IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


බම්බලපිටි ව්‍යාපාරිකයාගේ සිරුර මාවනැල්ලේ

මාවනැල්ල හෙම්මාතගම මාර්ගය ආසන්නයේ තිබී හමු වු නාඳුනන මළසිරුර බම්බලපිටියේදී  පැහැරගත් කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් ශාකිබ් සුලෙයිමාන් යන අයගේ බවට  කොළඹ සිට පැමිණි  විශේෂ පොලිස් කණ්ඩායම් සහ මියගිය අයගේ පියා ,ඥාතීන් විසින් සිදුකළ පරික්ෂණයෙන්  සිය පුතාගේ බවට හඳුනාගන ගත්  බව මාවනැල්ල පොලිසිය කියයි. 

ව්‍යාපාරිකයා වෙනත් ස්ථානයක මරා දමා සිරුර හමු වු ස්ථානයට ගෙනැවිත් දැමුවාද එම ස්ථානයේම මරාදැමුවාද යන්න සහ සැකකරුවන් කවුදැයි සෙවීමට පොලිස් පරික්ෂණ ආරම්භකොට ඇත.



අදහස් (0)

බම්බලපිටි ව්‍යාපාරිකයාගේ සිරුර මාවනැල්ලේ

ජනහිත Wednesday, 24 August 2016 10:20 PM

උතුම් මනුෂ්‍යත්වයට නිගාකරමින් දිනපතාම සිදුවන අපරාධ පුවත් පත් වලින් දකින්න ලැබීම ඉතාමත්ම කණගාටුදායක දෙයක්. මේවාට වැඩිවශයෙන් ගොදුරුවන්නේ යමක් කමක් ඇති අය බව පේනවා. ඉතා ඉක්මනින් මේ පිලිබදව අවධානය යොමු කර මේ වැඩ වැලක්වීමට සුදුසු ක්‍රියා මාර්ගයක් ගත්තේ නැතිනම් තත්වය බරපතල විය හැකියි. (රේ)

:       0       0

ජගත්‍ Thursday, 25 August 2016 12:41 AM

කොහෙද අපේ රටේ පුරවැසියන්ගේ ආරක්ෂාව? මෙවැනි කතා අහන්න ලැබෙන අපි හරි පව්කාරයෝ. මෙවෙනි වැඩ කරන අයට හොඳක් වෙන්න එපා (නි)

:       0       0

ආරිය Thursday, 25 August 2016 12:48 AM

මේ රටේ කොහොමද ආයෝජනයක් කරන්නේ ව්‍යාපාරිකයන්ට සළකන්නේ මෙහෙම නම්. මේ කප්පම් පුරුදුකළ අයටත් කිසි දඬුවමක් නැහැ. දැන් මේ කල්ලි ආයෙත් වැඩ පටන්අරන් කිසි බයක් නැතුව. මනුස්ස ජීවිත දේශපාලන ඩීල් වලට යටවෙලා. මේවා නැතිකරන්න නේද ඡන්දෙ දුන්නේ? (නි)

:       0       0

සිසිල් Thursday, 25 August 2016 12:58 AM

අපොයි දෙයියනේ මෙහෙමත් අහස පොළොව නුහුලන අපරාධ (නි)

:       0       0

කංචන ලක්මාල්‍ Thursday, 25 August 2016 01:14 AM

මෙවැනි අපරාධ වැඩ කරන අයට නීතියෙන් දෙන්න පුළුවන් උපරිම දඬුවම් ලබාදිය යුතුයි. පවු ඒ දෙමව්පියෝ. (නි)

:       0       0

අමල් Thursday, 25 August 2016 01:33 AM

ජීවිතයම දුකක්. බුදුදහම පමණි එකම ගැළවීම (නි)

:       0       0

සෑම් Thursday, 25 August 2016 01:27 AM

හරිම කණගාටුයි. මේකත් දැන් රාජපක්ෂවරුන්ගේ ගිණුමට දායිද දන්නෙ නැහැ අපේ සමහරු (නි)

:       0       0

අබය Thursday, 25 August 2016 01:51 AM

කණගාටුදායක ආරංචියක්. අපි තවමත් වනචාරි යුගයේ.. (නි)

:       0       0

නිමල් ලලිත Thursday, 25 August 2016 01:45 AM

නීතියේ දෙවඟන මුදලට සහ සැකයේ වාසියට යටවීමට ඉඩඇතැයි මට සිතේ. අපිට උඩ ඉන්න දෙවියන්ගේවත් පිහිට ලැබේද? (නි)

:       0       0

ඉමේෂ් Thursday, 25 August 2016 01:47 AM

පොලිසියට කිව්ව නිසා තරහට මැරුවාද? ඕකනේ වෙන්නේ ඉතින්. ජීවිත වලට වගකියන්නේ කව්ද? (නි)

:       0       0

ජයවික්‍රම Thursday, 25 August 2016 01:56 AM

පව්. අපරාදේ තරුණ ජීවිතය! (නි)

:       0       0

සුමිත්‍රා බස්නායක Thursday, 25 August 2016 02:53 AM

අනේ දෙයියනේ මේ මොන අපරාධයක්ද? මේ තරුණ ජීවිතය පණපිටින් හොයාගන්න බැරිවුණේ ඇයි? කෝ දැන් ඔය රට දෙවනත් වෙන්න කෑගහන නිලධාරීන්? අපේ ලංකාවට මොනවද මේ වෙන්නේ? (නි)

:       0       0

මොහමඩ් රිස්වාන් සෞදි අරාබිය Thursday, 25 August 2016 03:03 AM

සත්‍ය හෙළිවේවි. මොහමඩ් සියාම් ගාතනය අහුවුණේත් සීසීටීවී කැමරාවෙන්. සමහරවිට මොහුගේම හවුල්කරුවගේම වැඩක් වෙන්න පුළුවන්. (නි)

:       0       0

පිටබැද්දර ජයා Thursday, 25 August 2016 02:59 AM

අපි පොලීසියට බනිනවා තමයි. හැබැයි විශ්වාස කරන්න, පැය 48 යන්න කලින් මේකේ කතාව දිගහැර ගන්නවා කොනක ඉඳලා (නි)

:       0       0

නාමල් Thursday, 25 August 2016 03:22 AM

ලංකාවේ නීතිය නෑ. පාලකයෝ මේවගේ දේවල් සිදු නොවෙන්න කිසිම වැඩපිළිවෙලක් නීතියක් කෝ රටේ. (බ)

:       0       0

නිෂාඩ් ප්‍රීනා Thursday, 25 August 2016 04:26 AM

අපේ රටේ නීති පද්ධතිය සම්පුර්ණයෙන්ම සංශෝධනය වියයුතුයි. සමහර වෘත්තිකයින්ගේ පැවැත්ම සහ දරු පවුල් නඩත්තු කිරීම සඳහා රටේ අපරාධ, නීතිගරුක නොවෙන සිදුවීම්, සදාචාරවිරෝධී ක්‍රියාවන් එලෙසම පවත්වාගැනීම දැඩි අවශ්‍යතාවයක් වෙලා තියෙනවා. එවැනි දේවලින් ලැබෙන දඩ මුදල් රජයට අාදායමක් ලෙස එකතුවෙන අතර සමාජයේ තව කොටසකට ජීවනෝපාය ලෙස දරු පවුලක් නඩත්තු කරන්න ගාස්තුව ලෙස අයකරනවා. ඉතින් හෘද සාක්ෂිය හෝ ලැජ්ජාව කියන දෙයක් ගෑවිලාවත් නැහැ. මෙවැනි පැටළිලි සහ ව්‍යාකුල ක්‍රමවේදයක් තුළ කාටවත් අවංක උවමනාවක් නැහැ මේවා නිසි මඟකට ගෙන එන්න. (නි)

:       0       0

ඉසුරන්දි Thursday, 25 August 2016 04:32 AM

හරිම තරහක් දැනෙනවා රටේ පාලන තන්ත්‍රය දිහා බලද්දී. ජාති ආගම් කුලමල භේද කෙසේවෙතත් මේ මනුස්ස ජීවිතයක්නේ නිරපරාදේ විනාශවෙලා තියෙන්නේ. මේක කරපු අය එල්ලා මරනවා මිස කූඩු කරගෙන කන්න දෙන එක නෙමෙයි කරන්න තියෙන්නේ. මොන ප්‍රශ්න තිබුණත් මෙවැනි දේවල් අනුමත කරන්නේ නැහැ කොහෙත්ම. (නි)

:       0       0

ෂෙහාන් Thursday, 25 August 2016 04:48 AM

සෑම්... අමුතුවෙන් දාන්න දෙයක් නැහැ මේවා එයාලගේ වැඩ තමයි... කිරි සුදු යහපාලන ආණ්ඩුව අපහසුතාවයට පත්කරන්න කරන කුමන්ත්‍රණ මේවා...(බ)

:       0       0

අකිල රත්නායක Thursday, 25 August 2016 04:46 AM

හිතල බලන්න කව්ද මේවට වගකියන්න ඕන කියල (බ)

:       0       0

දුමින්ද Thursday, 25 August 2016 04:48 AM

සුදු වෑන්ද කළු වෑන්ද (බ)

:       0       0

රෝහිත ඕමාන් Thursday, 25 August 2016 05:10 AM

ලංකාවේ මානව අයිතිවාසිකම්, ආරක්ෂක තත්ත්වයන් හොඳ වුණා කියල කිව්වාට පාතාලේ වැඩ වල නම් අඩුවක් වුණේ නෑ. මේ ගැන සොයා බලා දැඩි තීරණ ගැනීම බලධාරීන් කළ යුතුයි.(ම)

:       0       0

බන්දුල. Thursday, 25 August 2016 05:07 AM

කොහම වුණත් ලංකාවේ හිටපු හොද ව්‍යාපාරිකයෙක්. මේ වගේ අපරාදයක් වීම කණගාටුවක්. ඇයි මෙහෙම අපරාද කරන්නේ. මොනවද අන්තීමට ලැබෙන්නේ. මේ අපරාද කොහොම හරි අල්ලාගෙන අපේ රටේ එල්ල මරණ දඩුවම බලාත්මක කරන්න. ටිකක් හරි සැනසුමක් ලැබේවි.(ම)

:       0       0

නිමල් Thursday, 25 August 2016 05:17 AM

මෙවැනි සිදුවීම්වල දී පොලීසියක් මාධ්‍යත් වගකීමකින් කටයුතු කළ යුතුයි. කරන කියන හැමදේම මාධ්‍යට දීමෙන් වැළකී පරීක්‍ෂණ සිදු කිරීම වැදගත්. (බ)

:       0       0

විශේර් Thursday, 25 August 2016 05:33 AM

අමල්, ඔයා යම් කෙනෙකුගේ මරණයෙනුත් වෙනත් වාසි ගන්නයි බලන්නේ (නි)

:       0       0

අබය Thursday, 25 August 2016 05:30 AM

පිලිපීනයේ නීතියයි මේ රටට ගෙනායුත්තේ (නි)

:       0       0

එරන්ද Thursday, 25 August 2016 05:31 AM

මගේ නිගමනයට අනුව මෙය කප්පමක් බලාපොරොත්තුවෙන් කළ එකක් නොවේ. මෙය ඔහු සමඟ තරඟවදින තවත් වෙළෙන්දෙක් විය නොහැකිද?

:       0       0

මොහමඩ් රිස්වාන් සෞදි අරාබිය Thursday, 25 August 2016 05:44 AM

නිමල්, ඔයාගේ කතාවට මාත් එකඟයි. කරන කියන හැමදෙයම මාධ්‍ය විසින් හෙළිකිරීමත් වැරදිකරුවන්ට වාසියක් වෙනවා. (නි)

:       0       0

රණතුංග Thursday, 25 August 2016 05:50 AM

පොලිසියේ ලොකු ලොක්කෝ ලැබූ තනතුරේ රාජකීරිය හරියට කරන්න ඕනෑ. කයිවාරුවට වඩා වැඩයි ඕනෑ. මේ මියගිය පුද්ගලයා මේ රටේ පුරවැසියෙක්. මේ අපරාධකාරයන්ට උපරිම දඬුවම් දෙන්න ඕනෑ. නිල ඇඳුම පක්ෂවල පාටින් අැඳගත්තොත් නම් රාජකාරිය හරියට කරන්න බැහැ (නි)

:       0       0

මහේෂ් Thursday, 25 August 2016 05:49 AM

හරිම අපරාධයක්. තමන්ගේ මහන්සියෙන් දියුණුවුණ මනුස්සයෙකුට මේකද අත්වන ඉරණම? අඩුමගානේ මේ මනුස්සයා මරන්නේ නැතුව ඉන්න තිබුනා. පුදුම වනචාරි මිනිස්සු. සල්ලි වලට ඕනෑම දහජරා වැඩක් කරයි. මේ අයට තරාතිරම නොබලා මරණ දඬුවම ලබාදෙන්න. කොහෙද අපේ රටේ එහෙම නැහැනේ (නි)

:       0       0

බණ්ඩාර- කැකිරාව Thursday, 25 August 2016 05:49 AM

අපේ ලංකාවේ ඉන්නේ වැඩිපුරම තිරිසන්නුද කොහෙද. මිනිස්සු මරන්නේ බල්ලෝ, බළල්ලු ගානට. මිනිසෙක් පැහැරගෙනගොස් මරන්න තරම් මොනතරම් අසත්පුරුෂයෝද ලංකාවේ ඉන්නේ? ගිය සතියේ අර ගාල්ලේ ව්‍යාපාරිකයා මරුවා, අද මේ අහිංසකයා මරුවා. අැයි මෙහෙම වෙන්නේ‍? මේවා නතකරන්න යුධ හමුදාවත් යොදාගන්න. (නි)

:       0       0

චාමර Thursday, 25 August 2016 06:03 AM

නිමල්, මොහමඩ් කියන කතාව එක පැත්තකින් හරි. ඒ වගේම මාධ්‍යයෙන් හෙළිකිරීම නිසා සොයාගැනීමට සහයකුත් ලැබෙනවා නේද? (නි)

:       0       0

අකිල Thursday, 25 August 2016 05:58 AM

කප්පම්කාරයෝත් ප්‍රවෘත්ති බලනවා කියලා අපි හිතන්න ඕනෑ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ලෝක බැංකුවෙන් ලංකාවට ඇමෙරිකා ඩොලර් මිලියන 200ක්
2024 ඔක්තෝබර් මස 07 171 0

ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිය සහ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙලට තවදුරටත් සහාය වීම සඳහා ලෝක බැංකු සමූහයේ (WBG) ජාත්‍යන්තර සංවර්ධන සංගමය (IDA) මඟින් තවත් ඇමෙරිකා


හංවැල්ල ඝාතනයේ වෙඩික්කරු මාට්ටු
2024 ඔක්තෝබර් මස 07 115 0

හංවැල්ල කහහේන නෙළුවත්තුඩුව බස් රථ සහ ව්‍යාපාරික ස්ථාන හිමි කෝටිපති ව්‍යාපාරිකයාට ටි 56 ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කළ යුද හමුදා විශේෂ බලකායේ සෙබලා බළ


පොලීසියට පාට් දැමූ නිතීඥවරිය ඇතුළු පවුලේ සිව් දෙනා රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 07 1699 1

කැස්බෑව නගර මධ්‍යයේ සිදුවූ අනතුරකින් පසු ටිපර් රථ රියදුරුට මෙන්ම විමර්ශනයට පැමිණි පොලිස් සැරයන් වරයෙකුට දෙනෝ දහසක් දෙනා ඉදිරියේදී පහරදී පොලිස් ස්


ගලක් හිසේ වැදී සිසුවා මරුට
2024 ඔක්තෝබර් මස 07 699 0

නිවසේ මිදුලේ සෙල්ලම් කරමින් සිටියදී කඳු මුදුනක සිට පෙරළි ආ ගලක් හිසේ වැදි බරපතල තුවාල ලැබූ අවුරුදු 11ක සිසුවකු රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බව


සජිත් අගමැති කරවා අනුර එක්ක සහයෝගයෙන් වැඩ කරන්න සූදානම්
2024 ඔක්තෝබර් මස 07 1652 6

බහුතර බලයක් හදාගෙන සජිත් ප්‍රේමදාස මහතා අගමැති කරවා අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා සමග සහයෝගයෙන් වැඩ කිරීමට සූදානම් බව සමගි ජන බලවේගයේ ගම්පහ දිස්


ප්‍රභූ ආරක්ෂකයන් 1145 සාමාන්‍ය රාජකාරියට
2024 ඔක්තෝබර් මස 07 1303 2

ප්‍රභූවරුන්ගේ ආරක්‍ෂාව සඳහා දී තිබු නිලධාරීන් 1145 දෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි ප්‍රභූ ආරක්‍ෂක සේවයෙන් ඉවත් කර සාමාන්‍ය රාජකාරී සඳහා ඊයේ (06) සිට පොලි


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39268 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25625 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 332 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1107 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 386 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site