(සුජිත් හේවාජුලිගේ )
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ශ්‍රී ලංකාව ඇතිකරගෙන ඇති සබඳතාව ශක්තිමත්ව පවත්වාගෙන යෑමට සෑම මට්ටමකදීම අඛණ්ඩව සහය දෙන බව මෙරටට පැමිණ සිටින ඇමරිකානු රාජ්‍ය තාන්ත්‍රික ඉහළ පෙළේ දූත පිරිස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට අද (27) පොරොන්දු වූහ.
ශ්‍රී ලංකාවට හැකි උපරිමයෙන් උපකාර කරන ලෙස ඇමරිකානු ජනාධිපතිවරයා උපදෙස් දුන් බවද ඔවුහු සඳහන් කළහ.
මෙම දූත පිරිස මෙසේ පැවසුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේදී අද (27) පෙරවරුවේ හමුවූ අවස්ථාවේදීය.
මෙම දූත පිරිසට අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ සහ භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ නියෝජිතයෝ ඇතුළත් වෙති.
දූත පිරිසේ සංචාරය මෙහිදී පැසසුමට ලක් කළ ජනාධිපතිවරයා රටේ ආර්ථික අසිරුතාව, සමාජයීය අපහසුතාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පැවැත්වෙන සාකච්ඡාවන්හි ප්‍රගතිය පිළිබඳව එම පිරිස දැනුවත් කළේය.
ශ්‍රී ලංකාවේ අනාගතය ගැන ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් මහතා ඉතා උනන්දුවෙන් පසුවන බවත් මේ අසීරු කාල සීමාවේදී ශ්‍රී ලංකාවට හැකි උපරිමයෙන් උපකාර කිරීමට කටයුතු කරන ලෙස ඇමරිකානු ජනාධිපතිවරයා උපදෙස් දුන් බවත් එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු සහ මධ්‍යම ආසියාව සඳහා නියෝජ්‍ය රාජ්‍ය සහකාර ලේකම් කෙලී කීඩර්ලින් (Kelly Keiderling) සහ එක්සත් ජනපද භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ ආසියානු කලාපය බාර නියෝජ්‍ය ලේකම් රොබර්ට් කැප්‍රෝත් (Robert Kaproth) යන මහත්වරු මෙහිදී සඳහන් කළහ.
අවදානමට ලක්ව සිටින පවුල් සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වන වැඩසටහන ක්‍රියාත්මක වීමත් සමග සහන ලැබෙන බව පැවසූ දූත පිරිස ඉදිරි කටයුතු සඳහාද එය ධනාත්මකව බල පැවැත්වෙනු ඇති බවට විශ්වාසය පළ කළහ.
ඕනෑම අයකුට අදහස් ප්‍රකාශ කිරීම සඳහාදී ඇති නිදහස් අවකාශය පිළිබඳව දූත පිරිස ජනාධිපතිවරයාට ප්‍රසාදය පළ කළහ.
කුඩා පරිමාණ ව්‍යාපාර නගා සිටුවීමට කොමර්ෂල් බැංකුවට ඇමරිකානු ඩොලර් මිලියන 100ක මධ්‍ය කාලීන ආධාර මුදලක්ද මානුෂීය ආධාර ලෙස ඩොලර් මිලියන 5.75ක හා ඩොලර් මිලියන 6ක ප්‍රදානයක්ද කර ඇතැයි පැවසූ එම දූත පිරිස ඉවතලන ප්ලාස්ටික් ද්‍රව්‍යවලින් පොලියෙස්ටර් කෙදි සහ නූල් සැකසීමේ ව්‍යාපෘති සඳහා සහායදී ඇති බවද සිහිපත් කළහ.
ඖෂධ සහ අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ලබා ගැනීමට ණයවර ලිපි නිකුත් කිරීමේ දී ශ්‍රී ලංකාවට සහාය වන ලෙස ජාත්‍යන්තර බැංකු වෙතින් ඉල්ලා සිටීමට කටයුතු කරන බව කෙලී කීඩර්ලින් සහ රොබර්ට් කැප්‍රෝත් යන මහත්වරු කියා සිටියහ.
මේ සාකච්ඡාවට එක්සත් ජනපද භාණ්ඩාගාර කාර්යාලයේ දකුණු සහ අග්නිදිග ආසියාවේ අධ්‍යක්ෂ මැතිව් මොහෙලෙන්කැම්ප් (Matthew Mohlenkamp), එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු සහ මධ්‍යම ආසියාවේ ආර්ථික ඒකක ප්‍රධානි ජෝන් මැක්ඩැනියෙල් (John McDaniel), ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති ජූලි චන්ග් (Julie Chung), ඇමරිකානු තානාපති කාර්යාලයේ වැඩබලන දේශපාලන ප්‍රධානී ජෙෆ් චැනින් (Geoff Chanin) හා ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත්, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී අනුර දිසානායක යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක්ද සහභාගි වූහ.
මෙවර මහ මැතිවරණයෙන් තේරීපත් වූ සියලුම මන්ත්‍රීවරුන්ගේ විස්තර සහ ඡායාරූප ඇතුළත් වාර්තා හෙට (18) ‘ලංකාදීප’ පුවත්පතේ පළ වේ.
ලංකාවට බටහිර දෙසට වන්නට නාවික සැතපුම් 110 ක් දුරින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ මෙරට බහුදින යාත්‍රාවක් සමග සැකකරුවන් 5 දෙනකු අද (17) අත්අඩංගුවට ගත්බ
පාකිස්තානයේ දස්කා නගරයේ මාස 7 ක ගැබිණි කාන්තාවක් ඇයගේ නැන්දම්මා සහ නෑනා විසින් ඝාතනය කර මෘත දේහය කොටස් 25 කට කපා වෙන්කරනු ලැබ ඇතැයි පාකිස්තාන පොලිසිය ප්
ඉගිණියාගල පොලිස් වසමේ වාවින්න , පරගහකැලේ, ප්‍රදේශයේ නිවසක තිබි විදේශ රටක නිෂ්පාදිත මයික්‍රෝ වර්ගයේ ස්වයංක්‍රිය පිස්තෝලයක් සහ උණ්ඩ 143 ක් සහ උණ්ඩ බහාල
ඉන්දීය රුපියල් කෝටි 23 (ආසන්න වශයෙන් ශ්‍රී ලංකා රුපියල් කෝටි 80 ක් ) ක් පමණ වටිනා මී හරකෙකු පිළිබඳව ඉන්දියාවේ හර්යානා ප්‍රනතයෙන් වාර්තා වී ඇත.
මෙවර මහ මැතිවරණයෙන් සමගි ජනබලවේගයට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 5 ට මීට පෙර දූෂණ චෝදනා හෝ වෙනත් කිසිදු ආකාරයේ චෝදනා එල්ල නොවූ පස් දෙනකු පත් කරන්න
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
බයිඩ්න්ගෙන් ගෝඨාභයට පණිවිඩයක්
සමිත සේනක අලුත්ගමගේ. Tuesday, 28 June 2022 10:31 AM
දැන් අරගලයේ සිටිනා අය කළ යුත්තේ, මුමත රටේම සිටින ජනතාවගේ අත්සන් ලබාගෙන, මේ දූෂිත පවුල් පාලනයෙන් අප නිදහස් කරගැනීමට කටයුතු කාරණා ලෙස ලොව ප්‍රභල රාජ්‍යයන්ගෙන් ඉල්ලා සිටීමයි. එසේම අපේ රටින් හොරෙන් ගෙනගිය මුදල් ලබාගැනීමට හා රටේ මුදල් හොරකම් කොට ගත් දේපල අපේ රටට ලබාදෙන ලෙසද ඉල්ලා අරගලයට නව මුහුණුවරක් දීම සුදුසුය.