උමාඔය බහුකාර්ය යෝජනා ක්‍රමය යටතේ වැලිමඩ පුහුල්කොළ සිට වැල්ලවාය අඹකොටආර දක්වා උමං මාර්ග දෙකක් ඉදිකිරීමෙන් බණ්ඩාරවෙල අවට ගම්මානවල ළිං සිඳීගොස් ජලය නැතිවීමත් ඊට පිළියම් නොයෙදීමත් යන කරුණුවලට විරොධය පා විශාල පිරිසක් බණ්ඩාරවෙල නගරයේ අද උද්ඝෝෂණයක නියැලුණහ. බණ්ඩාරවෙල ධර්මවිජය විහාරය අසලින් ආරම්භ වූ විරෝධතාවට එක් වුවෝ පා ගමනින් බණ්ඩරවෙල නගරය වෙත ගොස් පැයක් පමණ උද්ඝෝෂණයේ නියැලුණහ.
ශ්‍රී ලංකාවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය ජනාධිපති ලේකම් කාර්යාලයේදී මීට සුළු මොහොත
මෙරට ඇති වූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් පසුව ශ්‍රී ලංකාවේ ආර්ථිකය නැවත ධනාත්මක මාවතක් කර රැගෙන ඒමට උපකාරී වූ දුෂ්කර ජයග්‍රහණ ඉදිරියට ගෙන යාම සඳහා ජනාධි
වෙළඳපොලේ බිත්තරයක සිල්ලර මිල විශාල වශයෙන් පහල ගොස් තිබේ.
බදුල්ලේ සිට මහනුවර බලා ධාවනය වු දුම්රියක් දෙමෝදර දුම්රිය ස්ථානය ආසන්නයේදී අද (24) දහවල් පීලි පැනීමකට ලක්ව ඇතැයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසය
රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා නැවත මැතිවරණ වලට ඉදිරිපත් වන්නේ නැතැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය.
ඉදිරි මහමහැතිවරණයේ දී කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා සියලුම ආසන සංවිධායකවරුන් අද (24) කොළඹට කැඳවා ඇතැයි සමගි ජන බලවේගය පවසයි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
බීමට ජලය ඉල්ලා බණ්ඩාරවෙල වැසියෝ පාරට බසිති
අල්විස් Saturday, 26 December 2015 12:30 PM
බණ්ඩාරවෙලට වතුර නැත. එය දන්නේ බණ්ඩාරවෙල වසන ජනතාව පමණයි. සතියට පැය දෙකයි. ජන ජීවිතයට එය ඇද්ද? මරණයකදී මඟුලකදී වතුර සල්ලි වලට බවුසර් වලින් මිලදී ගතයුතුයි. වගකිවයුත්තන්ගේ ඇස් කවදා බණ්ඩාරවෙලට යොමුවෙයිද? අපි සිතමු රජයේ මේ ගැන අවධානය යොමුකර ඉක්මන් පියවරක් ගනු ඇතැයි කියා. (නි)
රස්මික Saturday, 26 December 2015 12:42 PM
දුරදිග නොබලා ගත්, ජනප්‍රිය තීරණ නිසා වූ විනාශයක්. (නි)
ගිහාන් Saturday, 26 December 2015 12:53 PM
කිසිම දුරදිග බැලීමක් නැතුව පටන්ගත් ව්‍යාපෘතියක්. ඔය උමග හාරන පැති වල මිනිසුන්ගේ ළිං වල වතුර හිඳිලා, වගා කරගන්න විදියක් නැහැ. ගෙවල් වල බිත්ති ඉරිතලලා. මිනිස්සු මේ ආණ්ඩුවට ඡන්දේ දුන්නේ ඕවා නවත්තයි කියන බලාපොරොත්තුවෙන්. (නි)
විජිත් Saturday, 26 December 2015 05:11 PM
අබරන්, මම ඔබ හා එකඟයි...ඒ ප්‍රදේශයට ජල හිඟයක් තිබුනේ නැහැ..නමුත් ...නුගත්, බුද්ධි හින , කට්ට කයිරාටික දේශපාලුවෝ ටිකක් එකතුවෙලා බණ්ඩාරවෙල තියන ජලය හම්බන්තොටට හරවන්න යෝජනා ක්‍රමයක් දියත් කළා.. .කිසිම පරිසර අධ්‍යයනයකින් තොරවම ඉරානය ට මේ කොන්තරාත්තුව දුන්නා...ඌව පළාත නියෝජනය කරපු දෙස්පාලුවොත් එයට සහයෝගය දුන්නා...ටික දිනක් යනකොට තමයි වැටහුනේ වැඩේ අප්සෙට් කියලා...යසට තිබුන ජල මට්ටම හිදී ගියා.මිනිස්සුන්ට බොන්නවත් ජලය නැතිවුනා...මට තියෙන ප්‍රශ්නය මෙයයි..මේ ව්‍යාපෘතිය සම්පුර්ණයෙන්ම නවත්වලා දමන්නේ නැත්තේ ඇයි ..? මෙයින් මිලියන් කි සියයක් කොමිෂන් ගැහැවුවාද ..? ඒ කවුද..? උන්ට දඬුවම් දෙන්නේ නැතිද...?මේ වගේ අය රටක් පාලනය කළා කියලා කියන්නත් ලැජ්ජයි..මිනිස්සුනේ උබලාට ජිවත්වන්න තියන අයිතියට අභියෝග කරන්න, තුට්ටු දෙකේ දේශපාලුවන්ට කොහෙත්ම අයිතියක් නැහැ.ඔබේ සටන නොකඩවා දිගටම ගෙන යන්නට ඔබට ශක්තියක් හා දිරියක් වන්නට මමත් සුදානම්. (ස)
විජිත් Sunday, 27 December 2015 01:36 AM
අබරන්, මම ඔබ හා එකඟයි. කට්ටියක් එකතුවෙලා බණ්ඩාරවෙල තිබෙන ජලය හම්බන්තොටට හරවන්න යෝජනා ක්‍රමයක් දියත්කළා. කිසිම පරිසර අධ්‍යයනයකින් තොරවම ඉරානයට මේ කොන්ත්‍රාත්තුව දුන්නා. ටික දිනක් යනකොට තමයි වැටහුනේ වැඩේ බරපතළකම. ජලය හිඳීගියා. මිනිසුන්ට බොන්නවත් ජලය නැතිවුණා. මේ ව්‍යාපෘතිය සම්පුර්ණයෙන්ම නවත්වා දමන්නේ නැත්තේ ඇයි? (නි)
සුමිත්‍රා බස්නායක Sunday, 27 December 2015 06:31 AM
නම ගෙනියන්න කරන තීරණ නිසා, වතුර තිබුන පළාත්වලත් වතුර හිදිලා. මහා අපරාදයක්නේ. (ර)
අබරන් Saturday, 26 December 2015 07:58 AM
බණ්ඩාරවෙල කියන්නේ ලංකාවේ තියෙන පිරිසිදු පානීය ජලය තිබෙන පලාතක්. ඒ ප්‍රදේශයට ජලය හිඟ නම් සෙසු පළාත් ගැන කියනු අසනු කවරේද ? (ස)
නිමල් ලාලිත Saturday, 26 December 2015 10:35 AM
මුහුදුකරය එපා වුණාම මමත් බණ්ඩාරවෙල, වැලිමඩ පැතිවල සිටින කෙනෙක්.(නි)
අරවින්ද Saturday, 26 December 2015 11:48 AM
බණ්ඩාරවෙල අපිට මොකක්ද මේ සිද්ධවුණේ? (නි)