IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


බීම විස වී සිසුහු 11 ක් රෝහලේ

පිළියන්දල ජාත්‍යන්තර පාසලක අවන්හලේ බීම විස වී සිසුන් එකොළොස් දෙනකු  රෝහල් ගත කළ බවත් තවත් පිරිසක් බාහිර ප්‍රතිකාර ලබා පිට වී ගිය බවත් රෝහල් ආරංචි කියයි.

අවන්හල් හිමිකරු පොලිස් අත්අඩංගුවට ගනු ලැබීය.

03 02 04

 



අදහස් (0)

බීම විස වී සිසුහු 11 ක් රෝහලේ

බමුණු Saturday, 12 July 2014 12:46 AM

රටේ කෑම බීම නිෂ්පාදය වන්නේ කිසිම ප්‍රමිතියකට හෝ නීතියක නොවෙයි. මොනෝ සෝඩියම් ග්ලුකොමෙට් අඩංගු කෑම බීම ශරීරයට හොඳම නැහැ. (නදී)

:       0       0

සුමුදු Saturday, 12 July 2014 12:47 AM

පව්, පොලිසියේ මහත්තයා දිහා බලපුවම පේනවා කොච්චර දුක් විදිනවද කියලා. දැන් මේ අයට ඇමතිවරු ගහන්නත් පටන් අරන්. (නදී)

:       0       0

කුමාරි Saturday, 12 July 2014 01:32 AM

රුවනි ගේ කතාව දැකලා මට මතක් වුනේ අද කාලයේ සමහර අම්මලාට දරුවන් ට ගෙදරින් කෑම ටික හදලා දෙන්න බැරි තරම් තිබෙන වැඩ ගොඩ. රුප ලාවන්‍ය වැඩ, ටෙලි නාට්‍ය බලන්න, ළමයින්ව අමතර පන්ති උස්සන් දුවන්න ඕන තරම් වෙලා තිබෙනවා. හැබැයි පිරිසිදුවට ගෙදර උදවියට කෑම ටික හදල දෙන්න වෙලාවක් නැහැ. හේතුව දැන් ඉන්නේ අම්මලා නෙවෙයි නේ. බඳින්න කලින් මහ ගෙවල් වලදී තේ එකක් වත් හදා ගන්න පුරුද්දක් තිබුනේ නැති පරම්පරාවේ තරුණ නෝනලා. මහත්තයා කන්නෙත් වැඩ කරන තැන කැන්ටිමෙන්. දරුවෝ පාසලේ ආපන ශාලාවෙන්. කුස්සියට ගිහින් උයන පිහින එක මේ තරුණ අම්මලාට තත්වෙට මදි කමක්. (නදී)

:       0       0

බන්දු Friday, 11 July 2014 10:55 AM

මේ බීම වර්ගය ආපන ශාලාවේ සාදන දෙයක් ද නැතිනම් වෙනත් බෝතල් කළ වර්ගයක්ද ? දෙවැනි වර්ගයේ නම් අපිත් දැන ගන්න එක හොඳයිනේ .(දිල්)

:       0       0

මාලිකා Friday, 11 July 2014 11:36 AM

මොකක්ද දන්නෙ නැහැ නේද ප්‍රශ්නය? (නි)

:       0       0

තුෂාන් හර්ෂක Friday, 11 July 2014 11:53 AM

මම විදේශගත වී ඉන්නේ.මාගේ පුතත් යන්නේ ඔය පාසලටමයි. මෙය සුළුවෙන් තකන්න පුළුවන් දෙයක් නෙමෙයි. මොකද මේ ගැන විදුහල්පතිවරයා ඇතුළු පාලක මණ්ඩලයම වගිකියන්න ඕනෑ. ප්‍රමිතියක් නැතුව අළෙවි කරන මෙවැනි ව්‍යාපාරිකයන්ට විරුද්ධව දැඩි ක්‍රියාමාර්ග ගන්න කටයුතු කරන්න. (නි)

:       0       0

නීල් Friday, 11 July 2014 12:24 PM

විදෙස් රටවලින් ගෙනෙන බීමවර්ග නොයෙක් නොයෙක් ප්ලාස්ටික් ඇසිරුම් වල දැකගත හැකියි. මේ පිළිබඳ දෙමාපියන් විශේෂයෙන් සැළකිළිමත් වියයුතුයි (නි)

:       0       0

කාන්ති Saturday, 12 July 2014 06:05 AM

අද කාලයේ තරුණ නෝනලාට දරුවන්ට සැමියාට ගෙදරින් කෑම බීම ටික හදල දෙන එකත් මහා ප්‍රශ්නයක්. උදේ පාන්දරින් නැගිටින්න කම්මැලි බවලතුන් ගේ ගෙවල් වල මේ තත්ත්වය සුලභයි. (අ)

:       0       0

සිරිලාල් Friday, 11 July 2014 12:49 PM

දරුවන්ට පමණක් නොව වැඩිහිටියන්ටත් පානය සඳහා සුදුසුම දේ තමා උණුකර නිවාගත් පිරිසිදු ජලය. පැණි රස බීම සහ වායුව සහිත බීම කිසිසේත්ම සුදුසු දෙයක් නොවේ. (නි)

:       0       0

ඉන්ද්‍රජීව Friday, 11 July 2014 12:52 PM

මෙවැනි ව්‍යාපාරිකයන්ට විරුද්ධව දැඩි ක්‍රියාමාර්ග ගන්න ඕනෑ (නි)

:       0       0

ලුම්බිණි Saturday, 12 July 2014 06:38 AM

මේවා චීනෙන් ගෙනපුවද? (අ)

:       0       0

අරුණ Friday, 11 July 2014 02:01 PM

දවසකට අහන්න දකින දේවල්ගැන නම් හරිම කනගාටුයි (අ)

:       0       0

උපාලි Saturday, 12 July 2014 07:38 AM

අත් අඩංගුවට ගත්තේ අවන්හල් කරුද එතකොට බිම නිශ්පාදකයා (අ)

:       0       0

අජිත් Friday, 11 July 2014 02:11 PM

මොන බීමත් හොඳ නෑ (අ)

:       0       0

ගාමිණී - සිරි Friday, 11 July 2014 02:15 PM

ජාත්‍යන්තර පාසැලක අවන්හලක මෙහෙම නම් ජාතික පාසැල් අවන්හල් ගැන කවර කතාද ?බීම විෂ වෙනවා .ඇඟලුම්හල් සේවිකාවන්ට කෑම විෂවී පාචනය හැදෙනවා.අබුද්දස්ස කාලේ.. ලබුත් තිත්තලු !!(අ)

:       0       0

ශාම් Friday, 11 July 2014 02:23 PM

සිරිලාල මහත්තය කියපු දේ හරියටම හරි ළමයි බොන්නෙම පැනී බීම (අ)

:       0       0

චාන්දනී Friday, 11 July 2014 02:34 PM

ඉස්සර අපේ අම්ම උණු කර නිවා ගත් වතුර බෝතලය අපේ පොත් බෑග් එකට ඔබනවා තාම මතකයි. දැන් කාලේ ළමයින්ට ඉතින් තිබහට ගෙදරින් උණු කර නිවාගත් වතුර ගෙනිහින් බොන්න කියලා බේරෙන්න පුලුවන්ද. (අ)

:       0       0

ආනන්ද Friday, 11 July 2014 02:42 PM

තුෂාන් හර්ෂක. කරුණාකරලා ඔයාගේ පුතාගෙන් හරි ගෙදරින් හරි අහල මේ බීම කැන්ටින් එකේ හැදුව ද නැත්නම් වෙනත් බෝතල් බිම එකක්ද කියල හරියටම දැනෙගෙන අපිට කියන්න. රටේ මුළු සිසු පරපුරට කරන යහපතක් එක (අ)

:       0       0

පිටිගල Friday, 11 July 2014 03:07 PM

හැමතැනම වස විස .වඳ බෙහෙත් මිශ්‍රණ, ඒවා කාටවත් පෙන්නේ නැහැ. ඒ ගැන කතා කරන්නත් තහනම්. (අ)

:       0       0

අහිංසා Friday, 11 July 2014 03:27 PM

මේ ෆොටෝඑකේ ඉන්න පොලිසියේ රාළහාමිත් ඒ බීම බිලා ද දන්නේ නැහැ.සසර කලකිරිලා වගේ ඔහේ බලාගෙන කල්පනාකරනවා.(අ)

:       0       0

යශෝධ පෙරේරා Friday, 11 July 2014 03:29 PM

ශ්‍රී ලංකාවේ පොලිස් නිලධාරීන් රාජකාරි වේලාවේ කැප් එක දාන්නේ නැද්ද? සිල්ලර කඩේ බඩු විකුණනව වගේ ඉන්නේ. කිසිම ගාම්භීර බවක් නෑ. කැඳත් නෑ වගේ. (අ)

:       0       0

කාංචනා Friday, 11 July 2014 03:42 PM

අපේ පුතා ගෙන් බේරිල්ලක් නැහැ පාසල් විවේකයේදී කන්න සොසේජෙස් ඉල්ලලා. පන්තියේ ළමයින් ඒවා ගෙනාවා දැකලා. මම අරන් දුන්නෙම නැහැ. දැන් සති දෙකකට කලින් එක ළමයෙක් අසනීප වෙලා. බලනකොට කල් ඉකුත් වූ සොසේජෙස් ගෙනල්ල කාලා. ළමයාගේ අම්ම මාත් එක්ක කිව්වේ ඊට කලින් දවසේ මිලදී ගත්ත වුනාට කල් ඉකුත් වීමේ දිනය බලන්න බැරි වුනා කියලා. ඒ වුනත් ප්‍රසිද්ධ සුපිරි වෙළඳ හල් වල මෙහෙම ජරාව තියනවා කියලා පාඩමක් විදියට හරි ඒ උදවිය දැනගත්තා. (අ)

:       0       0

රුවනි Friday, 11 July 2014 03:48 PM

අපේ දරුවන්ට නම් කොච්චර බෙරිහන් දුන්නත් මම පිටින් කෑම බීම අරන් දෙන්නේ එහෙමත් දවසක. කැන්ටිමෙන් ගන්න කියලා සල්ලි නම් කොහෙත්ම දෙන්නේ නැහැ. ඒ මොකද ඒවායේ කල් ඉකුත් වීමේ දවස් බලන්න ළමයින්ට තේරෙන්නෙත් නැහැ. උවමනාවකුත් නැහැ . මිලදී ගන්නදේ එසැනින් කටට දාගන්න ළමයි කැමති. (දී)

:       0       0

චාමර Friday, 11 July 2014 06:04 PM

නීතියක් නැති රටක්.මේකට වගකියන්න ඕනෑ එම පාසලේ පාලකයින් නොවේද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කොළඹ පොත් මංගල්‍ය අරඹයි
2024 සැප්තැම්බර් මස 27 116 0

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය සිය රිදී ජුබිලිය සමරමින් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද (27) ආරම්භ කළේය


එළවලු මිල පහළට
2024 සැප්තැම්බර් මස 27 1053 0

වෙළෙඳපොළේ උඩරට එළවලු ඇතුලු එළවලු මිල ගණන් පහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති.


වෑන්රථයක් ත්‍රීරෝද රථ දෙකක ගැටී 4කට තුවාල
2024 සැප්තැම්බර් මස 27 207 0

මොනරාගල බුත්තල මාර්ගයේ හොරොම්බුව හංදිය අසලදී අද (27) දහවල් වෑන්රථයක් ත්‍රීවීල්රථ දෙකක ගැටීමෙන් සිදුවූ රිය අනතුරකින් පෙරපාසල් දරුවන් දෙදෙනෙකු ඇතුළු සි


අක්ෂි රෝහලට කෝටි 14ක වෛද්‍ය උපකරණ
2024 සැප්තැම්බර් මස 27 907 0

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ජාතික අක්ෂි රෝහල වෙත රුපියල් මිලියන 140 කට අධික වෛද්‍ය, ශල්‍ය සහ රසායනාගාර උපකරණ භාරදීම සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීප


හිටපු පා: මන්ත්‍රීන්ගේ ආරක්ෂාව ඉවතට
2024 සැප්තැම්බර් මස 27 3618 1

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාවට ලබාදී තිබූ පොලිස් නිලධාරින් ඊයේ (27) සිට ඉවත් කරනු ලැබ ඇත.


විද්‍යුත් පාස්පෝට් තීරණයට අතුරු තහනමක්
2024 සැප්තැම්බර් මස 27 2288 1

නිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය නොකොට පුද්ගලික සමාගම් දෙකකින් විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර හත් ලක්ෂ පනස්දහසක් මිලදී ගැනීමට පසුගිය රජයේ අමාත්‍


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37728 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24867 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 223 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 731 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 259 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site