IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


බෝම්බෙ තියන්න ආවේ හාමුදුරු වෙසින්?

 පසුගිය 07 වැනිදා බුද්ධගයා මහාබෝධි විහාරයේ බෝම්බ සවි කළ පුද්ගලයා පිළිබඳ කිසිම හෝඩුවාවක් ලබා ගැනීමට ඉන්දියාවේ ජාතික පරීක්ෂණ ඒජන්සිය අසමත් විය.

අත්අඩංගුවට ගත් හය දෙනකු ප්‍රශ්න කර මුදා හළ බව දැනගන්නට ඇත.

නිවැරදි ඔත්තුවට ඉන්දියන් රුපියල් දස ලක්ෂයක් දෙන බව ප්‍රකාශ කළ නමුත් වැදගත් තොරතුරක් ලැබී නැත.

මහාබෝධියේ ආරක්ෂක කැමරාවල සහායෙන් හා සාක්කිකරුවන් තිදෙනකුගේ තොරතුරු මත ඉන්දියා පොලිසිය පුද්ගලයකුගේ හැඩරුව සහිත චිත්‍රයක් නිකුත් කළේය.

මීට කළින්ද පින්තූර දෙකක් නිකුත් කළේය.

මහායාන හාමුදුරුනමක් සේ ඇඳ සිටින පුද්ගලයකුගේ චිත්‍ර සකසා ඇත්තේ ශ්‍රී ලාංකික සාක්කිකරුවකුගේ ද උදව්වෙනි.

බෝම්බ පිපිරවීමට මදකට කළින් ඔහු එහි සිටි බව සාක්කිකරුවන් කියා ඇත.

මේ අතර මේ සිද්ධිය වෙනුවෙන් බිහාර් ප්‍රාන්තයේ පැට්නා අගනුවර විශේෂ උසාවියක් ද පිහිටුවා ඇත.

 

 



අදහස් (0)

බෝම්බෙ තියන්න ආවේ හාමුදුරු වෙසින්?

මෝරලා Wednesday, 17 July 2013 02:27 PM

ෂෙහාන්, ඔයා හරි වෙන්ඩැති නමුත් මට නම් තාම ඇහුනේ නැහැ ඔයා මුජහිදින්ලා ඕක බාරගත්තා කියලා. කොහෙද ඔය නිව්ස් එක තිබුනේ? කියන්ඩකෝ අප්පා අපිටත් දැනගන්ඩ.(නදී)

:       0       0

සම්පත් Wednesday, 17 July 2013 11:10 AM

ඉන්දියාවේ ඉන්නේ බහුතරය මෝඩයන්... (නි)

:       0       0

ටිරාන් Wednesday, 17 July 2013 11:15 AM

ලංකාවේ ඉන්න අය ඔක්කොම බුද්ධිමතුන් , ඒක හින්දා තමයි අපි මෙච්චර දියුණූ (නි)

:       0       0

තරූ Wednesday, 17 July 2013 03:00 PM

අනේ සාදු.(නදී)

:       0       0

සේකා Wednesday, 17 July 2013 03:06 PM

සිවුරු ත්‍රස්තවාදය ද?(නදී)

:       0       0

ප්‍රභාත් Wednesday, 17 July 2013 03:18 PM

සජිත්, කාන්තාවකගේ මූණ බලන එක නිවට ගතියක්ද? අද දවසේ හොඳම විහිලුව ඔයාගෙන්. ඔයා කාන්තාවන්ගේ මූණ බලන්නේ නිවට කැත අදහසින් නිසා තමයි, මෙවැනි සිතුවිලි ඔබටත් පහළවන්නේ. එතකොට කාන්තාවක් පිරිමියෙක්ගේ මූණ බැලුවොත් ඒකට මොකද කියන්නේ ? ඔවුනුත් ඔබ කියන ආකාරයෙන් නිවට කැත අදහසින් බලවනම් පිරිමින්ටත් මූණ වහගෙන යන්න වෙනවනේ. යාළුවා මෝඩ තර්ක ගෙන්න එපා.(නදී)

:       0       0

රානි Wednesday, 17 July 2013 11:32 AM

මුස්ලිම් කාන්තාවන්ගේ ඇදුම තහනම් කරන්න කියලා යෝජනාවක් ගෙනල්ලලු.ඒ ඇදුම අපරාධ වලට බාවිතාකරන්න පුළුවන් කියලා.කතාව ඇත්ත.... නමුත් දැන් සිවුරත් අපරාධ වලට බාවිතා කරනවනේ.එතකොට සිවුර තහනම් කරන්න කියලා කවුරුත් යෝජනා කලොත් මොකෝ වෙන්නේ. (නි)

:       0       0

සදු Wednesday, 17 July 2013 03:27 PM

සාදු සාදු සාදු සාදු සාදු.(නදී)

:       0       0

අර්ෂා Wednesday, 17 July 2013 03:31 PM

කිසිම සැකයක් නැහැ මුනෙන්ම පේනවා මොහු නේපාලයේ මාවෝවාදියෙක්.(නදී)

:       0       0

නෆීල් Wednesday, 17 July 2013 11:44 AM

ඉන්දියාව චීනයත් එක්ක හැප්පෙනවා, නමුත් මේ බෝම්බකරුවන් අල්ලගන්න තවම බැරි වුනා. (නි)

:       0       0

රවිදු කරුණාතිලක Wednesday, 17 July 2013 11:44 AM

රානි එහෙනම් ඔය පල්ලිවල ලෝගුවත් තහනම් කරමු නේද? මොකෝ අනාථ නිවාස දාගෙන ළමයි බලෙන් ක්‍රිස්තියානි කරන්නයි ළමයි දූෂණය කරන්නයි මිනීවලෙන් කප්පම් ගන්නයි ළමයි විකුණලා අහුවුනාම පරීක්ෂන නැවැත්තුවේ නැත්නම් එරෛහිව යනවා කියලා තර්ජනය කරන්නයි එන්නේ කවුද කියලා දන්නවා නේද? (නි)

:       0       0

චින්තක Wednesday, 17 July 2013 11:46 AM

සිවුරෙන් මුහුන වහගෙන යනවද? (නි)

:       0       0

මෝරලා Wednesday, 17 July 2013 11:50 AM

මේ සිද්දිය ලොකු ප්‍රහේලිකාවක් වෙලා. කලින් මුස්ලිම් අන්තවාදී අය කරපු වැඩක් කියලා කිවුවා. දැන් පෙනෙන්නේ බෞද්ධ අන්තවාදියෙක්ගේ හැඩරුවක් වාගේ. මේක කාගෙහරි කොන්තරාත්තුවක් වෙන්න ඇති, ඕකෙන් ප්‍රශ්න ඇතිකරන්ඩ බෞද්ධ රටවල (නි)

:       0       0

විජේසිංහ Wednesday, 17 July 2013 03:53 PM

ඉරිදා පත්තරේ තිබ්බා දායක සභාවේ උදවිය අතරේ පහුගිය දවස් වල රණ්ඩු ඇති වුනාලු. ඒ උදවිය කළා කියලා පොලිසිය සැක කරනවාලු. දෙයියෝ දනී මං නොදනී.(නි)

:       0       0

අන්ටෝන් Wednesday, 17 July 2013 03:55 PM

රවිඳු,ආගම් වලට අපහාස කරන්න එපා(නි)

:       0       0

සමන් Wednesday, 17 July 2013 03:57 PM

අනිවාර්යෙන් මොළකාරය ඉන්න ඕනෑ මියන්මාරයේ. දැන් දැන් ලංකාවෙත් සිවුරු ත්‍රස්තවාදීන් බිහිවෙනවා. (නි)

:       0       0

කරීම් Wednesday, 17 July 2013 03:57 PM

හිටපු අගමැති බණ්ඩාරනායක 1959 මැරුවෙත් සිවුරක් ඇදගෙන දැන් බුදගයාවට බෝම්බ තියලතියෙන්නෙත් සිවුර ඇදෙගෙන නම් දැන් මොකද කරන්නේ (අ)

:       0       0

නවුපල් Wednesday, 17 July 2013 04:07 PM

අද සිවුරු ඇඳන් හොර වැඩ කරනවා මදිවට තව දාමරික වැඩත් කරන්න පටන්ගෙන. දෙහිවල මස් ගෙනියන වාහනයක් සිවුරු ඇන්ද දාමරිකයෝ තුන් දෙනෙක් ගිනි තියලා පැනලා ගිහින්. (නදී)

:       0       0

පිටබැද්දර ජයා Wednesday, 17 July 2013 04:20 PM

නිල් - රනා අදනම් ඔයා මොලේ ඇති කතාවක් කියල තියෙනවා.(නදී)

:       0       0

ලුම්බිණි Wednesday, 17 July 2013 04:20 PM

මගේ පෞද්ගලික අදහස නම් මේ වැඩේ කලේ මොන මුජහදීන් කෙනෙක් වත් නොවෙයි එල්.ටී.ටී. ඊ උදව් කරුවන් කියලයි.(නදී)

:       0       0

නිමල් Wednesday, 17 July 2013 12:12 PM

ලංකාවේ කරන්නෙත් දැන් ඔය සෙල්ලම තමයි.ගිනිතියන්න, මංකොල්ල කන්නයි හැමදේටම සිවුර ඇදගෙන එන්නේ. ඇයි මේ බුදුන්ගේ දේට නිග්‍රහ කරන්නේ? (නි)

:       0       0

සඳුන් Wednesday, 17 July 2013 12:59 PM

රානි, මුස්ලිම් කාන්තාවන්ගේ ඇදුම තහනම් කරන්න කියලා යෝජනාවක් ගේන්නේ ඒකෙන් මූණත් වහගෙනම යන නිසා. ඇතුලේ ඉන්න ගැහැනියෙක්ද පිරිමියෙක්ද කියල හිතා ගන්නත් බැහැ. සිවුරෙන් මූණ වහගෙන යන්නේ නැහැනේ. මේ සරල දේ තේරෙන්නේ නැද්ද? (නි)

:       0       0

අජිත් Wednesday, 17 July 2013 01:04 PM

රානිගේ මෝඩ යෝජනාවට චින්තකගෙන් හොද උත්තරයක්. (නි)

:       0       0

අසංග Wednesday, 17 July 2013 05:47 PM

දැන් ලංකාවේ උනත් බහුතරයක් උත්සාහ කරන්නේ ස්වාමින් වහන්සේලාට අගෞරව කරන්නනේ. සිව්රට අගෞරව කරන්න.හාමුදුරු වෙසින් ඇවිත් තමයි සේරම වැඩ කරන්න හදන්නේ. අනික අද කව්රුත් දන්නා කාරණයක් ඉන්දියාවට කොන්ද පන නැහැ කියලා. (නි)

:       0       0

මොහාන් Wednesday, 17 July 2013 01:18 PM

සිව්රු දා ගෙන හොර තක්කඩි, මංකොල්ල වැඩත් කරනවානේ. ඒ ඇත්තටම සිව්රු දාගත්තු අය තමා. අපි නොදන්නා බහුබූත කිවුවලු (නි)

:       0       0

ශෙහාන් Wednesday, 17 July 2013 01:19 PM

මෝරලා, බුද්ධගයාවට ලෙබ්බේ කෙනෙක් වගේ ඇවිත් බෝම්බ තියන්ඩ බැරි නිසා තමයි මුස්ලිම් අන්තවාදීන් ඔය විදිහට එන්න ඇත්තේ. මුජහිදීන් ත්‍රස්තයෝ වගකීම භාරගෙන තියෙනකොට තවත් මොනවද? (නි)

:       0       0

ශ්‍රියා Wednesday, 17 July 2013 01:22 PM

මෙයා ඔර්ජිනල්ද කියලා දැන් කොහොමද හොයන්නේ? (නි)

:       0       0

නීල් රණා Wednesday, 17 July 2013 01:37 PM

ලෝකයේම හමුදා සහ පොලීසි වල රාජකාරියේ නිරත වන්නන් හැර අන් අය සුවිශේෂීවූ නිල ඇඳුමකින් පෙනී සිටීම සෑම රටකම ආරක්ෂාවට තර්ජනයක්වී තිබෙන නිසා විසි එක්වන සියවසේදී මෙවැනි අන්තවාදී සුළුතරයකට හිතුමතේ කටයුතු කරන්නට ඉඩදී, ලොවපුරා ත්‍රස්තවාදය ඔඩුදුවන තෙක්, බුද්ධිමත් ජනතාව තවදුරටත් අන්ධයන් සේ බකන්නිලාගෙන නොසිටිය යුතුබව ස්ථිරයි. (නි)

:       0       0

ෆාරු Wednesday, 17 July 2013 01:40 PM

අනේ ඇත්තද? (නි)

:       0       0

මුන්සීර් Wednesday, 17 July 2013 01:40 PM

ෂෙහාන් මෝඩයෙක් විදියට ලියන්න එපා. අන්තවාදී වෙන්නත් එපා. (නි)

:       0       0

විජේසිංහ Wednesday, 17 July 2013 01:44 PM

මම දන්න විදිහට මුස්ලිම් කාන්තා ඇදුමට වඩා මේ දවස් වල අපරාධකාරයෝ සිවුර පාවිච්චි කරනවා. මොකද සිවුරට කව්රුත් ගරු කරනවා. අපරාධකාරයෙක් සිවුර ඇන්දත් අපි දන්නේ නැතුව එයාලට ගරු කරනවා. පොලිස් ලොක්කොත් චීවරදාරීන් නිතිය අතට ගත් අවස්ථාවල උඩ බලාගෙන ඉන්නවා. මේකෙන් වෙන්නේ අලුත් පරම්පරාව ට හොද ස්වාමින් වහන්සේලා ගැනත් ගෞරවයක් නැති වීම නේද ? (නි)

:       0       0

ශාන් Wednesday, 17 July 2013 01:48 PM

රානි, ඔබ හරි. මෝඩයන්ට තේරෙන්නේ නැහැ (නි)

:       0       0

රාජෝ Wednesday, 17 July 2013 01:48 PM

සිවුරු ඇරලා බැලුවම තේරෙයි ඇත්තටමද, බොරුවටද කියලා.(නදී)

:       0       0

සජිත් Wednesday, 17 July 2013 01:49 PM

සඳුන්, මොහාන්, මුහුණ වහ ගෙන යන එකෙන් අපරාද වෙන්නේ නැහැ. ඔහෙලා ගැහැනුන්ගේ මුහුනවල් බලාගන්න තියෙන නිවට කැත අදහස් හින්දා තමයි ඔය කතා කියන්නේ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දිලිත්ලා - කැඩුණු පොහොට්ටුව සමග සාකච්ඡා
2024 සැප්තැම්බර් මස 27 142 0

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ දිනේෂ් කණ්ඩායම ඉදිරි මහ මැතිවරණය වෙනුවෙන් ව්‍යවසායක දිලිත් ජයවීර මහතාගේ නායකත්වයෙන් යුතු මව්බිම ජනතා පක්ෂය සමග සන්ධානගත


මැති ඇමැති බංගලා වහා බාර දෙනු
2024 සැප්තැම්බර් මස 27 516 0

හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් එම අමාත්‍ය ධුර දැරූ සමයේදී පරිහරණය කළ සියලුම රජයේ නිවාස සහ බංගලා වහාම නැවත බාර දෙන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්


හිටපු මන්ත්‍රී සහන් කලබලවී ලක්ෂ 50 ගෙවා දමලා
2024 සැප්තැම්බර් මස 26 2854 0

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් මහතා කාලයක් තිස්සේ නොගෙවා පැහැර හැර තිබුණේයැයි කියන රුපියල් ලක්ෂ පනස් තුනක පමණ වාහන අනතුරු වන්දි මුදලක් ඔහ


ඛනිජ තෙල් ලොක්කා ඉල්ලා අස්වේ
2024 සැප්තැම්බර් මස 26 1488 0

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිව සිටි සාලිය වික්‍රමසූරිය මහතා ඉල්ලා අස්වී ඇත.


චීන 75 වැනි ජාතික දින උළෙලින්
2024 සැප්තැම්බර් මස 26 594 0

ශ්‍රී ලංකාවේ සංවර්ධන සහ ආර්ථිකය ගොඩනැගීම වෙනුවෙන් චීන රජයේ සහයෝගය ලබාදෙන බව මෙරට චීන තානාපති Qi Zhenhong මහතා පැවසීය.


යුද්දෙට කුලී හේවායන් යැවූ හිටපු හමුදා ප්‍රධානියකු ගැන සෙයයි
2024 සැප්තැම්බර් මස 26 948 1

රුසියානු යුක්‍රේන යුද්ධයට කුලී හේවායන් ෙලස විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමාජිකයන් යැවීමේ මිනිස් ජාවාරම පිටුපස සිටි බව කියන රජයේ ඉහළ පෙළේ තනතුරක් හෙබව


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37525 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24719 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 213 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 691 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 253 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site