IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


බියගම බස් අනතුරින් රියදුරු මරුට

පානදුර-මහනුවර පෞද්ගලික බස් රථයක් බියගම පේරගස්හංදියේදී ඇඟළුම් සේවකයන් ප්‍රවාහණය කරන වෑන් රියක ගැටීමෙන් සේවකයන් ප්‍රවාහණය කළ වෑන් රියේ රියදුරු මිය ගොස් 18 දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.

කිරිඳිවැල නාරංවල පදිංචි සුරේෂ් නුවන් ආසිරි (25) අනතුරින් මිය ගොස් ඇත.

තුවාලකරුවන්ගෙන් 12 දෙනෙක් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරනු ලැබූහ.

 

 



අදහස් (0)

බියගම බස් අනතුරින් රියදුරු මරුට

නුවන් Sunday, 18 August 2013 05:33 AM

මෙම නුවර-පානදුර බස් සේවය අධික ලාබ ලබන පාරක්.සරත් කියන කතාව ඇත්ත.භාගෙට සුඛෝපභෝගී කතාව නම් මම දන්නේ නැහැ.. ෆූට් බෝඩ් එකෙනුත් එළියේ මමත් ගිහින් තියෙනවා. ඉක්මනට යන්න ඕනේ නිසා. මාරාන්තිකයි නම් තමා. (ස)

:       0       0

සමන්ත Saturday, 17 August 2013 12:57 PM

මේ කොයි යන්නේ . රයිගම් . යන්නේ. කවදද එන්නේ නැත අප දන්නේ.(නදී)

:       0       0

ජයසූරිය Saturday, 17 August 2013 01:16 PM

හද කම්පා කරවන තවත් පුවතක් තරාතිරම නොබලා දැඩි දඬුවම් ලබා දෙන්න .රියදුරු බලපත් අහෝසි කරන්න.(නදී)

:       0       0

ක්‍රිස්කා Saturday, 17 August 2013 01:17 PM

සාදාරන රියදුරු බස් ටිපර් වල සුක්කානමට එයාර් බෑග් ආවොත් මොකද?(නදී)

:       0       0

අර්ෂා Sunday, 18 August 2013 10:54 AM

අප රටේ ප්‍රධාන මාර්ග වල කැමරා සවිකිරීමෙන් සහ මාර්ග නීති රීති කඩකරන්නන්ට සරිලන දඩුවම් සහ දඩ නියම කිරීමෙන් මෙවැනි අවාසනාවත අනතුරු බොහෝදුරට වලක්වා ගත හැක. (අ)

:       0       0

චන්දිම Saturday, 17 August 2013 01:27 PM

මේක කවදද කීයටද උනේ කියලත් තිබුනානම් හොඳයි.(නදී)

:       0       0

ධම්ම Saturday, 17 August 2013 01:27 PM

නදීෂානී කොහෙද මේ ගියේ? (නදී)

:       0       0

සරත් Saturday, 17 August 2013 01:35 PM

කොහොමටත් මෙම නුවර-පානදුර බස් සේවය ගැන හිතන්න කාලය ඇවිත්! වරකපොලදිත් මෙහෙමම උනා. මෙම බස් බාගෙට සුකෝපබෝගී උනාට උදේටයි හවසටයි බලන්න ෆූට් බෝඩ් එකෙනුත් එළියේ මිනිස්සු! ඒ මදිවට ඉගිල්ලෙනවා! පාර කාපට් කරලා තිබුනට පාර පටුයි! පාරේ යන වාහන සහ පයින් යන මිනිසුන්,පාසල් ළමයි වෙඩියි! බසයක් ඉවතට පැන්නොත් අනිවාර්යෙන්ම ගෙයක් යටකරගෙන යනවා! මේ චායාරූප අනුවත් හිතෙන්නේ ඉස්සර කිරීමට යාමේදී උන අනතුරක් වෙන්න පුළුවන් බවයි.(නදී)

:       0       0

අරුමුගම් Saturday, 17 August 2013 02:32 PM

අනේ මෙහෙමත් මැරෙන රටක් හැමදාම රිය අනතුරු වලින් 10 හෝ 15 ක් මැරෙනවා යුද්දේ කාලේ වත් මෙච්චර මලේ නැ.(නදී)

:       0       0

රොෂාන් Saturday, 17 August 2013 03:04 PM

අනේ සරත් ඔය කියන එක දෙයක් නම් වැරදියි. අර්ධ සුකොපබෝගී කියල බෝඩ් එක ගහගෙන පොල් පටවල යන්නේ. හැබැයි හයියෙන් නම් යන්නේ නෑ. පුළුවන් තරම් හිඟා කකා කොට කොට යන්නේ. පානදුරේ ඉඳල නුගේගොඩට එන්න පැය එකහා මාරක් විතර යනවා. උදේ 5 ට පනදුරෙන් යන බස් එක 11 කිට්ටු කරලා නුවරට එන්නේ. (නදී)

:       0       0

ඇසච Saturday, 17 August 2013 03:07 PM

අර ගැමුණු කියන කෙනා මේවට මොකද කියන්නෙ?(නදී)

:       0       0

සම්පත් ප්‍රියංකර Saturday, 17 August 2013 03:12 PM

පුද්ගලික බස් කාරයෝ පාරේ යන්නේ සත්තු වගේ නේ.(නදී)

:       0       0

තාරක Sunday, 18 August 2013 12:43 PM

හැම වෙලේම පුද්ගලික බස් අයට බැන්නට ඇත්ත මොකක්ද කියලා හොයලා බලන්න. මොකද 17 බස් වල සෙනග පුඩ් බෝර්ඩ් යන්නේ යන්න බස් නැති නිසා මිසක් ආසාවට නෙමෙයිනෙ. මෙතැන සම්පුර්ණයෙන් වැරදි අනිත් රියැදුරා (නි)

:       0       0

යුරාජ් Saturday, 17 August 2013 03:35 PM

අද උදේ...... හෆ්ෆා.... මුලු පාරම වහගෙන තිබුනේ මේක...... පිස්සු වගේ දැක්කහම..... බේබි රෝසා එකේ එක වීදුරුවක්වත් නෑ...... ඔක්කොම කුඩු...... ගියපු මිනිස්සු...... :( ලේලන්ඩ් එක...... :( ඒකේ නම් කාටවත් අවුලක් නැතුව ඈති..... ඒත් අර රෝසා එකේ.... :( හෆ්ෆා...... කට්ටිය වට වෙලා ෆොටෝ ගගහා හිටියේ..... අනතුර වෙච්ච වෙලාවෙදිත්, මුකුත් නොකර ෆොටෝ ගගහා හිටියද දන්නේ නෑ.....(නදී)

:       0       0

නිමල් Sunday, 18 August 2013 12:51 PM

පින්තුරවල හැටියට නම් වරදකරුවා පුද්ගලික බස් රියැදුරා. මේ වගේ අයට දිය යුතු දඬුවම් සකසන්න නොහැකිද? කොපමණ කිව්වත් වැඩකුත් නැහැ. අවශ්‍යතාවයක් තිබේ නම් මේ ගොල්ලන්ගේ මේ අස්ස කුලප්පුව නවත්වන්න පුළුවන්. බස් රථය හෙමින් ගිය බව රථයේ හැටියෙන්ම පෙනෙනවා. (නි)

:       0       0

රජීව් Saturday, 17 August 2013 03:54 PM

සුරෙෂ්ට නිවන් සුව ලැබෙවා!(නදී)

:       0       0

අසේල Saturday, 17 August 2013 04:11 PM

පෞද්ගලික බස්වල ඉන්නේ රියදුරෝ නෙමයි යකදුරෝ.(නදී)

:       0       0

අශාන් Saturday, 17 August 2013 04:17 PM

මේ පුද්ගලික බස් එළවන අය වෙනුවෙන් පොලිසියේ වෙනම කට්ටියක්ව දාන්න ඕනෑ (නි)

:       0       0

ප්‍රසන්න Saturday, 17 August 2013 04:18 PM

පානදුර මහනුවර බස් සේවය හරිම අවදානම්. බැලුම්මහර සිට මහනුවර දක්වා ඉගිලෙනවා. (නි)

:       0       0

වික්‍රමසිරි Saturday, 17 August 2013 04:26 PM

මොනවා වුනත් මිනිස් ජිවිතයක් නැති වුනා. (නි)

:       0       0

ජයන්ත Saturday, 17 August 2013 04:47 PM

ගැමුණුට සහ බස් රියදුරන්ට බැනලා වැඩක් නැහැ. ලංකාවේ රියදුරු ලයිසන් නිකුත් කරන ක්‍රමයක් තිබෙනවා. එය හරිහැටි ක්‍රියාත්මක වෙනවද කියා බලන්න ඕනෑ, පාරේ හැමතැනම මාර්ග පොලිස් ඉන්නවා. ඒ ගොල්ලෝ නීතිය හරි හැටි ක්‍රියාත්මක කරනවද? ඔය දෙක හරියට ක්‍රියාත්මක කළොත් ලංකාවේ රථ වාහන අනතුරු අඩුවේවි. (නි)

:       0       0

චන්දි Saturday, 17 August 2013 05:42 PM

මිය ගිය කෙනාට නිවන් සුව! තුවාලවුවන්ට ඉක්මන් සුව! (නි)

:       0       0

චතුරංග Saturday, 17 August 2013 05:55 PM

පාරේ යන්නෝ. ඉගිලෙන්නෝ. මාරුවා සමඟම යන්නෝ. (ස)

:       0       0

නුවන් Sunday, 18 August 2013 03:34 PM

අර්ෂා,ඒ කැමරා පරිස්සම් කර ගන්න ආරක්ෂක සේවයකුත් ඒ ආරක්ෂක සේවකයන් හරියට වැඩ කරනවද බලන්න තව නිලදාරීන් පිරිසකුත් ඒ නිලදාරීන් පගාව ගන්නවද බලන්න තව කට්ටියකුත් දාලා ඒ වගේ ලොකු වැඩක් කරන්න පුළුවන්. හැබැයි ජිවිත කාලෙටම රියදුරු බලපත්‍රය අවලංගු කරලා දැම්මා නම් දහයක් පහළොවකගේ නෙමෙයි, ඔක්කොම අසරණ ජිවිත සීයක් විතර ඉතුරු වෙනවා (නි)

:       0       0

ඉම්රාන් Saturday, 17 August 2013 06:58 PM

ප්‍රයිවට් බස් වලටත් , හමුදා ට්‍රක් වලටත් ,හැප්පුනු කෙනාට සොරිම තමයි.(නදී)

:       0       0

මධූෂා හපුආරච්චි Saturday, 17 August 2013 07:04 PM

වාහන අනතුරු හැමදාමත් මේ රටේ සිදු වනවානේ. ඉතින් එහෙම මාරක අනතුරු සිදු වෙලා මිනිස්සු මියයාම අද රටේ සාමාන්‍ය දෙයක් බවට පත් වෙලා. විශේෂයෙන්ම පානදුර වැනි අධික මාර්ග තදබදයක් පවතින මාර්ගයක මෙවැනි අනතුරු සිදුවීම ස්වභාවිකය. මම නම් කියන්නේ මිනිස්සු මැරුනට කමක් නැහැ පුලුවන් තරම් හයියෙන් යන්න ඕන. නැතිනම් අපි කොහොමද වෙලාවට රස්සාවට යන්නේ? මේ වගේ අති පණ්ඩිත අදහස් දාන අය අපිට පුද්ගලික වාහන ලබා දෙනවද? නැහැනේ. අපි වගේ සාමාන්‍ය මිනිස්සු යන්නේ බස්වල තමයි. මම එනකල්ම බස් එක නවත්තලා තියා ගන්න තරම් බොහෝ රියදුරු මහත්වරුන් හරිම කෘතඥතා පූර්වකයි. කොන්දොස්තර මහත්වරු පිරිමින්ව නැගිට්ටලා හරි මට සීට් එකක් ලබා දෙනවාමයි. මම හරිම ආසාවෙන් බස්වල යන්නේ. සමහර දවස්වලට මට මේ අය අති විශේෂ සැප පහසුකම් පවා ලබාදීලා තියෙනවා. මහත්තයා ඉන්ටනෙට් ඇවිල්ලා මේවා කියවන නිසා වැඩිපුර මේ ගැන ලියන්න බයයි අනේ.(නදී)

:       0       0

ධර්මපාල Saturday, 17 August 2013 07:06 PM

කෝ මේ බස් ගැමුණු මහත්තයා.(නදී)

:       0       0

ප්‍රේමලාල් Saturday, 17 August 2013 07:34 PM

මේ බස් හැම වෙලේම යන්නේ හරිම අනතුරුදායක විදියට. නව නුවර පාරේ එදිනෙදා යන හැමෝටම මේක පේනවා. දැන්වත් මේ අයට නීතිය ක්‍රියාත්මක කළොත් හොඳයි (නි)

:       0       0

බමුණු Sunday, 18 August 2013 03:18 AM

"අර ගැමුණු කියන කෙනා මේවට මොකද කියන්නෙ" (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 3130 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 2273 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 3125 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 3030 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 674 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 1346 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36071 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24126 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 172 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 518 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 223 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site