ජපන් රජය විසින් ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ ක්‍රියාත්මක වන බිම්බෝම්බ ඉවත් කිරිමේ මානුෂික මෙහෙයුම සඳහා එම රජයේ බිම් මට්ටමේ මානව ආරක්ෂණය සඳහා වන ව්‍යාපෘතිය යටතේ ඇමරිකන් ඩොලර් 811,311 ක් (රුපියල් මිලියන 108 කට ආසන්න) ආධාර මුදලක් ලබාදීමට තිරණය කර ඇත.
ආධාර ගිවිසුමට අද (13) කොළඹ පිහිටි ජපාන තානාපති කාර්යාලයේ දි ජපාන තානාපති කෙනිචි සුගනුමා මැතිතුමා හා ද හේලෝ ටිරස්ටිහි වැඩසටහන් කළමණාකාර ඩෙමියන් ඕබ්‍රියන් මහතා අත්සන් තැබිණි.
ද හේලෝ ටිරස්ට් විසින් ක්‍රියාත්මක කළ උතුරු ශ්‍රි ලංකාවේ බිම් බෝම්බ ඉවත් කිරිමේ මානුෂිය මෙහෙවර සඳහා වු ව්‍යාපෘතිය මඟින් උතුරේ ජනතාවට නැවත පැමිණ තම ජිවිකාවන් ආරම්භ කිරිම සඳහා ශ්‍රි ලංකා රජය මගින් ක්‍රියාත්මක වන බිම්බෝම්බ වලින් තොර ආරක්ෂිත ප්‍රදේශයක් ඇති කිරිම මුලික පරමාර්ථය වේ.
දැනටමත් හේලෝ බිම්බෝම්බ නිෂ්ක්‍රීයකරුවන් විසින් බිම්බෝම්බ 12000 කට අධික ප්‍රමාණයක් ඉවත් කර ඇති අතර එම ප්‍රදේශ වල ජනතාව ජිවත් වන බව ඕබ්‍රියන් මහතා කීවේය.
ඡන්දය ගණන් කරන අවස්ථාව වන අද (21) රාත්‍රී ඇඳිරි නීතිය පැනවීම ඡන්ද ප්‍රතිඵල ප්‍රකාශ කරන අවස්ථාවේ මහජන සාමය පවත්වා ගැනීමේ අරමුණින් පමණක් සිදු කරන්නක් යන්න
අද රාත්‍රී දහයේ සිට හෙට උදෑසන 6.00 දක්වා ඇඳිරි නීතිය පනවන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.
සූරියවැව විහාරගල ඡන්ද මධ්‍යස්ථානයේ රාජකාරියේ යෙදී සිටි පොලිස් නිළධාරීන් හා ජ්‍යේෂ්ඨ ඡන්ද ස්ථානාධිපති අතර මත ගැටුමක් ඇති වී තිබේ.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ සියයට 79 ක් ඡන්දය ප්‍රකාශ කිරිම සිදුකර ඇති බව හම්බන්තොට දිස්ත්‍රික් තේරීම්භාර නිළධාරී ප්‍රියන්ත සුමණසේකර මහතා කීය.
ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ජනාධිපතිවරණයට අදාළව ඡන්ද විමසීමේ කටයුතු අද (21) පස්වරු හතරට අවසන් වීමෙන් පසු දිස්ත්‍රික්කයේ ඡන්දදායකයන්ගෙන් 76.87% ඡන්දය ප්
මෙවර ජනාධිපතිවරණයේදී ඡන්දය පොලොන්නරුව දිස්තික්කයේ ජන්දය ප්‍රකාශ කිරීමේ භාවිතය සියයට හැත්ත අටක් බව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී සුජන්ත ඒකනායක මහත
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
බිම් බෝම්බ ඉවත් කරන්න මිලියන 108ක්
සමිත් Wednesday, 14 October 2015 05:36 AM
මේවා ඉවත්කර සංවර්ධනය කරන්න හොද අවස්ථාවක්. (ර)
දුමින්ද Tuesday, 13 October 2015 11:19 AM
බළලා මැටියෙන් වුණත් කම් නැත මීයන් අල්ලනවානම් (ම)
කල්ප Wednesday, 14 October 2015 02:05 PM
බොහොම හොඳයි (නි)
හසිත Tuesday, 13 October 2015 02:24 PM
ඉක්මනින් බිම්බෝම්බ ඉවත් කරන්න ලැබේවා.! (ර)
ඉරෝෂ් Tuesday, 13 October 2015 09:10 AM
ශ්‍රී ලාංකිකයන් දැන් සුද්දන්ට සමානයි ද? (ස)
සුසිත Tuesday, 13 October 2015 10:20 AM
ලංකාවට ගිය කලක් (ම)
අමරදාස Tuesday, 13 October 2015 10:35 AM
හෙලෝ ට්‍රස්ට් එක ගිවිසුම අත්සන් කළේ ලංකා රජය වෙනුවෙන්ද නැත්නම් හෙලෝ ට්‍රස්ට් එක වෙනුවෙන්ද?අත්සන් කළේ හෙලෝ ට්‍රස්ට් එක වෙනුවෙන් නම් ඩෙමියන් ඕබ්‍රියන් ශ්‍රී ලංකා ධජයක් පිටුපස ඉඳගෙන සිටින්නේ ඇයි? මෙහිදී ජපාන තානාපති කාර්යාලය රාජ්‍ය තාන්ත්‍රික සම්ප්‍රදායන් කඩ කර ඇති බව පෙනේ.හෙලෝ ට්‍රස්ට් එක බිම් බෝම්බ ඉවත් කිරීම සඳහා හොද වැඩ කොටසක් කරනවා විය හැකිය. නමුත් යුධ හමුදාව හා වෙනත් දේශීය රාජ්‍ය නොවන සංවිධානත් බිම් බෝම්බ ඉවත් කිරීම සඳහා හොද වැඩ කොටසක් සිදු කරති. ජපාන ආණ්ඩුවට කෙලින්ම මේ කර්තව්‍ය සඳහා ලංකා රජයට හෝ දේශීය රාජ්‍ය නොවන සංවිධානවලට ප්‍රතිපාදන ලබා දිය නොහැක්කේ මන්ද? (බ)