බීමත් රියදුරන් හඳුනා ගැනීමේ පරික්ෂණයට යොදා ගන්නා බැලුනය නවීකරණය කර ඇතැයි පොලීසිය පවසයි.
මීට පෙර භාවිතයට ගැනුණු බැලුනය ඇල්කොලයිසර බටයෙන් පුම්බා පරික්ෂණ කෙරිණි. නව බැලුනය සාමාන්‍ය පරිදි සැකකරුට පිම්බීමට දීමෙන් පසු අල්කොලයිසර් බටය බැලුනයට සවිකොට වාතය යැවීමෙන් පරීක්ෂණ කරන බව පොලීසිය කියයි.
පරණ බැලුනය භාවිතයේදී බීමත් රියදුරන් පරික්ෂා කිරීමෙන් අනතුරුව බැලුනය ලාකඩ තබා සීල් කළ යුතු වුවත් නවීකරණය වු බැලුනයේ එවැනි ක්‍රියාවලියක් සිදු කළ යුතු නැති බව පොලිසිය කියයි.
නව බැලුනය සහ ඇල්කොලයිසර් බටය වෙන් වෙන්ව ඇති නිසාත් භාවිතයෙන් පසු නිරායාසයෙන් සීල් වීම නිසාත් වැඩි පහසුවක් සැලසී ඇතැයිද සඳහන් කරන පොලීසිය නව බැලුනයට අනුක්‍රමික අංකද ඇති බවත් එක් සැකකරුවකුට එක් බැලුනය බැගින් භාවිතයට ගැනෙන බවත් සඳහන් කරයි.
2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.
මැතිවරණ රාජකාරී සඳහා මරදාන පොලිස් ස්ථානයෙන් කහතුඩුව පොලිස් ස්ථානයට තාවකාලිකව අනුයුක්ත කර සිටි නිලධාරියෙකු අනවසරයෙන් පලා ගොස් පුද්ගලයකුගේ ජංගම දුරක
කලාවැව මැතිවරණ කොට්ඨාසයේ ජය අනුර කුමාර දිසානයක මහතා ගත්තේය. අනුරු කුමාර දිසානායක මහතා ලබාගත් ඡන්ද සංඛ්‍යාව 52380 කි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
බීමත් රියදුරන් අල්ලන බැලූන් අලුත් වෙයි
නුමා Tuesday, 13 October 2015 05:10 PM
බීමත්ව රියපැදවීමට දඩය ලක්ෂයකට වඩාවැඩි කළ යුතුය. වසර 5-10 අතර කාලයකට රියදුරු බලපත්‍රය අවලංගු කළ යුතුය. (බ)
පීරිස් Sunday, 11 October 2015 08:40 AM
ඔය බැලුම දීපන් ළමයෙකුට (බ)
පීරිස් Sunday, 11 October 2015 08:43 AM
හොඳයි ටිකක් (බ)
නාමල් Sunday, 11 October 2015 08:45 AM
ඔක්කොටම ඉස්සෙල්ලා පොලිසිය හැදුවොත් නරකද? දැක්කනේ සේයා ඝාතනේ පරීක්ෂණ කරන හැටි (බ)
ධම්ම Sunday, 11 October 2015 08:54 AM
මත්පැන් බිවු අය විතරද මේකෙන් අහුවෙන්නේ. එතකොට ගංජා, කුඩු ආදී දේවල් බිවු අය අල්ලන්න ක්‍රමයක් නැද්ද. (බ)
පෙරේරා Sunday, 11 October 2015 09:10 AM
දඩය රු,25000ක් විතර කරලා වැරදිකරු අල්ලපු රාලහාමිටත් දඩයෙන් 30%ක් විතර නීත්‍යානුකූලව ලැබෙන්න සැලස්වූවහොත් පගා ගැහිල්ලත් නැතුව යාවි බීල එලවන එකත් සැහෙන්න අඩුවේවි. (බ)
අමරා Sunday, 11 October 2015 09:32 AM
මේක හොඳ සංකල්පයක් (බ)
පිටබැද්දර ජයා Sunday, 11 October 2015 10:11 AM
පෙරේරා , එතකොට පගාව නිත්‍යානුකුල වෙනවනේ , මොකද රාජකාරිය කරනවට පඩි ගෙවන නිසා , මහත්වරුනේ , අපි හැමෝම දන්නවනේ බීල වාහන පැදවීම තහනම් කියල . එහෙනම් අපි නීතියට ගරු කරමු .මධ්‍යසාර පානය කර වාහන නොපදවමු , එතකොට අපිට කියන්න පුළුවන් චාමර උඹම පුම්බපන් බැලුම කියල (බ)
ධර්ම ජයවික්‍රම Monday, 12 October 2015 04:01 AM
බිමත් රියදුරන් කොටුකර ගැනීමට නම් හැම බාර් එකක් අසල පොලිස් නිලධාරින් දෙදෙනා බැගින් රඳවා තබන්න. නැත්නම් බාර් වසා දමා බොන රියදුරන්ට නිවසට ගෙන ගොස් බිමට උපදෙස් දෙමු (බ)
පෙරේරා Sunday, 11 October 2015 05:37 PM
පිටබැද්දර ජයා, ඒක පගාවක් වෙන්නේ වැරදිකරු චෝදනා රහිතව යන්න ඇරියොත්. මෙතනදී එහෙම වෙන්නේ නැහැ. (නි)
තුෂාර Sunday, 11 October 2015 06:01 PM
ඇත්ත. කාලයත් සමඟ මේ දේවලුත් අලුත් වෙන්න ඕනෑ (නි)
තමර Sunday, 11 October 2015 05:59 PM
ඒක හොඳයි (නි)
චන්න බුවනක Sunday, 11 October 2015 05:59 PM
අපි හරියට හිටියා නම් ඔය වැඩ ඕනෑ නැහැනේ. (නි)
ජේම්ස් Sunday, 11 October 2015 07:00 AM
පොලිසියෙන් ගහන පාගව නැවැත්තුවොත් ලොකු දෙයක්. මාත් ගෙව්වා එක දවසක්. (බ)
අසාඩ් Sunday, 11 October 2015 07:02 AM
ඔය බැලූන් අලුත් කරනවට වඩා හොඳයිනේ බාර් වහල දැම්මනම්. රජය දෙපැත්තෙන්ම සල්ලි ගන්නවා. බාර් කාරයාගේනුයි බොන එකාගේනුයි (බ)
මාගලී ෆොන්සේකා Sunday, 11 October 2015 07:06 AM
බීවටනම් කමක් නැ.බීල මැරුණත් අපිට මොකෝ අහිංසක මිනිසුන්ව යටකරලා මරන්නේ නැතිව (බ)