(නදී)

:       0       0

නීලා Tuesday, 19 February 2013 06:59 PM

සාක්ෂරතාව වැඩි වුනාට කව්රුත් රැතියා දෙන්නේ නැහැ වෘත්තීය පුහුනුවක් නැත්නම්. පකිස්තාන, ඉන්දියන් අයගේ අධ්‍යාපනක්‍රමය අපිට වඩා වෙනස්. එයාලට රැකියා අවස්ථා වැඩියි.(නදී)

:       0       0

මලි Tuesday, 19 February 2013 12:45 PM

මිනිස්සු ඉන්නේ ඒ වෙලාවට පිස්සුවෙන් වගේ. ඉතින් මිනිස්සු බැන්නා කියලා චෝදනා කරන එක , හරියට පොඩි එකෙක් පන්තියේ ගුරුවරියට ලගට ගිහින් අරයා මට බැන්නා කියනවා වගේ වැඩක් (දී)

:       0       0

සනා Tuesday, 19 February 2013 06:58 PM

මොකටද එහෙම කරන්න ගියේ (දී)

:       0       0

තාරිය Tuesday, 19 February 2013 12:46 PM

අපි යුද අපරාද කරලද අපිට මඩ ගැහුවේ. මේකත් ඔය වගේ තමයි. ඔය අය කැමති නැහැ පොඩි රටවල් නැගිටිනවට.(නදී)

:       0       0

පද්මා Tuesday, 19 February 2013 07:01 PM

පහන්, අපිට හොද ඉතිහාසයක් තිබුනට ලෝකෙන් එක අපි කියන්න බැහැ. එහෙම හිතන නිසා තමයි අපි හැමදාම මෙහෙම ඉන්නේ.(නදී)

:       0       0

අශෝක Tuesday, 19 February 2013 12:59 PM

මේ දේශප්‍රේමයද?(නදී)

:       0       0

දුමින්ද Tuesday, 19 February 2013 01:01 PM

ජාත්‍යන්තරව පිළිගත් ජනමාධයකට සලකපු ආකාරය අන්තිමයි.(නදී)

:       0       0

කපිල Tuesday, 19 February 2013 01:03 PM

මේක බොදුබල සේනාවේ නම කැත කරන්න කිසියම් සන්විදනාත්මක කණ්ඩායමක වැඩක් වෙන්න බැරිද? (නදී)

:       0       0

දේවානන්ද හිමි Tuesday, 19 February 2013 01:02 PM

බෞද්ධ ආගමේ නාමයෙන් සමහර ඇත්තන් ජනතාව පාරට බස්සවමින් තරගෙන යන්නා වූ අශිෂ්ඨාචාර ක්‍රියා තරයේ හෙළා දකිමු.(නදී)

:       0       0

චන්දිම Tuesday, 19 February 2013 01:20 PM

බීබීසී කාරයෝ අපට එරෙහිව හරියට බොරු කියනවා. සිංහලයට විරුද්ධයි.(නදී)

:       0       0

හේරත් Tuesday, 19 February 2013 08:22 PM

ඉල්ලා ගෙන කෑම. බහුබූත චැනල් එක ගැන සාමාන්‍ය මිනිස්සු විශ්වාස කරන්නේ නැහැ. යටත් විජිත ආකල්ප නැති අය මාධ්‍ය හසුරුවන්න ඕනේ.(නදී) l

:       0       0

කනිෂ්ක Tuesday, 19 February 2013 01:46 PM

මර්වින්, ඔබ හරි. අන්තර්ජාලයේ බොහෝ අය තම ජාතිය, ආගම බේරගන්න ඉතාමත් පහත් විදියට හැසිරෙනවා. පරුෂ වචන පාවිච්චි කරනවා. (දී)

:       0       0

ධම්මි Tuesday, 19 February 2013 08:25 PM

බී බී සී එකේ ඉන්නේ වැඩක් නැති අය. (ත)

:       0       0

නවින් Tuesday, 19 February 2013 01:47 PM

අයියෝ ඔහොම හැසිරෙන්න එපා (දී)

:       0       0

උපාලි Tuesday, 19 February 2013 01:53 PM

බීබීසී නිරුවත -(බොරු , බේගල් ) (දී)

:       0       0

චන්න Tuesday, 19 February 2013 01:52 PM

මොනවාද මේ වෙන වැඩ අම්මපා (දී)

:       0       0

රූපා Tuesday, 19 February 2013 01:56 PM

හොද වැඩේ (දී)

:       0       0

කමල් Tuesday, 19 February 2013 01:59 PM

කොහොමත් මෙහෙම එකක් තියෙනවනේ, මාධ්‍ය කාරයො හිතන් ඉන්නේ, හෙන යුද්ධයක් මැද්දේ උණත් එයාලට බුලට් එක වැටුණු තැනට වෙනකල් යන්න දෙන්න ඕනා. වෙඩි වදී, යන්න දෙන්න බෑ කිව්වොත්, එහෙම නොවුනොත්, මාධ්‍ය මර්ධනය. අනික ඔය වෙලාවට හැමෝම ඉන්නේ ආවේගයෙන්. ඕවට සාභාගිවෙන අයට කලින් මාධ්‍යවාට සැලකීම වගේ පාඨමලා දීලා එක්ක එන්නේ නෑ. ඒ නිසා මේක නිසා අන්තීමට උනේ ඔය බ්බීසී කාරයා ලිව්වේ හිතේ තරහව පිරිමහ ගන්න මිසක්, ආපු සිද්ධිය වාර්තා කලේ නෑ. මමත් ඔය ආටිකල් එක කියෙව්වා. හැබැයි බො.බ සේනා කට්ටිය අඩු තරමේ මාධ්‍ය නිවේදනයක් වත් දාන්න තිබ්බා. (නදී)

:       0       0

ප්‍රියා Tuesday, 19 February 2013 01:58 PM

අමාරුවෙන් හදා ගත්තු ප්‍රතිරූපය විනාස කරන්න එපා (දී)

:       0       0

අමිල Tuesday, 19 February 2013 02:03 PM

මේ ගොල්ලෝ මේ කරන්නේ ලෝකේ වටේ සිටින නියම බෞද්ධයන්ට අපහාසයක්. (නි)

:       0       0

නයනා Tuesday, 19 February 2013 02:10 PM

හැමතැනින්ම අසරණ වෙන්නේ අපි තමයි (දී)

:       0       0

බණ්ඩාර Tuesday, 19 February 2013 09:52 PM

මමත් හිටියා‍ රැස්වීමේ. බීබීසී කට්ටියට එන්න තිබුණනේ එතෙන්ට. (නි)

:       0       0

නිරංජන් Tuesday, 19 February 2013 02:15 PM

ඔයා හරි චන්දිම. (නි)

:       0       0

මහින්ද Tuesday, 19 February 2013 10:09 PM

හලාල් නැතිකරන්න හදනකොට මොලේ උන පැතිරෙනවා.(නදී)

:       0       0

තිලකගේ Tuesday, 19 February 2013 10:35 PM

අතීතය මතක තියෙන කෙනෙක් නම් කවදාවත් බීබීසීයට සුදු හුණු ගාන්න යන්නෙ නැහැ. (නි)

:       0       0

සිරිමල් Tuesday, 19 February 2013 02:52 PM

විදේශ මාධ්‍යයන් ශ්‍රී ලංකාවට අවාසි දායක පුවතක් පලකල හැම අවස්ථාවකම අපි කල ලොකුම වැරැද්ද තමා එම ආයතනයන්ට දොස්පැරීම, පෙළපාලි යාම හෝ අපහාස කරමින් ලිපි ආදිය ඉදිරිපත් කිරීමයි. මෙවැනි ක්‍රියා මගින් එම පුවත් සපයන්නන්ගේ අදහස් වෙනස්කරහත හැකි නොවේ. කලයුත්තේ සාවදානව එවන් ආයතනවලට හරි තොරතුරු ලබාදී ඔවුන්ගේ අවදානය හරවාගනීමයි, කෑ කෝ ගැසීම නොවේ.(නදී)

:       0       0

අසේල Tuesday, 19 February 2013 02:54 PM

ලෝකෙට හොඳ නම පෙන්නගෙන අපිට මොනවා වුනත් කමක් නැහැ කියල හිතන අය ඉන්න එක ගැනනම් දුකයි.(නදී)

:       0       0

ලලිත්-කටාර් Tuesday, 19 February 2013 02:52 PM

දිගු කාලීන යුද්දයකට පස්සේ අපි යුද්ද වලට ඇබ්බැහි වෙලා. ඒකයි මේ යුද්ද ඉල්ලන්නේ.(නදී)

:       0       0

ලලිත්-කටාර් Tuesday, 19 February 2013 02:56 PM

ඒ කාලේ දෙමළ ඊලාම් විමුක්ති කියන සංවිධානය ආවෙත් මෙහෙමයි. දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය ආවෙත් මෙහෙමයි.(නදී)

:       0       0

ලලිත් Tuesday, 19 February 2013 02:57 PM

චන්දිම, මේ ප්‍රශ්‍‍නෙට ඇයි හාමුදුරුවෝ ගාව ගත්තේ. සංසාරෙන් එතෙර වෙන්නයි මහන දම් පුරන්නේ(නදී)

:       0       0

කුමාර Tuesday, 19 February 2013 03:06 PM

දැන් ඔක්කොම හරි (දී)

:       0       0

නිමල් Tuesday, 19 February 2013 03:19 PM

දැන් ඉතින් කරපු වඩේනුත් වැඩැක් නැහැනේ (දී)

:       0       0

නන්දන Tuesday, 19 February 2013 03:23 PM

අයියෝ සල්ලි (දී)

:       0       0

රනා Tuesday, 19 February 2013 03:25 PM

ඔය වගේ වැඩ කරනකොට තේරෙන්නේ නැද්ද මෙහෙම කලොත් හොද මදි කියලා (දී)

:       0       0

ජාන් Tuesday, 19 February 2013 03:24 PM

අපි හරි නැහැ හරි නැහැ කියුවට ඇත්තටම අපි බලන්න ඕනේ ඇයි අපේ කට්ටිය එහෙම කලේ කියලා (දී)

:       0       0

ජයා Tuesday, 19 February 2013 03:28 PM

දැන් ඔක්කොම හරිනේ (දී)

:       0       0

ජෝයි Tuesday, 19 February 2013 03:33 PM

බී.බී.සී. සේවය අපේ රටවල් වල රූපගත කරන්නේ එකක් නමුත් ප්‍රචාරය කරන්නේ වෙනත් දෙයක් ඒ රූපරාමු හරහා. ඒ ගෑන අපි හොදට දන්නවා අවසන් සටන් කාලේ අපේ රණවිරුවන්ට ගෑහුවෙම මඩ. චෑනල් 4 මෙයාලගේ සහෝදරයොනේ. දෑන් එනවා කපන්න බෑරි අතට එයාලගේ පත්තු බදින්න.(නදී)

:       0       0

ලලිත්-ඉතියෝපියාව Tuesday, 19 February 2013 03:37 PM

බටහිර ප්‍රවෘත්ති වල වාර්ථා කරන්නේ බොහෝදුරට අපි ජාතිවාදියෝ ගානට දාලා. එයාලා බලාපොරොත්තු වෙන්නේ ස්විස් හෝ කැනඩා පාලන ක්‍රමයක්.(නදී)

:       0       0

ලලිත්-ඉතියෝපියාව Tuesday, 19 February 2013 03:35 PM

ජිනීවා අත ලග තියෙද්දී තවත් ලෙඩක් දාගන්නයි යන්නේ.(නදී)

:       0       0

ලලිත්-ඉතියෝපියාව Tuesday, 19 February 2013 03:37 PM

සිරිමල් හරි, එයාලගේ බලාපොරොත්තුව ලංකාවේ ස්විස්ටර්ලන්තය නැතිනම් කැනඩාව වගේ පාලන ක්‍රමයක් හදාගැනීමයි. බීබීසී එකට උද්ඝෝෂන කරලා හරියන්නේ නැහැ.(නදී)

:       0       0

හුෂේන්-රියාද් Tuesday, 19 February 2013 10:47 AM

ප්‍රජාතන්ත්‍රවාදයට ජයවේවා!(නදී)

:       0       0

තිලකගේ Tuesday, 19 February 2013 03:46 PM

දැන් මේ තොරතුරු ටිකත් එකතුකරගෙන ගිහින් චැනල් 04 වගේ චිත්‍රපටියක් හදයි. සුද්දෝ එන්නේ අපිට ආදරේට නෙමෙයි කුනු හොයාගෙන යන්න.(නදී)

:       0       0

තිලක් Wednesday, 20 February 2013 09:25 PM

නයාට ගහලා පොල්ල වරද්දා ගන්න එපා (දී)

:       0       0

ලලිත්-කටාර් Tuesday, 19 February 2013 10:48 AM

ඇයි අපේ නිරුවත ලෝකෙට පෙන්නන්නේ.(නදී)

:       0       0

සුබා Tuesday, 19 February 2013 03:53 PM

ලංකාව ජාත්‍යන්තරය හමුවේ ලැජ්ජාවට පත් කරන්න එපා (දී)

:       0       0

රීටා Tuesday, 19 February 2013 10:52 AM

කාගේද වරද කියලා ඉස්සෙල්ලා සොයා බැලිය යුතුයි (දී)

:       0       0

පාර්වතී Tuesday, 19 February 2013 10:56 AM

අසූ තුනේ වගේ වෙන්නද හදන්නෙ..!(නු)

:       0       0

සනා Tuesday, 19 February 2013 03:58 PM

ඕකනේ කරන්න බැරි (දී)

:       0       0

සුධීර Tuesday, 19 February 2013 10:59 AM

මොනවාද බුද්ධ දේශනාවෙ තියෙන්නේ.. සසරෙන් එතෙර වෙන්න නේද? ඇයි මේ..!(නු)

:       0       0

මාලක Tuesday, 19 February 2013 04:00 PM

එතකොට කවුද යුරෝපයේ ඉන්න සුදු බෞද්ධයෝ හරවාගත්තේ? (නි)

:       0       0

නිර්මලා Tuesday, 19 February 2013 11:01 AM

ඔබලාට ආඩම්බරද මේවා ලෝකේ පුරා යනකොට.(නදී)

:       0       0

නාරද Tuesday, 19 February 2013 11:00 AM

හැබැයි ඒ සම්භන්දව සොයා බැලුවොත් තමයි හොද (දී)

:       0       0

වීරසිංහ Tuesday, 19 February 2013 03:59 PM

තිලකගේ හරි. නමුත් අපි මින් මිදෙන්න නම් අපි අනුන්ට අතපාන තත්ත්වයෙන් මිදෙන්නත් ඕනෑ. (නි)

:       0       0

පාර්වතී Tuesday, 19 February 2013 11:00 AM

83 වගේ කරන්නද ය්නනේ.(නදී)

:       0       0

වීරසිංහ Tuesday, 19 February 2013 11:04 AM

රට රකින්න හමුදා සෙබලු ඉන්නවනේ.. (නි)

:       0       0

අශෝත් Tuesday, 19 February 2013 11:01 AM

මං ඔය කියන තැන උන්නා . නමුත් එහෙම දෙයක් දැකකේ නැහැ.(නදී)

:       0       0

ලියනගේ Tuesday, 19 February 2013 11:04 AM

නියම සිංහල කොල්ලො ටිකක්. ජය වේවා! (නදී)

:       0       0

මර්වින් Tuesday, 19 February 2013 11:06 AM

මේකෙන්ම පේනවා නේද ජාතිය ආගම බේරගන්න අයගේ විනය හැදියාව කොහොමද කියලා? (නදී)

:       0       0

නාත් Tuesday, 19 February 2013 11:06 AM

ඊලග භුමිකාව කාන්තාවන්ගේ ඇදුම්ද?(නදී)

:       0       0

නවුශාඩ් Tuesday, 19 February 2013 04:07 PM

සිංහල අයට හලාල් එපා නම් නොකා ඉන්න එකයි ඇත්තේ. (නි)

:       0       0

හාෆිස් Tuesday, 19 February 2013 11:07 AM

තවත් වීරක්රියාවක් !!! (නු)

:       0       0

නිමලා Tuesday, 19 February 2013 11:13 AM

මේ වගේ දේවල් ගැන වගකිවයුත්තන්ගේ අවධානය 83දිත් යොමුවුණේ නැහැ. අන්තිමට මොකද වුණේ? (නි)

:       0       0

සූකිරි Tuesday, 19 February 2013 11:11 AM

වෙන රටකනම් ජාතිය පදනම්වුණ යක් කතා කිරීම පවා හිරේ යාමට වරදක්..!(නු)

:       0       0

මාලා Tuesday, 19 February 2013 04:11 PM

කාරිය, එහෙම කියන්න එපා. බලන්න ආසියාවේ අනෙත් රටවල්. සිංගප්පූරුව, මැලේෂියාව, කොරියාව දිහා.(නදී)

:       0       0

රාණි Tuesday, 19 February 2013 11:14 AM

සංසාරෙන් එතෙර වෙන්න කියලා ගිහින් මෙහෙම කරන්න පුලුවන්ද? (නි)

:       0       0

යොහාන් Tuesday, 19 February 2013 04:12 PM

කියන තරමක් කියන්නේ බොරු. ගහන තරමත් ගහන්නේ මඩ. ලැජ්ජා නැතිව එනවා තව අරියාදු කළා කියන්න.(නදී)

:       0       0

හාවෙස්ටේර් Tuesday, 19 February 2013 04:12 PM

ලෝකෙම ඉස්සරහා ලජ්ජා වෙන වැඩ කරන්න එපා (දී)

:       0       0

ලලිත්-කටාර් Tuesday, 19 February 2013 04:10 PM

ජෝයි, එහෙම කියලා අපි බී.බී.සී එකට ගහලා එළෙව්වාම හරිද? ඊට කලින් හිතන්න අපේම රජයේ සමහර මාධ්‍යය අපිට කරන බොරු.(නදී)

:       0       0

යාරිස් Tuesday, 19 February 2013 11:20 AM

මාධ්‍ය කියන්නේ සෙල්ලම් රාජකාරියක් නොවෙයි (දී)

:       0       0

ලලිත්-කටාර් Tuesday, 19 February 2013 04:11 PM

දැන් ලංකාවේ රජයේ මාධ්‍ය පන්කාදුයි කියලද කියන්නේ. පිටරට මාධ්‍යයට බනින්න කලින් අපේ මාධ්‍යය හැසිරීම ගැන හිතන්න.(නදී)

:       0       0

සම්පත් Tuesday, 19 February 2013 11:18 AM

ඒක නම් වැරදි වැඩක්. (නි)

:       0       0

ගාමිණි Tuesday, 19 February 2013 11:22 AM

ගණන් ගන්න එපා. ඕවා ඔහොම තමයි (දී)

:       0       0

සේකර Tuesday, 19 February 2013 04:12 PM

ලංකාවේ නම කතා නොකර ඕන එකක් (දී)

:       0       0

වරුණ Tuesday, 19 February 2013 11:22 AM

මම නම් එහෙම දෙයක් දැක්කේ නැහැ. (නි)

:       0       0

සිරිමල් Tuesday, 19 February 2013 04:17 PM

තිලකගේ චැනල් 4 අලුත් චිත්‍රපටයක් එයේ පෙන්නුවා, මෙන්න ඒගැන විස්තර බලන්න මෙතනින්. http://www.youtube.com/watch?v=-Yn08h90Ue8 (දී)

:       0       0

මොහොමඩ් Tuesday, 19 February 2013 11:24 AM

ගෝලීයකරණයෙන්, ගෝත්‍රීකරණයට....... ධර්ම රාජ්‍යයේ දැහැමි පුරවැසියනි, ඔහොම යමු. මෙත්තාව, මුදිතාව, කරුණාව හා උපේක්ෂාව මෙයද යන්න මුලු ලොවම දැනගනු ඇත. (නි)

:       0       0

තරංග Tuesday, 19 February 2013 11:28 AM

ඕවත් වැඩද (දී)

:       0       0

ලක්ෂාන් Tuesday, 19 February 2013 11:29 AM

සමහර වෙලාවට එතන හිටපු තරුණයෝ විරුද්ධ වෙන්න ඇති. (නි)

:       0       0

මැනේජර් Tuesday, 19 February 2013 11:36 AM

අපි ඇහුනේ නැහැ වගේ ඉම්මු (දී)

:       0       0

වරුණ Tuesday, 19 February 2013 11:36 AM

ඕන දෙයක් කියා ගද්දෙන් (දී)

:       0       0

පිරිස් Tuesday, 19 February 2013 11:42 AM

ඕක පොඩි දෙයක් (දී)

:       0       0

සුනිල් Tuesday, 19 February 2013 04:46 PM

මේ කරන වැඩ වලින් වෙන්නේ ලංකාවේ නම කතා වෙන එක විතරයි (දී)

:       0       0

සෝම හිමි Tuesday, 19 February 2013 04:53 PM

මේ රටේ සාමයට එරෙහිව අපේම ඇත්තන් කරගෙන යන මෙවන් අරගල සමාජයටම සිදුකරගන්නා වූ විශාල අසධාරණයක් මෙන්ම විශාල පාපකර්මයක් වන්නේය.(නදී)

:       0       0

ෂපීක් Tuesday, 19 February 2013 04:54 PM

ජාතිවාදී රැස්වීම් පැවැත්වීම, උද්ඝෝෂන පැවැත්වීම පිළිබද රජය සැලකිලිමත් විය යුතුයි.(නදී)

:       0       0

ඉන්දික Tuesday, 19 February 2013 11:49 AM

මේක නම් සැළසුමක්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බේරුවල වරායේ කෝටියක වංචාවක‍ට 3කගේ වැඩ තහනම්
2024 ඔක්තෝබර් මස 04 210 0

පසුගිය රජය සමයේදී බේරුවල ධීවර වරායේ සිදුව ඇතැයි කියන රුපියල් කෝටියකට අධික මුල්‍යමය වංචාව සම්බන්ධයෙන් වරාය කළමනාකාරවරයා සහ සේවකයන් හත්දෙනකු පිළිබඳ ව


ප්‍රංශ කතකට හදි කළ අයෙක් මාට්ටු
2024 ඔක්තෝබර් මස 04 335 0

ප්‍රංශ ජාතික කාන්තාවකට මහනුවර හෝටලයකදී අතවර කළ බව කියන කුණ්ඩසාල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව මහනුර සංචාරක පොලිසිය පවසයි.


රත්නපුර ස්වාධින කණ්ඩායම් තුනක් ඇප තියයි
2024 ඔක්තෝබර් මස 04 159 0

ඉදිරියේ පැවැත්වීමට නියමිත මහ මැතිවරණය සඳහා රත්නපුර ඡන්ද කොට්ඨාසයට තරග කිරීම සඳහා ස්වාධීන කණ්ඩායම් තුනක් මේ වනවිට ඇප මුදල් තැන්පත් කර ඇති බව රත්නපුර ද


ජනපති - IMF සාකච්ඡා දෙවැනි දිනටත්
2024 ඔක්තෝබර් මස 04 421 1

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර විශේෂ සාකච්ඡාවක් දෙවන දිනටත් අද (4) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ආරම්භ විය.


මගීන්ට පාට් දැම්මොත් වැඩ වරදී
2024 ඔක්තෝබර් මස 04 1073 5

බස් රථ වලදී මගීන්ට අපහසුවට පත් වන අයුරින් කටයුතු කළොත් දැනුම් දීම සඳහා දුරකථන අංකයක් හඳුන්වා දී තිබේ.


ගෙල කපා අඹු සැමි යුවළ මරලා
2024 ඔක්තෝබර් මස 04 1399 1

අහංගම වැල්හේන්ගොඩ ප්‍රදේශයේ නිවසක් තුලදී අඹු සැමි යුවලක් කපා කොටා ඝාතනය කර ඇතැයි අහංගම පොලිසිය පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38867 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25508 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 303 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1012 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 361 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site