IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


බීමත්ව රිය පැදවු හිමි නමට දඩ

බීමත්ව රිය පැදවීම හා වලංගු  රියදුරු බලපත්‍රයක් නොමැතිව රිය ධාවනය  කිරීම යන චෝදනා දෙකට අධිකරණයේ වරදකරුවකු වු හිමිනමකට රුපියල් 13500 ක දඩ මුදල් හා වසර දහයකට අත්හිටවු  මාස හයක බරපතල වැඩ සහිත සිර දඩුවමක් මහව ප්‍රධාන මහෙස්ත්‍රාත් රුවිනි ජයවර්ධන මහත්මිය  නියම කළාය.

 මෙසේ දඩ නියම වුයේ  දොම්පේ විහාරස්ථානයක  ඉන්දොලේ පඤ්ඤාරතන හිමියනටය.

මහෙස්ත්‍රාත්වරිය එලෙස දඩුවම්   නියම කරන බව අධිකරණයට  පැවසු අවස්ථාවේ ‘ අම්මාද ගැහැණියකි  බිරිදද ගැහැණියකි නංගිද ගැහැණියකි අක්කාද ගැහැණියකි‘ යනුවෙන්  කවි දෙපදයක් උස් හඬින්  ගායනා කරන්නට විය.

වහාම ක්‍රියාත්මක වු අධිකරණ පොලිසිය ඔහුගේ  කට වසා අධිකරණ සිර මැදිරිය වෙත රැගෙන ගියේය.

 මහව පොලිසියේ රථ වාහන අංශය විසින් ඉකුත් 31 වැනිදා  දහවල් 12.30ට පමණ මහව දළදාගමදී  මේ හිමි නම  අත්අඩංගුවට ගෙන තිබුණේ පොලිස් අණ නොතකා  රිය ධාවන කිරීම හේතුවෙනි.

 හිමි නමට වලංගු රියදුරු බලපත්‍රයක් නොමැති විමත්  එම අවස්ථාවේ බීමත්ව රිය පැදවීමත් කරුණු අනාවරණය විමෙන් පසු  මෙසේ අත්අඩංගුවට ගෙන මහව ප්‍රධාන  මහෙස්ත්‍රාත්  අධිකරණයට ඉදිරිපත්  කෙරිණි.



අදහස් (0)

බීමත්ව රිය පැදවු හිමි නමට දඩ

විදානගේ Thursday, 08 August 2013 03:21 PM

ආගම අවසන් වේගෙන යනවා වගේ. ඒකත් ආනයනය ක‍රන්න වෙන හැඩයි (නි)

:       0       0

අපොන්සු Thursday, 08 August 2013 03:28 PM

පැවිදි වන්නේ ලෞකික දේට ආසා නැති වෙලාද, ඇති වෙලාද? (ස)

:       0       0

බන්දුල Thursday, 08 August 2013 03:29 PM

දඬුවම නියම කළේ පුද්ගලයාගේ තත්වය නොබලාද?දඬුවම තද වැඩියි. (ස)

:       0       0

ලුම්බිණි Thursday, 08 August 2013 03:56 PM

කොයි තරම් නම් මිනිසුන් මෙවැනි අයට වඳිනවා පුදනවා ඇත්ද? (ස)

:       0       0

ඇසළ Thursday, 08 August 2013 03:59 PM

මේ වගේ අය ශාසනේ හිටියොත් බුදු දහම ඉක්මනින්ම ඉවරයි. (නි)

:       0       0

ඉස්මෛල් හුසේන් Thursday, 08 August 2013 03:59 PM

බුද්ධාගමෙ මහා නායක හිමිවරු සිටිති. මේ අයගේ කාර්ය භාරය මොකක්ද කියලා සොයා බලන්න වටිනවා. මේක ආගම් ප්‍රශ්නයක් නෙවෙයි. වැරදියට හිතන්න එපා. මොකද මිනිස්සුන්ගේ ආරක්ෂාවත් මේ වගේ වැඩ වලින් නැතිවෙනවා නේද? වැරැද්ද කවුරු කළත් වැරැද්දම වේ. (නි)

:       0       0

නිමල් සිල්වා Thursday, 08 August 2013 04:13 PM

කවි කියන වේලාවේ අන්තිම සිල් පදය කිව්වනම් වඩා හොඳයි නේද? (ස)

:       0       0

කීර්ති Thursday, 08 August 2013 04:25 PM

සේනාරත්න,ඔබ හරි. (නි)

:       0       0

ජෝර්ජ් Thursday, 08 August 2013 04:49 PM

අරයගේ ගෝලයක් වෙන්න ඇති (නි)

:       0       0

ටෙනිසන් Thursday, 08 August 2013 04:51 PM

බන්දුල මොනවද කතා කරන්නේ? කොහොම වුණත් ගමේ දායකයෝ මෙයාට සාදාරනය ඉස්ඨ කරයි කියලා බලාපරොත්තු වෙනවා. මෙයාව අධිකරණයට ඉදිරිපත් කරන්න තිබුනේ සරමක් කමිසයක් අන්දලා. හිමිනමක් කියලා නොවෙයි. මෙහෙම ගියොත් ශාසනයම ඉවරයි (නි)

:       0       0

අනුර Thursday, 08 August 2013 04:58 PM

සුරාමේරය මජ්ජ පමා දට්ටානා වේරමණී සික්ඛාපදං සමාදියාමි... සාදු සාදු සාදු! (නි)

:       0       0

රාහුල Thursday, 08 August 2013 05:12 PM

මොවුන් වැන්නන්ට දන් දෙන අයද මෝඩයින්ය (නි)

:       0       0

කුරුප්පු Thursday, 08 August 2013 12:13 PM

සාධාරණයි ඒ වැඩේ (දී)

:       0       0

වීර Thursday, 08 August 2013 12:15 PM

මේ වගේ අයට හිමිනමක් කියල දැමීම සිල්වත් හිමිවරුන්ට කරන අපහාසයකි. චීවරදාරියෙක් කියල දාන්න. (දී)

:       0       0

නිමල් Thursday, 08 August 2013 05:44 PM

මෙහෙම අයට අපි දානයත් දෙන්න ඇතිනේ.... (නි)

:       0       0

මිස්ට මහත්තයා Thursday, 08 August 2013 12:16 PM

මෙහෙමත් වැඩ (දී)

:       0       0

ෂෙරිෆ් Thursday, 08 August 2013 05:50 PM

මම දැන්නේ දැක්කේ මේ සිද්ධිය අපේ හෙල දෙරණේ වෙලා තියෙන්නේ. මේ රට ඉස්සර සකල සිරින් පිරුණු රටක්. බුදුන් පවා පය තිබ්බා උතුම් සිතින් දෙතුන් විටක්. (නි)

:       0       0

ලක්මාල් Thursday, 08 August 2013 12:21 PM

නිතිය ක්‍රයාත්මක කරන්න කාටත් පොදු නිතිය (දී)

:       0       0

කාල ගුනේ Thursday, 08 August 2013 12:22 PM

හනේ කාලේ වනේ වාසේ කියන්නේ මේකට තමයි . අනෙක් කතෝලික පූජකතුමන්ලා මේ වගේ වැඩ කරන්නේ නෙහෙ නේද ? ඔවුන්ට නීති තියෙනවා, අපේ හාමුදුරුවන්ට මොකුත් නැහැ (දී)

:       0       0

දහම් Thursday, 08 August 2013 12:24 PM

නායක හාමුදුරුවෝ ගන්න තීන්දුව මොකක්ද

:       0       0

ජගත් වෙත්තසිංහ Thursday, 08 August 2013 06:05 PM

අහවලාට පුළුවන් නම් මට බැරි මොකෝ? (නි)

:       0       0

රවිදු Thursday, 08 August 2013 12:28 PM

බන්ධනාගාරගත කරන්න. (දී)

:       0       0

පිටිගල Thursday, 08 August 2013 12:31 PM

අපේ හාමුදුරුවෝ වෙනුවෙන් මොකුත් කියන්න බැහැ බීලා හිටිය නිසා.හැබයි දඬුවම සැර වැඩියි (දී)

:       0       0

මිලාන් Thursday, 08 August 2013 12:37 PM

අනේ බෞදග්මට ගිය කලක් නිදන් හාරනවා හොර උපාදි දෙනවා බිලා ,රියදුරු බලපත්‍රයක් නැතුව වාහන පදවනවා අනික උසාවියට වත් ගරුකරන්නේ නැ තීන්දුව දුන්නම සින්දු කියනත් එනව තව හයමසකට ඇතුලේ තියන්න ඕනේ උසාවියට අපහස කරනවට දැන් නම් බෞදගම විනාසයි (දී).................

:       0       0

ජානක Friday, 09 August 2013 07:26 AM

දඬුවම මදි කියලා මට නම් හිතෙන්නේ. බීමත්කම, බලපත්‍ර නැහැ, හිමි නමකට වාහන පදවන්න තහනම්, කොහොම වුණත් අධිකරණය තම කාර්යය කළා. දැන් තියෙන්නේ සංඝාධිකරණයේ කාර්යය (නි)

:       0       0

කාලිංග Thursday, 08 August 2013 12:39 PM

සාසනයට අවනම්බු කරනවා (දී)

:       0       0

සම්පත් Thursday, 08 August 2013 12:41 PM

ආයෙත් පන්සලට එවී හිරේ ඉඳල සාසනේ ඉවරයි (දී)

:       0       0

ගිම්හානි Thursday, 08 August 2013 12:45 PM

ශාසනෙම කනවා... (නි)

:       0       0

බණ්ඩා Thursday, 08 August 2013 12:47 PM

පස්සේ අපේ අහවලා වගේ 'පොරක්' වෙයි (නි)

:       0       0

නිහාල් Thursday, 08 August 2013 12:51 PM

අධිකරණයේ යුතුකම කළා.දැන් මහනායක හිමිවරුන්ගේ වාරයයි. (නි)

:       0       0

නීල් රණා Thursday, 08 August 2013 12:54 PM

ගරු අධිකරණයට චීවරධාරියකු ලෙස අපහාස කළාට දැඩි දඬුවම් පමුණුවමින් සියලු දෙනාට පුර්වාදර්ශයක් දෙන්න. (නි)

:       0       0

රන්ජනී Thursday, 08 August 2013 01:02 PM

ශාසනේ සුන්! (නි)

:       0       0

ඉන්දික Thursday, 08 August 2013 01:08 PM

උපරිම දඬුවම් දීලා සසුනෙන් නෙරපන්න. (නි)

:       0       0

නිල්මිණි Thursday, 08 August 2013 01:19 PM

තව කෙනෙක් ඉන්නවා ඕක ඇතුළට යන්න,මෙයාල ඔක්කොම ශාසනය කන හොරු (නි)

:       0       0

අනු Thursday, 08 August 2013 01:28 PM

කෝ අපේ සේනාව? මෙන්න කරන්න ඕනෑ නම් වැඩ. වෙ (නි)

:       0       0

ගයාන් Thursday, 08 August 2013 01:38 PM

වීරගේ කතාව හරි. හැම දෙයකටම බුද්ධාගම වැරදි නැහැ. කව්රු කළත් වැරැද්ද වැරැද්දමයි. නිසි දඩුවම් ලබා දෙන්න ඕනෑ (නි)

:       0       0

සරත් ආතාවුද Thursday, 08 August 2013 01:38 PM

සාසනේට අවනම්බු නොකරන්න. (ස)

:       0       0

බමුණු Thursday, 08 August 2013 01:47 PM

එයාට දානය දෙන්නේ කවුද? එයාගේ දායකයෝ කවුද? එයාට වාහනයක් දුන්නේ කවුද? (නි)

:       0       0

කිත්සිරි Thursday, 08 August 2013 01:48 PM

මෙවැන්නන් උපැවිදි කල යුතුයි. (ස)

:       0       0

විමල් Thursday, 08 August 2013 01:48 PM

ඉතිරි පද දෙක දන්නා කෙනෙක් කියන්නකෝ (නි)

:       0       0

ශාන් Thursday, 08 August 2013 01:51 PM

මොකද සේනාව මේකට කියන්නේ? (නි)

:       0       0

නදීෂා විජේවීර Saturday, 10 August 2013 05:40 AM

අර ඇමතිගේ මල්ලි අදික වේගයෙන් රිය පදවල 119 ඈවිත් ඇල්ලුවාහම පොලිසිය මොනවද කලේ. හිමිනම ඇතුලට දාල එයාව එවෙලේම එලියට දැම්ම නේද? බීලත් හිටියලු නේද? (නදී)

:       0       0

අචින් Friday, 09 August 2013 10:29 AM

නියම දඬුවම! එතකොට සිවුර ඉවත් කරන්නේ නැද්ද? තාම හිමි නමද? (නි)

:       0       0

උපාලි Thursday, 08 August 2013 02:03 PM

පිටිගල එක්ක මමත් එකඟයි. සාමාන්‍ය රියදුරෙකුට මෙවැනි දඬුවමක් දෙනවා මම ළඟකදී දැක්කේ නැහැ පත්තරේකවත්. හැබැයි, ගිහියන් වන අපි මෙහෙම කීම ඇත්තටම සුදුසු නොවුනත් නිකායේ මහා නායක ස්වාමීන් වහන්සේලා මේ 'හිමියන්' ගැන තීරණයක් ගැනීම නම් අත්‍යවශ්‍ය බව කියන්න වෙනවා. (නි)

:       0       0

ලෙස්ලි ලෝව් මිලානෝ Thursday, 08 August 2013 02:33 PM

අන්න අහවල්ලුන්ට බැදිලා ලොකු තනතුරක් ගැනීමට නියම සුදුසුකම (නි)

:       0       0

කළු Thursday, 08 August 2013 02:46 PM

දඩ ගෙවන්නේ හම්බ කරපු ඒවාගෙන්ද? අපේම සල්ලි.... (නි)

:       0       0

අමිල Thursday, 08 August 2013 02:46 PM

බීපු එකනම් වරදක් තමා. අද කවුරත් හරි දේවල් කරන අය නැහැ. (නි)

:       0       0

චමා Thursday, 08 August 2013 02:49 PM

ගුනේ, ඔබගේ කතාව හරි. කතෝලික පූජකතුමන්ලාට නීති රීති තියනවා. කතෝලිකයෙක් හැටියට මං ඔබට ගරු කරනවා.. (නි)

:       0       0

සේනාරත්න Thursday, 08 August 2013 03:05 PM

සංඝ සභාවක් තිබෙනවා නේද? මෙවැන්නන්ට චීවර හැඳීම ජීවිතාන්තය දක්වා තහනම් කිරීමක් සංඝ සභාවෙන් කළ හැකි නේද? නැත්නම් කහ චීවරය දෙසද වපර ඇසින් බලන කාලය ඉක්මනින්ම එළඹෙනු ඇත. අපේ ලොකු හාමුදුරුවරුන් සංඝ විනය පිළිබඳව නම් ඉක්මන් තීරණයක් ගන්නා සේක්වා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආරවුල මරණයෙන් කෙළවර වෙයි
2024 සැප්තැම්බර් මස 25 204 0

ජනාධිපතිවරණයේ ප්‍රචාරණ රැස්වීමකට ගොස් මත්පැන් පානය කර නිවසට පැමිණෙමින් සිටි කීපදෙනෙකු අතර ඇතිවුණු ආරවුලක් දුර දිග යාමෙන් එක් පුද්ගලයෙකුට මොට යුධයක


අවුරුද්දේ දියණිය මැරී යැයි මව අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 25 308 0

අවුරුද්දයි මාස පහක් වයසැති තම දියණියගේ නාසය තදකර ඝාතනය කළ බව කියන මවක අත්අඩංගුවට ගත් බව ගලහ පොලිසිය පවසයි.


නව ආරක්ෂක ලේකම්ගේ රිය වගුරු බිමකට පෙරැළෙයි
2024 සැප්තැම්බර් මස 25 1699 0

නව ආරක්ෂක ලේකම්වරයාට ආරක්ෂක අමාත්‍යාංශයෙන් නිකුත් කර තිබූ ඩිපෙන්ඩර් රථය වැලිකඩ පාර්ලිමේන්තු පාරේ ජයන්තිපුර ප්‍රධාන පිවිසුම ආසන්නයේ දී අද(25) අලුයම


අදත් වැසිවාර කිහිපයක්
2024 සැප්තැම්බර් මස 25 57 0

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 12588 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 6186 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36624 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24237 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 178 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 541 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 230 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site