IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


'බයිසිකලේ' මහපාරට

2016-08-18-ent-140

ලාංකික සිනමා ක්ෂේත්‍රයට තම කුළුදුල් සිනමා නිර්මාණය වන මෝටර් බයිසිකල් රැගෙන ප්‍රේක්ෂක ඔබ හමුවට එන්න දින ගනිමින් ඉන්න තරුණ අධ්‍යක්ෂවරයෙක් වන ශමීර රංගන නාඔටුන්න සමඟයි හදසර මේ කතා බහ.

 

ශමීර කොහොමද? මේ දවස්වල මොකද කරන්නේ?

2016-08-18-ent-138මේ මස 26 වැනිදා සිට මෝටර් බයිසිකල් චිත්‍රපටය දිවයින පුරා තිරගත වීම ආරම්භ වෙනවා. ඉතින් ඒ සඳහා අවශ්‍ය කරන මුලික සැලසුම් සහ ප්‍රචාරණ කටයුතු කරගෙන යනවා. ඒ නිසා ටිකක් කාර්යබහුල වෙලා ඉන්නේ.

 

ඔබ බොහෝ කාලයක සිට බලාපොරොත්තු වූ අවස්ථාවක් මේ. මොකද හිතෙන්නේ?

ඇත්තටම සතුටුයි. තරුණ පරපුරේ අලුත් සිනමාවේදියෙක් විදියට චිත්‍රපටයක් කරලා ඒක සම්මානවලට සහ ඇගයීම්වලට ලක්වීම සතුටක් විදිහට දැනෙන්නේ. ලංකාවේත් විවිධ අවස්ථාවන්හිදී මේ චිත්‍රපටය බලන්න සුළු ප්‍රේක්ෂක පිරිසකට අවස්ථාව උදා වුණා. ඉතින් ඒ අවස්ථාවලදීත් ප්‍රේක්ෂකයින්ගේ හොඳ ප්‍රතිචාර ලැබුණා මේ චිත්‍රපටයට. ඒ නිසා ලාංකික සමස්ත ප්‍රේක්ෂකයින්ටම බලන්න චිත්‍රපටය මුදා හරින්න ලොකු බලාපොරොත්තුවකින් හිටියේ. ටිකක් කල් ගියා. නමුත් ඒ අවස්ථාව දැන් හරි උදා වීම ගැන සතුටුයි. මම විශ්වාස කරනවා මම වගේම අලුත් සිනමාවේදින්ටත් බලාපොරොත්තු තැබිය හැකි කරුණක් මේ මෝටර් බයිසිකල් තිරගතවීම. විශේෂයෙන්ම තරුණ පරපුරේ අලුත් සිනමාවේදීන් මේ තුළින් දිරිගැන්වීමක් වෙනවා.

 

සම්මාන ගැන මතක් කළ නිසාම අපි කියමු ලද සම්මාන ගැනත්

2015 කොළඹ සාර්ක් අන්තර්ජාතික සිනමා උළෙලේ දකුණු ආසියාවේ හොඳම සිනමාපටයට හිමි සම්මානය, කොළඹ ජාත්‍යන්තර සිනමා උළෙලේ mosak of sri lankan new film කියන සම්මානය, එම උළෙලේම හොඳම ශ්‍රී ලාංකික චිත්‍රපටයට හිමි නෙට් පැක් සම්මානය යන සම්මාන ලැබුණා. ඒ වගේම 21 වැනි කල්කටා අන්තර්ජාතික සිනමා උළෙලේ දී ආසියාවේ හොඳම චිත්‍රපටයට නිර්දේශ වුණා. බැංගලෝර් සිනමා උළෙලෙත් මේ චිත්‍රපටය ආසියාව නියෝජනය කළා සහ යාපනය අන්තර්ජාතික චිත්‍රපට උළෙලේ තරගකාරී අංශය නියෝජනය කළා. ඒ වගේම 2015 දෙරණ සිනමා සම්මාන උළෙලේ දී හෙට දවසේ බලාපොරොත්තු තැබිය හැකි සිනමා නිර්මාණය විදියට සම්මාන ලැබුණා.

 

ඔබ ඔබේ පළමු නිර්මාණයට යොදාගත්ත ප්‍රස්තුතය ගැන අද මොකද හිතෙන්නේ?

නිර්මාණවේදියෙක් විදියට යම් ප්‍රස්තුතයක් තෝරාගනිද්දී සැලකිලිමත් වෙන්න ඕනේ රට සහ රටේ ජනතාව ගැන. මොකද රටේ ජනතාව අතරට තමා අපි කරන නිර්මාණය අරන් යන්න ඕනේ. මම හිතනවා මේ මෝටර් බයිසිකල් කියන නිර්මාණය තුළ විශ්වීය ලක්ෂණ තියෙනවා. මේ දේ ලංකාවේ වෙන්නත් පුළුවන් ඉන්දියාවේ වෙන්නත් පුළුවන්. ඒ වගේම අපි හැමෝගෙම ජීවිතවල මේ අත්දැකීම අඩු වැඩි වශයෙන් තියෙනවා. ඒ නිසා මේ නිර්මාණය අදටත් හෙටටත් වලංගුයි.

 

මේ කාලය තුළ තිරගත වීම ගැන මොකද හිතෙන්නේ?

මෙහෙමයි මම හිතන්නේ. මේ කර්මාන්තය රැකෙන්න නම් සිනමා ශාලා වෙත ප්‍රේක්ෂකයෝ එන්න ඕනේ. එතකොට තමා කර්මාන්තයක් විදියට මේක දියුණු වෙන්නේ. ඒ වගේම සිනමා ශාලාවට ප්‍රේක්ෂකයෝ ගෙන්න ගන්න පුළුවන් නිර්මාණ හැදෙන්න ඕනේ. අපි හදන සිනමාපටය හොඳ නම් අවංක නම් සහ සාර්ථක නම් ඒ නිර්මාණය ප්‍රේක්ෂකයෝ වැළඳ ගන්නවා. ඒකට කාලය බලපාන්නේ නැහැ. ප්‍රේක්ෂකයන්ට දැනෙන සිනමාපටයක් නම් එයාලා තමා ඒ සිනමාපටය ඉදිරියට අරගෙන යන්නේ.

 

නිර්මාණයට සම්බන්ධ පිරිස ගැනත් මතක් කරමු

ඔව් අනිවාර්යෙන්ම ඒ ගැන මතක් කරන්න ඕනේ. විශේෂයෙන්ම නිෂ්පාදක සුරංග ජයසුරිය. ඔහු මා වැනි අලුත් කෙනෙක් කෙරෙහි විශ්වාසය තැබීම ගැන මගේ ස්තූතිය පිරිනමනවා. ඒ වගේම කැමරා ශිල්පී විශ්වජිත් කරුණාරත්න, කලා අධ්‍යක්ෂණය රංගන සේනානායක, සංස්කරණය තිස්ස සුරේන්ද්‍ර, සංගීත අධ්‍යක්ෂවරයා අජිත් කුමාරසිරි, ශබ්ද පරිපාලනයෙන් අරුණ ප්‍රියන්ත කළුආරච්චි, වේෂ නිරූපණයෙන් ප්‍රියන්ත එස් වන්නිනායක, සහය අධ්‍යක්ෂණය දමින්ද ඩී. මඩවල, නිෂ්පාදන කළමනාකරු දීපාල් ගුණරත්න මේ හැමෝගෙම සාමුහික ප්‍රයත්නයක් විදියට තමා මම මේ නිර්මාණය දකින්නේ. ඒ වගේම රංගනයෙන් ප්‍රධාන චරිත දෙක කරන්න දසුන් පතිරණ සහ සමනලී ෆොන්සේකා, ප්‍රවීණ රංගන ශිල්පීන් ශිල්පිනියන් වන මහේන්ද්‍ර පෙරේරා, වීණා ජයකොඩි, කුමාර තිරිමාදුර, නෙතලි නානායක්කාර මේ හැමෝම ලොකු කැපවීමක් කළා.

 

ප්‍රෙක්ෂකයින්ට මොකක්ද කියන්නේ?

මම කියන්නේ මෝටර් බයිසිකල් චිත්‍රපටය ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකාගාරයට අලුත් අත්දැකීමක් එකතු කරනවා. මේක අපි ගැන කතා කරන චිත්‍රපටයක්. මේ තුළ තියෙන්නේ යථාර්ථය. ඒවගේම තාරුණ්‍යය ගැන සිහින ගැන ආදරය ගැන බලාපොරොත්තු ගැන කතා කරන්නේ. ඔබට පවුලේ සියලු දෙනා එක්කම එකට නැරඹිය හැකි චිත්‍රපටයක්. ඒ නිසා 26 වැනිදායින් පසු ළඟම තියෙන සිනමා ශාලාවට එන්න කියලා ආරාධනා කරනවා.

 

අවසාන වශයෙන් මොනවද කියන්න තියෙන්නේ?

විශේෂයෙන්ම ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති දීපාල් චන්ද්‍රරත්න මහතාටත් මේ චිත්‍රපටයට දායක වුණු සියලුම දෙනාටත් ස්තූතිවන්ත වෙන්න හදසර අවස්ථාවක් කරගන්නවා. ඒ වගේම නැවතත් ආරාධනා කරනවා ආදරණීය ප්‍රේක්ෂකයින්ට එන්න මෝටර් බයිසිකල් චිත්‍රපටය බලන්න. මේ ඔබට ඔබවම හමුවෙන චිත්‍රපටයක්.

 

අනූෂා රණසිංහ

 

DESHAYA

 

2016-08-18-ent-144
2016-08-18-ent-143
2016-08-18-ent-142
2016-08-18-ent-141
2016-08-18-ent-139



අදහස් (0)

'බයිසිකලේ' මහපාරට

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන්ගේ පක්ෂය තනිව මහ මැතිවරණයට
2024 ඔක්තෝබර් මස 07 1 0

ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වූ හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේෂතුරෙහි චන්ද්‍රකාන්තන් මහතාගේ නායකත්වයෙන් යුතු දෙමළ ම


ඇල්පිටිය ප්‍ර.ස. මැතිවරණයේ තැපැල් ජන්ද පත්‍රිකා අද තැපෑලට
2024 ඔක්තෝබර් මස 07 77 0

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ තැපැල් ජන්ද සලකුණු කිරීමට අදාල තැපැල් ජන්ද පත්‍රිකා අඩංගු රක්ෂිත පැකට්ටු අද (7) තැපැල් දෙපාර්තමේන්තුවට බාර දෙන බව මැ


කෝටියක් වංචා කළ ජපන් භාෂා ගුරුවරයා අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 07 273 0

ජපන් රටේ උසස් අධ්‍යාපනය සහ රැකියා ලබා දෙන බව පවසා රුපියල් කෝටියකට ආසන්න මුදලක් වංචා කර සැඟව සිටි ජපන් භාෂා ගුරුවරයෙකු අත්අඩංගුවට ගත් බව හොරණ මූලස්ථාන


කෙසෙල්වත්තේ ඝාතනයක්
2024 ඔක්තෝබර් මස 07 564 0

කොළඹ කෙසෙල්වත්ත ටෙක්නිකල් හන්දිය ප්‍රදේශයේදී නාඳුනන කාන්තාවක් අද (7) අලුයම් කාලයේ දී තියුණු ආයුධ ප්‍රහාරයකට ලක්ව මිය ගොස් ඇතැයි කෙසෙල්වත්ත පොලිසිය කි


සුළඟෙන් කාලගුණයට බලපෑම්
2024 ඔක්තෝබර් මස 07 423 0

අන්තර් නිවර්තන අභිසාරී කලාපය (උතුරු අර්ධ ගෝලයේ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං අභිසාරී වන කලාපය) දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතී.


ඉකුත් රජය කාලයේ අධිවේගයත් අවභාවිත කරලා
2024 ඔක්තෝබර් මස 07 3614 0

’’එස් පාස් ’’ විශේෂ අවසර පත්‍රය සහ ඉහළ පෙලේ දුරකථන ඇමතුම් මගින් ඉකුත් රජයන් සමයේ අධිවේගී මාර්ගය භාවිතා කරමින් සිදුවූ අභාවිතාවය නව ජනපති බලයට පත්වීමත්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39243 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25618 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 329 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1102 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 385 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site