IMG-LOGO

2025 අප්‍රේල් මස 25 වන සිකුරාදා


’බිම්ස්ටෙක්’ මහලේකම් අගමැති හරිනි හමුවෙයි

(යොහාන් භාසුර)

'බිම්ස්ටෙක්' සංවිධානයේ මහලේකම් සහ  තානාපති ඉන්ද්‍රා මනි පාණ්ඩේ මහතා සහ  අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය අතර හමුවක් අග්‍රාමාත්‍ය කාර්යාලයේදී  පැවැත්විණි.

'බිම්ස්ටෙක්' තුළ කලාපීය සහයෝගීතාව සඳහා ශ්‍රී ලංකාවේ අඛණ්ඩ දායකත්වය පිළිබඳව මෙහිදී සාකච්ඡා විය.

ශ්‍රී ලංකාව තුළ ප්‍රමුඛ කාර්යභාරයක් ඉටුකර ඇති සෞඛ්‍ය සේවාවන්, මානව සම්පත් සංවර්ධනය සහ ඩිජිටල්කරණය ඇතුළු සහයෝගීතාවයේ ප්‍රධාන ක්ෂේත්‍ර කෙරෙහි මෙම සාකච්ඡාවේදී අවධානය යොමු විය.

'බිම්ස්ටෙක්' සාමාජික රටවල් අතර ආර්ථික හා සමාජීය සංවර්ධනය ඇති කිරීම සඳහා මෙම අංශ ශක්තිමත් කිරීමේ වැදගත්කම ඉන්ද්‍රා මනි පාණ්ඩේ මහතා පෙන්වා  දුන්නේය.

තායිලන්තයේ පැවැත්වීමට නියමිත 6 වැනි 'බිම්ස්ටෙක්' රාජ්‍ය නායක සමුළුව පිළිබඳව ද මෙහිදී අවධානය යොමු කෙරිණ.

මෙම හමුවට  'බිම්ස්ටෙක්' සංවිධානයේ මෙරට අධ්‍යක්ෂ ආචාර්ය සාජ් යූ. මෙන්ඩිස්, අග්‍රාමාත්‍ය කාර්යාලය වෙනුවෙන් අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි,  අතිරේක ලේකම් සාගරිකා බෝගහවත්ත  සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ සහකාර අධ්‍යක්ෂ  ප්‍රාර්ථනා කෞෂලියා යන මහත්ම මහත්මීහු එක්ව සිටියහ.



අදහස් (0)

’බිම්ස්ටෙක්’ මහලේකම් අගමැති හරිනි හමුවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ඉඩම් කොමිසමේ දූෂණ: කෝප් විමර්ශනයක්
2025 අප්‍රේල් මස 25 59 0

ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ සිදුවී ඇතැයි පැවසෙන දූෂණ වංචා සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීමට පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාර


දේශබන්දුගේ පැටිකිරිය හොයන කමිටුවට ඇමැති කාමරයක්
2025 අප්‍රේල් මස 25 252 1

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහි චෝදනා විමර්ශන කෙරෙන ත්‍රිපුද්ගල කමිටුවේ කටයුතු සඳහා පාර්ලිමේන්තු සංකීර්ණයේ ඇමතිවරුන්ට වෙන් කෙරෙන කාමරයක


විජිත වතිකානයට
2025 අප්‍රේල් මස 25 430 3

ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ දේහය පිළිබඳ අවමංගල පූජෝත්සවයට සහභාගීවීමට ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් විදේශ කටයුතු අමාත්‍ය විජි


රනිල් ලබන සඳුදා අල්ලස් කොමිසමට එන බව කියයි
2025 අප්‍රේල් මස 25 392 4

චාමර සම්පත් දසනායක මහතා ඌව පළාත් මහ ඇමති ධුරයේ සිටියදී ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ පැවති ස්ථාවර තැන්පතු ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබ


පාප් වහන්සේට ශෝකය පළ කරන්න රනිල් යයි
2025 අප්‍රේල් මස 25 570 5

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකාවේ වතිකාන තානාපති කාර්යාලය වෙත ගොස් අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ ස්වර්ගස්ථ වීම ප



මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 766 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 371 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 518 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site